(අංජුල මහික වීරරත්න)
මාලදිවයින් හිටපු ජනාධිපති සහ වර්තමාන කථානායක මොහොමඩ් නෂීඩ් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද සිදුවිය.
වර්තමානයේ රට මුහුණ දී ඇති අසීරු තත්වය හමුවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධීකරණය කරමින් සිදුකරන කර්තව්‍යය වෙනුවෙන් මාලදිවයිනේ කතානායකවරයාට මෙම සාකච්ඡාවෙිදී ස්තුති කළ බව කී රුවන් විජයවර්ධන මහතා රාජතාන්ත්‍රික සම්බන්ධීකරණ කටයුතු වල ඉදිරි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවද සඳහන් කළේය.
මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිතුරකු වන අතර එතුමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ඉල්ලීම මත ශ්‍රී ලංකාවට සහය දක්වන රාජ්‍යයන් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ස්වෙච්ඡාවෙන්ම බාරගන්නා ලද බව රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
(ඡායාරූප: ඩික්සන් වසන්න)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ඇමැති රුවන් මාලදිවයිනේ කතානායක හමු වෙයි