IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හිටපු උප ඇමැතිට කෝටි 25ක පගාවක් දෙන්න හදලා

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ ප්‍රබලයකු රජයට සම්බන්ධයි. මා පක්ෂයෙන් ඉවත් වු පසු  එක්තරා සභාපතිවරයකු මගේ කොළඹ නිවසට පැමිණ රුපියල් කෝටි 25 දෙන්න හැදුවා.  අපාසු එන්න කීවා. මා එම ආරාධනය පිළිගත්තේ නැහැ‘යි හිටපු බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා කන්තලේ ඔහුගේ පක්ෂ කාර්යලයේදී පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේරුවිල ආසන සංවිධායකව සිටි ගුණවර්ධන මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතා සමග ඉවත්විය.

ශ්‍රී ලනිපය හැර යාමෙන් පසු ඔහු කන්තලේට ආ ප්‍රථම අවස්ථාව මෙයයි.

රථ පෙරහරකින් කන්තලේට ආ ඔහු පිළිගැනීමට මඟ දෙපස විශාල පිරිසක් එක්ව සිටියහ.

යන්ත්‍ර සූත්‍ර යොදාගෙන නැගෙනහිර පළාතේ නිධන් හෑරු දේශපාලනාඥයෙක් සිටිනවා. අග්නිදිග ආසියාවේ ලොකුම කෝටිපතියත් ලංකාවේ. ලංකාවේ ලොකුම  කෝටිපතියාත් ආණ්ඩුවේ. මේ කරුණු එදා හෙළිදරවු නොකළේ එය තනියම කළ හොකැකි නිසායි. ඊට අවසථාවක් එන තුරු බලා සිටියා.

 



අදහස් (0)

හිටපු උප ඇමැතිට කෝටි 25ක පගාවක් දෙන්න හදලා

තිලක් ඩුබායි Saturday, 06 December 2014 03:49 AM

මොකෝ සල්ලි නැත්තේ?බලන්නකෝ ඉස්සර බැංකු වල ගෙවපු 18% පොලිය මේ වෙනකොට කීයද කියල.මේ බැංකු පොලිය අඩු කිරීම නිසා අවසාන කාලය ජීවත් වෙන්න කියල බැංකු වල සල්ලි දාපු විශ්‍රාමික,විදෙස රටවල දුක් විදින අපි වැනි අසරණයන් නන්නත්තාරම වෙලා තියෙන්නේ. (ස)

:       0       0

අබේ Saturday, 06 December 2014 03:48 AM

මේ වගේ කුට්ටි දෙන්න තමා 10% කොමිස් ගැහැව්වේ‍. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 06 December 2014 03:49 AM

අපිට එදා වෙලා කන්න නැති වුනාට ,කෝටි 25 ක් කියන්නේ කට්ටියකට "කජු අැට,කොස් අැට " කියල දැන්වත් තේරුම් ගන්න. (ස)

:       0       0

ගයන් Saturday, 06 December 2014 03:50 AM

නම දන්නෙත් පැන්නට පස්සේ, මෙච්චර ගානක් දෙන්න නම් පිස්සෙක් වෙන්න ඕන! (ස)

:       0       0

මොහොමඩ් Friday, 05 December 2014 03:51 PM

මේ ඇමතිතුමා කොටි ගානක් වටිනවද බොරු කියන්න එපා (දී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 06 December 2014 03:54 AM

දැන් ඉතිරි වෙලා ඉන්න අයත් ඉන්නේ නිකන් නොවෙයි කොටි ප්‍රකෝටි ඉදිරියේ දණ ගහගෙනයි.පේන්නේ නැද්ද සමාජවාදය ගැන කතා කරන අයගේ හැටි (දිල්)

:       0       0

මේනක Saturday, 06 December 2014 04:07 AM

සාක්ෂි ඇතිව පගා දෙන්න කැමති කට්ටිය ඉන්නවද ? (හේ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 05 December 2014 03:54 PM

හැමෝම තමන්ම තමන්ට වටිනාකම් නියම කරගෙන. මේ ලන්සු දාන කෙනා මේ ලෝකයේ කෙනෙක් නම් වෙන්න බැහැ (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 06 December 2014 04:23 AM

ඒකාධිපතියෙකුට කඩේ යන සමාජවාදියෝ ඉන්නේ මොන රටේද? ඒ මොනවා වෙනුවෙන්ද? (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 06 December 2014 04:25 AM

ඉස්සර ස්රෙප්පු දෙකකවත් නැහැ කියපු අය ගැන බලන්නකෝ.පිස්සු හැදෙනවා.නමුත් මහජන මුදල් කනවා කියන්නේ "වහ කනවා" කියල දවසක තේරුම් ගනීවි.(ස)

:       0       0

කින් බෙනට් Friday, 05 December 2014 04:12 PM

@ බන්දු... මේකනේ හේතුව .. මේ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට කෝටි 25 ක් නෙමෙයි 250 ක් දුන්නත් ඒ දෙන අයට පාඩුවක් වෙන්නේ නෑ.. මොකද ඒ අයගේ මුදල් නෙමෙයි දෙන්නේ .. ජනතාවගෙන් බදු විදියට යන මුදල් තමයි දෙන්නේ .. එහෙම දීල ඒ අයව තියාගත්තම මුදල් දීපු අයට තව ගොඩක් කල් දුන්න වගේ 100 ගුණයක් නිකම්ම හොයන්න පුළුවන් .. ඒ සඳහා මේ අයව ඕන කරන්නේ අපි එකඟයි කියල කියන දෙයකට අත උස්සවගන්නයි ..(දී)

:       0       0

සත්‍යයා Saturday, 06 December 2014 04:40 AM

"දේශපාලකයෝ කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ‘‘....(හේ)

:       0       0

මලික් Saturday, 06 December 2014 04:54 AM

අහු වෙන්නම දේවි, ගනීවි පගාව ! සාක්කි ඉල්ලන කට්ටිය මේ දැන් වෙන්න ඇති ලංකාවේ ඉපදෙන්න ඇත්තේ. (ම)

:       0       0

සෙනේ Friday, 05 December 2014 04:34 PM

වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න (දී)

:       0       0

සුනෙත් Friday, 05 December 2014 04:35 PM

දෙපැත්තටම පැනිලි සල්ලි වලට තමා. (දී)

:       0       0

ජානක Saturday, 06 December 2014 05:24 AM

මේක මොකද්ද නිව්ටන් මහත්තයෝ තව කෙනෙක් කිවිවේ තමන් මිලියන 600ක් වටිනවා කියලා (දිල්)

:       0       0

සේනාදීර Friday, 05 December 2014 04:36 PM

අසා ඇති නේ දෙනවා නම්. (දී)

:       0       0

පද්මා Friday, 05 December 2014 04:37 PM

මේ තරම් සල්ලි තියෙනවානම් නැති බැරි මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්නකෝ (දී)

:       0       0

ජීවන් Friday, 05 December 2014 04:38 PM

ඔබ කල ක්‍රියාව සත් ක්‍රියාවක් (දී)

:       0       0

රාමන් - නුගේගොඩ Saturday, 06 December 2014 01:09 PM

මෙයාටත් වටිනාකමක් තියෙනවා කියල පෙන්නන්නයි මෙයාට ඕන වුනේ. නමුත් ගාන වැරදුනා. (නදී)

:       0       0

චානක. Friday, 05 December 2014 05:00 PM

අපිව දැන් උඩු යටිකුරුවෙලා ඉන්නේ. පුදුම දේශපාලන සංස්කෘතියක් තිබෙන පුදුම රටක්. හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් ඉස්සරහට (නි)

:       0       0

දිලිප් Friday, 05 December 2014 05:04 PM

සල්ලි මත දුවන දේශපාලනයක් දැන් තියෙන්නේ. හම්බ කරන්න හොඳම රස්සාව මේක. සුදුසුකම් ඕනෑත් නැහැනේ.කොහොමත් පාර්ලිමේන්තුවට යවා ඇති කට්ටිය හා ඔවුන් කරන වැඩ වලින් පේනවා ඒක.එයාලාව තෝරා යවලා පස්සේ කෑගහන්නෙත් දුක්වෙන්නෙත් ජනතාවම තමා. මෙදා පාරවත් කෑමට බීමට උඩින් ඔපේට නැතුව හරි දේ තේරුම් ගන්න ලැබේවා!!!!! (නි)

:       0       0

නිමල් ගාල්ලගේ Friday, 05 December 2014 05:12 PM

ඇමති කෙනෙකුටම මිලියන 100 ලු නේද? එහෙනම් උප ඇමති කෙනෙකුට ඊටවැඩිය දෙනවා ඇති නේද? මේවා ඡන්ද කාලෙට එළියට පනින එක එක කතා වෙන්නත් පුළුවන් (නි)

:       0       0

යසස් Saturday, 06 December 2014 10:01 PM

අපරාදේ ගන්නනේ තිබුණේ (නි)

:       0       0

විමල් Friday, 05 December 2014 05:18 PM

අනේ අනේ අපි නොදන්නවා නොවෙයි නොකියා හිටියට (නි)

:       0       0

පද්මසිරි Friday, 05 December 2014 05:17 PM

පක්ෂ පාට මොනවා වුණත් ජනතාව දැනගතයුතුයි මේ අයට මොන විදිහටද සළකන්න ඕනෑ කියලා (නි)

:       0       0

ආනන්ද Friday, 05 December 2014 05:38 PM

මටත් කෙනෙක් ශත 25ක් දෙන්න හැදුවා, ගත්තේ නැහැ. මොකද වැඩක් නැති නිසා. (නි)

:       0       0

වත්සලා Friday, 05 December 2014 06:06 PM

මේ දානපතියා කවුද? (නි)

:       0       0

වත්සලා Friday, 05 December 2014 06:13 PM

අනේ මනුස්සකමකට ගිය කලක්! එන ආත්මයේවත් මේ ආත්මයේ බැරිවුණොත් පොළියත් එක්කම ගෙවන්නකෝ (නි)

:       0       0

මාලිංග Saturday, 06 December 2014 02:16 PM

කවුරු නැහැ කියුවත් ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා මිනිස්සු දන්නවා (දී)

:       0       0

දුමින්ද Friday, 05 December 2014 06:33 PM

එයා එච්චර වටිනවද? (නි)

:       0       0

බමුණු Sunday, 07 December 2014 12:57 AM

සමන්ජය, බුද්ධිය තිබෙන අය දේශපාලනය දණහිසෙන් ඉහලට ගන්නේ නැත. (ර)

:       0       0

චමිලා Friday, 05 December 2014 06:54 PM

නම කිව්වා නම් අපි විශ්වාස කරනවා (නි)

:       0       0

සමන්ජය Saturday, 06 December 2014 07:01 AM

දේශපාලකයෝ කියන ඒවා ඒ හැටියටම පිළිනොගන ඔබේ බුද්ධියෙන් ටිකක් හිතලා නිගමනයකට එන්න. ඕනේ කෙනෙකුට කියන්න පුළුවන් කෝටි 25ක්, කෝටි 50ක් දෙන්න හැදුව කියලා. එ් වුනාට එයාලගේ එච්චර වටිනාකමක් තියනවද කියලා හිතලා බලන්න.(හේ)

:       0       0

සත්‍යපාල Friday, 05 December 2014 07:14 PM

රටේ සල්ලි කෝටි ගණන් බෙදන්නේ කජු ඇට කොස් ඇට බෙදනවා වගේ හිතලා. බලන්න කොතරම් මුදල් කන්දරාවක් ලන්සුව තියනවද කියලා. තව කී දෙනෙකුට දීලා ඇද්ද? රටේ අහිංසක ජනතාවට ලැබෙන්න තිබෙන මුදල් නේද මේ? (නි)

:       0       0

උපසේන Friday, 05 December 2014 07:25 PM

මේකට වහාම කොමිසමක් පත්කරන්න වෙයි වගේ (නි)

:       0       0

සුනිල් විතා‍නගේ Friday, 05 December 2014 07:40 PM

මෙච්චර සල්ලි දීලත් ගන්නේ නැත්තේ මීටත් වඩා හම්බ කරන්න පුලුවන් ඇති (නි)

:       0       0

සුජිත් Saturday, 06 December 2014 07:25 AM

තිලක් ඩුබායි, බැංකු පොලිය අඩුකලාම ණය ගත්ත අයටත් සහනයක් ලැබෙනවා කියල දන්නේ නැද්ද ? ගෙවල් දොරවල් හදන්න බැංකුවලින් ණය අරගෙන පිටරට ගිය කට්ටිය ගැන හිතෙන්නේ නැද්ද ?(නදී)

:       0       0

වික්‍රම Friday, 05 December 2014 08:00 PM

කෝටි 25ක්? එච්චර වටිනවද? (නි)

:       0       0

දමිත් Saturday, 06 December 2014 02:37 PM

අල්ලස වැරදියි (දී)

:       0       0

සඳජිත් Friday, 05 December 2014 08:05 PM

කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Friday, 05 December 2014 08:12 PM

අපිව නම් රවටන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

සම්පත් Friday, 05 December 2014 08:15 PM

මනුස්සයෙක් කෝටි 25ක් වටිනවද? (නි)

:       0       0

කෝන්ගහ Friday, 05 December 2014 08:16 PM

මේ මොනවා නැතත් ඇත්ත අපි දන්නවා. අපිට බොරු කරන්න බැහැ (නි)

:       0       0

ටියුඩර් Friday, 05 December 2014 08:38 PM

හීනයකින් හෝ කෝටි 25ක් ලැබීම මොනතරම් පිනක්ද? (නි)

:       0       0

කළුආරච්චිගේ Friday, 05 December 2014 08:43 PM

සඳුනි , සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න මෙතන ගිවිසුම් ගහලා නැහැනේ. හිටිගමන් නිවසට ආවා, මේක ඇහුවා. රෙකෝඩ් කරන්න හිටිගමන් ආවාම හැකියාව අඩුයි. මේ රටේ වැරදි දේවල් සාක්ෂි ඉතිරි කරලද මිනිස්සු කරන්නේ. අද ලංකාවේ අනේකවිධ වැරදි වෙනවා. හරි ලස්සනට. කෝ සාක්ෂි? (නි)

:       0       0

නිල්මිණි Friday, 05 December 2014 09:13 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. (නි)

:       0       0

අබේ Saturday, 06 December 2014 03:03 PM

බුද්ද සාසන නි. ඇමති මුසාවාද කියනවාද ? (නදී)

:       0       0

සුදෙල්මි Friday, 05 December 2014 09:21 PM

මේ රටේ කණු පුරා කටවුට් ගහන්නේ මේ අපේම සල්ලි වලින් නේද? (නි)

:       0       0

දයාල් Friday, 05 December 2014 09:29 PM

මුදල මදිවුණාවද්ද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

කමල් Friday, 05 December 2014 09:30 PM

රුපියල් විසිපහක් තරම්වත් වටින්නේ නැද්ද? (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 05 December 2014 09:37 PM

මේ සල්ලි කොහෙන් ආ ඒවාද? (නි)

:       0       0

බණ්ඩාර Friday, 05 December 2014 10:06 PM

අපි කොච්චර වටිනවාද දන්නෙ නැහැ නේද? හිතාගන්නවත් බැහැ (නි)

:       0       0

අසේල Saturday, 06 December 2014 03:28 PM

සල්ලි වලට මොනවද කරන්න බැරි (දී)

:       0       0

ඇසිලින් Friday, 05 December 2014 10:19 PM

බොහොම ඉස්සර කාලෙක,එකෝමත් එක රටක, එකෝමත් එක පුද්ගලයෙක් හිටියා. ඒවුණත් "ඔන්න ඔහේ හිටපුදෙන්" කියලා තමයි අපිට කියන්න වෙන්නේ (නි)

:       0       0

ඒඩ්‍රියන් Friday, 05 December 2014 10:45 PM

ඇවිල්ලා මාසයක් ගියට පස්සෙනේ කියන්නේ. මේක බෝවන රෝගයක් වගේ වෙලා දැන් (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 05 December 2014 10:47 PM

අද දේශපාලනයත් ව්‍යාපාරයක් වගේ වෙලා (නි)

:       0       0

ඒඩ්‍රියන් Friday, 05 December 2014 11:24 PM

මට හිතෙන්නේ ගරු මන්ත්‍රීතුමාට ඇහිලා තියෙන්නේ වැරදියට වෙන්න ඇති මේ ගණන. (නි)

:       0       0

ඒඩ්‍රියන් Friday, 05 December 2014 11:58 PM

අල්ලස් දීමත් ගැනීමත් බරපතල වැරදි බව මේ අය දැන දැනත් කියව කියවා ඉන්නේ නැතුව නීති මාර්ගයකට ගියා නම් වැරදි කළ අයට දඬුවම් දෙන්න තිබුආනේ. (නි)

:       0       0

ජනදාස Saturday, 06 December 2014 12:00 AM

අග්නිදිග අාසියාවෙ ලොකුම පොහොසතා අපි දන්නා විදියට නම් හොංකොං වල ලී කා ෂිං. කොහොමටත් අද කාලෙ ඔය වගේ ගාණකට බැහැ කිව්වා කියන එක හිතාගන්න බැහැ. ඒක මදි කිව්වා නම් ටිකක් තේරුම් ගන්න තිබුණා. (නි)

:       0       0

අජිත් Saturday, 06 December 2014 12:20 AM

එක් කෙනෙකුට ඇයි මෙච්චර සල්ලි ගොඩක්? (නි)

:       0       0

කුසල් Friday, 05 December 2014 02:06 PM

බුදු අම්මෝ මේ තරම් මුදලක් (දී)

:       0       0

දිලාන් Saturday, 06 December 2014 12:49 AM

ඔබට මම හැමදාමත් ගරුකළා. ඔබ ගත් තීරණයට හා හෙළිකළ කරුණු වලට අපේ ගෞරවය! (නි)

:       0       0

සාගර Saturday, 06 December 2014 01:03 AM

අනේ! ඔයා හරියන්නේ එයාලටම තමා. මට නම් ලොකු දෙයක් ඔයා ගිය එක (නි)

:       0       0

ලියනගේ Saturday, 06 December 2014 01:03 AM

මම මේ ඔලුව කසමින් කල්පනා කරන්නේ මේ කාගේ සල්ලිද කියලා. (නි)

:       0       0

නිශාන් Saturday, 06 December 2014 01:08 AM

දැන් අපිට මේ කතා අහලා අහලා එපාවෙලා (නි)

:       0       0

තිලක් ඩුබායි Friday, 05 December 2014 02:09 PM

අනිවාර්යෙන්ම.මේ පැමිනිල තිබෙන්නේ නියම අවස්තාවක්.(දී)

:       0       0

තාරක Friday, 05 December 2014 02:11 PM

මේ තරම් මුදලක් දෙන්න මේ කාගේ සල්ලිද (දී)

:       0       0

සේනක Friday, 05 December 2014 02:13 PM

මේවා හොඳ වැඩද මහත්තයෝ

:       0       0

විදානගේ Saturday, 06 December 2014 01:20 AM

අම්මෝ! මෙච්චර ගාණක් කවුද එපා කියන්නේ? (නි)

:       0       0

අශෝක Friday, 05 December 2014 02:18 PM

මේවාට විරුද්දව කවුරුත් කතා කරන්නේ නැද්ද (දී)

:       0       0

දයාල් Friday, 05 December 2014 02:20 PM

මටත් රුපියල් කෝටි 250 දෙන්න හැදුවා මම එපා කිව්ව...ඕව ගණන් කරන්න වෙලා නැ (දී)

:       0       0

මනෝජ් Saturday, 06 December 2014 01:25 AM

මම මේ කියන්නේ ඇත්තමයි. මීට දින කිහිපයකට කලින් එක්තරා ප්‍රබල දේශපාලකයෙක් මටත් එතුමාගේ පක්ෂයට එන්න කියලා කෝටි දෙකක මුදලක් දෙන්න හැදුවා. මම ඒක ගන්න හදනකොටම මාව ඇඳ පල්ලට වැටුණා. අපොයි දෙයියනේ බැලුවාම හීනයක්. කමක්නැහැ, හීනෙන් හරි කෝටි දෙකක් දකින්න ලැබුනානේ. (නි)

:       0       0

එරංග Saturday, 06 December 2014 01:31 AM

එක දවසට ලක්ෂ දෙක තුන රාත්‍රී සමාජ ශාලාවලට, ගණිකාවන්ට, මත්පැන් වලට, තරුපහේ හෝටල් වලට බිල්ගෙවන මන්ත්‍රී ඇමති දූ දරුවන් ඉන්නවා කියලා අහලා තියෙනවද? තරුපහේ හෝටල් වල බිලක් බලන්න. (නි)

:       0       0

තාරක Friday, 05 December 2014 02:26 PM

මේ තරම් විලි ලැජ්ජා නැති තැනකට අවිල්ලාද ලංකාව (දී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 06 December 2014 01:43 AM

කෝටි 25 මොන කජ්ජක්ද අපේ දේශපාලකයන්ට? (නි)

:       0       0

අසංක Friday, 05 December 2014 02:27 PM

අල්ලස් දීමත් දීමට තැත් කිරීමත් වරදක් ඔබ තුමා නිසි පියවර ගන්න (දී)

:       0       0

මලිත් Saturday, 06 December 2014 05:01 PM

මේවා බොරු වෙන්න බැහැ (දී)

:       0       0

චානක Saturday, 06 December 2014 01:56 AM

මෙතුමා ගොඩක් වටිනා කෙනෙක් වගේ. (නි)

:       0       0

විජිත Friday, 05 December 2014 02:42 PM

අපි පවු නේද (දී)

:       0       0

රොකී Saturday, 06 December 2014 02:05 AM

මේ රටේ දැන් තියෙන්නේ ප්‍රජා නොවෙයි, "පගාතන්ත්‍රවාදයක්"! (නි)

:       0       0

පාල්න්ද Friday, 05 December 2014 02:46 PM

ඔබ ගත් තීරණය හරි (දී)

:       0       0

ඇසළ Friday, 05 December 2014 02:50 PM

කියන බොරුව උනත් හරියට කියන්න. දේශපාලකයෝ දේශපාලකයෝ කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ කොහේ හරි හිලක්. ඇයි නම කියන්න බැරි මේ මිනිහ තමයි මට අල්ලස් දෙන්න හැදුවේ කියල. (දී)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 05 December 2014 02:52 PM

නියම රටට ආදරයක් තියන ගරුත්වයක් හිමි දේශපාලකයෝ (දී)

:       0       0

බන්දු Friday, 05 December 2014 02:56 PM

මේ ප්‍රකාශයත් විමසුමට ලක්වෙයි. මෙහෙම සල්ලි තියෙනවාද ? ඒ වගේම ඒ තරම් මුදලක් දෙන්න වටිනාකමක් තියෙනවද.? (දී)

:       0       0

පෙරේරා Saturday, 06 December 2014 02:11 AM

ඇට නැති දිව මොන පැත්තට නවන්න බැරිද කිවුවලු (නි)

:       0       0

සනත් Saturday, 06 December 2014 02:13 AM

සම්පුර්ණ පරීක්ෂණයක් පවත්වන්න කියලා මම රහස් පොලිසියෙන් ඉල්ලා සිටිනවා.ගිය අය කියන කතා තමයි ඕවා. කිසිම පදනමක් නැති කතා. මේ අය මෙච්චර වටිනවද? ඕවට පිළිතුරු ලැබෙන්නේ ඡන්දයෙන් නම් නෙමෙයි (නි)

:       0       0

නිකොලොස් Friday, 05 December 2014 02:56 PM

අපි නොකා නොබී ගෙවන බදු මුදල් මේ....... මේවා වැරදි විදිහට, වැරදි දේවල් වලට යොදා ගන්නා සෑම දෙනාටම උප නුපන් සෑම ආත්මයකදීම නිරයේම ඉපදීමට හේතු වාසනා වේවා (දී)

:       0       0

සනත් Saturday, 06 December 2014 02:20 AM

අඩුකළ ඉන්ධන මිල ගණන් ගැන එහෙම ආරංචියක් නැද්ද තවම? අපිට ඒවා කෝටි 25කට වැඩිය වටිනවා (නි)

:       0       0

රණවක Friday, 05 December 2014 03:01 PM

මේ පිනට දෙන්නේ කාගේ සල්ලිද (දී)

:       0       0

ලුම්බිණි Saturday, 06 December 2014 02:24 AM

සල්ලි වලට පැති මාරුකරන හැටි පුරුදු කළේ කවුද කියලා දන්නවා නේද? (නි)

:       0       0

සිල්වා Saturday, 06 December 2014 05:42 PM

අනේ මොකද මේ වෙන්නේ (නදී)

:       0       0

චන්ද්‍ර Saturday, 06 December 2014 02:25 AM

මෙහෙම තමයි හැම පැනපු කෙනාම කිව්වෙ. ඒකෙන් එයා කරන්නෙ තමුන් මෙච්චර වටින බව ලෝකයට පෙන්වන්න හදන එක නේද? (නි)

:       0       0

සෙත්මි. Friday, 05 December 2014 03:07 PM

මෙයා මෙච්චරටම වටිනවද? (දී)

:       0       0

රුක්මාල් Saturday, 06 December 2014 02:29 AM

දැන් එතකොට අර එක්කෙනෙක්ව මිලියන 600 කට ගන්න ගියා කියන කතාව බොරුද? සඳුනි, පුළුවන් නම් කට ඇරලා එතන සාක්කියත් පෙන්වන්න කියන්නකෝ. (නි)

:       0       0

ඇසිලින් Saturday, 06 December 2014 02:39 AM

මගේ රත්තරන්ට මට එයා කෝටි 25 වටිනවා කියලත් එයා මට බැහැ කිවුවා (නි)

:       0       0

සජිත් Saturday, 06 December 2014 02:40 AM

ඇමතිතුමාට ඕනෑදෙයක් කියන්නත් අදහස් දාන අයට එයාලට කැමති අදහසක් දාන්නත් නිදහසත් තියෙනවා. නමුත් සදුනි කියනවා වගේ සාක්ෂි සාධක ඇතුව ප්‍රකාශ කිරීම වටිනවා.අල්ලස් දීම වරදක් බැවින් පහසුවෙන් අල්ලා දෙන්න තිබුනනේ. (නි)

:       0       0

රාජා Saturday, 06 December 2014 02:52 AM

දැන්ද එයාලට මතක්වෙලා තියෙන්නේ මේවා ජනතාවට හෙළිකරන්න? (නි)

:       0       0

සඳුනි Friday, 05 December 2014 03:24 PM

මොකද ඇමතිතුමෝ එක්තරා දේශපාලකයෙක්, එක්තරා සභාපතිවරයෙක් කියන්නේ? ඕක ඇත්ත නම් කෙලින්ම නම කියලා හෙළි කරන්නකෝ. හැබැයි ශාක්ෂිත් එක්ක. (නදී)

:       0       0

ඉන්දික Saturday, 06 December 2014 03:12 AM

මම නම් නම දැනගත්තේ පැන්නට පස්සේ. කෝටි 25 ක් වටිනවද එතුමාව? එක එක්කෙනා ගණන් වැඩි කර කර කියනවා වගේ. මේවා මේ ඇත්තමද? නැත්නම් මේ අපිට සේවය කරන්න තියෙන ආදරේට මේවා එපා කිවුවා කියලා පෙන්වන්න හදනවද? (නි)

:       0       0

මිනිපේ Friday, 05 December 2014 03:29 PM

කියන්නා කෙසේ කිවත්, අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුවේ. (නදී)

:       0       0

නාලනී Saturday, 06 December 2014 03:13 AM

කවුද අප්පේ මේ සල්ලිකාරයා? (නි)

:       0       0

නිව්ටන් Friday, 05 December 2014 03:30 PM

කෝටි 25 ක් දීල ගන්න මොඩයා කව්ද ? (නදී)

:       0       0

අල්විස් Saturday, 06 December 2014 03:27 AM

දැන් ඔහොම කිව්වට මෙච්චර ගාණක් දෙන්න නැතුව ඇති.දුන්නා නම් මේ වෙන කොට ඕක අරං.(හේ)

:       0       0

දිලිප් Saturday, 06 December 2014 11:22 AM

වෙලාවේ හැටියට සල්ලි ප්‍රශ්නයක් නෙවේ. බලය රැක ගන්න, බලයේ සදා රැදෙන්න ඕන වියදමක් දරන්න පසු බට වෙන්නේ නැහැනේ. (නදී)

:       0       0

හසිත් Saturday, 06 December 2014 03:36 AM

මෙවැනි ගනු දෙනු සාක්කි ඉතිරි කරමින් කරන්න කවුද ලැස්ති ? ලොකුවට සාක්කි ඉදිරිපත් කරන්න කිව්වට පගාව දෙන්නේ සල්ලි විතරක් නෙවෙයි , තනතුරු , යාන වාහන ගෙවල් දොරවල් විතරක් නෙවෙයි පරණ ණය පියවීම් පවා. මේවා සිද්ධ නොවුනානම් කිසිම දේශපාලනයට එනවිට , ආදායමක් ලැබෙන වෘත්තීය සුදුසුකමක් තමන්ට වත් බැඳපු කෙනාටවත් නැති , පරම්පරාගත දේපලක්වත් නැති උදවිය සමහරු අද ලක්ෂේට කොඩිය දාල ඉන්නේ කොහොමද ? (ෆහ්)

:       0       0

යසිරු Saturday, 06 December 2014 03:38 AM

කෝටි 25ක් මේ කාගේ සල්ලිද?(හේ)

:       0       0

උමේෂ් Saturday, 06 December 2014 03:40 AM

පුදුමයි ගත්තේ නැතුවා.(හේ)

:       0       0

උදය Friday, 05 December 2014 03:44 PM

අනේ මන්ද (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 06 December 2014 03:41 AM

සත්‍යපාල මහත්තය ආයේ බොරැල්ල පැත්තෙන් ගෙදර ගියේ නද්ද? බලාගෙන ඔබ තුමාටත් කට්ටිය අච්චර දෙන්නම් මෙච්චර දෙන්නම් කියල එන්න කියාවි..කොහේටවත් නෙමෙයි.බොරැල්ල කනත්තට..යන්නනම් එපා කොච්චර දෙනවා කිව්වත්..අපිට ඔබ තුමාව ඕන තව දුරටත් ...ටිකිරි බණ්ඩා ,ඩුබායි තිලක් සත්‍යපාල නැති එසැන පුවත් මොකටද..? ජනධිපතිතුමාගේ තෙවන පාලන සමයේදීත් එසැන පුවත් රසවත් කරන්න ඔයාල ඉන්න ඕන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 477 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 135 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1997 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2429 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3792 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25377 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site