(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කිසිඳු තොරතුරක් තමන් දැන නොසිටි බවට බෞද්ධයෙක් ලෙස බුදුන් වහන්සේගේ දෙපා නැමද හෝ ඕනෑම තැනක කුරුසියේ අතගසා කිව හැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ ගැන තොරතුරක් සිටියේ නම් තමන් එවැනි විනාශයක්වීමට ඉඩනොදෙන බවත්, එවැනි තොරතුරක් ගැන බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ තමා දැනුවත් කළේ නම් කිසිදු හේතුවක් මත තමා රටින් පිටව නොයන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ පොළොන්නරුව නගරයේ පිහිටි නිර්මල දේවමාතා කිතුණු දේවස්ථානයේ නව දේව මන්දිරය ඉදිකිරීම සඳහා දායකවූවන්ට ආශීර්වාද කිරීම සඳහා එම දේවස්ථානයේදී පැවති ආශීර්වාද පූජාවකට එක්වෙමිනි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ද ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියෙන් ඒ සඳහා ආධාර ලබාදී තිබිණි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී තමා විදෙස්ගත වූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සිංගප්පූරුවට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බව ද පැවසීය.
තමන් රෝහලේ සිටියදීත් මේ ගැන දැනුවත් කර ඇති බවට මාධ්‍ය සහ ඇතැම් අය චෝදනා කළත් තමන් ප්‍රතිකාර ලැබූ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ රෝගීන් අසලට දුරකතන රැගෙනයාමේ හැකියාවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ ගැන තමා විසින්ම පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ද ප්‍රකාශ කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
ප්‍රහාරයක් එල්ල වන බවට සිංගප්පූරුවේ සිටියදී හෝ ආරක්ෂක අංශ තමා දැනුවත් කළේ නම් වහාම ආරක්ෂක අංශවලට උපදෙස් දී ක්‍රියාමාර්ග ගන්නා බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිටපු ජනපති මෛත්‍රි දිවුරයි
දාස Monday, 28 February 2022 05:32 AM
මේ ඉන්නෙ බොරුවෙ උපත උදේට ඔව් කියනව රැට නෑ කියනව ඒ වගේ ඉතාම පහත් චරිතයක් මේ. පාස්කු ප්‍රහාරය අංරචි උනාම තමන්ට සිංගප්පුරුවෙ ඉඳල එන්න ඒ වෙලාවෙ ප්ලෙන් තිබුනෙ නෑ කිවුවා .ෆොන්සේකා මහත්තයා රටට කිවුවා මෙයාට එන්න ප්ලේන් කීපයක්ම තිබුනා ,මෙයා ඕන කමින්ම ආවෙ නෑ කියලා . කුරුසේ නෙමෙයි මේ මිනිහා ඕන තැනක අත ගහල බොරු කියයි.ඒ වගේ පහත් මිනිහෙක්.රටේ මිනිසුන් මේ බොරු කාරයා පිලිගන්නෙ නෑ.මොහුට ස්වභාව ධර්මය අද හෙටම උපරිම දඬුවම දෙනවා
අප්පුහාමි Monday, 28 February 2022 06:34 AM
බුදු හිමියන් තම තමන් කරන පව් කරත්තය අදින ගොනා පසුපස කරත්ත රෝදය එන්නා ලෙසට එන බවත් කල හොද තමන්ගෙ සෙවනැල්ල මෙන් තමා අත් නොහැර එනබවත් වදාරා තියෙනවා .ලෝවැඩ සගරාවේ කියනවා ලැදිව රජෙක් බොරු බස්කී විගස අපාගතවූ බවක් එනිසා කවුරු කවුරුත් මොනවා කර මෙලොවදී බේරුනත් ස්වභාව ධර්මයාගෙන් නම් බේරුමක් නැහැ කියලා සිතට ගන්නවා නම් හොදයි
Hafeel Tuesday, 01 March 2022 11:43 AM
මෙයා කියන පරිදි එවකට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ හෝ ඔහුව දැනුවත් නොකළේ නම්, ඇයි එවකට හිටි බුද්ධි අංශ ප්‍රධානියාව අයින් කරන්නේ නැතුව, එවකට හිටි පොලිස්පති සහ ආරක්ෂක ලේකම් පමණයි අයින් කළේ? හරි නම් මෙයාට දැනුවත් කළ වරදට හිටපු බුද්ධි අංශ ප්‍රධානියාව තමයි මුලින්ම අයින් කරන්න තිබුණේ? ඇයි එහෙම නොකළේ? මෙතන සාධාරණ සැකයක් මතුවන්න ඉඩ තිබෙනවා. හිටපු බුද්ධි අංශ ප්‍රධානී අදටත් මේ පවතින ආණ්ඩුව තුළත් ඉහළ තනතුරක් දරනවා. ඒ නිසා මේ මෛත්‍රීගේ දිවුරුම කිසිසේත්ම විශ්වාස කල නොහැකියි...