(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
හිටපු සොලිසිටර් ජෙනරාල් සහ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ හිටපු අධ්යක්ෂවරියක වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ පෙත්සමකට අදාළව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට ලබන නොවැම්බර් මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ දිසා විනිසුරු මහේෂි ද සිල්වා මහත්මිය අද (11) නොතීසි නිකුත් කළාය.
එමෙන්ම අතුරු තහනම් නොතිසි ද අධිකරනයෙන් නිකුත් කෙරිණි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට හා වෘත්තිය ජීවිතයට හානි සිදු වූ බැවින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 100ක මුදලක් ඉල්ලා හිටපු සොලිසිටර් ජෙනරාල් සහ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ හිටපු අධ්යක්ෂවරියක වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කොළඹ දිසා දිසා අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඉකුත් 2021 වසරේ ජූනි මස 14 දින පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක දී හිටපු අමාත්‍ය අර රෝහිත බෝගොල්ලාගම මහතා කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට හානියක් සිදුවන බවට සඳහන් කරමින් පැමිණිලිකාරිය මෙම වන්දි මුදල ඉල්ලා තිබේ.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරු වශයෙන් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා නම් කරනු ලැබ ඇත
පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුණ ප්‍රකාශ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ චන්දික ජයසුන්දර මහතා අධිකරණයේ පෙනී සිටියේය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ඇමති බෝගොල්ලාගමට අධිකරණයෙන් කැඳවීමක්
දාස Monday, 11 July 2022 01:16 PM
මේ ඉන්නේ තවත් තක්කඩියෙක්...!