IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරිය රටින් පනී

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සමයේ එහි අතිරේක ලේකම්වරියක වූ දමයන්ති ජයරත්න මහත්මිය කිසිවකුටත් නොදන්වා විදේශ ගත වී ඇතැයි වාර්තා වේ.

වර්තමාන රජය යටතේ ඇය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කරමින් සිටියාය.

ඇවන්ගාඩ් සමාගමයට රජයේ ආයුධ ලබා දීමට මුල් වූ බව කියන ඇය අත්අඩංගුවට ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු නිර්දේශ කර තිබිණි.

රක්නා ලංකා සමාගමේ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම ඉදිරියේ ඇය සාක්කි දුන්නාය.

ජයරත්න මහත්මිය ද්විත්ව පුරවැසි භාවය ලබා සිටියාය.

(ඡායාරූපය ලහිරු හර්ෂණ)

IMG_8682



අදහස් (0)

හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරිය රටින් පනී

චින්තක Friday, 22 January 2016 03:38 AM

ඕවා මොනවද? අතිරේක ලේකම් තනතුරු වලට හොරෙන් රිංගලා ඉන්න අයත් ඉන්නේ. (නි)

:       0       0

ටිකිරි Thursday, 21 January 2016 02:30 PM

අයියෝ එයත් පැනලා ගියාද? (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 21 January 2016 02:34 PM

මේ බවලතාගේ අවංකකමේ හැටි අපිට හිතාගන්න පුලුවන්. හිතේ විචිකිච්චාවක් නැත්නම් පෑල දොරෙන් පැනලා යන්න හේතුවක් තිබේද? (නි)

:       0       0

පීරිස් Sunday, 24 January 2016 04:37 AM

මේ පර්වතේ රටින් පනිනන්කම් අාගමන විගමන නිදාගෙන හිටියද ? (බ)

:       0       0

විදානේ Thursday, 21 January 2016 03:40 PM

පසුගිය රජය සහ පවුලේ උදවිය නිසා මේ මිනිස්සු අමාරුවේ. ඕවට අණදුන් අය නව පක්ෂ පෙරමුණු ගහන්න සූදානම් වෙන්නේ රටේ නීති පන නැති නිසා. (නි)

:       0       0

විද්‍යා Thursday, 21 January 2016 03:54 PM

මේ ඔක්කොම පනින්නේ ඇමෙරිකාවට, එංගලන්තෙට. (නි)

:       0       0

ජයනාත් Saturday, 23 January 2016 08:21 AM

දක්ෂ කාන්තා චරිතයක්...! (හේ)

:       0       0

බණ්ඩාර රැසියාව Thursday, 21 January 2016 05:13 PM

වැඩ වැරදුනහම කලකට රටයනවා. කාලෙකින් මල්මාලා දාලා වැඩම කරවනවා. නඩුත් අපේ බඩුත් අපේ.(‍රේ)

:       0       0

වෙල්විදානේ Thursday, 21 January 2016 05:18 PM

ඕවට අණදුන් අය යැවුවද ගියද කියල ලගසීම හෙළිවෙයි .හොරුන්ට මිනීමරුවන්ට උදවු නොකර හිටපු අග විනිසුරුවරිය වගේ කොන්ද කෙලින් තියාගන්න බැරි වහල්ලු හම්පුතලව බේරන්න හැංගෙන්න වෙලා .නමුත් සත්‍යය එළිවෙනවා කවද හරි .කරුමයත් පලදෙනව ජීවත් වෙලා ඉන්න කොට .(‍රේ)

:       0       0

අනගාරික Thursday, 21 January 2016 05:15 PM

මේ දවස්වල ලොකු දෙකයි හතරේ පිරිත් නුල් බැදන් ඉන්න අයගෙන් සාමාන්‍ය ජනතාව පරිස්සම් වෙන්න .හරියට ගුණ ගරුක නම් පිරිත් නුල් පන්දු ගණන් අවශ්‍ය වෙන්නේ නැහැ .(‍රේ)

:       0       0

ගුනවර්ධන Thursday, 21 January 2016 07:10 PM

මුහුනෙන්ම පෙනවා මෙයා කොපමණ කලබල වෙලාද කියලා, පව් කියලත් හිතෙනවා කොච්චර උනත් අම්මෙක් නේද කියලත් හිතෙනවා .(‍රේ)

:       0       0

පෙරේරා Thursday, 21 January 2016 08:52 PM

වරදක් කර නැත්නම් නීතියේ ක්‍රමවේදයට සහ යුක්තියට බයේ පැනලා යන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

උපුල් Saturday, 23 January 2016 02:43 PM

සමහරුන්ට දුකත් හිතිලා. ඔය තනතුර ගැන දන්නෙ නැති අය තමයි ඒ. (නි)

:       0       0

ටෙනිසන් Friday, 22 January 2016 12:23 AM

මේවා ගැන හිතන්න තිබුණේ රටින් පනින්න කලිනුයි (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 22 January 2016 12:19 AM

එකත් එකටම මෙයා කියයි හොරෙන් පැනලා රට ගියේ නැහැ, එයා ගියේ එයාගේ පුද්ගලික දේකට කියලා. ඒ මොකද එයාටත් ද්විත්ව පුරවැසිභාවය තිබෙනවානේ. (නි)

:       0       0

දහම් Thursday, 21 January 2016 11:50 AM

ඇයි රටින් පැන්නේ කියලා හොයන්න.(හේ)

:       0       0

රන්ජිත් Friday, 22 January 2016 12:29 AM

දැන් කණගාටුවෙලා වැඩක් නැහැ (නි)

:       0       0

විමලරත්න Friday, 22 January 2016 01:24 AM

එයත් ගියාද? (නි)

:       0       0

විජේරත්න Thursday, 21 January 2016 12:32 PM

හෙට අනිද්දා අනිත් කට්ටියත් මෙයා ගිය තැනටම යයි....(හේ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Friday, 22 January 2016 01:59 AM

මෙයාගේ මුහුණ දැක්කහම මට දුක හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 104 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 301 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1625 2

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1748 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 605 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1914 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37039 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24406 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site