(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11)සිංගප්පූරුවේ සිට තායිලන්තයේ දොන් මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට බැංකොක් වේලාවෙන් රාත්‍රී 8 ට පමණ පැමිණි බව තායිලන්ත බලධාරීහු තහවුරු කළහ.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලබා දී තිබූ කෙටි කාලීන සංචාරක බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු අද සවස සිංගප්පූරු සෙලෙටාර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව සිංගප්පූරු බලධාරීන් ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට මානුෂීය හේතුන් මත තායිලන්තයට පැමිණීමට ඉඩ ලබාදුන් බවත් රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථිර රැකවරණ සොයන අතරතුර තායිලන්තයේ රැඳී සිටින කාලය තුළ කිසිඳු දේශපාලන කටයුත්තක් නොකරන බවට පොරොන්දු වූ බවත් තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා මහතා පැවසුවේය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ජනපති ගෝඨා තායිලන්තයට
Lalith M Thursday, 11 August 2022 09:07 PM
ලෝකයේ අපකීර්තිමත්ම පාලක පවුල. රාජපක්ෂ පවුල. බලය අනිසිලෙස භාවිත කරන සැමට රතු එළියක්......
සුරෙශ් Thursday, 11 August 2022 10:00 PM
චිරන් ජයතු ජනපතිදුනි!
Nihal S Friday, 12 August 2022 01:13 AM
Mr. Ex President, I feel very sad when I see your wife face, an innocent lady is suffering. But from inside your heart - you know things you have done in power since your time as the Defence Secretary.
nimal Friday, 12 August 2022 02:15 AM
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු වීසා ලබාගෙන යළිත් ඇමෙරිකාවට ගොස් ඔහුගේ මුණුපුරා සමග ටික කලක් ගතකර ඔහු කැමති වෙලාවක නැවත ලංකාවට පැමිණිය හැකියි.
චතුරිFriday, 12 August 2022 06:09 AM
ගෝඨාභයට මුණුපුරා බලන්න නැවත ඇමරිකාවට එන්න පුලුවන්. එහෙම එන්න පුලුවන් නම් ඇයි වෙනත් රටවලින් වීසා හිඟා කන්නේ. ගෝඨා ඇමරිකන් පුරවැසිභාවය ලබා ගනිද්දි අපි දිවුරුම් දෙනවා විභාගයකට මුහුණ දෙනවා. ඒ ඇමරිකන් රටේ නම කැත නොකර මිනිසුන්ට කරදර නොකර ඒ වගේ ගොඩක් දේවල් නොකරන විදියට පොරොන්දු වෙනවා එයා පුරවැසිකම අයින් කරන්න උත්සහ ගත්තා නොදන්න දේවල් කරන්න ගිහින්. එයාට මේ පළාතටවත් නැවත එන්න බැහැ. රටක් වට්ටන්න ලේසියි. ගොඩ ගන්න කොයිතරම් කාලයක් යනවද? ඒ වගේද මිනිසුන් කොයිතරම් දුක් විඳිනවාද? ගෝඨා නීතිය අවභාවිතා කරලා තියෙන්නේ. මිනිසුන්ට දුන්න ගින්දර එයාට පත්තු වෙනවා. අයියලා මල්ලිලා මල් පුජා කරපු තරමට. ඉන්න විදිය දැක්කම ලැජ්ජයි. වැඩ කරලා මහන්සි වෙලා උපයපු මුදල් නෙමෙයිනේ ඔය වියදම් කරන්නේ හොරකම් කරපුවා. ඒවා නැති නාස්ති වෙලා යන්නේ ඔය විදියට. මරණයත් කවදා හරි මහපාරේ ඒක ශුවර්.
sharm warnFriday, 12 August 2022 11:28 AM
අයියෝ නිමල්.. ඔයා දන්නෙ මොනවද? අමරිකාව කියන්නෙ රාජපක්ශලාට ඔන විදියට නටන රටක් නෙමෙයි.. එ රටෙ කවුරු ජනපති වුනත් රටෙ මුලික ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නැහැ.. එයාල කෙලින්ම කිව්ව එයලගෙ පුරවසිකම අත හැරපු අයට හදිසි අත්‍යාවශ්‍ය හේතුවකට අරෙන්න කිසිම විටක සංචාරක වීස දෙන්නෙ නැහැ කියල.. බයියෙක් කියල ලෝකෙට පෙන්නන්න එප.. ගෙදර මිනිස්සුන්ටත් පාරෙ බැහල යන්න ඉඩක් තියාගන්න..
චින්තක Friday, 12 August 2022 06:15 AM
මේ මනුෂ්‍යයා ආරක්ෂක ලේකම් ලෙසට රටේ ජනතාවගේ දේපළ බලහත්කාරයෙන් මාර්ග සැකසීම සඳහා කඩා දැම්මා ඒවාට කිසිම වන්දියක් නොලැබෙන ආකාරයට අයිතිකාරයෝ ලවාම හමුදාව යොදාගෙන බලයෙන් කලේ. ලංකාවේ මිනිස්සු හරියට කුහකයි.ඒනිසා එයට ඔහුට ප්‍රශංසා කලා.පූජ්‍ය පක්ෂය හා කුහක ජනතාව හිතුවේ මිනිහා ආවොත් රට හදන්න පුළුවන් කියලා .පන්සලෙන් කැළණි ගඟෙන් පටන් ගත් මේ අරගලය 2015දී රාජපක්ෂලා පලවා හැරි බවත් අමතක කරල ඉහළම බලයෙන් පත්කලා.ඔහුට එයත් මදිවට 20 සම්මත කර අතීතයේ රජෙකුට මෙන් බලය ගත්තා නමුත් පළපුරුදු නැතුව ජනාධිපතිකම කොහොම කරන්නද.මේකට රාජපක්ෂ පවුලේ ඔක්කොමලා වගකිවයුතුයි. ඒ අතර දැනට සිටින විපක්ෂ නායක තැනත් නාමයෝජනා අවස්ථාවේ විදේශ පුරවැසියකු නාමයෝජනා දුන් බව පෙන්වා විරෝධතා ඉදිරිපත් නොකිරීමද හේතුවක් වුනා කොහොම හරි මම කියන්නේ තන්හාය ජායතී සෝකෝ තන්හාය ජායතී භයං සත්‍ය වුනා කියලා .මෙතුමාට අනුන්ගේ අගුපිල් වල ලගින්න වුනේ අනාගතයේ නාමල්ට පාර හදන්න ගිය නිසා කියන්න වෙනවා
සෑම් Friday, 12 August 2022 07:01 AM
ශ්‍රී ලංකා රජය කළ යුතු වන්නේ මොහුට ලොව වටේ සංචාරය කරන්න උදව් කිරීම නොව ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගෙන රාජ්‍යය බංකොලොත් කිරීමට එරෙහිව නඩු පැවරීමත් මොහුට විරුද්ධව කලක පටන් ඇති නඩු 35 විභාග කිරීමත්වේ. නමුත් මොවුන් රනිල් ජනාධිපති කරේ ගෝඨා සහ ඔහුගේ හොර පරම්පරාව රැකීමට මිසක් රට හැදීමට නොවන වග දැන් හොඳාකාරවම පැහැදිලියි. එක පැත්තකින් හොරු රකින ගමන් රනිල්ට කිසිසේත්ම රට වලෙන් ගොඩ ගත නොහැක.
මරිසිපාල Friday, 12 August 2022 07:45 AM
ලක්ෂ හැට නවයක් ජනතාව ඡන්දය දීලා ජනාධිපති කරල හිතුවේ රටේ දියුණුව .නමුත් පරම්පරාව හැමදාම බලයේ ඉන්න හිතාගෙන වැඩ කලා.ස්වභාව ධර්මයා වුනත් විවිධ බාධක ඇති කර ඔහුට පාලනය කරන්න බැරි කලා.ජනතාව පීඩාවට පත්වුනා .අන්තිමේ එක එක රටවල අනාථයෙක් නැත්නම් සරණාගතයෙක් වගේ ඉන්න වුනා .මේකට චමල් ,මහින්ද ,බැසිල් චමල්ගෙ පුතා නාමල් සජිත් සහ බෙංගමුවේ ,මුරුත්තෙට්ටුවේ හා කැළණියේ කණ්ඩායම වගකියන්න ඕන. ජනාධිපති තනතුර නැති කාලයේ හාමුදුරුනමක් කියලා තිබුනා අපායට යන්න ඕනෑ නම් නුඹට කරපං මහ ඇමතිකම එක දවසකට කියලා එහෙම නම් ගෝඨාභය ආදර්ශයට ගෙන අවුරුදු 75ක් පමණ කාලයක් මෙරට පාලනය කල හා කිරීමට සිටිනා සියලු දෙනාම යම් දිනක අපායට යන්න වෙනවා කියලා සිතාගෙන වැඩ කලොත් හොදයි.
රෝහණ Friday, 12 August 2022 07:54 AM
ඔබතුමා යහපත් මිනිසෙකි. අන් අයගේ උපදෙස් එලෙසම පිළිගැනීම නොකළයුතුදෑ බැහැර නොකිරීම ඔබතුමාගේ දුර්වලකමයි. බුදු සරණයි.
sharm warnFriday, 12 August 2022 11:29 AM
අනේ ඔව්.. ආසාවට මාලු ටැංයක මෝරු දෙන්නෙක් ඇති කලාට පුස් පටියෙකුටත් වඩා අහින්සකයි. . එකනෙ දැන් ඉන්න හිටින්න තැනක් නැතුව ඉබාගාතෙ යන්නෙ.. මට දුක අර අසරණ නෝන ගැන..
SudheshFriday, 12 August 2022 02:58 PM
මෝරු තල්මස්සු ඇති කරාය කියපු මිනිහා තමන්ගේ ජනාධිපතිකම දාල ගියත් මිනිස්සුන්ට වෙඩි තියන්න අණ දුන්නෙ නෑ. ඒ වෙලාවෙ වෙන නායකයෙක් හිටිය නම් දහස් ගාණක් මරල හරි තමන්ගේ බලය රැක ගන්නව. අරගලේ කියල කොල්ලො කෙල්ලො ටික ගොනාට අන්දලා එක්කන් ඇවිත් කරපු කෙරුවාව ගැන මොකට කියනවද ඉතින්. ගෝඨත් ඡන්දෙ ඉල්ලලා, අනිත් නායකයොන්ගෙ (මහින්දත් ඇතුලුව) කරපු පව් වලට කර ගැහුවා.
sharm warnFriday, 12 August 2022 05:19 PM
සුදේශ්, ඔයා නොදන්නව උනාට. . එහෙම අණ දුන්නා.. නමුත් හමුදා නිලධරීන් එහෙම කලේ නැහැ.. වෙඩි තියපු සිදුවීම් දෙක තුනත් පොලීසියේ සහ විශේෂ කාර්ය බළකයේ අය කරපු දේවල්.. හමුදාවේ අය වෙඩි නොතිබ්බේ ගෝඨාභය එහෙම කරන්න කිව්වේ නැති නිසා කියලා මිත්‍යාවක ගිලෙන්න එපා.. ඔහොම රැවටෙන්න ගියොත් ඔයාලා ගෝඨව ආයෙමත් රජ කරවල මේ රටේ ඉතුරු ටිකත් වල පල්ලට යවයි.. ඒක මතක තියා ගන්න..
ruwan Friday, 12 August 2022 09:21 AM
විධායක බලය පාවිච්චි නොකර ලංකාව වගේ රටක ජනාධිපතිකම කරන්න බෑ කියන එකට හොඳම උදාහරණය. දැන් ඔය ලස්සනට රනිල් කරන්නේ. ජේවීපියට අහුවෙලා කරගත්ත මෝඩකම තේරෙන්න මිනිස්සුන්ට තව කල් යනවා
මැක්ස් Friday, 12 August 2022 10:55 AM
දුකේදිත් සැපේදිත් ඇය ඔහු අසලමයි. තෙරැවන් සරණයි ඔබ දෙපළට! නැවත මෙහි එන්න. සියලු ශ්‍රී ලාංකිකයන් ගුණමකුවන් නොවේ.
NihalFriday, 12 August 2022 02:18 PM
100%ක් ඇත්ත...!
Kumara Friday, 12 August 2022 01:14 PM
එළවනකම්ම හිටිය රටින් රටට ටුවර් යන්න.නේද?
බද්රානි Friday, 12 August 2022 03:37 PM
පාස්කු ප්‍රහාරය මෙන්ම කොරෝනා වසංගත සමයේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට කළ ඒ අසාධාරණයේ ශාපය තමයි ඔහු මේ ගෙවන්නේ. ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගේ රටේ ජනතාවට තමන්ගේ මව්රට වැහුවේ නැහැ. නමුත් මොහු ඒ සැහැසිකම ඒ මොහොතේ අසරණ වී සිටි ලාංකික ජනතාවට කළා. මම නම් ලාංකිකයෙක් ලෙස ප්‍රාර්ථනා කරන්නේ මොහුට රටක් අහිමි සරණාගතයෙක් ලෙස ලෝකයේ නන්නත්තාර විය යුතුයි!! ඒ වගේම මොහු රටට සැමදාම ආදරය කළ විදේශගත ශ්‍රමිකයින්ට ලංකාව අප්‍රසන්න තැනක් බවට පත්කළා. ඒක ඔහුට පමණක් නොවෙයි, මේ රටටත් ශාපයක් වුණා. මොහු බිහිකළ ව්‍යාපාරික මාෆියාව ගැන කිසිවක් නොලියමි... නිදසසින් පසුව ලංකාවේ සිටි අඥාණම පාලකයා ඔහුයි.
Nihal Sunday, 14 August 2022 06:01 AM
බ්‍රිතාන්‍ය අගමැතිවරයා කිව්වේ තව අවුරුදු 7කටවත් එම රට යථා තත්වයට ගන්න බැරි බවය. එහෙන් කලුසුදු භේදය මේ වසරේ මේ වෙනකොට පමණක් දරුවන් පිහියෙන් ඇනලා 28ක් මැරුවා. USA වල වෙඩි තියලා සිය ගණන් මරන්නේ...!