IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හිටපු ඇමැති විමල්ට අධි චෝදනා


 
(මනෝප්‍රිය ගුණසේකර)

අමාත්‍යවරයකු ලෙස සිටිය දී සිය වත්කම් සහ ආදායම් වලින් සොයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපල වල හිමිකරුව සිටිම සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර  කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ඔහුට බාර දෙන ලදී.

රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා  ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හළ විනිසුරුවරයා ලබන මස 19 වැනි දා  පෙනී සිටින ලෙස ඔහුට නියම කැරිණි.



අදහස් (36)

හිටපු ඇමැති විමල්ට අධි චෝදනා

රජින්ද Thursday, 11 January 2018 05:51 AM

මේවා බොළඳ දේශපාලන පලිගැනීම් ලෙස හුවා දැක්විය හැක්කේ, වසර 3කට පසු යහපාලනයේ කෙරුවාව පුංචි මනුස්සයාගේ සිට මනින පළාත්සභා මැතිවරණය ඉලක්කකර මෙවැනි අත්අඩංගුවට ගැනීම්, නඩු දැමීම්, චෝදනාපත්‍ර බාරදීම් වැනි හුදු ලාමක ක්‍රියාදාමයන් නිසාවෙනි. වැරදිකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතු උවත් ජන්දය ඉලක්ක කරමින් සිදු කරන මෙවැනි නිෂ්ඵල ක්‍රියා යහපාලනයේ බිදී ගිය ජනප්‍රියත්වය ඔසවා තබන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.

:       1439       1467

banda Thursday, 11 January 2018 08:37 AM

ජනාදිපති තුමනි පළමු කඩු පහර මොහුගේ බෙල්ලට එල්ල කරන්න ....

:       23       131

sanjeewaThursday, 11 January 2018 08:52 AM

වාඩියමංකඩ කොමනිකේෂන් එකක් කරගෙන හිටපු පොරක් නේ ගොඩ ගිහින් තියෙන්නේ. ඊර්සියා කරන්න එපා යාලුවෝ ටික මිනිහ දේශප්‍රේමියනේ අපි කටත් වැඩිය. පව් අනේ රට වෙනුවෙන් නේ හම්බ කලේ . අර පොඩි කෙල්ලට විභාගේත් අවුල් ගියේ මෙතුමා කූරු ගණින කොට මානසික ආතතිය ඇතිවෙලා . ටික දවසකට ඇතුලට ගියොත් ශ්‍රේෂ්ඨ පොතක් කියවන්න පුළුවන් වේවි අපිට රුපියල් 1000ක් විතර දීල

:       228       256

ලහිරු Thursday, 11 January 2018 05:55 AM

පක්ෂ බේදයකින් තොරව මෙයයි විය යුත්ත... අතිගරු ජනාධිපති තුමනි.... ඔබගේ ධූර හැර යාමට පෙර අපගේ පාර්ලිමේන්තුව සුපිරිසිදු කර දෙන්න...

:       429       438

Nuwan Thursday, 11 January 2018 06:03 AM

සුළු දෙයක් සරණ ගුණවර්ධනට වගේ රුපියල් දාහක් දඩ ගහන්න...........

:       4       138

සට්ටබි රාළ Thursday, 11 January 2018 06:09 AM

හිටපු රජතුමාගේ සට්ටබි රාළ. පව්. රනිල් සහ සිරිසේන මොහු ට ආරක්ෂාව නොදෙන බවද පෙනෙන්නේ ? රජ පවුලේ අය පමණක් බෙරේ.

:       60       178

daham Thursday, 11 January 2018 06:12 AM

ඔය කියන්නේ දේපලවල වත්මන් වටිනාකම් තක්සේරුවද? සාමාන්‍යෙයන් දේපලක් ගොඩනංවන්න යන වියදම වගේ දෙගුණයක් විතර වෙනවා නිම වීමෙන් පසු තක්සේරු වටිනාකම.

:       9       58

Prabath Thursday, 11 January 2018 06:22 AM

මේ දේපල මෙයාගේ සිල්ලර සල්ලි. පහුගිය රෙජීමයේ මෙයා දකුණු අත වගේ හිටියේ. තව මහජන මුදල් කෝටි ගණන් මෙයා ළඟ ඇති. දැන් නම් වීරවංස දේශපාලනයෙන් අතුගාල තියෙන්නේ.

:       179       298

sachith Thursday, 11 January 2018 06:23 AM

මෙන්න තවත් ඡන්ද නාටකයක්.

:       151       210

sam Thursday, 11 January 2018 06:31 AM

ලංකාවේ වර්තමාන දේශපාලකයින්ගෙන් 99% ක්ම දේශපාලනය කරන්නේ නීති විරෝධීව මුදල් උපයන්නයි . ඉන් බහුතරයක් නූගත්කම තම සුදුසුකම කරගත් උදවියයි . එයිනුත් සුළු කොටසක් දේශප්‍රේමී බව, ජාත්‍යාලය, අධිරාජ්‍ය විරෝධය වැනි සටන්පාඨ තම හොරකම් සහ වංචාවන් වසා ගැනීමට භාවිතා කරන අතර ඉතාමත්ම සුළු දේශපාලකයින් පිරිසක් දේශපාලනයට නොව මානුෂිකත්වයටවත් නොගැලපෙන පහත් භාෂාවෙන් තම පිළිමළුන්ට පුද්ගලිකව පහර ගහනවා . දේශපාලනය කියන්නේ ප්‍රතිපත්ති විවේචනය කිරීම මිසක් පුද්ගලයින් විවේචනය කිරීම නොවන බව වත් නොදන්නා අයත් කිහිප දෙනෙක් ඉන්නවා. මේ කියන (නු)සුදුසුකම් සියල්ලම සපිරි අය නම් ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් තමයි . .

:       0       175

nalaka Thursday, 11 January 2018 06:42 AM

රවිට චෝදනා කරනකොට පලිගන්නවෝ කියපු අය දැන් මොකද කියන්නේ?

:       6       109

ලුම්බිණි Thursday, 11 January 2018 06:58 AM

මේ එක්කම මෙයාගේ නෝනගේ නඩුවත් ගත්ත නම් පහසුයි නේද?

:       58       191

ෂේශානි මිහිරිපැන්න Thursday, 11 January 2018 06:59 AM

මේ හැමෝම බොරු කරන්නේ. නිකං රැවටිල්ල විතරයි. හෂිනි රත්නායක වරදක් කළ බවට ඔප්පුකරන්නේ නැතුවම බන්ධනාගාරයට දාලා. එක එක අයට එක එක නීති මේ රටේ තියෙන්නේ.

:       55       110

manoj Thursday, 11 January 2018 07:12 AM

මිලියන ගණන් වලින් හොරාකාපු අයට අධි චෝදනා නම් බිලියන ගණන් වලින් මහ බැංකුව හොරාකාපු අය තවමත් නිදැල්ලේ සිටිමින් රට පාලනය කරන්නේ කෙසේද?

:       470       427

Kasun Thursday, 11 January 2018 07:13 AM

අයියෝ................වැරුද්ද පිළිගෙන ගෙවන්න.............

:       39       48

Shan Thursday, 11 January 2018 07:18 AM

ඔව් මිනිහා කියයිද දන්නේ නෑ මේකත් විදේශ කුමන්ත්‍රණයක් කියල...................

:       55       173

godfrey Thursday, 11 January 2018 07:20 AM

මෙයා... පාර්ලිමේන්තුවේ ඉන්නේ වැඩිම හොරු කියල නේද අපට හැම වෙලේම ඇහිලා තියෙන්නේ..... දෙවියනේ .. කොතනින්ද මෙයා කතාකරල තියෙන්නේ ...

:       38       235

ජගත් ලියනගේ Thursday, 11 January 2018 07:31 AM

බයිසිකලයක්වත් ගන්න සල්ලි නැති මිනිහෙක් ........මහින්ද පරදිණ කොට ප්‍රාෙඩා් , මන්දිර තිබ්බෙ .කොහොමද හම්බුකරන් තියන හැටි .

:       3       175

පිටිගල මිලානෝ Thursday, 11 January 2018 07:35 AM

බොරුවට ජාත්‍යාලය කතාකරමින් රටේ සම්පත් කොල්ල කෑ මෙයාට වහාම දඬුවම් කරන්න......

:       14       222

Hafeel Thursday, 11 January 2018 07:46 AM

තවත් උපවාසයක් බලාපොරොත්තු විය හැකියි....

:       1       48

lalithsjm Thursday, 11 January 2018 07:46 AM

මෙයත් යහ පාලනයේ ඉත්තෙක් උනානම් මේ මොකුත් නැහැ. පුදුම නමක් තියන රටක්. පුදුම නමක් තියන පාලනයක්.

:       99       137

Sunil Thursday, 11 January 2018 07:55 AM

අධි චෝදනා අධි ප්‍රමාණේ හොරකම් නිසාද?

:       3       17

de silva Thursday, 11 January 2018 08:13 AM

මේ නඩු විභාග කරලා ඉවරවෙනකොට තව අවරුදු 10-15 ගතවෙලා තිබේවි

:       2       29

Bandara Thursday, 11 January 2018 08:20 AM

විමල් වීරවංස හිටපු අැමතිතුමා උපතින්ම සල්ලි කාරයෙක්. මේ දේපල එතුමාට මාපිය උරුමයෙන් ලැබුණු දේවල්. මේවා අපි පක්ෂ භේදයෙන් තොරව ප්‍රතික්ෂේප කරන්න ඕන. මේක තනිකරම පළිගැනීමේ චේතනාවෙන් කරන දෙයක්. විදෙස් කුමන්ත්‍රණයක් වෙන්නත් බැරි නැහැ.

:       14       51

banda Thursday, 11 January 2018 08:43 AM

ජනාධිපතිතුමනි එක කඩු පහරින් මොහුගේ ගමන අවසන් කරන්න ......

:       1       36

siri Thursday, 11 January 2018 08:49 AM

කඩේ ගිය දැන් හොදටම ඇති..යමපාලනයට හොදම දේශපාලන තුරුම්පුවට කටුව ගහන්නයි දගලන්නේ. එත් මස කිහිපයකට පසුව නිදොස් කොට නිදා හරින බව විශ්වාසයි.(ඡන්දයෙන් පසුව හෝ ආසන්න දවසක)

:       18       0

එර්දි Thursday, 11 January 2018 08:51 AM

මෙයාව බේර ගන්නලුනේ වීරකුමාර දිසානායක ජනපතිට සහායෝගය දෙන්නෙ.එජාපෙ බොරු නඩු පටලවල පංචායුධෙ ඇතුලට දාන්න යනවලු. අනේ මෙහෙමත් තකතීරු දේශපාලුවො කුණ කාගෙන කාගෙන ගිහින් ඒ පැත්ත ඉවර වුන ගමන් වෙන තැනකට යනව.

:       0       4

Bamunuarachchi Thursday, 11 January 2018 09:00 AM

ඔන්න පුලුවනම් උත්තරදීල බේරෙන්න

:       0       3

wasantha Thursday, 11 January 2018 09:39 AM

ගරු ජනාදිපතිතුමනි සියලුම හොරුන්ට දඬුවම් දෙන්න. ඔබ තුමාට ජයවේවා!!!!! සියලුම කොමිෂන් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. වැරදි ආකාරයට උපයාගත් ධනය රාජ සන්තක කල යුතුයි.

:       0       6

dias Thursday, 11 January 2018 09:45 AM

89 මෙයා කුලිට හිටිය මහින්ද මතයට පිහිටෙන් කොටිපතියෙක් වූවා. ගමන් බලපත්‍ර නඩුවේ රනිල් පිහිට වූවා. මේකට කාගේ පිහිටද. මෙම නඩු විශේෂ අධිකරණයක විභාග කර ඉක්මනින් තීන්දුවක් දෙන්න.

:       0       2

ravi Thursday, 11 January 2018 10:57 AM

ඡන්දයට ඉස්සෙල්ල හොරු අල්ලන වෙලාවේ කිව්වේ "දේශපාලන පලිගැනීම් " කියල . දැන් කියන්නේ ඡන්ද පලිගැනීම් කියල ... පිස්සු හැදිලද ?

:       0       2

anoma Thursday, 11 January 2018 12:34 PM

සියලුම දුෂණ නඩු විශේෂ අධිකරණයක් මගින් 2020 ජනවාරි 30 දාට පෙර අවසන් කරන්න.

:       0       2

Saman Friday, 12 January 2018 03:12 PM

ජේවීපී එකෙන් හදපු අසාර්ථකම ප්‍රොඩක්ට් එකක් තමයි පංචායුධ කුමාරයා...

:       0       1

Pubudhu Friday, 12 January 2018 03:15 PM

බෙරයක් වාගෙයි, සද්දේ පමණයි.. ඇතුල නම් හිස්...

:       0       41

Sathyayaa Saturday, 13 January 2018 07:13 AM

බෙරයක් වගේ නොවෙයි ඇත්තටම බෙරයක්. අති දක්ෂ බෙරවාදකයෙක්. හැබයි කොරපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.

:       0       0

rocky Saturday, 13 January 2018 03:06 AM

මේ පුද්ගලයාටත් මිනිස්සු ඡන්දෙ දුන්නා නේ! කඩු පහර නොවෙයි මඩු වලිගයෙන්ම තැලිය යුතුයි.

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 162 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1136 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3833 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1011 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1484 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1148 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2038 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site