IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘‘හිටපු ජනපතිගේ ආරක්ෂාවට හිමිවරුන් සියක් නමකගේ බළකායක්‘‘

හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට භික්ෂූන් වහන්සේලා සියයකගේ හා  ගිහියන් දහසකගේ බලකායක් පිහිටුවන බව බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආන්නද හිමියෝ අද පැවසූහ.

එක් භික්ෂූන් වහන්සේ නමකට ආරක්ෂකයන් දස දෙනකු බැගින් බාර දෙන බවත්, ඊට එක්වීමට කැමැති පුද්ගලයන්ට ලියාපදිංචි වීම සඳහා සිය තොරතුරු ලබාදිය හැකි බවත්  උන්වහන්සේ පැවැසූහ.

‘රජය ගෙනයන භික්ෂු මර්දනයට එරෙහිව‘ යන තේමාව යටතේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති  සඟ සමුළුවක් අමතමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඒ බව කීහ.

ssss DSC_0644 DSC_0640 DSC_0582



අදහස් (0)

‘‘හිටපු ජනපතිගේ ආරක්ෂාවට හිමිවරුන් සියක් නමකගේ බළකායක්‘‘

නිහාල් පත්මසිරි Thursday, 07 April 2016 04:10 AM

සිංහලයේ වලකැපුනු 1980 දශකය ගැන මෙහි අදහස් දක්වන සමහරු දන්නේ නැතුව ඇති. සමහරවිට ඉපදිලා දණ ගානවා ඇති. එනිසා බෙන්ගමුවේ නාලක හිමියන් ගැන හෝ මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් ගැන දන්නේ නැතුව ඇති .සිංහල බල මණ්ඩලය ගැන හෝ සිංහල වීර විදහන ගැන හෝ සිංහල බලවේගය ගැන හෝ දන්නේ නැතව ඇති. එදා එහි ප්‍රධාන තැනක් ගත සෝබිත හිමියන් අද නැත මේ හැම එකක්ම විනාශ කරන ලද්දේ බලපෙරේත සිංහල ද්‍රෝහී දේශපාලකයන් විසිනි. (බ)

:       0       0

අර්ජුන රණවන Thursday, 07 April 2016 04:11 PM

එතොකට දොර අරින්න , වැසිකිලි පරීක්ෂාව කනබොන දේවල් පරීක්ෂාව ගේට්ටුව අරින්න, කාරකෙ දොර අරින්න, පාත්‍රය වෙනුවට ටී 56 උරේ දාගෙන් , සිවුරු ඇදගෙන යනකොට කොහොම හිටීද අපේ හාමුදුරුවනේ (බ)

:       0       0

ශාන් සෞදි Thursday, 07 April 2016 04:17 AM

නියම වැඩේ රජයේ මුදල් ඉතිරි කරගන්න එක ඔය කියන විදියට මිනිසුන් ලියාපදිංචි වෙයිද ගෙවීමක් නැතිව දිනපතා කෑම බිම කවුද දෙන්නේ මේ රජයෙන් මහජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැහැ නොමිලේ සිල්රෙදිවත් දෙන්නේ නැහැ හිටපු ආර්යාවගේ ආරක්ෂාවට අැබිත්තයට බාර දෙනවලු දැන් ඉන්නේ බුද්ධ පුත්‍රයනට බුදුදහම රකින්න ප්‍රචාරය කරන්න වෙලාවක් නැ දැන් පන්සල් වල නම් වෙනස් කරලා ප්‍රබු ආරක්ෂක බලකා කදවුර කියල නම් කරන්න වෙනවා (බ)

:       0       0

රසල් Thursday, 07 April 2016 04:24 AM

මේ රට බේරාගත්තු නායකයා වෙනුවෙන් ඔබ වහන්සේලා කරන කැප කිරීම ඉතා අගය කරමි (බ)

:       0       0

පියුමි Wednesday, 06 April 2016 03:10 PM

එතකොට කන්න දෙන්නේ මහින්ද ද? (බ)

:       0       0

උපාලි Wednesday, 06 April 2016 03:21 PM

සිවුරු යුනිෆෝම් එක්ක තුවක්කුත් දෙනවද හාමුදුරුවනේ? (බ)

:       0       0

කමල් ගුණසේකර Thursday, 07 April 2016 04:30 AM

එතකොට ඒ බලකායට කියන්නේ නිල් බලකායද? නැත්නම් කහ බලකාය කියලද ? (බ)

:       0       0

සුනිල් Wednesday, 06 April 2016 03:24 PM

මට පුලුවන් ද මහණවෙල​ා, මේ බලකායට එකතුවෙන්න​. පිං පෙට්ටිය රකිනව වගෙ මම බලාගන්නම්. (බ)

:       0       0

දර්ශන Thursday, 07 April 2016 04:30 AM

හාමුදුරුවනේ සිවුර ගෙන කරන්න ඕනේ ආගමික වැඩ මිස කඩේ යන එක නොවේ (බ)

:       0       0

නිමල් ලාලිත Wednesday, 06 April 2016 03:25 PM

එතුමා වටාසිටි අවස්ථාවාදී දූශිතයන්ගෙන්,යුද්දය දිනවීමෙන් පසු එතුමා ගලවාගෙන නිසි මගට යොමු කළා නම් අද මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. කොටි හිතවතුන් මෙරට පාලනය නටවන්නේ නැහැනේ. (බ)

:       0       0

සරසි Thursday, 07 April 2016 04:38 AM

ඒ දේවල් විනය පිටකයේත් තියෙනවාද දන්නේ නැහැ ? හිටපු රාජ්‍ය නායකයන්ට ආරක්ෂාව සැපයීම පන්සලේ ඇත්තන්ගේ කාර්යභාරයක් කියලා. (ම)

:       0       0

චතුරි Wednesday, 06 April 2016 03:32 PM

නියම වැඩේ රජයේ මුදල් ඉතිරි කරගන්න එක ඔය කියන විදියට මිනිසුන් ලියාපදිංචි වෙයිද ගෙවීමක් නැතිව දිනපතා කෑම බිම කවුද දෙන්නේ මේ රජයෙන් මහජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැහැ නොමිලේ සිල්රෙදිවත් දෙන්නේ නැහැ (බ)

:       0       0

චන්දා Thursday, 07 April 2016 04:40 AM

පුදුමයි ලංකාවේ බහුතර සිංහලයා ගුණමකු වී ඇති තරම. (ම)

:       0       0

සිල්වා Wednesday, 06 April 2016 03:35 PM

එතකොට හිටපු ආර්යාවගේ ආරක්ෂාවට (බ)

:       0       0

භද්‍රානි Wednesday, 06 April 2016 03:41 PM

මට බණ්ඩාරනායක මහත්මයාව මතක් වුනා?(හේ)

:       0       0

ඉසුරන්දි Thursday, 07 April 2016 04:55 AM

දැන් අපිට කියන්න වෙලා තියෙන්නේ මේ යන දේශපාලන ක්‍රමය අන්තවාදී දේශපාලන ක්‍රමයක් කියලයි.(කෞ)

:       0       0

ලක්සිරි Wednesday, 06 April 2016 03:51 PM

අනේ සෙනග මදිනේ හාමුදුරුවනේ. (හේ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 06 April 2016 03:55 PM

මෙයාලට පිස්සුද ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද මේ වගේ වැඩ වලට යන්න .(හේ)

:       0       0

පද්මිණි Thursday, 07 April 2016 05:04 AM

මේවගේ අදබාල හිමිවරුන් බුද්ධ ශාසනයේ ගරුත්වය කෙලෙසීම මහා නායක. හිමිවරුන්ගේ අවධානයට යොමු විය යුතුයි නේද ? (ම)

:       0       0

සමන් Wednesday, 06 April 2016 03:59 PM

හොඳමයි හාමුදුරුවනේ. (හේ)

:       0       0

අරුණ Wednesday, 06 April 2016 04:03 PM

හාමුදුරුවරු හෝ පෙරමුණ ගැනීම වටිනවා. අපිත් මේ වැඩේට කැමතියි (නි)

:       0       0

දයානන්ද Wednesday, 06 April 2016 04:04 PM

මේක මහා සංඝරත්නයත් බුද්ධ ශාසනයත් විනාශ කරන්න මිනිසුන් බිහිවන යුගයක්. අනාගතය ඉතාම භයානකයි (නි)

:       0       0

චාන්දනී Wednesday, 06 April 2016 04:10 PM

අපිට පුළුවන් උපරිමයෙන් අපි සහය දෙනවා හාමුදුරුවනේ (නි)

:       0       0

පාඨලී Thursday, 07 April 2016 05:09 AM

මේ ප්‍රකාශය බුදුදහමට ගැලපෙන්නේ නෑ කියන අය අඩුම තරමේ පන්සිල්වත් සමාදන් වෙනවද ?? ඒ කාලයේත් අපේ හාමුදුරුවරු තමයි පෙරමුණ ගත්තේ (ම)

:       0       0

චානක-ලොස් ඇන්ජලිස් Wednesday, 06 April 2016 04:11 PM

කොටි ඩයස්පෝරාවටවත්, මෙරට බංකොලොත් කරන්න බලා ඉන්න අයටවත් ලේසියෙන් ඕනෑ දේ කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. අතීතයේ පටන් භික්ෂුන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් තමා ලංකාව රැකගත්තේ. (නි)

:       0       0

අරුණ Wednesday, 06 April 2016 04:13 PM

මේ වගේ වැඩ ශාසනයේ ගෞරවයට ගැළපෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 07 April 2016 05:13 AM

යුද්දේ ජයගන්න දායක වුන අය ගැන හුගක් කතාකරන අයගේ මතය දැනගන්නයි අහන්නේ? රටේ ඒකීය භාවයට විශාල හානියක් විය හැකිව තිබූ සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම, අන්තර් පාලන මණ්ඩල යෝජනාව පරාජය කිරීම ,උතුරු නැගෙනහිර පළාත් වෙන් කිරීම ඒකීය යන වචනය ව්‍යවස්ථාව තුල පවත්වාගෙන යාම ආදී කාරණා වලදී ඔය දේශප්‍රේමී නායකයන්ගේ දායකත්වය ගැන ඔයාල දන්නවද? දන්නවනම් සැහීමකට පත්වෙනවද? (බ)

:       0       0

ජයතු Wednesday, 06 April 2016 04:15 PM

බුද්ධ ශාසනය අාරක්ෂා කරන්න, දේශපාලනයෙන් වළකින්න. සංඝයා වහන්සේලා ගමන්කරන දිශාව බුද්ධ ශාසනයෙත් රටේත් ජාතියෙත් විනාශයි. (නි)

:       0       0

නිල්හාන් Wednesday, 06 April 2016 04:16 PM

මමත් බැඳෙනවා මේ බලකායට (නි)

:       0       0

අශෝක Wednesday, 06 April 2016 04:21 PM

සිංහල ජාතිය වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා මේ කරන කැපකිරීමට අපි බොහොම ගරු කළයුතු වෙනවා. මවුබිමට ආදරේ කරන කවුරුත් මොහොතක් සිතා බලන්න (නි)

:       0       0

කපිල Wednesday, 06 April 2016 04:21 PM

අපි මනසින් මෙතරම් ලාබාල ජාතියක්ද කියා සිතුනා (නි)

:       0       0

සේන Wednesday, 06 April 2016 04:22 PM

බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට නම් පළමුව කළයුත්තේ මෙරට සංඝයා වහන්සේලා බුද්ධාගමට ගැළපෙන ලෙස හසුරුවා ගැනීමයි. (නි)

:       0       0

සෝමරතන රාජාංගනය Thursday, 07 April 2016 05:16 AM

අනේ සාදු! සාදු!! අපේ හාමුදුරුවොත් අතර මැදියෙක් හැටියටයි ඉන්ඩ හදන්නේ. ඕකට මිනිස්සු අල්ලගන්ඩ ඕන නෑ. එහෙම වුනොත් ඒ ගෙවල්වල ඉන්න ගැණු (දරුවෝ) බලාගන්ඩ හාමුදුරුවෝ වඩිනවද? අලියා බලන්ඩ කෙක්කත් අරන් යන්න වෙයි. සංසාර සාගරේ ගිලෙන්න දඟලන දැඟලිල්ල (බ)

:       0       0

සුජිත් නිව්යෝර්ක් Wednesday, 06 April 2016 04:27 PM

සිවුර විතරක් නම් මදිවෙයි මේ වැඩේට. ආරක්ෂාවට පිස්තෝලයක්වත් උවමනාවෙයි නේද? (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 06 April 2016 04:27 PM

හාමුදුරුවරු දේශපාලකයෝ ආරක්ෂා කරනකොට ශාසනය ආරක්ෂා කරන්නේ කවුද? ලංකාවේ වෙන ආගම වල නායකයෝ වැඩ කරන්නේ ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කරගන්න. නමුත් අපේ හාමුදුරුවරු සියලු දෙයම කරනවා, කරන්නේ නැති එකම දෙය තමා බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට කටයුතු කරන එක (නි)

:       0       0

නුවන් Wednesday, 06 April 2016 05:00 PM

මෙහෙම හිතෙන හිතෙන විදිහට ශාසනයේ පුද්ගලික හමුදා හදාගෙන තියාගන්න පුළුවන්ද? (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. ගම්පොල. Thursday, 07 April 2016 05:32 AM

තුන් ලෝකයම පාලනයට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයෙහිම හැසිරෙන්න, ධර්මය ඔබව ආරක්ෂා කරයි කියල. එතකොට මේ අපේ පික්ෂුන් වහන්සේලා ධර්මයට වඩා ඉහළද? (ම)

:       0       0

දර්ශන Wednesday, 06 April 2016 05:06 PM

කොච්චර වටකරගත්තත් වැඩක් නැහැ, කළ හොරකම් අහුවෙනවාමයි. (නි)

:       0       0

දර්ශන Wednesday, 06 April 2016 05:08 PM

අපොයි! දැන් ලංකාව තලෙයිබාන් වගේ වේගෙන එනවා. අපිට නම් ලැජ්ජයි (නි)

:       0       0

දම්සර Thursday, 07 April 2016 05:32 AM

ඇතැම් බෞද්ධ නොවන ඇත්තන්ට බුද්ධාගමේ පැවැත්ම ගැන දුකින් සිටිනා බව ඇතැම් අදහස් වලින් පැවසෙනවා. හරි හෝ වැරදි බව වෙන දෙයක්. සෝභිත හාමුදුරුවන් ද වර්තමාන ජනාධිපති තුමා වෙනුවෙන් පෙනී සිටියා නම්, අනෙත් ස්වාමින් වහන්සේලාට ද හිටපු ජනාධිපති තුමා ව ආරක්ෂා කර රැක ගැනීමේ ඇති වරද කීම දැයි නොතේරේ. (ම)

:       0       0

නවරත්න Wednesday, 06 April 2016 05:30 PM

ඉදිරියට අපිට හොඳ හොඳ සෙල්ලම් දකින්න වෙයි වගේ (නි)

:       0       0

සංජීව වීරසිංහ Thursday, 07 April 2016 05:45 AM

බොහොම හොඳ දෙයක් හාමුදුරුවනේ, පින් බත් කකා ඉන්න එකේ මෙහෙමවත් වැඩක් කරන්නකෝ?(ම)

:       0       0

මොරවක Wednesday, 06 April 2016 05:31 PM

මේවා නව පරපුරේ අළුත් අාරේ වැඩ වෙන්න ඇති සමහරවිට (නි)

:       0       0

රොහාන් දයාදර - තුර්කි Wednesday, 06 April 2016 05:35 PM

එතකොට එයා යන යන තැන මේ අයටත් යන්න වේවි. බලාගෙනයි. ශාසනයේ නම කන්න එපා. (නි)

:       0       0

නන්ද Wednesday, 06 April 2016 05:43 PM

එතකොට මේ හිමිවරුන්ට වැඩ දෙකක් කරන්න වෙනවා. එකක් තමන් වහන්සේලාගේ ශීලය රැකගන්න එක. අනෙක හිටපු ජනපති රැකගන්න එක. හැබැයි අපි දන්නා හැටියට එකවර වැඩ දෙකක් කරන්න ගියොත්, දෙකෙන් එකක්වත් හරියට කරගන්න බැරිවෙනවා. (නි)

:       0       0

අමිල Wednesday, 06 April 2016 05:48 PM

ලෝකය හිනස්සන වැඩ මේවා (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 08 April 2016 09:36 PM

2005 මහින්ද ජනපති නොවුණා නම් අද ශ්‍රී ලංකාව එකිනෙකා මරාගන්නා රටකි. අදහස් දමා තිබෙන සමහර කළු සුද්දන්ට මහින්දගේ ආරක්ෂාව විහිළුවකි (නි)

:       0       0

අමිරා Wednesday, 06 April 2016 06:04 PM

බොරුවට එතුමාට හේත්තුවෙලා එතුමාගේ නම කන්න එපා. කරපු වැරදි වලට මේ ලෝකෙදීම පටිසන් දෙනවා බුදු බණේ හැටියට (නි)

:       0       0

සනත් Wednesday, 06 April 2016 06:11 PM

ඉදිරියට මොනවා වෙයිද මං දන්නේ නැහැ. මහින්ද මහත්තයාට ආරක්ෂක හාමුදුරුවෝ කාණ්ඩය ඉස්සරහා දණ ගහගෙන ඉන්න වෙයිද? (නි)

:       0       0

වරුණ Wednesday, 06 April 2016 06:21 PM

එතකොට බණ කියන්නෙ ගිහියන්ද ඉදිරියට? (නි)

:       0       0

අබය Wednesday, 06 April 2016 06:22 PM

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මිනිස්සු එතුමාව ආරක්ෂා කරයි. එතුමාට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න. බුදු බණ පිළිපැද්දා නම් ඔහොම අමාරුවේ වැටෙන්නේ නැහැ (නි)

:       0       0

සරත් Thursday, 07 April 2016 06:01 AM

උතුම් අදහසක් අපි ඉන්නවා නිගරු නොකරන් මහා සඟ රත්නයට හෙළයිනි (ම)

:       0       0

ඉන්දික Wednesday, 06 April 2016 06:31 PM

අනේ මන්දා ශාසනයටත් ගිය කල! බුදුහාමුදුරුවෝ කිවුවේ නැහැ සිවුරු දාගෙන දේශපාලනය කරන්න කියලා. ඔය දේවල් කරන්න ඕනෑම නම් සිවුරු ගලවා කරන්න. සුඛවිහරණ බලාපොරොත්තුව සිවුරු දරන්න එපා හාමුදුරුවනේ. (නි)

:       0       0

යසන්ත Wednesday, 06 April 2016 06:39 PM

හැමදේම ඔය හිතන හැටියෙන්ම කරන්න බැහැ අපේ හාමුදුරුවනේ (නි)

:       0       0

රනා Thursday, 07 April 2016 06:02 AM

මෙතුමාව සියලු දෙනාම එක්වී ආරක්ෂා කළ යුතුය. නායකයින් මරා දමන්නට රටම විනාශ කරන්නට අාපු කොටි වැරදිකරුවන් වන අයටත් සමාව දෙන යුගයකි මේ. (ම)

:       0       0

ගාමිණි Thursday, 07 April 2016 06:02 AM

අපි කැමතියි රට ජාතිය රැක දුන් නායකයා ආරක්ෂා කරන්න (ම)

:       0       0

සරත් Thursday, 07 April 2016 06:04 AM

අපේ සිඅලු දෙනාම එකගි ඔබ වන්සේගේ ඉල්ලීමට කාලෝචිත අවස්ථාවක් (ම)

:       0       0

පෙරේරා Wednesday, 06 April 2016 07:25 PM

ඒ බලකායේ අණදෙන නිලධාරියාට නියම හිමිනමකුත් ඉන්න එකේ ඒ අදහස මමත් අනුමත කරනවා. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 06 April 2016 07:45 PM

“හාමුදුරුවෝ“ කියන වචනයේ ගරුත්වය රැකගන්න හාමුදුරුවනේ (නි)

:       0       0

රොහාන් දයාදර Wednesday, 06 April 2016 07:53 PM

අපේ නිර්මල බුදුදහම නැතිවෙනවා, ටිකෙන් ටික. (නි)

:       0       0

අසෝක Wednesday, 06 April 2016 08:00 PM

ඔව් ඉතින් කරන්න දෙයක් තියෙන්නත් එපායැ. බුදුන් වහන්සේගේ නිර්මල බුදුදහම විනාශ කරන්න එපා (නි)

:       0       0

සමන් Wednesday, 06 April 2016 08:00 PM

සසරින් එතෙරවීම කෙසේවෙතත් වෙනත් බාහිර අරමුණු මුදුන්පත් කරගැනීම උත්සාහය බවයි අපිට හැඟෙන්නේ (නි)

:       0       0

සිරි Thursday, 07 April 2016 06:08 AM

අපි එනවා හාමුදුරුවනේ හොද අදහසක් තෙරුවන් සරණයි (ම)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 06 April 2016 08:04 PM

ඇයි බෞද්ධයින්ට මෙහෙම නින්දා කරන්නේ? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 06 April 2016 08:04 PM

ගිහියෙක් ප්‍රවේශම් කරන්න හාමුදුරුවරු යනවලු? (නි)

:       0       0

හසන්ත Wednesday, 06 April 2016 08:08 PM

අපිට හදිසියට දහම් කරුණක් දැනගන්නවත් හිමිනමක් නැතිවෙන වැඩක් මේක (නි)

:       0       0

සමන් Thursday, 07 April 2016 06:10 AM

වෛරය පලි ගැනීම් මත රටක් දියුණු ව කර යන්නැහැ(රේ)

:       0       0

ජයතු Wednesday, 06 April 2016 08:33 PM

මේ අයුරින් පන්සල් යන පරාජිත නායකයෙක් මා කිසිදිනක දැක නැත. ධර්මය ඔහු රකිනු අැත. අාරක්ෂකයන් අවශ්‍ය නැත. (නි)

:       0       0

ශාන්ත Wednesday, 06 April 2016 09:00 PM

අන්න කරන්න පුළුවන්නම් ලොකු දෙයක් හාමුදුරුවනේ. අද කාලේ වැඩිය වැඩක් නැති දේශපාලකයොත් කිසිම ශීලයක් නැති හාමුදුරුවරුත් ඉන්න නිසා දෙගොල්ලන්ට එකතුවෙලා මෙහෙම දෙයක් හරි කරන්න පුළුවන් නම් අර දුප්පත් පොලිස් නිලධාරීන්ට පොඩි නිවාඩුවක් හරි ලැබෙනවා. එ්කත් ලොකු පිනක්නේ අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 06 April 2016 09:03 PM

අතීතයේත් රට ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් හිමිවරු පෙරමුණ ගත්තා (නි)

:       0       0

පෙරේරා Thursday, 07 April 2016 06:20 AM

එතකොට අමතන්නේ \"ස්කොඩ් එකේ හාමුදුරුවෝ\" කියලද නැත්නම් \"සේකුරිටි හාමුදුරුවෝ\" කියලද?(රේ)

:       0       0

සුනෙත් Thursday, 07 April 2016 06:21 AM

ස්වාමින් වහන්සේලා ලබන දානය ට \'පිං බත්\' යයි කියන ඇත්තන්ට ද,උන් වහන්සේලා අඳින සිවුර, යුනිෆෝම් යයි කියන්නාවූ ඇත්තන්ට ද, බුද්ධාගමේ පැවැත්ම වෙනුවෙන් දුක් වන ඇත්තන් ටද සහ එය හැල්ලුවට පත්කර මින් අදහස් දමන ඇත්තන් ටද යහපතක් ම වේවා!.. යහපතක් ම වේවා!!... යහපතක් ම වේවා....!!!(රේ)

:       0       0

උපුල් Wednesday, 06 April 2016 09:13 PM

දැන් හිමිවරු කරන්න හදන්න්‍ෙ ආරක්ෂක රාජකාරියද? (නි)

:       0       0

හේවා Wednesday, 06 April 2016 09:35 PM

පියුමිට පුළුවන්නේ මොන මොනවාහරි කරලා කන්න දෙන්න (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 07 April 2016 06:36 AM

අර නර්සලා ටිකත් ගත්ත නං මාරු මෙයාට, සාසනේට හෙනගහල ගියත් මොකද , (රේ)

:       0       0

රොකී Saturday, 09 April 2016 01:43 PM

ප්‍රනාන්දු ඉන්නේ ලංකාවේද? එහෙම නැත්නම් සිහින රාජ්‍යයකද? (නි)

:       0       0

සුමුදු Wednesday, 06 April 2016 09:51 PM

බුදුහාමුදුරුවෝ හිටියා නම් උන්වහන්සේට මොනවා හිතෙයිද මේ වෙන දේවල් වලට? (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 06 April 2016 10:00 PM

අසවු!අසවු! හිටපු රාජකීයන් රැකීමට මුරුත්තෙට්ටුවේ හිමි යටතේ සේනා බලඇණිය රැස්කරමින් සිටින වගයි. තවමත් රාජකීයන්ට වන්දනාමාන කරන වැසියන්ගේ හිතසුවය සඳහා ඉවහල් වේ. (නි)

:       0       0

සුනිල් Wednesday, 06 April 2016 10:23 PM

අනේ ඉතින් කිවුවට මේ දේවල් කරන්න පුළුවන්ද? (නි)

:       0       0

ජනක Wednesday, 06 April 2016 10:42 PM

අනේ අපේ රටට ගිය කලක්. මේවා තමයි රට කෝලම් (නි)

:       0       0

ඉශාක් රහීම් Thursday, 07 April 2016 07:19 AM

හාමුදුරුවනි කරුණාකර ඔය දේවල්වලට අත ගහන්න යන්න එපා. අැයි එහෙම මම කියන්න හේතුව මේ කියන දේශපාලන කෙරන හැම එක්කෙනාම කවදාවත් විශ්වාස කරන්න බැරි මිනිස්සු අද අැණ කොටාගනියි හෙට කරේ අත දාගනියි අන්තිමට රැවටෙන්නේ අපිමයි. (බ)

:       0       0

ඉන්දු Wednesday, 06 April 2016 11:16 PM

කළගුණදත් හිමිනමක්. කොටින්ට ඉන්න එකම පරම හතුරා හිටපු ජනපති. එතුමාට ආරක්ෂාව අවශ්‍යයි. දැන් ඉන්න සමහර අයට කොටි මල් මාලා දාලා පිළිගන්නවා. (නි)

:       0       0

සරා Wednesday, 06 April 2016 11:30 PM

දැන් ඉන්නේ බඩගින්නේද පියුමි? (නි)

:       0       0

කැලණියේ බුද්ධරක්කිත හිමි Thursday, 07 April 2016 07:27 AM

වැඩේ නම් හොදයී . ප්‍රශ්නේ තියෙන්නේ මේ නඩු හබ වැටී තියෙන්නේ හොරකම් වංචාවලට නේද මේ හාමුදුරුවරු බහුතරයකට .මේ අය පෙන්වන්න හදන්නේ මහින්දට සහයෝගය දෙන නිසා නඩු දාල වගේ .මෙතන හිමිවරු ව්‍යාපාරිකයෝ , රජයේ වාහන දේපල වැරදියට පාවිච්චි කළ උදවිය (බ)

:       0       0

කමණි Wednesday, 06 April 2016 11:37 PM

රටක් වටිනා දරුවන්ගේ ආරක්ෂාවත් බැලුවොත් හොඳයි නේද අපේ හාමදුරුවනේ (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 06 April 2016 11:44 PM

ඔන්න කඩේ යන අයට හොඳ අවස්ථාවක් මහින්ද මන්ත්‍රීතුමාට සේවය කරන්න. (නි)

:       0       0

ටිකිරි Thursday, 07 April 2016 07:28 AM

රට ජාතිය නිදහස් කර දුන් නායකයා ආරක්ෂා කිරීම ආගමික කටයුත්තක් (බ)

:       0       0

නිල්හාන් Thursday, 07 April 2016 12:03 AM

නියම බෞද්ධයෝ වන අපි මෙය පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. (නි)

:       0       0

සමන් Thursday, 07 April 2016 12:10 AM

බුදුහාමුදුරුවො මේගොල්ලන්ට කිව්වේ, " චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය" කියලා. අනික, "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" (නි)

:       0       0

මනෝජ් Thursday, 07 April 2016 12:37 AM

“ගිහිගෙය දුක් කම්කටොලු සහිතයි. අභ්‍යවකාශය වැනි පැවිද්ද උතුම්“ (නි)

:       0       0

නයන් Thursday, 07 April 2016 12:38 AM

බෞද්ධ භික්ෂුවකගේ ප්‍රධාන කාර්යය විය යුත්තේ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනයක් ඇතිකරගෙන එමගින් ගිහියන්ට ධර්මය කියාදී ඔවුන්ව ආගමික නැඹුරුවකට යොමු කිරීම හා බෞද්ධ දර්ශනය චිරාත් කාලයක් මේ ලෝකයේ පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි. අද බහුතරයක් වූ ශ්‍රමන වෙස් ගත්තවුන් නිසා, බෞද්ධයෙක් වීම ගැන අතිශය කළකිරීමකට පත් වී සිටිමි. මහනායක හිමිවරුන් පවා මේ දේවල් නොදැක්කා සේ සිටීම කණගාටුදායකයි (නි)

:       0       0

චන්ද්‍ර පැරිස් Thursday, 07 April 2016 12:40 AM

අනේ හාමුදුරුවනේ, කටට ආ පළියට මෙහෙම දේවල් කියවන්න එපා. (නි)

:       0       0

චන්දන Thursday, 07 April 2016 12:44 AM

භික්ෂුන් වහන්සේලා “සෙකියුරිටි“ වැඩ වලට දාලා උන්වහන්සේලාට තිබුන ටිකක් හරි තිබුන ගෞරවයත් නැතිකරන පොටක් මේක. (නි)

:       0       0

ශක්ති Thursday, 07 April 2016 12:44 AM

මේ වගේ දේවල් වලින් අප ගිහියන් විසින් රැකගන්නා ධර්මයටද නින්දාවක් වන බවයි මට හිතෙන්නේ. බුදුදහමේ නාමයෙන්වත් බලයට කෑදර වැඩ කරන්න එපා. (නි)

:       0       0

අර්ජුන Thursday, 07 April 2016 12:46 AM

එතකොට බලකායේ නායකකම දෙන්නේ කාටද? (නි)

:       0       0

සුදත් Thursday, 07 April 2016 07:58 AM

හොද අදහසක් අපිත් සහයෝගය දෙනවා (බ)

:       0       0

අර්ජුන රණවන Thursday, 07 April 2016 12:50 AM

නරකද අසරණ වකුගඩු, පිළිකා ලෙඩුන් වෙනුවෙන් බලකායක් පිහිටුවා පිහිටවුණොත්? (නි)

:       0       0

නිරේෂ් Thursday, 07 April 2016 08:07 AM

අනේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතිව (බ)

:       0       0

නිමල් Thursday, 07 April 2016 01:04 AM

එතුමාව විනාශකළේ කවුද කියලා නම් අපි දන්නවා. ඔය හදන්නේ ඉතුරු ටිකත් විනාශ කරලා දාන්නද? (නි)

:       0       0

සරත් Thursday, 07 April 2016 01:08 AM

අපේ හාමුදුරුවෝ ඉල්ලන් කන්න වගේ යන්නේ. බැරිවෙලාවත් යම් කරදරයක් මහින්ද මහත්තයට වුණොත් (වෙන්න එපා) ආණ්ඩුව අත හෝදගන්නවා විතරක් නොවෙයි, ඔබ වහන්සේලාට මහ උළු ගෙදරත් යන්න වෙයි. (නි)

:       0       0

ජයසිරි Thursday, 07 April 2016 08:20 AM

මේ හාමුදුරුවන් සමච්චලයට ලක්කරමින් අදහස් දක්වා ඇති පිරිසගේ දැනුමේ තරම තමුන් විසින්ම ලෝකයාට පෙන්වා දී තිබෙනවා, ඉතා පැහැදිලි ලෙස. අපේ මතු පරපුරට අබ සරණයි! (නි)

:       0       0

ලලිත් Thursday, 07 April 2016 01:43 AM

එතකොට ඒ සියක් නම ගමේ පාංශකූල වලට වඩින්නේ නැද්ද? හාමුදුරුවනේ, ඒ අයට දානේ එහෙම කොහොමද? (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 07 April 2016 01:47 AM

එතුමාට මෙච්චර සෙනඟක් අරගෙන යන්න ප්‍රවාහන පහසුකම් එහෙමත් දෙන්න වෙයිනේ (නි)

:       0       0

සඳරුවන් Thursday, 07 April 2016 01:57 AM

හොඳ වැඩක්. මටත් පුලුවන්නම් එකතු වෙනවා. කෑම බීම ගෙදරින් අරන් එනවා (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 07 April 2016 08:26 AM

කියන්නා කෙසේ කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය (නි)

:       0       0

සුනිමල් Thursday, 07 April 2016 02:08 AM

මිනිසුන්, පුද්ගලයන් සහ බොරු පෞරුෂයන් රකින්න එකතුවෙන්න පුළුවන් වුණාට ප්‍රතිපත්ති රකින්න පෙළගැහෙන්නේ කීයෙන් කී දෙනාද? (නි)

:       0       0

රොකී Thursday, 07 April 2016 02:08 AM

මේ යන විදිහට ඊළඟට පාතාල නායකයන් කණ්ඩායමක් හදන්න තවත් කවුරුහරි කතාකළොත් පුදුමවෙන්න දෙයක් නැහැ. විචාරශීලී උගත් බෞද්ධයනි, ශාසනය ආරක්ෂා කරගැනීමට පෙරට එන්න! (නි)

:       0       0

පියුමාල් Thursday, 07 April 2016 02:11 AM

මේවාට මොනවා කියන්නද මන්දා? (නි)

:       0       0

අතුල Thursday, 07 April 2016 02:22 AM

හාමුදුරුවරුන්ට මේ දේවල් ගැළපෙනවාද කියා ඇතිවෙන්නේ ගැටළුවකි (නි)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 07 April 2016 02:24 AM

මේ යන විදිහට “බොඩිගාර්ඩ් නායක“ තනතුරුත් දෙන්න වේවිද මන්දා ඉදිරියේදී. (නි)

:       0       0

උපාලි Thursday, 07 April 2016 02:28 AM

මහින්දට ටිකක් හරි ගෞරවයක් ඉතුරුවෙලා තිබුනා නම් මේ අය ඒකත් කනවා. ගිහියෙක් මුර කරන්න සංඝයා යනවා. අහෝ දෙවියනි! ශාසනයට අගෞරව නොකර සිවුර ගළවාවත් ගියා නම් විශාල ශාසන සේවයක්. (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Thursday, 07 April 2016 08:38 AM

දළදා මන්දිරය ලග පිස්සු නටන කොට ,මේ අය කොහෙද හිටියේ (හේ)

:       0       0

පද්මසිරි Thursday, 07 April 2016 02:29 AM

මේ හදන්නට හදන බලකාය වගේම බලකායක්, නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය රැකගැනීමටත් හදන්නකෝ. ඔබවහන්සේට මතක ඇතිනේ සිංහල බෞද්ධ අයිතියේ විනාශය පටන්ගත් අවදිය. මතකනේ සිංහල බල මණ්ඩලය ගැමුණු මහා රජුගේ පිළිරුව රැගෙන අනුරපුර ගිය හැටි. මමත් එදා ඔබ වහන්සේ ළඟින්ම සිටි කෙනෙක්. තව එක දෙයක් තියෙනවා. වැරදි දහසක් තිබුනත් හිටපු ජනපතිතුමා තමයි මහා කොටියා වැනසීමට අවශ්‍ය නියෝග සහ අවි ආයුධ ලබාදුන්නේ. ඉතින් එතුමාට ආරක්ෂාව අඩුකිරීම නිසා යම් විපතක් වුණොත් මේ රට ගිනි ගොඩක් වේවි. (නි)

:       0       0

මාල් Thursday, 07 April 2016 02:34 AM

බුද්ධාගම වනසන්න හදන්න එපා. සිවුර ගළවලා ඕනෑම වැඩක් කරගන්න කියන්න තමයි දැන් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අරවින්ද Thursday, 07 April 2016 02:35 AM

අයියෝ හාමුදුරුවනේ මොනවද හැබෑටම මේ කරන වැඩ? (නි)

:       0       0

ගුණසිරි Thursday, 07 April 2016 08:48 AM

අනේ හාමුදුරුවනේ, මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

හෙට්ටිගේ Thursday, 07 April 2016 02:38 AM

එතකොට නිරායුධවද ආරක්ෂාවට යන්නේ? (නි)

:       0       0

චම්පික Thursday, 07 April 2016 02:41 AM

හාමුදුරුවරුන්ට රටේ යුද්ධයක් තිබුණ කාලේවත් ඔහොම කැක්කුමක් තිබුනේ නැහැනේ (නි)

:       0       0

අමර Thursday, 07 April 2016 02:44 AM

අපේ හාමුදුරුවරු කරන්නේම ශාසනයට ගැළපෙන වැඩමනේ ඉතින් (නි)

:       0       0

ආලෝක Thursday, 07 April 2016 02:51 AM

ශීලවන්ත ස්වාමීන් වහන්සේලා අගතියට යැවීමට දායකවන අය කරගන්නා අකුසලයේ තරම හා එහි විපාක අඥානයෝ නොදනිති. (නි)

:       0       0

මංගල Thursday, 07 April 2016 09:07 AM

මේ දේවල් දකින කොට අපට හිනා යනවා.(හේ)

:       0       0

චන්දික Thursday, 07 April 2016 03:37 AM

සිවුරට අපේ බුදුදහමට ගැලපෙන වැඩ කරන්න ඕන.(කෞ)

:       0       0

නාලක Thursday, 07 April 2016 03:45 AM

අනේ මෙහෙමත් බුද්ධාගම නැතිකරන්න පහළවන අය. සිවුර නිසයි මෙහෙමවත් ලියන්නේ. (කෞ)

:       0       0

දිලිප් Thursday, 07 April 2016 03:49 AM

අපේ හාමුදුරුවනේ, පුත්තු තුන්දෙනාටයි ආර්යාවටයි ඔක්කොටමත් එක්ක ඔය ගාන මදි නේද?(කෞ)

:       0       0

සෙනරත් Thursday, 07 April 2016 03:54 AM

යුද්ධය ජයගැනීමට දේශපාලන නායකත්වය දුන් ඔහුව රැකගැනීමේ වගකීම රජය නිසියාකාරව කළ යුතුයි . එසේනොකර , ඔහුගේ හමුදා ආරක්ෂාව ඉවත්කර පොලිස් ආරක්ෂාව යෙදවීමට තීරණය කර ඇත්නම් එය වෙනත් අරමුණකින් කර ඇති බව මෑතකදී අසු උ මරගන මැරෙන බෝබ්ම කට්ටල සාක්ෂි දරනවා. (කෞ)

:       0       0

හසිත Thursday, 07 April 2016 03:57 AM

මේ හාමුදුරුවන්ගේ අදහසට විරුද්දව කොමෙන්ට් දාල තියෙන්නේ පක්ෂ උන්මාදයෙන් ඇස් අන්ධ වූ අය (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 613 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 295 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 654 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2402 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 477 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 196 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site