IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


හිටපු ජනාධිපති වැඩි වරප්‍රසාද කැපෙයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති වරප්‍රසාද පනත ට අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමි වන්නේ විශ්‍රාම වැටුප, නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම් වරයෙක් සඳහා වන වෙිතන පමණි. නමුත් පසුගිය සමයන්හි දී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට ජල බිල්පත්,විදුලි බිල්පත් ගෙවීම් ඇතුළු බොහොමයක් වරප්‍රසාද ඇතුලත් කොට තිබිණි.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවක තීන්දුවකින්ද ජනාධිපති වරප්‍රසාද පනත අනුව කටයුතු කරන්නැයි රජයට උපදෙස් ලැබී ඇත.

ඒ අනුව මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබාදී ඇති දෑ කපා හැරීමට සිදු වනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (31)

හිටපු ජනාධිපති වැඩි වරප්‍රසාද කැපෙයි

Kasun Chameera Tuesday, 25 July 2023 11:20 PM

ගෝඨාභයට මොකටද වරප්‍රසාද දෙන්නේ?රජයේ සේවකයන්ට කාලසීමාව ඉවර වෙන්න කලින් ජොබ් එකෙන් අයින් උන කියල පෙන්ෂන් දෙන්නේ නැහැනේ. අනිත් එක ජනාධිපති පෙන්ෂන් දෙනවනම් දෙනාට පාර්ලිමේන්තුවේ ඉන්න මහින්දට,සිරිසේනට මන්ත්‍රී වැටුප කපා හරින්න ඕනේ.

:       3       51

samWednesday, 26 July 2023 08:42 PM

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවක තීන්දුවකින්ද ජනාධිපති වරප්‍රසාද පනත අනුව කටයුතු කරන්නැයි රජයට උපදෙස් ලැබිමට පෙර ජනාධිපතිවරුන්ව සිට මේවනවිට විශ්‍රාම සුවයෙන් වෙසෙනා ජනාධිපතිවරුන් සහ මියගිය ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරුන් කිසිවකු ඔවුන්ගේ කැමැත්තෙන් වරප්ප්‍රසාද ප්‍රතික්ෂේප කිරීමක් හෝ නොකරනලදී. වරප්ප්‍රසාද ප්‍රතික්ෂේප නොකිරීමෙන් පෙනියනුයේ මොවුන් සියල්ල මහජන මුදල් පිලිබදව කිසිදු වගවීමක් හෝ වගකීමක් නොමැති නිසා සියලු වරප්ප්‍රසාද නිහඩව ලබගනිමකි. ජනාධිපතිවරුන්ව සිට ඇමතිවරුන් හෝ මත්රිවරුන් වසයෙන් නැවත පාර්ලිමේන්තුවේ පැමිණසිටින වැටුප් සහ සියලු වරප්ප්‍රසාද ලබාගන්න සියලු දෙනාගේ පහසුකම් ඉවත් කලයුතුද වේ.

:       0       0

Perera Tuesday, 25 July 2023 11:37 PM

ඔව ඉතින් ප්‍රායෝගිකව වැඩිද???????

:       3       2

Chathuri Wednesday, 26 July 2023 12:37 AM

නාකි මයිනාට. කුඩුවක් හදලා දීලා. පැතතකට. කරලා. ගොටා මොනවා කෙරුවටද. රජ වාසලෙන් පැනල යත්දිත් රටේ මුදල් ඇදයට. හිර ගෙදර ඉන්න ඕන උන්ට වරප්‍රසාද දෙන එකම කාලකන්නි රට.

:       8       38

pj Wednesday, 26 July 2023 01:41 AM

අපි ගහල තිබෙන ගැහිලිවලට ඔය වතුර විදුලි බිල් ගෙවන එක සුළු දෙයක් කියන්නාක් මෙන් ඔය හිනැහිලා ඉන්නෙ. මේ ආරම්භය පමණයි. හොඳ හොඳ කැපීම් ඉස්සරහට බලාපොරොත්තු වන්න.

:       3       29

පිටිගල මිලානෝ Wednesday, 26 July 2023 05:04 AM

බයේ පැනලා ගිය අයටත් වරප්‍රසාද…?

:       8       54

Demuni Uduwara Wednesday, 26 July 2023 05:09 AM

වත්මන් ජනාධිපතිතුමාටත් මෙය දීර්ඝ කළ යුතුයි. සියලුම හිටපු ජනාධිපතිවරුන්ට එක් නිවාස ඒකකයක් පමණක් පිරිනැමිය යුතුයි.

:       4       29

Kamal KoyralaWednesday, 26 July 2023 11:37 AM

ගෝඨාභය රාජපක්ෂට කිසිම වරප්‍රසාදයක් නැහැ... ධුර කාලය අසම්පූර්ණ නිසා.., ආර්.ප්‍රේමදාස අභාවප්‍රාප්ත වූ බැවින් වරප්‍රසාද අහෝසි විය යුතුයි.

:       5       22

ගජමෑන් Wednesday, 26 July 2023 02:32 PM

ඇයි ඔවුන්ට නිවාස දෙන්නේ...? මම දන්නා ආකාරයට ජනාධිපති මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඉහළ ආදායමක් තියෙන්න ඕනෑ... එහෙනම් ඔවුන්ට ගෙවල් දොරවල් නැතිවෙන්න බැහැ. ඔය කවුරුවත්ම ගෙයක් දොරක් නැති අය නොවෙයි, අපි බලමුකෝ මාලිමා කට්ටිය ඒ ගැන මොකද කියන්නේ කියලා...!

:       2       7

City Wednesday, 26 July 2023 06:03 AM

ඉතා හොඳ පියවරක්.

:       1       31

Chaminda Wednesday, 26 July 2023 06:09 AM

මාලිමාව ට ජයවේවා. දැන් බයියන් ට පුලුවන් ඒ බිල් ටික ගෙවලා දාන්න.

:       23       24

swene Wednesday, 26 July 2023 06:22 AM

හිමි නොවන්නේනම් කවුද එම වරප්‍රසාද වලට ගෙවන්න බලය දුන්නේ ? එම වියදම් අම්මගේ අප්පාගේ බුදලෙන් දුන්නද ?

:       1       31

සල්ලි Wednesday, 26 July 2023 07:25 AM

ඕවා බොරු බන්. අමු රජයේ මුදලින් බැරි උනොත් ප්‍රොජෙක්ට් එකක් ඇතුලේ වෙනමම අයිටම් එකක් දාලා හරි ඕවා ගෙවනවා. 5,000ක් ඔට්ටුයි ...

:       4       26

Senarath Wednesday, 26 July 2023 08:52 AM

මෙතන ඉන්න වැඩි දෙනෙකුට වැඩි වරප්‍රසාධ ,කිසිම වරප්‍රසාධයක් දිය යුතු නැහැ .ඒ උදවිය රටට කිසිම වැදගත් දෙයක් කරලා නැහැ

:       1       31

Bunny Preena Wednesday, 26 July 2023 09:10 AM

නිකන් ලැබෙනවානම් ඔලුවේ කැක්කුමත් කමක් නැහැයි කියනවානේ .වෙනසකට මෙම පුවත දැකලා මිනිස්සු දාන කමෙන්ට් දැක්කට පස්සේ සමහර අයට ඔලුවේ කැක්කුම වැඩි වෙන්න පුළුවන්

:       0       11

Lalla Wednesday, 26 July 2023 09:27 AM

රට කාලා පැන ගිය ගෝතයටත් මේව දෙනවද? මහජන මුදලින් යැපෙන්න එයාට තියෙන අයිතිය කුමක්ද?

:       6       33

Samitha Senaka Aluthgamage. Wednesday, 26 July 2023 10:13 AM

ජේ ආර් ජයවර්ධන මහතා ජනපතිවරුන්ට හා මැති ඇමතිවරුන්ට අතිවිශාල මුදලක් වැයවෙන අධික සැප පහසුකම් ලබා දුන්නා. පසුව පැමිණි රජයන් හා පක්ෂ ඒවා විවේචනය කරමින් ඒ පහසුකම් හා වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා ගත්තා.එදා සාමාන්‍ය මිනිසුන් ලෙස දේශපාලනයට පැමිණි දේශපාලකයන් පසුව මහා ධන කුවේරයන් බවට පත්වුණා පමණක් නෙමෙයි ඔවුන්ගේ සට්ටැඹි රාලල පවා මහා ධනවතුන් බවට පත්වුණා.මේ අයුතු ලෙස සොයාගත් ධනය රට වෙත නැවත ලබා ගැනීමට ජාත්තයන්තරයේ සහාය ගෙන හෝ කටයුතු කළ යුතුයි.මේ හොරකම් වහන්න,ඒවා යට ගහන්න මනාලෙස සංවිධානය කරනු ලැබූ හෙංචයියන් යොදවා තියෙනවා.සාක්ෂි යට ගහන්න මොන සටකපටකම් කළත්,රටේ ජනතාවගෙන් තොරතුරු ගෙන උසස් රහස් පොලිස් නිලධාරීන් හා ඉන්ටර්පෝල් සහයෝගයද ගෙන රටෙන් අයුතු ලෙස සොරාගත් දේ නැවත පවරා ගැනීමට කටයුතු කළ යුතුයි.ඒත් බොහෝ දේ දැන් දැන් මේ රටේ ජනතාවට අමතකවී යන බවක් පෙනේ.මේ මුදල් නැවත භාණ්ඩාගාරයට ගතහොත් ඒවායින් විදෙස් ණය කන්ද ගෙවා අවසන් කිරීමට හැකිවෙනු ඇත.කුමක් හෝ කොට බලය ගැනීමට වෙර දරන විපක්ෂය එකතුවී මේ සඳහා පළමුව පියවර ගත යුතුයි.

:       2       39

අරවින්ද මොනරවිල Wednesday, 26 July 2023 10:20 AM

නැති වරප්‍රසාදත් අවුරුදු හතලික් තිස්සේ ලැජ්ජා නැතුව බුක්ති විදලා, තියෙන වරප්‍රසාදත් අපි තව අවුරුද්දකින් එකාමහාරකින් අයින් කරන්නම් ! එතකම් නටපල්ලා.

:       1       25

රවින්ද්‍ර සිල්වා Wednesday, 26 July 2023 10:41 AM

විශ්‍රාම සැප තව බොහොම ටික කාලයක් ගන්න. නෝනාවරුනි, මහත්වරුනි. ඔය ඔක්කොම සැප නුදුරේදීම ජනයා සන්තක කරනවා. මහජන බදු මුදලින් ඔබලාට සැප දීම අනිවාර්යයෙන් නතර කරනවා නිසැකවම.

:       5       27

Saman Wednesday, 26 July 2023 10:53 AM

වරප්‍රසාද නෙවෙයි ගහල එලවන්ඩයි ඕන . මෙි ගෝතයො කරපු වැඩ නිසානෙ අපි අද හිගන්නො ගානට වැටිලා ඉන්නෙ

:       2       24

pakeer Wednesday, 26 July 2023 11:04 AM

කපන්න ඕනේ මේවා නෙමේ

:       1       14

Rata Perata Wednesday, 26 July 2023 11:34 AM

ඉස්සරවෙලාම පනතට පිටින් ගෙවීම් කරපු අය අල්ලලා නඩු දාන්න...

:       0       16

වටලප්පං Wednesday, 26 July 2023 12:06 PM

පකීර්,හරියට කියන්න මොකක්ද කපන්න ඕන කියල.

:       1       12

ranjith Wednesday, 26 July 2023 12:09 PM

රටක් බංකොළොත් වෙන්නේ නැතිද? මෙවැනි නාස්තිකාර වැඩ නිසා. සද්ද නැතිව මේ වරප්‍රසාද භුක්ති විඳිමින් තව තවත් පාර්ලිමේන්තු රිංගලා තවත් වරප්‍රසාද ගන්න ලැජ්ජාවක් නැතුව ඇති...

:       1       16

සමන් Wednesday, 26 July 2023 01:00 PM

හිටපු ජනාධිපතිවරු පරම්පරා 100කට හම්බකරල යන්නෙ, අපි තවත් නඩත්තු කරනවා...

:       1       21

ගමේ එකාලා Wednesday, 26 July 2023 02:37 PM

රටම හොරාකාලා... විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට මොන වරප්‍රසාදද? හරි නම් යවන්න ඕනේ හිරේ. ජනාධිපති කාලේ ගසකාලා යහමින් හරිහම්බ කරගත්තු දේවල් ඔය කාට කාටත් නැතුව නෙවෙයි...

:       1       9

Deepthi Wednesday, 26 July 2023 03:17 PM

ගෝට ආයෙ එයි. බලන්ඩ වෙන දේ.

:       2       5

පොන්නයියාThursday, 27 July 2023 06:11 AM

ගෝටා ආයෙත් නිකම්ම එන්න බැහැනේ ඒකට ජනතාව මනාප වෙන්න ඕන වසරකට පෙර කලදේ අමතක අමනයෝ ලංකාවෙ ඉන්නවා නම් එහෙම වෙන්න පුළුවන් ඒ සමග කියන්න ඕන ලැජ්ජාවක් නැතිකම මහ මුදළි කමටත් වඩා ලොකුයි කියන නිසා නැවතත් ඉදිරිපත් වෙන කෙනාත් එනවා කියන කෙනාත් කවුරු කියලද කියන්න ඕන

:       0       0

ජයරත්න Wednesday, 26 July 2023 05:17 PM

වාහන 3ක් මොකටද? නිවසක් ඇයි ඉන්න තැන් නැතිවද? මේ අයට ලැඡ්ජා නැත්ද මන්දා මේවා ගන්න...?

:       2       12

CHANDIMA Wednesday, 26 July 2023 09:18 PM

වැඩියෙන් භුක්ති විඳපුවා ආපසු අයකරන්නේ නැතිද ?

:       0       0

Vosandi Thursday, 27 July 2023 11:38 AM

තීරණය කරලා විතරයි කපලා නෑ නෙ. බොරු ශෝ ඕවා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 82 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 100 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 520 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 314 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 94 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 511 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1462 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site