IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හිටපු කි‍්‍රකට් නායකයන් තිදෙනාම ඉදිරි සැලසුම්වල කොටස්කරුවන්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම් වල ප‍්‍රධාන කොටස්කරුවන් වන බව ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති වරයා ලෙස පත්වූ හිටපු ටෙස්ට් කී‍්‍රඩක සනත් ජයසූරිය මහතා පවසයි.

”මහේල, කුමාර් වගේම ඩිල්ෂාන් අමාරු අවස්ථාවලදී ශි‍්‍ර ලංකා පිළ ගොඩ ගත් අය. අපිට අනිවාර්යෙන්ම ඔවුන්ගේ 100%ක් උදවු ඉදිරි සංචාරයන් සදහා අවශ්‍ය වෙනවා”
”කී‍්‍රඩකයන් තුන් හතර දෙනෙක් ඉතා නුදුරේදීම කී‍්‍රඩාවෙන් සමුගන්න ඉන්නවා. ඒත් අළුත් කි‍්‍රඩකයන් ඔවුන්ගේ නිසි මට්ටමට පැමිණෙන තුරු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ගේ අත්දැකීම් අපට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් මේ වන විටත් දස්කම් අතින් ඉදිරියෙන්ම සිටින අය නිසා” යැයිද සනත් ජයසූරිය ඬේලි මිරර් පුවත්පතට පැවසීය.

වර්ෂ 2011දී කී‍්‍රඩාවෙන් සමුගත් සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කරමින් නව කි‍්‍රකට් තේරීම් කමිටුවට ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, හේමන්ත වික‍්‍රමරත්න. චමින්ද මෙන්ඩිස් සහ එරික් උපශාන්ත පත්කිරීමට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පියවර ගත්තේය.

මේ අතර දක්ෂ නවක කී‍්‍රඩකයන් වන දිල්ෂාන් මුණවීර, ඇන්ජලෝ පෙරේරා සහ සචිත් පතිරණ වැනි කී‍්‍රඩකයන්ගේ හැකියාවන් සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපතිවරයා විශේෂ උනන්දුවකින් කතාකළේය.

”ඒ වගේ දස්කම් තියෙන කී‍්‍රඩකයන් රැසක් සිටීම සම්බන්ධයෙන් අප වාසනාවන්තයි. ජ්‍යෙෂ්ඨයන්ගේ හිස්තැන් පිරවීමට තමන් සූදානම් බව ඔවුන් මේ වන විටත් පෙන්වා අවසන්” යයිද ජයසූරිය මහතා පැවසීය.

”මා කී‍්‍රඩකයෙක් වුණෙ දේශපාලඥයෙක් වෙන්න කලින්” ”මා ටෙස්ට් තරග 100ක් හා එක්දින තරග 400කට වඩා සහභාගි වෙලා රට නියෝජනය කරලා තිබෙනවා. මෙය (තේරීම් කමිටු සභාපති තනතුර) මට ලැබුණේ දේශපාලන බලපෑමක් නිසා නෙමෙයි. මට මේ තනතුර සදහා ගොඩක් සුදුසුකම් තියෙනවා”
”මේක දේශපාලන පත් කිරීමක් නෙමෙයි” යනුවෙන්ද ජයසූරිය මහතා පැවසීය.

-ඬේලි මිරර් අනුග‍්‍රහයෙනි.

 



අදහස් (0)

හිටපු කි‍්‍රකට් නායකයන් තිදෙනාම ඉදිරි සැලසුම්වල කොටස්කරුවන්

කිත්සිරි Thursday, 31 January 2013 08:33 AM

සනත්, දේශපාලකයින් ඕනෑ තරම් ඉන්නවා. ඔබ වැනි හැකියාවන් සහිත ක්‍රීඩකයින් දුර්ලභයි. දේශපාලන හා පෞද්ගලික අරමුණු අමතක කර ඔබේ අත්දැකීම් අවංකව රටේ ක්‍රීඩාව නැංවීමට භාවිතා කරන්න. නැවතත් ඔබ රටට වීරයකු වේවි. (ස)

:       0       0

සමන් Thursday, 31 January 2013 09:00 AM

මටනම් ෂුවර් එක් දින කණ්ඩායමේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් දංගෙඩියට අහුවෙන බව. (ස)

:       0       0

උපුල් Thursday, 31 January 2013 09:13 AM

දිගු ගමනකට ආසිරි ! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 31 January 2013 09:24 AM

සනත් ජයසූරිය මහත්තයෝ.. දැනට ඔබ හරි මගට වැටී ඇති බව පේනවා.. ක්‍රිකට් උනනතිය වෙනුවෙන් කටයුතු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..!(නු)

:       0       0

තිස්ස Wednesday, 30 January 2013 07:23 PM

දිගු මෙහෙවරකට ඔබට දළදා සමිදු පිහිටයි! (නි)

:       0       0

උදිත් Thursday, 31 January 2013 02:40 PM

ඇයි සංගාට, මහේලට බැරි? (නි)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 30 January 2013 07:41 PM

දේශපාලනය නම් ක්‍රිකට් වලට පමණක් නොව කිසිම ක්‍රීඩාවකට අවශ්‍ය නැත. (නි)

:       0       0

පහන් Wednesday, 30 January 2013 07:50 PM

දේශපාලන පත්වීමක් නෙමේයි නම් ඔතන ඉන්න ඕනේ අර්ජුන . (ස)

:       0       0

රත්නායක බහරේන් Wednesday, 30 January 2013 07:51 PM

ඇන්ජෙලෝ පෙරේරා , දිල්ෂාන් මුණවීර , මහේල හා තිලකරත්න දිල්ෂාන් ට හොද ආදේශ විය හැකි බව පෙනී ගියද චන්දිමාල් ට දිගින් දිගටම අවස්ථාව ලැබුණද ටෙස්ට් තරග හැර එක් දින හා 20 / 20 වලදී වගකීම් රහිතව ක්‍රීඩා කරන ආකාරය පෙනී යි.චන්දිමාල් ට උපනායක කම දීම ඔහුගේ දක්ෂතා එළිදැක්වීමට රුකුලක් නොවන අතර සංගක්කාර ගේ ආදේශ ය වීමට ඔහුට තවත් කාලයක් දිය යුතුය. (ස)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 04:15 PM

ක්‍රීඩා අනාගතයට යහපතක් වෙන ලෙස තීරණ ගන්න (ස)

:       0       0

සැන්ඩ්‍රා Wednesday, 30 January 2013 07:56 PM

සනත් මහත්තයා ඔතරම් ක්‍රිකට්වලට ආදරේනම් ඔයා දේශපාලනයෙන් ඉවත්වෙලා ක්‍රිකට්වලට සේවය කරන්නකෝ (නු)

:       0       0

දුසන්ත මාතර Wednesday, 30 January 2013 08:13 PM

රුහුණු පුත්‍රයාට සුභ පැතුම්! දේශපාලනයෙන් තොරව සනත්ට උදවු කරමු. (නි)

:       0       0

අනුර Wednesday, 30 January 2013 08:49 PM

සුභ පැතුම් සනා! (නි)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 30 January 2013 08:50 PM

ක්‍රීඩා ඇමතිතුමා ගත් කාලෝචිත තීරණයට අපි ඔහුට ප්‍රසංශා කල යුතුයි (ස)

:       0       0

සමන් Wednesday, 30 January 2013 08:54 PM

කවුරුන් හෝ සනත්ගේ මෙම පත්වීම දේශපාලනිකව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔහු ක්‍රිකට් මෝඩයෙකි. (නි)

:       0       0

තත්සරණි Wednesday, 30 January 2013 09:03 PM

අනේ සනා, සංගාවයි, මයියාවයි කපන්න නම් එපා. (නි)

:       0       0

සුභාශිනි Thursday, 31 January 2013 11:40 AM

පල පුරුදු අයගේ සහාය අත්‍යවශ්‍යයි. (දී)

:       0       0

දෝහා Wednesday, 30 January 2013 09:19 PM

සනත්, උතුරු නැගෙනහිර පැතිවල ඉන්න දක්ෂ ක්‍රීඩකයින්ටත් අවස්ථාවක් ලබාදෙන්න බලන්න. (නි)

:       0       0

දෝහා Wednesday, 30 January 2013 09:24 PM

කැඩී බිදී වෙන්වී ගිය අපේ සමගිය එකට එකතුකරන්න පුළුවං ක්‍රීඩාව තුනින්. ඒ නිසා රටේ අස්සක් මුල්ලක් නෑර ඉන්න දක්ෂ ක්‍රීඩකයන්ව හොයලා ඉදිරියට දිරිගන්නවන්න වැඩපිළිවෙලක් සකස් කළොත් කාලෝචිතයි.!(නු)

:       0       0

අනුර Thursday, 31 January 2013 11:55 PM

සනා, අපිට ඔබව විශ්වාසයි. (නි)

:       0       0

ඩොන් Friday, 01 February 2013 12:19 AM

මහේල, සංගක්කාර සහ ඩිල්ෂාන් ඉදිරියේදිත් සිටිය යුතුමයි. (නි)

:       0       0

ෂියාම් Friday, 01 February 2013 12:42 AM

මම නම් මේ තීරණයට කිසිම කැමැත්තක් නැහැ. (නි)

:       0       0

සඳුන් Wednesday, 30 January 2013 09:54 PM

ටෙස්ට් පිටියේ අපි දැන් අසරණයි. ලොකු වෙනසක් කරන්නට ශක්තිය ලැබේවා (ස)

:       0       0

බන්දුල Thursday, 31 January 2013 12:58 AM

අපි විශ්වාස කරනවා ඔය පුටුවට නියම සුදුස්සා ඔබ බවට. (නි)

:       0       0

තත්සරණි Sunday, 03 February 2013 05:57 PM

සනා, ඔබගේ තීරණයට මම එකගයි. (නි)

:       0       0

ගුණවී Thursday, 31 January 2013 07:40 AM

දේශපාලන දෘෂ්ටියෙන් බැහැරව ඔබට මේ මහඟු වගකීම දැරිය හැකි නම්, එය අපේ ක්‍රිකට් අනාගතයට වසන්තයක්ම වනු ඇත. ඔබට සුබ පැතුම් ! (නි)

:       0       0

ෂෙල්ටන් Thursday, 31 January 2013 08:20 AM

දේශපාලනය ගාව ගන්නවත් එපා. ඔබට ඔය තනතුර සුදුසුදු . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 80 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1680 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4535 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3368 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3494 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1637 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site