IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිටපු ඇමැති රෝහිත උසාවි කැඳවයි

රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපලවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට ලබන මැයි මස 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධාකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(27)  සිතාසි නිකුත් කළේය.

2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලයේ සිය ආදායම් වලින් හෝ ලැබීම් වලින් උපයාගත නොහැකි මුදල් හෝ දේපළ වල හිමිකරුව සිටින ලද බවද එම මුදල් හා දේපළ අල්ලස් මඟින් උපයා ගන්නා ලදැයිද පයාගල පහළගොඩ ලිබර්ටි මාවතේ පහළගේ රෝහිත පියතිස්ස අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසමෙන් මෙම නඩුව පවරා ඇත.

විත්තිකරු විසින් උපයාගත් දේපළ අතර රුපියල් ලකෂ 40කට රත්මලාන සිරිමල් උයනේ නිවස, එහි ඔප්පු ලිවීම සඳහා රුපියල් 1, 59 000/- ක මුද්දර ගාස්තු වැය කිරීම, කේ.එච්.2428 දරන ජීප් රථය බදු රහිතව ආනයනය කිරීමට රුපියල් 35, 74 900/- ක මුදලක් වැය කිරීම, එම වාහනයේ ගාස්තු ලෙස ටොයොටා සමාගමට රුපියල් 2 38 747/-ක මුදලක්ද තීරූ බදු හා වෙනත් බදු වශයෙන් රේගුවට රුපියල් 4 08 046/-ක මුදලක්ද වැය කළ බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට දැනුම් දී ඇත.

විත්තිකරු විසින් උපයාගත් මුදල් අතර එච්.පී.2801 හා එච්.කිව්. 9481 දරන බස් රථ වලට අදාළ රක්ෂණ හා ආදායම් සහතික ලබා ගැනීම සඳහා රුපියල් 1 03 000/-ක මුදලක් වැය කිරීම, මෙම බස් රථ වලට කල් බදු වාරික ලෙස රුපියල් 12 31 093/-ක් වැය කිරීම, සුජීව බෝයගොඩ නමැත්තාට රුපියල් ලකෂ 25ක් ලබාදීම, මේනකා නිලන්ති ද සිල්වා නමැත්තියට දික්කසාද දීමනාව ලෙස රුපියල් ලක්ෂ 10ක් ලබා දීම, බැංකු අයිරාව පියවීමට රුපියල් 1 02 796/-ක් ගෙවීම, බැංකුවෙන් ණයට ගත් මුදලට පොලිය හා වාරික මුදල් ලෙස රුපියල් 1 73 878/-ක් ගෙවීම, ස්ථීර තැන්පතු ලෙස හා වෙනත් තැන්පතු ලෙස බැංකු වල 1 21 33 000/-කට අධික මුදලක් තැන්පත් කොට තිබීම, මුල්‍ය සමාගමක රුපියල් ලකෂ 45ක ස්ථිර තැන්පතු මුදලක් දැමීම, ණය මුදල් පියවීම සඳහා රුපියල් ලකෂ 05කට අධික මුදලක් වැය කිරීම, පිංවත්තේ නිවස අලූත්වැඩියාව සඳහා රුපියල් ලකෂ 6 1/4ක මුදලක් වැය කිරීම, රත්මලාන සිරිමල් උයන නිවසට විදුලිය ගැනීම ස`දහා රුපියල් ලකෂ 2 1/2කට ආසන්න මුදලක් වැය කිරීම, ඇතුළු සිද්ධීන් රැසක් අල්ලස් කොමිසම විසින් නඩු ගොනුවට ඇතුලත් කොට ඇත.



අදහස් (0)

හිටපු ඇමැති රෝහිත උසාවි කැඳවයි

නන්දලාල් Wednesday, 27 January 2016 12:50 PM

මාර ලැයිස්තුවක් නේ මෙයාට විරුද්ධව එල්ල කර තියෙන්නේ !!!! දැන් ඉතින් මේ සල්ලි ආවේ කොහෙන්ද කියල පැහැදිලි කිරීමට දිග ලැයිස්තුවක් හදන්නත් වේවි ......(කෞ)

:       0       0

ඉමේෂ් Thursday, 28 January 2016 06:07 AM

අවුලක් නැහැ. බන්ධනාගර රෝහල තියෙනවා නේ. (බ)

:       0       0

තිස්ස Thursday, 28 January 2016 06:17 AM

අැයි නැතිවෙලා හම්බවුණු මුද්ද (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 January 2016 01:20 PM

ඉස්සෝ වගේනේ , මම සුදනා මම සුදනා , හැබැයි ඉතින් ඔලුවේ අහවල් දේ තියෙනවලු ! ඉස්සගේ හොඳේ (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 27 January 2016 01:41 PM

රත්තරන් මාල වලට අමතරව තවත් දේවල් කරලද?(කෞ)

:       0       0

ද සිල්වා Wednesday, 27 January 2016 09:25 PM

මේවා ඔප්පු කරලා මෙයාට දඬුවම් කරලා පෙන්නුවොත් මම දණගාගෙන අලුත්ගම බස් නැවතුමේ ඉඳලා බෙන්තර පාලම ළඟට යනවා. මේගොල්ලන්ගේ චෝදනා මම පිළිගන්නවා. නමුත් මේගොල්ලන්ට දඬුවම් කරන්නේ නැහැ (නි)

:       0       0

ශාන් Thursday, 28 January 2016 07:12 AM

මේ වගේ අයනේ අපිත් පත් කරගෙන තියෙන්නේ. මේවා ඇත්ත වුණොත් ගහල රටෙනුත් එලවන්න ඕන. (බ)

:       0       0

කුමාර Wednesday, 27 January 2016 01:57 PM

මොනවා වෙයිද (අ)

:       0       0

සමන්ති Wednesday, 27 January 2016 10:51 PM

මෙතුමා රත්තරන් හදවතක් ඇති අහිංසක මඟියෙක් බව බොහෝ දෙනෙක් දන්නවා. (නි)

:       0       0

ජයවික්‍රම Thursday, 28 January 2016 01:41 AM

දේශපාලකයෝ කියන්නේ ආඳෝ වගේ ඕනෑතැනකින් ලිස්සලා යන්න සූරයෝ (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 27 January 2016 03:10 PM

මගේ ලගත් සල්ලි තියනවා (කෞ)

:       0       0

සුරනිමල් Thursday, 28 January 2016 02:33 AM

දැන් වැඩිය වැඩකුත් නැති නිසා ගෝල බාලයොත්, සහය දක්වන්නනුත් එකතු කරගෙන රටේ බඩු මිල අඩුකිරීමට කිසියම් දායකත්වයක් ලබාදෙන මෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

ටිකිරි Thursday, 28 January 2016 08:16 AM

ඔහොම යමුකෝ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 27 January 2016 03:09 PM

බුදු අම්මෝ, මේ තරම් සල්ලියක්, (කෞ)

:       0       0

විදානගේ Wednesday, 27 January 2016 03:34 PM

2006 පස්සේ ගහපු ගැහිලි වලට නඩු දාන්නේ කවද්ද ?මේ වගේ කෙනෙක් තමන්ගේ නියෝජිතයා හැටියට පත් කරගත්තේ තනිකරම හොරු විතරද එම ප්‍රදේශයේ ඉන්නේ .ජනතාව එම ප්‍රදේශය හරහා යනවිට කලිසම් සාක්කු පරිස්සම් කරගන්න (බ)

:       0       0

චන්ද්‍ර පැරිස් Wednesday, 27 January 2016 03:48 PM

ගෝල්ඩ් කේස් එකද..? (බ)

:       0       0

හිමාල් Wednesday, 27 January 2016 05:31 PM

අම්මෝ මෙතුමාට තිබෙන චෝදනා ගොන්න! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 27 January 2016 05:25 PM

මම ආශාකරන හොඳ පුද්ගලයෙක්. (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Thursday, 28 January 2016 04:45 AM

දහම් කියන කෙනා රෝහිතගේ කෙනෙක් වගේ. නැත්නම් කඩේ ගිය කෙනෙක් වගේ.හොදටම රිදිලා නේද.ඉන්න ඉන්න හදිසි වෙන්න එපා. ටික ටික අල්ලනවා සේරම (බ)

:       0       0

දහම් Wednesday, 27 January 2016 12:01 PM

අැයි මේයාට විතරක් නඩු. යහපාලනෙට හේත්තු වෙච්ච එවුන්ගේ ඒවා පෙනෙන්නේ නැද්ද? ඒවා අහෝසිද? මාරු යහපාලානේ. ඇති කරනවයි කිව්වේ මෛත්‍රී පාලනයක්. හැබැයි තියෙන්නේ වයිර පාලනයක්.(කෞ)

:       0       0

දෙව්මිත් Wednesday, 27 January 2016 12:07 PM

මේවා දුක් මහන්සියෙන් හොරකම් කරලා රත්තරන් හම්බ කරගත් සල්ලි රත්තරන් අයියෝ සල්ලි (කෞ)

:       0       0

උපාලි Wednesday, 27 January 2016 12:22 PM

මෙම අවලස්සන තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යායුතු තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම අශීලාචාර තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය නම් එම අශීලාචාර කාලවකවානුව තුළ මෙවැනි අපරාධවලට වගකියුතු මෙවැනි සියලූදෙනාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ යුතුය. රට ශීලාචාර තැනකට ගතහැකිවනු ඇත්තේ එවිටය. (අ)

:       0       0

සමන් Wednesday, 27 January 2016 12:29 PM

මහින්ද මහත්තයාගේ ලංගම හිතවත් ගෝලයෙක්. එතුමාගේ පුර්ණ අසිර්වාදය මෙතුමාට තිබුන , නිතර රුපවාහිනියේ එහෙමත් කැ ගැහුවේ(අ)

:       0       0

සුනිල් Wednesday, 27 January 2016 06:47 PM

අප්පේ! පාර්ලිමේන්තුවේදී ලැබෙන පඩියෙන් වෙන්න ඇති ඕවා ඔක්කොම ගන්න ඇත්තේ (නි)

:       0       0

සුමනසිරි Wednesday, 27 January 2016 06:44 PM

වැරැද්දක් නොකළා නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

ජයා Wednesday, 27 January 2016 12:33 PM

පව් අහිංකයා කොටි හතරයි හොරාකාලා තියෙන්නේ මා හිතුවේ ඊට වැඩියි කියලා රටට කරපු සංවර්ධනය දිහාබලපුවාම තව කෝටි හතරක් දෙන්න හිතෙන්න‍ේ (අ)

:       0       0

ජනක Thursday, 28 January 2016 05:49 AM

මෙයයි , දහමුයි එකට රත්තරන් බිස්නස් කරන්න ඇත්තේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1762 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1110 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2047 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 510 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2937 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37167 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site