IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


හිටපු ජනපති - අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

වසර 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශයන්ට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු යහපාලන රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හා නිලධාරීන් අපරාධ චෝදනාවලට ලක්විය යුතු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අග්‍රාමාත්‍යවරයාට අමතරව, එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.

පූර්ව අනතුරු ඇඟවීම් නොතකා හරිමින්, ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වූවන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර තිබේ. 

2019 පාස්කු ප්‍රහාරය හේතුවෙන් කතෝලික දේවස්ථාන කිහිපයකදී සහ සංචාරක හෝටල දෙකකදී පුද්ගලයින් 270 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.



අදහස් (18)

හිටපු ජනපති - අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

Rata Perata Sunday, 07 February 2021 08:10 AM

ඉන්න ජනපති සහ අගමැතිගේ දේවල්වලට කවදා චෝදනා දෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.

:       4       6

De Sunday, 07 February 2021 08:17 AM

අප්පට සිරි කිව්වලු.. එතකොට මෙයාලද අනේ මේක කරවලා තියෙන්නේ? මම හිතුවේ සහරාන් ඇතුළු සෙට් එකට උදව් කරපු සෙට් එක ඇතුළට දායි කියලා... ‘‘අයියෝ සර්...‘‘

:       2       9

kanishka dahanayake Sunday, 07 February 2021 08:21 AM

එතකොට බෝම්බය පිපිරී ගිය වහාම මමයි මී ලඟ ජනාධිපති කියලා කයිය ගහලා පත් වූ එක්කෙනා නිවැරැදි කාරයෙක් කියලා හිතනවද? අනේ මෙහෙම නාඩගම්.. රනිල් අමාරුවෙන් යන ගමන් ගෙනගිය ආණ්ඩුවට බෝම්බ ගහපු අය තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. ඒකට බොරු කරන්න මොන ජගතෙකුවත් නැහැ. බලමුකෝ මොකද වෙන්නේ කියලා..

:       2       6

maru sira Sunday, 07 February 2021 08:58 AM

සර් අපේ පොරක්නේ...

:       1       4

Raveendra Sunday, 07 February 2021 09:03 AM

මොන චෝදනා ආවත් පතෝල මුදලාලියි, සූත්තර පුංචා නොහොත් ඇම්ඩන් නොහොත් තුන්ලෝකෙට උගතා හීන් නූලෙන් ලිස්සලා යයි. එ්ත් ඉතින් අපේ දක්ෂ නැට්ටුක්කාර ගායකයා ඇතුළු පිරිසට නම් කල්දේරම් බත කන්න වෙයි වගේ...

:       2       2

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 February 2021 09:10 AM

මේ අය වැරදිකරුවන් කියා උපකල්පනය කරන්නේ නම්, මේ කොමිසම් ගැන හෝ ඒවායේ නිර්දේශ ගැන නොසිතා ඔවුන්ව කෙලින්ම රටේ පිළිගත් අධිකරණය වෙත යොමු කිරීමයි කළයුතුව තිබුණේ සහ තිබෙන්නේ. රටේ යුක්තිය පසිඳලීම සඳහා පවතින පිළිගත් අධිකරණයට හා විනිසුරුතුමන්ලාට දේශපාලකයින්ගේ උවමනාවට පත්කරනු ලැබූ කොමිසම් මගින් නිර්දේශ ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවනුයේ, එම විනිසුරුතුමන්ලා නීතිය මැනවින් දත්, ස්වාධීන ස්වෛරී නිදහස් පුද්ගලයන් වීම නිසාය. එසේ එතුමන්ලාට හා ගරු අධිකරණයට කිසියම් කෙනෙකු ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම එතුමන්ලාගේ මතයට හා අදාළ නඩු කටයුත්තට අනිසි බලපෑමක් ඇතිකිරීම හෝ එසේම එතුමන්ලාට හා ගරු අධිකරණයට හිතාමතාම කරනා අපහාසයක් මෙන්ම හෑල්ලුවට ලක්කිරීමක් ලෙස කාට හෝ සිතියහැකියි නේද? එය සිතීමේ නිදහසට අනුව කළහැකි දෙයක් නේද?

:       0       5

siri Sunday, 07 February 2021 10:06 AM

"ඔන්න කනෝ පිනුම්" කීවලු. මේ නඩු නම් ඇහෙයි සුටුස් ගාලා.

:       1       3

Kamal Koyrala Sunday, 07 February 2021 11:03 AM

වහාම කොමිසමක් පත්කර තව අවුරුදු 04ක් ඇදගෙන යන්න අපේ ආණ්ඩුවක් එනකම්. ශ්‍රී ලනිපය රජයෙන් වෙන් වෙන්න ඕනෑ...

:       1       1

ara Sunday, 07 February 2021 12:13 PM

නොසැලකිල්ලට අපරාධ චෝදනා කරන්න පුළුවන්ද?

:       1       1

Deepal Sunday, 07 February 2021 03:53 PM

නාට්‍ය පටන් ගත්තා.

:       1       2

Demuni Uduwara Sunday, 07 February 2021 06:08 PM

කැකිල්ලේ තීන්දුවක්...

:       1       3

Royfedricks Sunday, 07 February 2021 11:29 PM

නිකම් බොරු චෝදනා, ඔය දෙන්නට මොකුත් වෙන්නේ නැහැ....

:       1       5

Nimalsiri Bandu Monday, 08 February 2021 05:55 AM

ලිපිනය සොයාගත නොහැක.. ලිපි එහාට මෙහාට ගිහින් එනකොට ඡන්දය ඇවිත් තියෙයි. එතකොට මොකද කරන්නේ?

:       1       2

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 February 2021 06:15 AM

අප මේ වරදට, වැරදිකරුවන්ට සුදුහුණු ගානවා නොවෙයි. අප මේ රටේ බොහෝ දේශපාලයන් ගැන දන්නවා. ඒත්, මේ රටේ පවතින නීතිය අනුව අධිකරණයකින් වැරදිකරුවෙකු වෙනතෙක්ම ඔහු නිවැරදි කරුවෙක්. රටේ පිළිගත් නීති හා අධිකරණ සම්ප්‍රදායෙන් බැහැරව, චෝදනා ඇතැයි නීති ක්ෂේත්‍රයේම අය පවසන අය යොදාගෙන මේ කරනා වැඩ කුමක් අරභයා කරන්නේ දැයි සිත්වල සැක සංකා ඇතිවේ. රටේ පිළිගත් ක්‍රමවේදයට හා සම්ප්‍රදායට පිටින් මේ කෙරෙනා වැඩ නිසා අපගේ සමස්ත නීති හා අධිකරණ පද්ධතියට හානියක් නොවන්නේද ? මෙවැනි ක්‍රියා මේ රටේ අධිකරණයට කෙරෙනා අපහාස නොවන්නේද ? රටේ අධිකරණයට කිසියම් පුද්ගලයෙක් ගැන දේශපාලකයන්ගේ අණ මත හිටපු විනිසුරුවෙකුට හෝ තවත් අයට මෙසේ බලපෑම් කළ හැකිද? කරුණාකර මොවුන් කළ වරදක් වේ නම්, මොවුන් රටේ පිළිගත් අධිකරණය වෙත යොමුකොට ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන්න. කළ යුත්තේ එයයි...

:       0       5

Rata Perata Monday, 08 February 2021 07:22 AM

ඇයි ඉන්න එක්කෙනා කරපු සල්ලි හොරකම... , මිග් හොරකම, ඇවන්ඩ් ගාඩ් හොරකම වගේ ඒවට දඬුවම් නැද්ද?

:       2       10

BamunuarachchiMonday, 08 February 2021 09:47 AM

ඒවා ගැන හොයලා නඩු දමන්න තිබුණේ යහපාලක ගොයියන්ට ඔවුන්ට එය කරගන්න බැරි වුණේ ඔවුන් ෆේල් නිසා. අපි අපේ යුතුකම කරන්නම්. උසාවියේ නම සඳහන් වුණත් ඇති. දැන් අපේ වාරය...

:       9       3

මුණසිංහ Monday, 08 February 2021 07:27 AM

දැන් ඉතින් වැල්වටාරම් ගහන්නේ නැතිව තමන්ගේ නිරවද්‍ය බව පෙන්නන්න.

:       1       2

චෞර Monday, 08 February 2021 12:23 PM

"ඔන්න කනෝ පිනුම්" කීවලු. සමහරවිට මේ නඩු නම් අහලා දඬුවමුත් දෙයි "සුටුස්" ගාලා...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 45 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 97 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 113 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මැයි රැළි ඇති ප්‍රදේශවල සුරාසැල් හෙට වහයි
2025 අප්‍රේල් මස 30 127 0

මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය


අක්කර දාහක වන වගාවක් හදන්න යයි
2025 අප්‍රේල් මස 30 315 0

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.


මරදාන - කොටුව අතර දුම්රියක් පීළි පනී
2025 අප්‍රේල් මස 30 217 0

මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 232 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 68 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1094 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site