දැන උගත්කම ගැන ප්‍රසිද්ධ ගිය ආණ්ඩුවෙ හිටපු ඇමැති සයිස් මහත්තයෙක් පසුගිය දවසක ආරක්ෂක අංසෙ කන්තෝරැවකට කැඳෙව්ව... ඒ ගිය ආණ්ඩු කාලෙ කරපු සමහර වැඩ ගැන ලැබුණු පැමිණිල්ලක් විභාග කරන්න...
ඉතින් මේ දැන උගත් හිටපු ඇමැතිතුමා ආවෙ රටේ නමගිය ජනාධිපති නීතිඥතුමෙකුත් එක්කලු.. ඉතින් මේ දෙන්න සැලකිලිමත්ව පිළිගත්ත ප්‍රශ්න කිරිම් භාර තරැණ නිලධාරි මහත්තය මුලින්ම හිටපු ඇමැතිගෙ නම අහල රස්සාව ඇහුව... ඊට පස්සෙ උන්නැහේ ඉංග්‍රීසි භාෂාවෙන් තමන්ගෙ වෘත්තිය හා ඒකට අදාළ සුදුසුකම් විස්තර කළා. අනේ උන්නැහේ මේ විස්තරේ කළත් අර තරැණ නිලධාරි මහත්තය පෑන කටේ ගහන් බලන් හිටිය මිසක් වචනයක්වත් ලියාගත්තෙ නැහැ... ඊළඟට හිටපු ඇමැති පුදුමෙන් වගේ ඇහුව ඔබේ ප්‍රශ්නයටයි මම උත්තර දුන්නෙ ඇයි ලියන්නෙ නැත්තෙ කියල.
"අනේ සර් මම ඔය උපාධි අරව මේව ගැන දන්නෙත් නැහැ. ඉංග්‍රීසිත් අමාරැයි සර්ට සිංහලෙන් කියන්න පුළුවන්ද?" නිලධාරිතුමා ටිකක් අප්සෙට් එකේ කිව්ව.
ඊට පස්සෙ හිටපු ඇමැතිතුමා හොඳයි සිංහලෙන් කතාව කියල ප්‍රශ්නවලටත් උත්තර දුන්න ඊළඟට ලියාපු කටඋත්තරේට අස්සන් කරන්න කියල හිටපු ඇමැති අතට දුන්න නීති විශාරද භාෂා විශාරද මේ ඇමැතිතුමා කටඋත්තරේ කියවල මෙහෙම කිව්ව... "මහත්මය මේකෙ භාෂාව සහමුලින් වැරදී... ඉස්පිලි පාපිලි කොම්බු අකුරැ ණනලළ සේරම වැරදි. මේවා මෙහෙම වැරදුණාම ඔයා ලියල තියෙන්නෙ මම කිව්වදේට වඩා වෙනස් දෙයක් කියල පේනව... ඒක නිසා මට මේකට අස්සන් කරන්න නම් බැහැ. කොම්බුවක පාපිල්ලක තිතක වරදින් විශාල නීතිමය වැරදි වෙන බව මුන්නැහේ දන්නවද? හිටපු ඇමැතිතුමා කාරැණිකව ප්‍රශ්න කළා.
"අනේ සර් මේක මගේ රස්සාව. සර්ම එහෙනම් මේක ව්‍යාකරණ හදල දෙනවද?" නිලධාරිතුමා ආයෙම ඇහුව... ඒ ගමන පැය ගණනක් අරන් හිටපු ඇමැති කටඋත්තරේ භාෂාවත් ව්‍යාකරණත් හැදුව. හදල අත්සන් කරනකොට කට්ටියම බඩගින්නෙ දවසක් ගෙවල ඉවරලු.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ඇමැතිගෙ සිංහල පාඩම
පීරිස් Wednesday, 03 February 2016 01:38 AM
පොතේ දැනුම තිබුණට ප්‍රායෝගිකව කිසිම වැඩක් කරන්න බැරි නම් වැඩක් නැහැ (නි)