IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හිටපු ජනපතිගේ ආරක්ෂාව මදිලු

මහින්ද රාජපක්ෂ ජනපතිගේ ආරක්ෂාව මදි බව මහින්ද යාපා අබේවර්ධන මහතා බොරැල්ල එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. (ඔහුගේ ආරක්ෂවට 100 කට වැඩි පිරිසක් සිටිති)

 රාජපක්ෂ මහතාගේ සුළු සීරීමක් හෝ සිදු වූවහොත් රජය ඊට වග කිව යුතු යැයි කීවේය. ඔහුගේ රජය සමයේ අත්අඩංගුවට පත් කැරුණු කොටි සාමාජිකයන් දැන් නිදහස් කරගෙන යන බවත් පාතාලය ද දැන් හිස ඔසවා ඇති බවත් ඔහු කීවේය. මහින්දගේ වෙඩි නොවදින කාරය කැඩී මාස කීපයක් ගත වන බවත් ඔහුට මාස 14 යනතුරු නිල නිවසක් නැති බවත් ඔහු සඳහන් කළේය.

ජීවන වියදම වැඩි වී ඇතැයි කී මන්ත්‍රීවරයා පාන් පිටි මිල රුපියල් 7.20 කින් ඉහළ දමා ඇති බවත් හැම කිලෝවකින්ම රුපියලක් එකිතරා පුද්ගලයෙකුට යන බවත් ඔහු චෝදනා කළේය.

IMG_6504

 



අදහස් (0)

හිටපු ජනපතිගේ ආරක්ෂාව මදිලු

නලින් යහම්පත් Wednesday, 23 March 2016 07:20 PM

සියයට වැඩි ආරක්ෂක සේවයක් දීලත් මදි , දාහක් දෙදාහක් විතර ඕනේ ඇති ඉස්සර වාගේ සංදර්ශන කරන්න , ලෝකයේ කිසිම රටක නොවෙන නොඉල්ලන දේවල් මෙහෙ ඉල්ලන්නේ (බ)

:       0       0

සම්පත් Wednesday, 23 March 2016 08:12 PM

අනේද කියන්නේ පිටිගල. ඒ වුණාට මතකද ආරක්ෂක බලඇණි නිහඬව රැස්වෙන බව ඡන්දෙ දවස්වල මාධ්‍යයෙන් පෙන්නුවා. එපමණ බලඇණි ඉඳලත් බැරිවුණ එකේ එකසිය පනහකින් මොනවා කරන්නද? එ්කයි සමහරවිට වැඩිපුර ඉල්ලනවා ඇත්තේ. (නි)

:       0       0

ලන්කන් Wednesday, 23 March 2016 09:43 PM

තිලක් ඩුුබායි ඔබ ඩුබායි ගැන දන්න තරම් ශ්‍රී ලංකාව ගැන දන්නේ නැති පාටයි.තමන් පලඳින කන්නාඩිය අනුන්ට පලඳවන්න උත්සහ නොකර ඔය ඉන්න තැනම ඉන්න බලන්න​.(අ)

:       0       0

නිහාන් අජිත් ජයවර්ධන Wednesday, 23 March 2016 10:34 PM

මහජන මුදලෙන් යැපෙන මොහුන්ට වැඩක් නැති නිසා කබර ගහනවා. මොහුන්ගේ උත්සාහය ඉදිරියට එන නඩුවලින් බේරී හිරෙයන එක වලකා ගැනිමය. එකට හොරකම් කරලා සාමුහිකව බේරීමේ උත්සහයක්..(අ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 23 March 2016 10:38 PM

150ක් දීලත් තවත් මදිද (අ)

:       0       0

අමල් Wednesday, 23 March 2016 10:46 PM

දෙන්න තියෙන්නේ අර චන්ද්‍රිකාට දුන්නා වගේ වයසක පී සී කට්ටෝ දෙන්නෙකුයි අවුරුදු 20ක් පරණ මග හිටින පොලිස් ජීප් කබලකුයි. මෙවට බදුගෙවන අපේ සල්ලිවලින් පඩිගෙවන 150ක් දීලත් මදි. අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක් (අ)

:       0       0

ලුම්බිණි Wednesday, 23 March 2016 11:28 PM

නැතුව නැතුව, රාජපක්ෂ මහතාගේ සුළු සීරීමක් හෝ සිදු වූවහොත් රජය ඊට වග කිව යුතුයි හරිද? (අ)

:       0       0

නාමල් Thursday, 24 March 2016 12:28 AM

බොරු කෙකර ගාන්නේ නැතුව ඉන්නවා. තමුසෙලා ඔක්කොම ලෝක හොරු. මහා හොරාට නිතරම කඩේ යන පල් හොරු බේරෙන්න බලනවා නැති තර්ජන මතු කරලා.(අ)

:       0       0

සහීඩ් කටාර් Thursday, 24 March 2016 01:44 AM

ඡන්දය දී මිනිස්සු රජය වෙනස්කළේ එහි තිබු වැරදි සහ අඩුපාඩු නිසයි. ආපසු එම වැරදි කරපු කට්ටිය ඔලුව උස්සලා ආවොත් මෙම යහපාලනය ගැනත් මිනිස්සු තීරණයක් ගනියි (නි)

:       0       0

සඳරුවන් Thursday, 24 March 2016 01:48 AM

රටට වැඩක් කළ නායකයන්ට තර්ජන වැඩියි තමයි. නිසි ආරක්ෂාව දියුතුමයි (නි)

:       0       0

අන්වර් Saturday, 26 March 2016 04:35 PM

රටේ ඉන්න ත්‍රිවිධ හමුදාවේ සියල්ලමයි, පොලිසියේ සියල්ලමයි දුන්නත් මෙතුමාට නම් මදි (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 March 2016 01:09 PM

පවු අප්පා ඇඩෙනවා මේවා බලද්දී.මෙයාලට ජනතාව ගැන හරියට දුක හිතිලා දැන් . මෙයාල රජ කරපු කාලේ මිනිස්සු පාන් වෙනුවට කේක්නේ කෑවේ අඩුමිලට. (බ)

:       0       0

උපුල් Wednesday, 23 March 2016 01:11 PM

ඔබ සහ ඔබේ කණ්ඩායම අල්ලසේ රජවරු. (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 23 March 2016 01:16 PM

ඔව් ඔව් ඔය කරපු හරිය ගැන කරුණු විමසන්න ජනතාව ගෙදරට එයි කියලා හිතුවොත් නම් ආරක්ෂකයෝ මඳි තමයි නමුත් බුද්ධිමත් ශ්‍රීලාංකිකයෝ ඔවැනි ගනදෙනු විසඳන්නේ ජනවාරි අටවැනිදා කළාක් මෙන් සරල පැන්සල් කතිරෙකින්. (බ)

:       0       0

නිරේෂ් Wednesday, 23 March 2016 01:26 PM

මේ මම අහන්නේ මේ මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද. ඔහේ මොක්කුද වගේ කියවනවා. (බ)

:       0       0

ගම්පොලගෙදර Thursday, 24 March 2016 03:25 AM

හැබැයි ඉතින් බීලා වැටිලා මොනවා හරි වුණොත් ඒකට වග කියන්න නම් මේ ආණ්ඩුවට බැරිවෙයි .(ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 March 2016 01:46 PM

දේශපාලනඥයන්ට හමුදා ආරක්ෂාව ලබා නොදීම යටතේ සරත් ෆොන්සේකාට හමුදා ආරක්ෂාව ලබා නොදේ නම් මන්ත්‍රීවරයෙක් වන මහින්ද රාජපක්ෂට සෙබලුන් 150 කගේ ආරක්ෂාවක් ලබා දී ඇත්තේ කෙසේද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 March 2016 01:47 PM

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එකදු හමුදා නිලධාරියෙකු හෝ ආරක්ෂාව සඳහා නැති වුවද පැන්ෂන් ගිය කර්නල් වරයෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට කොමාන්ඩෝ යුද හමුදා සෙබලුන් 50 කගේ ආරක්ෂාවක් ලබාදී තිබේ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 March 2016 03:30 AM

හමුදාවකට වෙන වැඩක් නැහැනේ එක පවුලකට ආරක්ෂාව දෙනවා හැරෙන්න.(ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 March 2016 01:48 PM

ඔය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගැනද?150 දීලත් මදිද? (බ)

:       0       0

අන්වර් Wednesday, 23 March 2016 01:49 PM

කියන දෙයක් ඇත්නම් කෙලින් කියන්න. (බ)

:       0       0

සමන්ති Wednesday, 23 March 2016 01:59 PM

අර ඉස්සර ගෙන්නපු බයිසිකල් වලින් බයිසිකල් හමුදාවක් දාමු (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 23 March 2016 02:05 PM

මහින්ද යාපා අබේවර්ධන දීර්ග නින්දකින් අවදි වෙලා කටමැත දොඩවනවද, නැත්නම් හීනෙන් කතා කියනවද දන්නේ නැහැ. [රාජපක්ෂ මහතාගේ සුළු සීරීමක් හෝ සිදු වූවහොත් රජය ඊට වග කිව යුතු යැයි....] යාපා කිවුවත් එයාලගේ පාලන කාලයේ තිබුන සුදු වැන් සංස්කෘතිය දැන් නැති බව යාපාට මතක් කර දෙමු ! (බ)

:       0       0

නාමල් Thursday, 24 March 2016 04:12 AM

ජනතාව ගෑන හිතනවානම් ඔහෙලගේ ලොක්කට කියන්න නිල නිවාස ගන්න එපා ජනතාවට සහන දෙන්න කියන්න (බ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 23 March 2016 02:37 PM

අනේ පරාද වුනානම් ගෙදරට වෙලා ඉන්නේ නැතිව තව ආරක්ෂාවත් ඉල්ලනවා .අනික එයාල ත්‍රස්තවාදය නැතිකළ එකේ අැයි මේ බය (බ)

:       0       0

සෝමරතන. රාජාංගනය. Thursday, 24 March 2016 04:18 AM

ඉඟටියෙන් එල්ලිලා ඉන්නවා ඡායාරුපයක් තියෙනවා දැක්ක, ලෙලි යන්ඩ ඕනෙව දැන් නෑ කියල නේද? කියන්නේ.(බ)

:       0       0

උපාලි Wednesday, 23 March 2016 02:59 PM

මහජනතාවගෙන් ආරක්ෂා වෙන්නද? ලිබියාවේ ගඩාෆි නම් වරක් කිව්වා "මගේ ජනතාව මා ආරක්ෂා කිරීමට මැරෙන්නත් සුදානම්" කියල. එහෙම කට්ටිය ලංකාවේ නැද්ද දන්නෙ නෑ.(කෞ)

:       0       0

විද්‍යා Wednesday, 23 March 2016 03:09 PM

කුරුණෑගල ඇතුගල යට ගුහාවල් තියනවා අතීතයේ රජවරු පැරදුනහම ගල්ගුහාවල හැංගුනාලු. වාරියපොළ විශාල ගල් ගුහාවක් තියනවා.(කෞ)

:       0       0

සුනිල් Wednesday, 23 March 2016 04:51 PM

1000ක් කරමු. නැතිනම් ඊට වැඩි කළත් කමක් නැහැ. අපි ගෙවන්නම් පිටි පරිප්පු සීනි අල තව මොනවද? (බ)

:       0       0

සංජය Thursday, 24 March 2016 05:40 AM

නාමල්, ඔයා කොහොමද අනුන්ට හොරු කියන්නේ? ඔයත් බොරුවට රැවටුණ තව කෙනෙක් විතරයි. (නි)

:       0       0

සමන් Thursday, 24 March 2016 05:42 AM

දැන් ඉන්න අය අඩුමගානේ බෝක්කුවක්වත් හැදුවද? කියන කිසිදෙයක් කරන්නේ නැහැ (නි)

:       0       0

ජගත් Wednesday, 23 March 2016 05:12 PM

එයා දැන් නිකම්ම නිකම් මන්ත්‍රී. සාමාන්‍ය මන්ත්‍රී කෙනෙකුට දෙන ආරක්ෂාව එයාටත් දිය යුතුය .(බ)

:       0       0

කරුණාරත්න Thursday, 24 March 2016 06:05 AM

එතුමාට මොනවාහරි වුණොත් එය සමාව දෙන්න බැරි ‍ලොකු වරදක් වේවි (නි)

:       0       0

නන්ද Wednesday, 23 March 2016 06:06 PM

ඇත්ත..ඇත්ත...ආරක්ෂාව මදි කියල අපටත් තේරෙනවා.(ම)

:       0       0

පද්මිණී Wednesday, 23 March 2016 07:19 PM

අනේ ඔයා නේද කිව්වේ තව ඉතුරුවෙලා තියෙන්නේ අතුරුපස විතරයි කියල.කාපු කෑම හිතාගත්තැකි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 56 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 677 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 464 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3126 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1729 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site