ඉතාලි හිටපු අග‍්‍රාමාත්‍ය සිල්වීයෝ බෙරුලූස්කෝනිට විරුද්ධව චෝදනා ගොන්නක් මත මිලානෝ නුවර අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙයි. මොරොක්කෝ ජාතික බාලවයස්කාර (16) තරුණියක් සමග පැවැත් වූ අනියම් සම්බන්ධතාවය ඔහුට විරුද්ධව ඇති නඩු අතරේ ප‍්‍රධාන තැනක් ගනී. 2010 වසරේ එක්තරා දිනක රුබී නැමැති එම ලාබාල තරුණිය නීතිවිරෝධිව ඉතාලියේ රැඳීසිටීමේ චෝදනාව යටතේ මිලානෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අගමැති බොරුලූස්කෝනි පොලිසියට කතා කෙළේය. තරුණිය ඊජිප්තු ජනාධිපති මුඛාරක්ගේ නෑයකු බැවින් නිදහස් කරන ලෙස දැන්වීය. එහෙත් එය සාවද්‍ය ප‍්‍රකාශයක් බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය. රුබී හා හිටපු අග‍්‍රාමාත්‍ය වරයා අතර තිබු සම්බන්ධතාවය සොයාගෙන එම කරුණු ද අධිකරණයට ඉදිරිපත් කෙළේය. මේ අතර බෙරුලූස්කෝනිට අයත් මීඩියා සෙට් රූපවාහිනි මාධ්‍ය ජාලයේ (රූපවාහිනි නාලිකා කිහිපයක හිමිකරුවෙකි) ඇතැම් විකාශන අයිතිය වෙනත් මාධ්‍ය ආයතනයකට විකිණීමෙන් ලත් යුරෝ ලක්‍ෂ 2200ක් හෙවත් රුපියල් කෝටි 3300ක මුදලින් රජයට අයවිය යුතු බදු නොගෙවා එය පැහැරහැරීමේ චෝදනාව යටතේ ද ඔහුට එරෙහිව නඩුවක් විභාග වෙයි. තවද ඔහුට විරුද්ධ නඩුවකට බොරු සාක්කි දුන් බව කියා එංගලන්ත ජාතික නීතිඥයකු වන ඬේවිඞ් මිල්ස්ට යුරෝ ලක්‍ෂ හයක අල්ලසක් බෙරුලූස්කෝනි විසින් දී ඇත. පසුගිය දා අධිකරණය හමුවේ පෙනී සිටි ඬේවිඞ් මිල්ස් තමාට එවැනි මුදලක් ඉතාලියේ හිටපු අග‍්‍රාමාත්‍යවරයා දුන් බව පිළිගත්තේය. යුරෝපයේ ප‍්‍රධාන ධනවතකු වන 75 හැවිරිදි බෙරුලූස්කෝනි තම බිරියගෙන් ද නීත්‍යානුකූලව වෙන්ව සිටී. මේ කෝටිපති දේශපාලනඥයාට කවර දඬුවමක් දෙනු ඇත්දැයි ඉතාලියම බලා සිටී.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග‍්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ඉතාලි නායකයාට නඩු වැලක්