IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හිටපු ජනපතිගේ පිරිසක් බැසිල්ට පස්ස හරවති

ජනධිපතිවරණයට පසු දින (2015 ජනවාරි 09)  රාත්‍රී දිවයිනෙන් පිටව ගිය හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අඟහරුවාදා (21) දිවයිනට එන බව කියතත් ඔහු පිළිගැනීමට නොයෑමට මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බස්නාහිර පළාත් සභා සහ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

ඇමෙරිකා  පුරවැසියකු ද වන හිටපු ඇමැති  අඟහරුවාදා පස්වරු 1.32ට පමණ කටුනායකට ළඟා වීමට නියමිත බවත්, එම වෙලාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, එම සාකච්ඡාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ගම්පහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග කියයි.

හිටපු ජනපතිවරයා ඉදිරි මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස නම්කරන්නැයි බල කරමින් පෙරමුණේ සිටින බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම සාකච්ඡාව සංවිධානය කරයි.

ගිය රජය සමයේ බලය අයුතු ලෙස භාවිත කළැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල විය. මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිරිස්ද චෝදනා කළේ හිටපු ජනපතිගේ පරාජයට හිටපු ඇමැති බැසිල් හේතු වූ බවයි.



අදහස් (0)

හිටපු ජනපතිගේ පිරිසක් බැසිල්ට පස්ස හරවති

ලාල් Monday, 20 April 2015 12:08 PM

තවත් හොඳ සෙල්ලමක් බලාගන්න පුලුවන් වගේ. (නි)

:       0       0

චම්පික Monday, 20 April 2015 12:19 PM

ඕවා ඔහොම තමයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 20 April 2015 12:36 PM

මේ එන කෙනාව ගුවන් තොටේදීම අත්අඩංගුවට ගන්නවා කිවුවට එයා එන්නේ කවුන්සලේට යන්න බලාගෙන කියලයි අපිට නම් හිතෙන්නේ! (නි)

:       0       0

සුමන මානන්දුව Monday, 20 April 2015 12:39 PM

දැන් ඉතින් ඔක්කොම වැරදි බැසිල් රාජපක්ෂ පිටින් යවන්න හදනවා. (නි)

:       0       0

පද්මි Tuesday, 21 April 2015 04:39 AM

එයාව පිළිගන්න යන්නම ඕනෙද? ඕක තමයි අපේ මිනිස්සුන්ගේ තියෙන මෝඩකම්. ඒ මනුස්සයා පාඩුවේ ගියානම් පාඩුවේ ආවදෙන්. (බ)

:       0       0

රනිදු Monday, 20 April 2015 01:44 PM

අයියලා, මල්ලිලායි, වටේ ඉන්න ගෝලබාලයෝ ටිකයි ඔක්කොම එකයි. ඡන්දදායකයෝ ටිකට තමයි පිහිටක් නැත්තේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 21 April 2015 04:47 AM

එදාට කටුනායකදී බලා ගන්න පුළුවන්, හරියටම කවුද හොරු කියල. (ස)

:       0       0

සමන්ති Monday, 20 April 2015 02:15 PM

හිටපු ජනාධිපති මැතිවරණයේදී අගමැති අපේක්ෂකයෙක් ඉදිරිපත්කළාද? දැන් අවශ්‍යවෙලා තියෙන්නේ මොකද? (නි)

:       0       0

දිනූෂා Monday, 20 April 2015 02:56 PM

සත්‍යපාලට ලැජ්ජද? (නි)

:       0       0

සම්පත් Monday, 20 April 2015 03:31 PM

මොන සෙල්ලමක්වත් නැහැ. වෛරය නිසා මේ වගේ දේ සිදුවෙනවා. මේවා ටික කාලයයි. (නි)

:       0       0

නවාංජන Monday, 20 April 2015 03:59 PM

ඔබතුමා ඕවා ගණන් ගන්න එපා (නි)

:       0       0

බිනර Monday, 20 April 2015 04:15 PM

කවුරු පස්ස හැරෙවුවත් අපි හැමදාම ඉන්නවා (නි)

:       0       0

සුජීවා Monday, 20 April 2015 04:19 PM

අනේ බැසිල් මහත්තයෝ, ඔය කීයක්හරි වැඩිපුර අතේ සල්ලි තියනවා නම්, සහෝදරයට අර මොණර මන්දිරය අරගෙන දෙන්නකෝ. (නි)

:       0       0

නන්දන Monday, 20 April 2015 04:29 PM

සමන්ති, ඉස්සර එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. (නි)

:       0       0

අමල් Monday, 20 April 2015 05:53 PM

කවුරු මොනවා කිවුවත් අපි මහින්ද ගෝඨාභය වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්. ඒත් බැසිල් ගත්තොත් අපි වචනයකින්වත් සහයක් නැහැ (නි)

:       0       0

අනුර Monday, 20 April 2015 06:00 PM

බැසිල් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි නොදන්නවායැ? (නි)

:       0       0

සිල්වා Monday, 20 April 2015 07:16 PM

හොද නැද්ද මෙතන අදහස් දාන කට්ටිය අලුත් පක්ෂයක් හදාගෙන අගමැති සටනට අවොත් ..පිස්සු ලිය ලියා ඉන්නේ නැතිව (අ)

:       0       0

සඳුන් Monday, 20 April 2015 09:02 PM

ඉස්සරත් කියන ඕනෑම වෙලාවක මෙයාට පස්ස හරවන්න බලාගෙන හිටිය අය හිටියා. (අ)

:       0       0

රේමන් වොෂින්ටන් Monday, 20 April 2015 09:28 PM

මෙයාට කොච්චර හොරා කෑවත් ඇතිවෙන කෙනෙක් නෙමෙයි. තව කාලයක් ඇමරිකාවේ හිටියනම් ඇමරිකාවත් ඉවරයි. (අ)

:       0       0

දයා Monday, 20 April 2015 11:35 PM

යහා පාලනේ වියරු වැටි ඉන්නේ, මහින්ද මහතාගේ හිතවත්තු කොටවන්න එක එක දේවල් කරයි, ප්‍රවේසමෙන් කටයුතු කරමු. (අ)

:       0       0

වසන්ත Tuesday, 21 April 2015 12:26 AM

හොරා හොරා කියමින් නොසිට කළ හොරකම් මොනවාද කියා ඔප්පුකර දඬුවම් නියම කළයුතුය. (නි)

:       0       0

ලසිත Tuesday, 21 April 2015 12:38 AM

මේ වටේ බහුතරය ගැන අපි හොඳට දන්නවා (නි)

:       0       0

දුල්මි Monday, 20 April 2015 10:51 AM

ඇයි සුමුදු හේවා ඉන්නේ ඔය පිළිගන්න වැඩේට . එයා දැන් මෙතන කිව්වානේ බැසිල් මහතා ගැන ආඩම්බරයි කියලා.(බ)

:       0       0

හසිත් Monday, 20 April 2015 10:55 AM

කෝ මේ සුමුදු සළු වඩන නිලමේ? එයා ඉන්දෙද්දී තව මොනවටද පිළිගන්න මිනිස්සු සොයන්නේ? (බ)

:       0       0

ගයාන් Monday, 20 April 2015 11:11 AM

සියලු දෙනාට සුබ අනාගතයක් වේවා ? දැන් රටට තියන ලොකුම අභියෝගය මේකද ? රට දියුණු කරන්නත් මේවගේ උත්සහ කරනවානම් කොච්චර හොඳද (බ)

:       0       0

පුබුදු Monday, 20 April 2015 11:21 AM

මහින්ද වටේ බහුතරය ඉන්නේ හොඳට ගසාකෑ කට්ටිය විතරයි. (නි)

:       0       0

සත්‍යපාල Monday, 20 April 2015 11:26 AM

කලින් නම් මේ අය බැසිල් මහත්තයාගේ පස්සෙන් තමයි වැටිලා හිටියේ වැඩක් කරගන්න, තනතුරක් ලබාගන්න. හැමෝටම බැසිල් මහත්තයා ඕනෑවුණා. දැන් පස්ස හැරෙව්වාට මේකෙන් පෙනෙන්නේ මේ අයගේ බලයට හා ධනය තියන කෑදරකම හා තියන නිවටකම තමයි. මෙහෙම අය මහජන නියෝජිතයෝ හැටියට යවපු ජනතාව තමයි ලැජ්ජා වෙන්න ඕනෑ. මොකද මේ අයට ලැජ්ජාව නැහැනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1121 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 756 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1156 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 848 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 510 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 925 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site