IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හිටපු ජනපතිට පෙරටුගාමීන්ගෙන් නඩු

පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ කිසිදු ඉල්ලීමක් නොමැතිව හිටපු ජනාධිපතිවරයාගේ අණින් හමුදා කැඳවීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

සන්නද්ධ හමුදාවලට පොලිස් බලතල පවරමින් නිකුත් කෙරෙන රෙගුලාසිවල පදනම මත ඔහු හමුදා කැඳවා ඇතැයි එම පක්ෂය කියයි.

‘2011 අගෝස්තු මාසයේ දී එවකට පැවැති රජය හදිසි නීති රෙගුලාසි ඉවත් කළා. එහසේ වුවත් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය උපයෝගී කොට ගෙන සමස්ත දිවයිනම ආවරණය වන ලෙස පොලිස් බලතල යුද, නාවික හා ගුවන් හමුදාවන්ට පවරමින් සෑම මාසයකට රෙගුලාසි නිකුත් කිරීම රජය විසින් අඛණ්ඩව සිදු කරන ලදී. ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන බව මතුපිටින් පෙන්වූවත් සැබැවින්ම මිලිටරි තර්ජනය සක්‍රීයව පත්වා ගනිමින් පුරවැසියන් පාලනය කිරීම රජය විසින් සිදු කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන වගඋත්තරකරු කොට ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුණේ හමුදාවට පොලිස් බලතල පවරමින් ඔහු විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි මගින් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නකි යන පදනම මතය.‘



අදහස් (0)

හිටපු ජනපතිට පෙරටුගාමීන්ගෙන් නඩු

චාමින්ද Tuesday, 03 February 2015 01:48 AM

අද අධ්‍යාපනයට 6% ආවේ කාගේ අරගලයෙන්ද ? පොඩි වුණත් ජනතාව මේ දේශපාලන පක්ෂය වටා එකතුවෙන්න ඕනෑ. (නි)

:       0       0

ටෝනි Tuesday, 03 February 2015 02:01 AM

මේවාට වගකිවයුත්තේ කවුද? (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 02 February 2015 01:07 PM

හමුදා කුමන්ත්‍රණය සාර්ථක වුණා නම් මේ වෙනකොට තත්ත්වය සෑහෙන වෙනස් වෙන්න තිබුනා.නැවත විපක්ෂයක් කියලා නායකයෙක් බිහිනොවෙන්නම වැඩ සිද්ධවෙන්න ඉඩ තිබුනා.මේ ගැන පරීක්ෂණයක් කරන්න සිද්ධ වෙනවාමයි. (නි)

:       0       0

කිත්සිරි Monday, 02 February 2015 01:08 PM

ජනපතිතුමනි, අපි නම් සැමදා ඔබ සමඟයි. ඔබට සුඛී දීඝායුකෝ භව! (නි)

:       0       0

සංජීව Monday, 02 February 2015 01:10 PM

අපි ඔබ සමඟයි ජනාධිපතිතුමනි, ඔබට ජයවේවා! (නි)

:       0       0

සම්පත් Monday, 02 February 2015 01:12 PM

මොකද මේ අය මෙච්චර හමුදාවට, පොලිසියට බය? පොලිස් බලතල, යුධ, නාවික හා ගුවන් හමුදාවන්ට පැවරුවා කියලා සාමකාමී පුරවැසියන් වන අපේ නම් කිසිම මූලික අයිතිවාසිකම් කඩවුණේ නැහැ. (නි)

:       0       0

ඩයන් Tuesday, 03 February 2015 03:13 AM

ගමගේ, ඔහේට මෛත්‍රීට කඩේ යන්න තියන අයිතියම දිනේෂ්ට මහින්දට කඩේ යන්නත් තියනවා. එ්කයි ප්‍රජාතන්ත්‍රවාදය (නදී)

:       0       0

ගමගේ Monday, 02 February 2015 01:16 PM

දිනේෂ්, ඔබ ජනපතිතුමා සමඟ වුණාට ඔබ සමඟ එතුමා සිටිනවාද? ඒ නිසා කරුණාකරලා කට වහගන්න (නි)

:       0       0

මැණික් රත්නායක Tuesday, 03 February 2015 03:19 AM

ජනාදිපතිතුමනි කවුරු මොනවා කිව්වත් අප ඔබ සමගයි (නදී)

:       0       0

විකුම් Monday, 02 February 2015 01:18 PM

අයුතු ලෙස බලය පාවිච්චි කළා නම් ඊට වගකිවයුතුයි (නි)

:       0       0

ලියනගේ Monday, 02 February 2015 01:26 PM

අමරණීය විරුවාණෙනි, අපි සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

රාජා Monday, 02 February 2015 01:27 PM

මෙයාලාගේ සමහරු ලංකාවේදී එක කතාවක් ඕස්ට්‍රේලියාවෙදී තව එකක්. (නි)

:       0       0

පෙරේරා Tuesday, 03 February 2015 03:59 AM

අපි පසු කළේ දින ගණනයි. ඔබ තුමාගේ වටිනාකම අපිට මහමෙරක් වගෙයි. අපේ රටට ඔබේ සේවය හොදටම දැනෙනවා. ඔබයි අපේ වීර නායකයා. (නදී)

:       0       0

රකිත් Tuesday, 03 February 2015 04:01 AM

විශ්‍රාම ගියත් විධායක ජනාධිපතිවරයකු බලයේ සිටි කාල සිමාව ඇතුලත සිදු කරන ලද හෝ සිදු නොකරන ලද වගකීම් සම්බන්ධයෙන් අධිකරණයට කැඳවිය හැකිද යන්න ප්‍රශ්නයක්. (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 03 February 2015 04:06 AM

කාට කඩේ ගියත් හරි දෙය වෙනුවෙන් යායුතුයි. නැත්නම් ඒ කඩේ යාමෙන් වැඩක් නැහැ. දිනේෂ් මහත්තයගෙ කඩේ යාම වැඩක් නැත්තේ ඒකයි. (නදී)

:       0       0

සම්පත් පෙරේරා Tuesday, 03 February 2015 04:08 AM

මෛත්‍රී පාලනය කියන්නේ කුඩු ගෙන්වපු අයට, ස්ත්‍රී දුෂකයන්ට, මිනීමරුවන්ට මෛත්‍රී කරලා නිදහස් කරන එක නම් නෙමෙයි. (නදී)

:       0       0

ඇසළ Tuesday, 03 February 2015 04:13 AM

ඉදිරියේදී එක බෝම්බයක් පිපුරුවා නම් හරි. උතුරේදී එක සිංහලයෙක් මැරුවා නම් තේරෙයි හිටපු ජනපති අගය. දැනටමත් හමුදාව බාගයක් අයින් කරන්න තීරණය කරලා ඉවරයි. (නදී)

:       0       0

රන්ජන් Monday, 02 February 2015 01:34 PM

හිටපු ජනපතිතුමනි, දසවසරක කාලය තුළ යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්වය දී රට යෝධ සංවර්ධන මාවතකට යොමුකළ ඔබගේ මෙහෙවර සදා අමරණීයයි. අපි සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

රවී Monday, 02 February 2015 01:39 PM

මුලික අයිතිවාසිකම් ගැන කතා කරන්න ගියොත් කාට කාටත් නඩු ලක්ෂයක් විතර වැටේවි. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 02 February 2015 01:46 PM

මෙතන කවුරු හරිද කවුරු වැරදිද කියන එක නෙමෙයි ප්‍රශ්නය. දුෂණය භීෂණය කියන දේ නැත්තටම අතුගාලා දාන්න ඕනෑ අපේ රටෙන්. නැතුව කවදාවත් මේ රට ගොඩගන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

චමින්ද Monday, 02 February 2015 01:48 PM

අපි ඔබ සමඟයි ජනාධිපතිතුමනි, ඔබට ජයවේවා (නදී)

:       0       0

බිමල් Monday, 02 February 2015 01:51 PM

මේ දවස් වල ලංකාවේ නීති වේදියෝ තරම් හම්බ කරන වෙන කොට්ටශයක් තවත් නැතිව ඇති. අප්පච්චියේ නඩු කීයක්ද? අරය මෙයාට නඩු දානවා. මෙයා එයාට නඩු ෆයිල් කරනවා. එයා අනෙක් එක්කෙනාට චෝදනා කරනවා. තව කට්ටියක් එකතු වෙලා උසාවි යනවා. මම බැලුවේ පිවිතුරු යහපාලටයි ඇසිලින් නෝනාටයි ඇරෙන්න ලංකාවේ හැම කෙනාටම මෙහෙම බලන කොට නඩු වැටිලා ඇති. (නදී)

:       0       0

ලහිරු Tuesday, 03 February 2015 04:55 AM

ඔබ තමයි තවමත් අපේ ජනපති. (නි)

:       0       0

දුල්මි Monday, 02 February 2015 01:56 PM

මම හිතන්නේ මිනිස්සුන්ට හිතේ හැටියට නඩු දාන්න වටපිටාවක් තියෙන්නෙත් දැන් තමයි. ඔය විපක්ෂයේත් දෝෂාභියෝග අවනඩුවක් තියෙන්නේ. පසුගිය කාලයේ තමන්ගේ ප්‍රශ්නෙකට කට අරින්නවත් පුළුවන් උනේ කීයෙන් කි දෙනාටද ? (නදී)

:       0       0

කළුතරගේ Monday, 02 February 2015 02:00 PM

හමුදාව කියන්නේ හමුදාවට. පොලිසියට නෙමෙයි. පොලිසිය කියන්නේ හමුදාවට නෙමෙයි. හමුදාව රාජකාරි කල යුත්තේ හමුදා පනත් යටතේ. පොලිසියේ රාජකාරි පරාසය හමුදාව දන්නේ නැහැ. පොලිස් බලතල හමුදාවට පවරනවාට විරුද්ධ නැහැ හැබැයි පොලිස් රාජකාරි වපසරිය හමුදා සෙබලුන්ට පුහුණුකර ඔවුන් "සාම නිලධාරීන්" ලෙස අදාල පනතට ඇතුලත් කල පසු. (නදී)

:       0       0

රණසිංහ Tuesday, 03 February 2015 05:04 AM

ඇසළ, ලහිරු, එක සිංහලයෙක් නෙමෙයි එක මනුස්සයෙක් කියලා හිතන්න. (නි)

:       0       0

චම්පිකා Tuesday, 03 February 2015 05:10 AM

තවමත් කොටි සෙල්ලම් මතක් කර කර අමරණිය නායකත්වයක් ගැන කතා කරනවා. අපි ඒකට සුදුසු ගරුත්වය දෙනවා. නමුත් ඒ පුද්ගලයා හැරෙන්න මේ රටේ ඊළඟ කල්ප ලක්ෂයකට සුදුසු නායකයෙක් පහළ වෙන්නේ නැහැ කියලා අතිශයෝක්තියෙන් ඇදහීම නම් මේ රටේ අනාගතයට හොඳ මදි. (නි)

:       0       0

රොහාන් Monday, 02 February 2015 02:07 PM

කරලා තිබන දේ දකිනකොට උල තියන්න ඕනා (නදී)

:       0       0

දිලිප් Tuesday, 03 February 2015 05:16 AM

තල වැපුරුවොත් ලැබෙන්නෙත් තල අස්වැන්නක්. මුං වැපුරුවොත් ලැබෙන්නෙ මුං අස්වැන්නක්. එසේනම් හැම දෙනෙක්ම කළ කී දේවල් වලට නිසි දඬුවම් ලැබිය යුතුයි.කුමන පුද්ගලයෙක් වුවත්. (නි)

:       0       0

කපිල Monday, 02 February 2015 02:13 PM

මම නම් දන්නා විදියට විධායක ජනාධිපති කෙනෙකුට එරෙහිව අධිකරණයට යන්න බැහැ. (නදී)

:       0       0

නිපුන් Tuesday, 03 February 2015 05:24 AM

ඇසල, ඔච්චර නපුරු වෙන්න එපා. (නි)

:       0       0

මෙලනි Monday, 02 February 2015 02:20 PM

පෙරටුගාමින් සරසවියේදී කල කි දේ නම් අපිට හොඳට මතකයි. ඉගෙනීමට බාධා ඇති වෙලා අවුරුදු කීයක් නිකරුනේ අපි එතනට නාකි වුනාද ? (නදී)

:       0       0

අමිල Monday, 02 February 2015 02:24 PM

මේ මොකද? මෙයාලා දැන් ධනපති නීතියටද වැඩ? (නි)

:       0       0

මනෝජ් Tuesday, 03 February 2015 05:48 AM

ඇසළ වගේ උදවිය අතීතයේත් ලංකාවේ හිටියා. දැනුත් ඉන්නවා. ඉස්සරහටත් උපදිවී. ලේ වැගිරීමක් සිදු වෙලා හෝ කාට හරි විපත්තියක් කරලා හරි තමන් කැමති නායකයාව බලයට ගේන්න වලි කන මිනිස්සු ඉපදීම මේ රටේ අවාසනාවක්. (නදී)

:       0       0

මාලති Tuesday, 03 February 2015 05:52 AM

ඇසළ, ඔයාගේ තිබෙන්නේ මොන වගේ දේශපාලන ප්‍රතිපත්තියක්ද කියල ඔය කියපු බෝම්බ කතාවෙන් අපිට පේනවා. චිකේ අර පිවිතුරු බන්දුල යහපාලවත් ඔහොම පහත් කතාවක් මෙතන ලියල නැහැ. (නදී)

:       0       0

මහින්ද Monday, 02 February 2015 02:29 PM

උතුමාණෙනි, බය නැතුව ඉදිරියට යන්න. අපි සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

චන්දන Tuesday, 03 February 2015 05:55 AM

ඔය කල ප්‍රකාශය වගකිමෙන්ද ඇසළ ඔබ මෙතන ලිව්වේ ? ඔබ කැමති හැටියට, බෝම්බයක් හරි පිපිරිලා එහෙම නැති නම් මනුෂ්‍ය ඝාතනයක් සිදු වෙලා හරි යම් පුද්ගලයෙක් බලයට පැමිණීම අනුමත කරනවා. මොන විදියේ මනුස්සයෙක්ද ඔබ ? (නදී)

:       0       0

අශෝක Tuesday, 03 February 2015 05:59 AM

ඇසළ වගේ අයගේ අදහස් දැක්කාම එදා අර ජනවාරි 9 වෙනිදා උදේ පාන්දර සිද්ද වෙන්න ගියා කියන දෙය ගැන අපිට හිතා ගන්න පුළුවන්. (හේ)

:       0       0

රුවන්-ඔස්ට්‍රේලියාව Tuesday, 03 February 2015 06:19 AM

මට ප්‍රශ්ණ දෙකක් තියෙනවා. කැමති කෙනෙක් උත්තර දෙන්න බලන්න. මහ පක්ෂ දෙකේම හොරකන් නොකරපු එක් කෙනෙකුගේ නමක් හා කෙළෙහි ගුණය කියන එක සිංහල අයට තියෙනවද කියල තමන්ගේ පපුවට තට්ටු කරලා බලල ඔව්ද නැද්ද කියල කියන්න. (නදී)

:       0       0

කේ. සිරි Tuesday, 03 February 2015 06:19 AM

බන්දුල නඩරාජා පෙරේරාට ජයවේවා. (නදී)

:       0       0

රුවන්-ඔස්ට්‍රේලියාව Tuesday, 03 February 2015 06:19 AM

මට ප්‍රශ්න දෙකක් තියෙනවා, කැමති කෙනෙක් උත්තර දෙන්න බලන්න.ප්‍රධාන පක්ෂ දෙකේම හොරකන් නොකරපු එක කෙනෙකුගේ නමක් හා කෙළෙහි ගුණය කියන එක සිංහල යට තියෙනවද කියලා තමන්ගේ පපුවට තට්ටු කරලා බලලා ඔව්ද නැද්ද කියලා කියන්න.(හේ)

:       0       0

මධූෂ Monday, 02 February 2015 02:40 PM

මේ හැමදේටම මුල යුද්ධය අවසන්කළ එක කියලයි මම හිතන්නේ (නි)

:       0       0

ජයසේන Monday, 02 February 2015 02:42 PM

යුද වීරයාට ගරු කරමු. (නදී)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 03 February 2015 06:33 AM

පන්නමු හොරු රැල රටින්ම .(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 03 February 2015 07:00 AM

හමුදා කුමන්ත්‍රණයකින් රට අල්ලන්න ගිය අයට දෙන්න ඕනේ දඩුවම දෙන්න කල් ගත වුණා වැඩියි. ලිබියාවේ ගඩාෆිට වගේ පැය 24 රෙන් පිළිතුරු නුදුන්නු එකට කවදා හෝ දවසක අපිට විදවන්න සිද්ද වෙනවා. හරියට සුනාමියෙන් කෝටි 8.5ක දුෂණයට දඩුවම් නොදී තියන් ඉදල අද වෙනකොට රටම විනාස කළා වගේ විනාසයක් ඉදිරියේදීත් අපිට බලා පොරොත්තු වෙන්න සිද්ද වෙනවා. (නදී)

:       0       0

අබේ-ටෝකියෝ Monday, 02 February 2015 03:04 PM

ඔබ තුමා රටටට ඕනැ වෙන දවස වැඩි ඈතක නොවේ. ඔබට චිරන් ජයතු. (නදී)

:       0       0

නාලක Monday, 02 February 2015 03:06 PM

මේවට දඩුවම් දෙන්නම ඕනා. අපේ ඡන්දෙන් ගිහින් අපිව ගොනාට අන්දලා කාබාසිනියා කරපු දනස් කන්දේ දිහා බැලුවම ? (නදී)

:       0       0

පාලිත Monday, 02 February 2015 03:08 PM

යුද්ධය දිනුවා කියලා රට විනාශ කරන්න දෙන්න කැමති කවුද? (නි)

:       0       0

මරික්කාර් Monday, 02 February 2015 03:25 PM

ආයුබෝවේවා මහරජාණෙනි! (නි)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 03 February 2015 07:11 AM

යුද්දයෙන් මොළ හෝදපු අපි ඉස්සර බලන් හිටියේ යුද්දය ජයග්‍රහණය කරන හැටි විතරයි. ලසන්තලා, ප්‍රගිත්ල කියපු මිග් යානා ගනු දෙනු, කෆීර් යානා ගනුදෙනු, පත්තු වෙන හැම බුලට් එකකින්ම එකතු වෙන ඩොලර් දනස් කන්දය ගැන කියපු දේවල් අපිට ඇහුනේ නැහැ. නැවත අපිව පුනුරුත්තාපනය කරලා නැවත යතා තත්වයට පත් වෙනකොට රටට වෙන්න ඕනේ විනාසය සිද්ද වෙලා ඉවරයි. (නදී)

:       0       0

චාමික Monday, 02 February 2015 03:38 PM

දවස් 100ම නඩු වලටම ගෙවෙයි නේද? (නි)

:       0       0

සුනිල් Tuesday, 03 February 2015 07:17 AM

සමහරු තවමත් පරණ ජනපති සමගයි කියල කියන්නේ චෝදනා ඔප්පු උනත් ඔහු සමගයි කියන එකද. ඒ කියන්නේ තමන් ප්‍රවේනි දාසයෝ මිසක් පුරවැසියෝ නොවන බවයි. (නදී)

:       0       0

දිල්ෂාන් Monday, 02 February 2015 03:42 PM

වහාම විභාග කරන්න. ජනතාවට අයිතියක් තියනවා දැනගන්න. මේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. (නි)

:       0       0

සමන් Monday, 02 February 2015 03:44 PM

අපිට නිදහස් රටක් ලබාදුන් ඔබ සමඟයි අපි සැමදා. ඔබට දීර්ඝායු! (නි)

:       0       0

නිමල් Tuesday, 03 February 2015 07:24 AM

ආ තාමත් කට්ටිය මේ හොරුන්ට ගොට්ට අල්ලනවා (නදී)

:       0       0

බණ්ඩාර Monday, 02 February 2015 03:50 PM

බලාගෙන ගියාම පුදුම වැඩනේ කරලා තියෙන්නේ.... (නි)

:       0       0

තරංග Monday, 02 February 2015 03:56 PM

අපි ඔබ අමතක කළේ නැත මැතිඳුනි! (නි)

:       0       0

පාරමී Monday, 02 February 2015 04:05 PM

අපි ඔබ සමඟයි සැමදාම ජනපතිතුමනි. අපි තවම සිතන්නේ ඔබතුමා ගැන පමණි. අපේ එකම නායකයා ඔබතුමායි. චිරන් ජයතු! (නි)

:       0       0

චූලා Monday, 02 February 2015 04:07 PM

කවුරුහරි රටක නීතිය කඩනවා නම් කවුරු කළත් ඒක වැරදියි. මොළය ටිකක් හරි ඇත්නම් මෝඩකතා නොකියා ඉන්න. (නි)

:       0       0

දර්ශන Monday, 02 February 2015 04:09 PM

සමහරු තවමත් තේරුම් අරගෙන නැහැනේ! (නි)

:       0       0

ලසන්ත Monday, 02 February 2015 04:25 PM

පෙරටුගාමී නොවී පසුගාමී වැඩ නම් කරන්න එපා (නි)

:       0       0

හේවාවසම් Monday, 02 February 2015 04:58 PM

අප ජනාධිපති මහින්ද රාජපක්ෂතුමනි, මේ පළිගැනීම් තුළින් ඔවුන් පිරිහෙනවා ඇති. එතැනින් ඔබේ ආරම්භය පටන්ගනු නියතයි (නි)

:       0       0

ආනන්ද ආර්. Monday, 02 February 2015 05:14 PM

එතුමාගේ වචන වලින්ම හඳුන්වපු බුද්ධිමත් ජනතාවට සාධාරණයක් ඉටුකළා නම් නඩු වැටෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Monday, 02 February 2015 05:18 PM

සමහරු ජනප්‍රිය වෙන්නට ක්‍රමයක් සොයනවා වාගෙයි (නි)

:       0       0

මගලි ෆොන්සේකා - මෙල්බර්න් Tuesday, 03 February 2015 08:42 AM

රුවන් - ඔස්ට්‍රේලියාව,පසුගිය ආණ්ඩුව තරම් හොරකම,දුෂණය,වංචාව වැපුරු වෙනත් ආණ්ඩුවක් තිබුණේදැයි මට කියන්න.(හේ)

:       0       0

ධූෂර Monday, 02 February 2015 05:32 PM

හැමදාම රජකරන්නත්, නොමැරී ඉන්න හිතාගෙනත් කළ දේවල් වල ප්‍රතිඵල දැන් සමහරු විඳිනවා (නි)

:       0       0

පද්මසිරි Monday, 02 February 2015 05:37 PM

සමහරු අදහස් පළකරන්නේ මැරිලා ඉපදුනා වගේ එක මාසෙට. උදේ ගෙදරින් ගිය කෙනා නැවත ගෙදර එන එකවත්, යන එකවත් විශ්වාසයක් නැතුව තිබුන රටකට කොන්ද පණ තියාගෙන පිටරටවල තර්ජන වලට අවනත නොවී ත්‍රස්තවාදය නැති කරන්න නායකත්වය දුන් එකේ කළගුණ සළකන්න අපේ මිනිස්සු ළඟ මනුස්ස ගතිගුණ නැති එක පුදුමයි.හිටපු ජනාධිපතිගේ අඩුපාඩුකම් තිබුන නිසා එතුමා ඡන්දෙන් පරාජය වුණා.තවත් මොනවාද කරන්න තියෙන්නේ? (නි)

:       0       0

රසිකා Monday, 02 February 2015 05:48 PM

අපි ඔබ සමඟයි ජනාධිපතිතුමනි. ඔබට ජයවේවා! (නි)

:       0       0

ආනන්ද Monday, 02 February 2015 05:52 PM

ඡන්දය ඉල්ලනකොට 'විධායක ජනපතිකම' නැහැ. තවත් ජනාධිපති අපේක්ෂකයෙක් විතරයි. නඩු දාන්න පුළුවන් ඒ කාලයේදී කළ දේවල් වලට. (නි)

:       0       0

බන්දුල පැරිස් Monday, 02 February 2015 06:02 PM

ගඩාෆි, මුබාරක්, සදාම්හුසේන්, බෙන් අලි යන අය සැප වින්ඳත් තෙල් සම්පතින් ජනතාවට යමක් කළා, දුප්පත් අයට උදවු කළා. ඒත් මෙහේ එහෙමද? (නි)

:       0       0

විරන්ත Monday, 02 February 2015 06:04 PM

ජනාධිපතිතුමනි, ඔබට බුදු සරණයි! (නි)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Monday, 02 February 2015 06:08 PM

රට බේරගත්තාට වැඩිය රටට විනාශයක් කර තිබෙනවාද කියා තේරුම් නොගන්නේ ජනතාවගේ මොළ සේදී ඇති නිසාද? (නි)

:       0       0

යසරත්න Monday, 02 February 2015 06:16 PM

එතුමාව හැම පැත්තෙන්ම හිරකරන එක වැරදියි (නි)

:       0       0

රන්දික Monday, 02 February 2015 06:36 PM

මේ වගේ අයට මිනිස්සු ඡන්දත් දුන්නද? (නි)

:       0       0

සමන් Monday, 02 February 2015 06:57 PM

තවමත් පැවති රජයට කඩේයන අය ඉන්නවනේ? (නි)

:       0       0

ලසන්ත Monday, 02 February 2015 07:43 PM

මිනිසුන්ට තවත් ලැජ්ජා නැහැනේ! (නි)

:       0       0

රන්ජිත් Monday, 02 February 2015 09:08 PM

සංචාරක වීසාවකින් ලංකාවට පැමිණ මෙරට දේශපාලනය පහුරුගාන උදවියටත් නඩු දැමිය යුතුයි. (නි)

:       0       0

අමිල Tuesday, 03 February 2015 11:01 AM

මේ අය බයවෙලා දගලන්නේ මහින්ද මහත්මයා නැවත ඡන්දයකට ඉදිරිපත් වෙයි කියලා .(හේ)

:       0       0

ලසන්ත Monday, 02 February 2015 10:25 PM

මහින්ද මහත්තයාට පෙරටුගාමීන් බයයි වගෙයි (නි)

:       0       0

මහේසි Monday, 02 February 2015 10:40 PM

අනාගතයේදීවත් බලයෙන් මාන්නයෙන් හිස උදුම්මාගෙන නාඩගම් නටන්න කවුරුවත් එන්නේ නැහැ මේ විදියට නඩු දැම්මහම. (නි)

:       0       0

නඩරාජා Monday, 02 February 2015 11:08 PM

ඡන්දෙන් පසු හැමදාම දකින්නේ වෛරී දේශපාලනය? කෝ මෛත්‍රී දේශපාලනය? ක්‍රෝධය, ඊර්ෂ්‍යාව තමයි රජ කරන්නේ (නි)

:       0       0

චන්න Monday, 02 February 2015 11:10 PM

ඔන්න තවත් නඩුවක් වැටිලා. අනුන්ට කරන දේවල් පාරා වළලු වගේ තමන්ට ආපසු එනවා. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 02 February 2015 11:28 PM

සැමදා අපේ ජනපති ඔබමයි. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

නාලක Tuesday, 03 February 2015 12:51 AM

වැරදි කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)

:       0       0

නාලක Tuesday, 03 February 2015 12:55 AM

අපි ඇත්ත දකිනවා (නි)

:       0       0

ක්‍රිශාන්ත Wednesday, 04 February 2015 01:34 AM

නඩු දදා කාලය නාස්ති නොකර යුද්දයෙන් බේරාගත් රටට ආදරයක් ඇතිනම් සහයෝගය දෙන්න. දුෂණයෙන් තොර රටක් ගොඩනගා තවත් රට සංවර්දනය කරන්න. එය තමයි ප්‍රයෝජනවත්ම දේ රටේ පුරවසියන්වන අපට (නදී)

:       0       0

මෙන්ඩිස් Tuesday, 03 February 2015 01:12 AM

දැන් මේ දේවල් ඇති. අපිට වැඩකරලා පෙන්වන්න (නි)

:       0       0

හසිත් Tuesday, 03 February 2015 01:20 AM

කපිල, ඒ නීතිය අපි දන්නෙම නැතුව වෙනස් වෙලා වගෙයි නේද? අන්න ඒකයි ප්‍රශ්නය! (නි)

:       0       0

ගිහාන් Tuesday, 03 February 2015 01:24 AM

නඩරාජා, ඔබ කියන විදියට එහෙනම් වැරදිකරුවෙකුට විරුද්ධව ඒ අගතියටපත් කෙනාට නඩුවක් පවරන්න බැහැනේ! (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Tuesday, 03 February 2015 01:24 AM

කපිල මහත්තයෝ, ඔබතුමාට වැරදිලා. බලයේ ඉන්නතුරු බැහැ. බලය නැතිවුණ දාට පුළුවන්. (නි)

:       0       0

රංග Tuesday, 03 February 2015 01:28 AM

නඩරාජා, මම මේ නඩුව ගැන නෙමෙයි අහන්නේ. ඔයා කියන විදියට එතකොට මේ රටේ වැරදිකාරයන්ට දඬුවම් ලැබෙන්න විදියක් ඇත්තෙම නැහැනේ. කුඩු ගෙන්වපු අයට, ස්ත්‍රී දුෂකයන්ට, මිනීමරුවන්ට මෛත්‍රී කරලා නිදහස් කරන්න ඕනෑ. එහෙමද? (නි)

:       0       0

දිනේෂ් Monday, 02 February 2015 12:42 PM

ජනපතිතුමනි, අපි නම් සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 739 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 556 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 785 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 593 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 505 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 319 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site