සිංහල ක්‍රීඩා සමාජය නොහොත් එස්.එස්.සී යනුවෙන් ප්‍රකට ක්‍රීඩා සමාජය හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට දොර වසා දැමිණි. ඔහුට එස්.එස්.සීය හතර මායිම තහනම්ය. ඉස්සර ඔහුගේ අණසක ක්‍රීඩා සමාජවලට පමණක් නොව ක්‍රීඩා ලෝකෙටම අනුල්ලංඝනීය විය.
අද ඔහු අසරණය. ඔහුට එම ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය දිය යුතු යැයි විධායක සභාවට යෝජනාවක් ඉදිරිපත් විය. එස්.එස්.සී සාමාජිකයන්වන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් නිලධරයෝ තිදෙනෙක් ඔහුගේ නම යෝජනා කළහ. එහි විධායක කමිටුව ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන්, නීතිඥවරුන්ගෙන් හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විතය. අලුත්ගමගේ ගේ නම යෝජනා කළ අයගෙන් අලුත්ගමගේ ගේ වාර්තා -- ක්‍රීඩා වාර්තා නොවේ -- ගැන විධායක සභාව දිගින් දිගටම ප්‍රශ්න කළේය. හිටපු ඇමැති අපරාධ කළ බවට තහවුරුවී හෝ ඔප්පුවී හෝ නැතැයි ඔහු කීවේය. ඔහු වැරදිකරුවකු වනතුරු නිවැරදිකරු නොවේදැයි යෝජනාකරු ඉපැරණි නීතිමය සිද්ධාන්තයන්ද ගෙනහැර දැක්වීය. එහෙත් විධායක සභාව එය නොපිළිගත්තේය.
සාමාජිකත්ව කමිටුවේ සභාපති ඡන්දය විමසීමේදී ඡන්දය නොදුන්නේය. හිටපු ඇමැති සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු යැයි හත් දෙනෙක් ඡන්දය දුන්හ. විධායක කමිටුව 15 දෙනකුගෙන් සමන්විතවේ. එවැනි පුද්ගලයකු ඉවත් කිරීම සඳහා එක් ඡන්දයක් වුවත් ප්‍රමාණවත් වේ. ඔහුගේ ඉල්ලුම් පත්‍රය ඉවත දැමිණි. ඉන්පසු ප්‍රශ්නයක් මතු වූයේය. යෞවන සාමාජිකයන්වන තම දරුවන් රැගෙන යාමට එහි පැමිණීමට හැකියාව ඇත්දැයි ප්‍රශ්නයක් මතුවිය. එයටද ඉඩ නොලැබිණි. ඔහුට ලැබුණු එකම සහනය වූයේ වෙනත් සාමාජිකයකුගේ අමුත්තකු වශයෙන් ඔහුට එහි පැමිණිය හැකි බවයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ක්‍රීඩා ඇමැති එස්එස්සීයෙන් දැවී යයි
ඉසුරන්දි Monday, 13 July 2015 06:34 AM
බුදුදහමට අනුව මිනිසා විසින් කරන හොඳ නරක මේ ආත්මෙදිම තමන් පසුපස ලුහුබදින බව මේ දෙයින්ම සනාත වෙනවා. (ස)
සෙලන්සියුස් Monday, 13 July 2015 05:51 PM
පෙරේරා, ඒ මිනිස්සුන්ට පිස්සුද ඒ ගොල්ලන්ගේ තියෙන ක්‍රීඩා සමාජය අතහැරලා පෙරේරා හදන අලුත් ක්‍රීඩා සමාජයට එන්න. (නදී)
සපුමල් Monday, 13 July 2015 08:25 AM
තමන් වගා කල දෙයම අස්වැන්න ලැබිලා. (ර)
සුසිල් Sunday, 12 July 2015 01:02 PM
ඔය විදියට හැම ආයතනයකම වුණා නම් මෙලහකට රට හැදිලා (නි)
ඩුන්ගු Monday, 13 July 2015 08:45 AM
සිංහල ක්‍රීඩා සමාජය මෙන් අනිකුත් සමාගම් හා ආයතන සුදුසු ආකාරයට වැඩ කරනවානම් රටටම යහපතක් වේවි. (ම)
ගාමිණි Monday, 13 July 2015 02:37 AM
සුසිල්, මමද ඔබගේ අදහසට එකඟ වෙමි.(ම)
සංජිව Monday, 13 July 2015 03:27 AM
මුතු මැණික් ලොව පහළ වන්නේ එකක් හෝ කිහිපයක් පමණක් යයි ස්වභාව ධර්මයත් අපට කියනවනේ ..(ම)
පෙරේරා Monday, 13 July 2015 09:48 AM
මට ඔහොම කළානම් මම අලුතෙන් ක්‍රීඩා සමාජයක් හදාගෙන කෙනෙහිලිකම් කරපු අය සේරටම හතර මායිමට එන්න දෙන්නේ නැහැ. (බ)
ලාල් Monday, 13 July 2015 04:27 PM
රටටත් බරක් උන අනවශ්‍ය පුද්ගලයින් ඉවත්කරන්න. පසුගිය කාලයේ හිටපු නොවටිනා ගල්කැට ඉවතදමා, මුතු මැණික් ලංකරගනිමු. (නදී)
යාපා Sunday, 12 July 2015 03:29 PM
සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි... (නි)