IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


හිටපු ක්‍රයිම් ඕඅයිසීගෙන් පැය 4 ක පාපොච්චාරණයක්

තාජුඩීන් ඝාතන නඩුවේ රිමාන්ඩ් සැකකරුවකු වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා අද (10)  පැය හතරක කාල සිමාවක් අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නිල මැදිරියේ දී පාපොච්චාරණය කළේය. රගර් ක්‍රිඩක තාජුඩීන් ඝාතන පරික්ෂණ බාරව සිටියේ ඔහුය. පරික්ෂණය සඳහා උපදෙස් ලැබු ආකාරය ගැන ඔහුගෙන් දැනගන්නට  ඇත.


පෙ.ව. 11.32

තාජුඩීන් ඝාතන නඩුවේ රිමාන්ඩ් සැකකරුවකු වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නිල මැදිරියේ දී තවත් ටික වේලාවකින් ප්‍රකාශයක් කිරීමට යයි.

ඒ සඳහා ඔහු බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙන එනු ලැබ සිටී. හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මෙම ඝාතනයේ තොරතුරු වසන් කළැයි රිමාන්ඩ් කරනු ලැබ සිටී.

 

 



අදහස් (0)

හිටපු ක්‍රයිම් ඕඅයිසීගෙන් පැය 4 ක පාපොච්චාරණයක්

සත්‍යපාල Friday, 10 June 2016 12:17 PM

කෝටි ගණන් සුපිරි කාර් වලට නැගෙන ජනතා විරෝධය වෙන පැත්තකට හරවන නාඩගම අද සිට සති තුනක් රඟදැක්වෙනු ඇත... (නි)

:       0       0

චන්දන Saturday, 11 June 2016 05:11 PM

දැන් සමහරු අදහස් වලින් තමන්ගේ පුරාජේරුව පෙන්නන්න හදනවා. බලන්න මම හෙට අනිද්දට උගන්ඩාවේ ඉඳලයි අදහස් දාන්නේ (නි)

:       0       0

ගුණේ Saturday, 11 June 2016 08:11 PM

මිත්‍රයිනි, යම් සත්වයෙක් මරනවා කියනකොටම පව නම් සිද්ධ වෙනවා. මැරුවොත් පව සම්පුර්ණ වෙනවා. කර්මයෙන් මිදිය හැකි තැනක් කොහේවත් නොමැති බැවින් ඒ අසරණයාගේ දිවි තොරකළ යමෙක් වේද මෙලොව පරලොව වශයෙන් ඒකාන්ත මහා දුකකට උරුමකම් කියන්නෝයි. (නි)

:       0       0

භද්‍රානි Friday, 10 June 2016 01:18 PM

චන්දන ඕස්ට්‍රේලියා, ලොකුකම පැත්තකට තියලා, ඔය ඔලුගෙඩිය ඇතුළේ තියන උද්දච්ඡකම පිටමං කළදාට ඔබට සෑම් කියා තියන දෙය හොඳට වැටහෙයි. උපදෙස් දුන්නෙත් කවුද කියන එක රටම දන්නවා. එම උපදෙස් මත මෙය යටගැසුවේ කවුද කියලත් දැන් හෙළිවී හමාරයි. නමුත් අවාසනාවට මේ හැම එකක්ම නීතිය හමුවේ ඔප්පු කළයුතුයි. කුමකින් ගැලවුණත් ඔවුන්ගේ හෘද සාක්ෂියේ හා ධර්මයෙන් නම් කිසිදාක ගැළවීමට ලැබෙන එකක් නැහැ. (නි)

:       0       0

ජයම්පති Friday, 10 June 2016 02:40 PM

විජයගේ කතාවට මමත් එකඟයි. අදහස් දාන සමහර අය තීන්දුව දීලත් ඉවරයි. (නි)

:       0       0

සෑම් Friday, 10 June 2016 06:15 AM

මේවා කරන්න කිව්වේ කාගේ උවමනාවටද කියා කියලා තමන්ගේ දඬුවම ටිකක් හරි ලිහිල් කර ගත්තොත් හොඳයි කියලා හිතෙන්න ඇති (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 10 June 2016 06:36 AM

සමහර විට, රටවැසියා නොඉවසිල්ලෙන් බලා සිටි රසවත් දේවල්, එහෙත් සමහර අයට අමිහිරි,(ම)

:       0       0

පසිඳු Friday, 10 June 2016 06:40 AM

වැරැද්ද බොරුව කවදා හෝ අහුවෙනවා, උඩින් පෙනුමට මෑත දෙඩුවට අළුයට ගිනි පුපුරු තිබෙන බව නොදැනෙන්නේ තාවකාලික බලය නිසාමයි.(ම)

:       0       0

සම්පත් පතිරණ Friday, 10 June 2016 07:01 AM

අනිවා කාගේ හරි උවමනාවට කරන ප්‍රකාශයක් (ම)

:       0       0

ඉන්දික Friday, 10 June 2016 07:33 AM

සීඅයිඩී එකට ඕන විදියට කතාව කියයි. ඊට පස්සේ රජයේ සාක්කි කාරයෙක් කියල නිදහස් කරනවා. එච්චරයි වෙන්නේ. අර අනුර සේනානායකට කියල තියෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය දේ කියන්න කියල (බ)

:       0       0

සහන් Friday, 10 June 2016 07:51 AM

තව ටික දවසකින් මෙතුමාටත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ලැබේවිද. (බ)

:       0       0

ඇන්ඩෘ Saturday, 11 June 2016 06:19 AM

කතා කරන්නම කාලය ඉවරයි. දඬුවම් දෙන්න ආයේ ළඟදි ඡන්දයක් නැහැනේ (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Saturday, 11 June 2016 07:38 AM

සෑම්, ඔයා මෙල්බන් ඉන්නවා වෙන්න පුළුවන් 1990 ඉඳලා. ඒ වුණාට ඔයා මුලින්ම පළකළ අදහස ගැනනම් සතුටු වෙන්න බැහැ. හරිම පටු අදහසක් ඒක (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Saturday, 11 June 2016 07:40 AM

දසුන්, මම වැරදි දේ වැරදියට දකින කෙනෙක්. වැරදි දේ දැක දැක ඒක හරි කියලා කිසිම දවසක පළකරලා නැහැ. එහෙම පළකරලා තියෙනවා නම් කියන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 10 June 2016 08:33 AM

අයියෝ අපිටත් බැරිද එ්ක දැනගන්න ? විශ්වාසභංගයට ඡන්දෙ දෙන්න නාව කියල ගැලවෙන්න බැරි වෙයි වගේ නේද ? (බ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 10 June 2016 08:44 AM

සෑම් ඒ මැරුනෙ ඔයාගේ තාත්ත හරි ඔයාගේ පුතෙක් හරි ඔයාගේ අයිය හරි මල්ලි කෙනෙක් හරි යාලුවෙක්න් හරි නම් ඔය අද ඔහොම කතා කරන්නේ නැහැ. (බ)

:       0       0

ටෙෂාන් Friday, 10 June 2016 04:53 PM

මේ ප්‍රශ්නය ඉක්මණින් අවසානයක් දකිනවා නම් තමයි හොඳ (නි)

:       0       0

බණ්ඩා Friday, 10 June 2016 08:51 AM

මේක කරපු අපරාධකාරයෝ ඔක්කොටම මරණ දඩුවම දෙන්න ඕන ....(බ)

:       0       0

බණ්ඩා Friday, 10 June 2016 08:53 AM

පොඩි පොඩි හාල්මැස්සෝ නැතුව ලොකු මෝරෙක් අල්ලලා මරණ දඩුවම අයෙත් පටන් ගන්න දැන් හොද අවස්ථාවක් ඇවිත් තියෙන්නේ ...(බ)

:       0       0

ප්‍රතාප් නාලක Friday, 10 June 2016 09:03 AM

මළ මිනියකින් මෙච්චර වැඩ ගන්න පුළුවන් කියල මම දන්නේ දැන්. (බ)

:       0       0

විජය Friday, 10 June 2016 09:16 AM

දැන් ඉන්ටනෙට් ඇවිල්ල, වඳුරන්ට දැලි පිහිය ලැබිල වගේ එක එක දේවල් කියනවා, සාක්කි නැතුව නඩුත් ඔප්පු කරනවා, දැක්ක වගේ කතාව (බ)

:       0       0

සුසන්ත Friday, 10 June 2016 09:17 AM

ඔහොම එකක් ගන්නනේ මෙච්චර කල් දත කෑවේ. අර ගෙන්නන කාර් වලින් එකක් විතර මෙයාටත් දෙන්න පොරොන්දු වෙලාද දන්නේ නෑ. මොන මෝඩයද බොරු පාපොච්චාරණයක් කරලා තමන් නොගලවෙන්නේ, මෙහෙම ඇමක හිරවුනම (බ)

:       0       0

නිශාන්ත Saturday, 11 June 2016 10:18 AM

දැන් ඔය ටික ටික කට්ටිය විස්තර කියන්නේ.(හේ)

:       0       0

සෑම් Friday, 10 June 2016 09:27 AM

චන්දන- ඕස්ට්‍රේලියා , ඔයාට සිංහල කියවන්න පුළුවන්කම තිබුණාට තේරුම් ගන්න හැකියාවක් නැති එක ගැන මම කනගාටු වෙනවා . මම මියගිය කෙනාට අපහාසයක් වත් මිනීමරුවන්ට සහයෝගයක් වත් නොමැතිව මට තේරෙන සත්‍ය මෙහි දැම්මා . තමන්ගේ නමේ අන්තිමට පිට රටක නමක් දාන බොහොමයක් දෙනා ඔහොම තමයි .(අ)

:       0       0

පුෂ්පා Friday, 10 June 2016 11:05 PM

සෑම්, මොකද අනේ ඔයා පිටරටක ඉන්න අයත් එක්ක ඔයතරම් තරහා ගන්නේ? (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 10 June 2016 11:40 PM

සෑම්, මට කණගාටු ඔයාට ඔයා ලියපු එකවත් නොතේරෙන එක ගැන. තමන්ගේ හිතට අා පළියට අදහස් පළකරන එක වැරදියි කියන එක තමයි මගේ පිළිගැනීම (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 10 June 2016 11:42 PM

සහන්, අර අහවල් මහත්තයා හිටියා නම් එ්කත් කියන්න බැහැ තමයි (නි)

:       0       0

මනෝජ් Saturday, 11 June 2016 12:41 AM

ඇත්ත මොකක්ද කියලා රටම දන්නවා. (නි)

:       0       0

මංගල වේලාරත්න Saturday, 11 June 2016 01:04 AM

පසුගිය රජය මේ ගැන මොනවා කියාවිද? (නි)

:       0       0

පරාක්‍රම Friday, 10 June 2016 10:09 AM

මේ ප්‍රකාශයෙන් සත්‍ය හෙලිවෙයි ද , නැතිනම් එය සත්‍යම බවට පදනම් කරගැනීම් මගින් යම් පරස්පරතා ඇතිවී , සතාසිවම් කෙස් එකේ මෝල්ගහ මිනී මැරුවා වගේ වෙයි වත් ද ? (බ)

:       0       0

සෑම් Saturday, 11 June 2016 01:59 AM

පුෂ්පා, මමත් 1990 සිට මෙල්බන් වල ඉන්න කෙනෙක්. නමුත් මට ඒක ගැන අඬබෙර ගහන්න උවමනාවක් නැහැ. මම මේ අදහස් දාන්නේ ලාංකිකයෙක් හැටියට මිසක් 1996 ඉඳලා (පිලිප් රඩොක් සංක්‍රමණ ඇමති කාලේ ) ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් කියලා හිතලා නොවෙයි (නි)

:       0       0

අනුරාධ Friday, 10 June 2016 10:32 AM

ඉන්දික දන්නා දේවල්...?

:       0       0

ෂෙල්ටන් Friday, 10 June 2016 11:19 AM

කවදා හෝ සත්‍ය ජයගන්න බව මතක තියාගන්න (නි)

:       0       0

අමරතුංග Friday, 10 June 2016 11:39 AM

මෙම මිනීමැරුම වගේම ලංකාවෙ මීටකලින් ඒවත් හොයන එක නේද හොඳ? (නි)

:       0       0

දසුන් Friday, 10 June 2016 11:47 AM

චන්දන සහ පිටරට පම්පෝරියෙන් පෙනෙන්නේ තමන්ට දකින්න ඕනෑ දේ විතරයි. ඇමති සෙට් එක සැප වාහන නැතුව මහජන සේවය කරන්න බැරි කතාවලට මේ කට්ටියගේ සද්ද නැහැ. පිටරට හිටියාට රට ගැන පක්ෂ ජාති භේද නැතුව හිතන උදවියට නම් ඔය අමාරුව නැහැ (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 10 June 2016 11:54 AM

මේ දවස්වල එෆ්සීඅයිඩී වගේ ආයතන නීතිය ක්‍රියාත්මක කරවන විදිහට මේක ගැනත් හිතාගනිමු. (නි)

:       0       0

දහම් Friday, 10 June 2016 11:57 AM

ඔප්පු කරන්න පුළුවන් කරුණු තියෙනවා නම් ඔහොම පාපොච්චාරණ ගන්න ඕනෑ නැහැනේ. මේකෙන්ම තේරෙනවා මෙතන වෙන දේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 997 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 142 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 137 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 425 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1089 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2142 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site