රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් 2012 දී ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවන් වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු වූ සුමිත් පෙරේරා ජූනි 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (26) නියෝග කළේය.
සැක කරුවන් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය හා පැමිණිල්ලේ නීතීඥවරුන් පැවසූයේ දුරකතන වාර්තා ලබා ගැනීමේ දී මොබිටෙල් ආයතනය ප්‍රමාණවත් සහයෝගයක් ලබා නොදෙන බවයි.
මහේස්ත්‍රාත් වරයා එම ආයතනයට නියොග කළේ කඩිනමින් ඒ තොරතුරු රහස් පොලිසියට ලබා දෙන ලෙසයි.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ඩීඅයිජීත් යළි රිමාන්ඩ්
සෑම් Thursday, 26 May 2016 04:26 PM
මාගේ කිරිල්ලිට මොකද මේ වුණේ? (නි)
මහින්ද Thursday, 26 May 2016 05:01 PM
ඔක්කොටම මාංචු දාලා දාලා දැන් දැන් ඔවුන් ඔවුන්ටත් මාංචු...... (නි)
පද්මිණි Thursday, 26 May 2016 05:50 PM
සුමිත්‍ර, මෙතන තියෙන්නේ මිනීමැරුමක් වසන් කරලා එය රිය අනතුරකින් වුණා කියලා යටගහපු එකනේ. මොළය පාවිච්චි කරන්න. (නි)
සමන් Thursday, 26 May 2016 06:00 PM
සුමිත්‍රා, ඔයා ලියන වාරයක් පාසා තේරෙනවා ඔයා ඉන්නෙ මොන පිලේද කියලා (නි)
පිටබැද්දර ජයා Thursday, 26 May 2016 07:13 AM
මෙතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහොම කරන එක හොඳයි. නැත්නම් කුපිතවුණ විත්තිය ගැනත් අපිට විශ්වාසයක් නැහැ (නි)
සමන් Thursday, 26 May 2016 06:14 PM
මේක හොඳ පාඩමක් නීතිවිරෝධි අණ පිළිපදින හැමෝටම. (නි)
සරත් Thursday, 26 May 2016 06:36 PM
අනුර සේනානායක කියන්නේ හොඳ නීතිගරුක නිලධාරියෙක්. මම දන්නවා එයා ගැන. එයා හොඳ අවංක නිලධාරියෙක්. විශ්වාස කරන්න අමාරුයි මේවා. ඔබට දෙවි පිහිටයි සර්! (නි)
තිළිණ Thursday, 26 May 2016 07:29 AM
වරදක් කර කිසිදා සැඟවී සිටිය නොහැක (නි)
නිහාල් Thursday, 26 May 2016 08:13 PM
රටේ වැරදි කරපු උදවිය කොයිතරම් ඉන්නවද? ඔවුන්ට කිසිම තර්ජනයක් නැහැ. (නි)
වරුණ Thursday, 26 May 2016 07:52 AM
අනේ මන්ද මෙතුමා පොලිස්පතිතුමාටත් ඉහළින් හිටියේ පහුගිය කාලේ ඊට කලින් හිටපු පොලිස්පතිතුමාටත් ගෙදර යන්න වුනේ මෙතුමාගේ වැඩ නිසායි කටුනායක කලාපේ වෙඩි තැබීමේ සිදුවීම එහෙම (බ)
නන්ද Thursday, 26 May 2016 08:01 AM
අනේ ඉතින් ටයි කෝට් දාගෙන හිටියත් දෑතට මාංචු දාලනේ...ඔන්න ඕක තමයි දැන දැන වැරදි කිරීමේ හා වැරදි කිරීමට උදව් කිරීමේ විපාක. (බ)
අරවින්ද Thursday, 26 May 2016 08:05 AM
කරන කලට පවු මිහිරිය මි සේ... (නි)
මහීෂා Thursday, 26 May 2016 10:33 PM
ශ්‍රී ලංකා පොලිසිය බොහෝවිට කළේ ඇත්ත හැංඟූ එකනේ. (නි)
ප්‍රනාන්දු Friday, 27 May 2016 12:11 AM
සත්‍යය කවදා හෝ හෙළිවේවි (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 27 May 2016 01:51 AM
වරුණ, ඒ කාලේ මිනීමරපු කිසිම නිලධාරියෙකුට හොඳක් මිසක් වරදක් සිද්ධවුණේ නැහැ. (නි)
ලතා Friday, 27 May 2016 01:51 AM
නිවැරදිම මිනීමරුවා හොයලා එල්ලුම් ගස් යැවීමයි කළ යුතුවෙන්නේ (නි)
සුමිත්‍රා බස්නායක Thursday, 26 May 2016 08:32 AM
මිනීමැරුමක් නම් සෙවිය යුතුයි.එත් ප්‍රසිද්ධ අයගේ දරුවෝ, බිරින්දෑවරු සහ දෙමව්පියෝ විතරද දුක කදුළ හදුනන්නේ.අහිංසක මිනිස්සු මරාදාල යහතින් සුවසේ වෙසෙන මිනීමරුවෝ ඇස්දෙකට පෙනී පෙනී ලස්සනට ජීවත් වෙනවා. ඇයි මේවත් අවුස්සලා හොයන්නේ නැත්තේ.තාජුදීන් විතරද ලංකාවේ මරල හොයාගන්න බැරුව ඉන්න එකම එක්කෙනා.නීතිය කාටත් පොදු විය යුතුයි.මේවා දේශපාලන පලිගැනීම්....(හේ)
ප්‍රියා Friday, 27 May 2016 02:28 AM
මිනීමරන්න අණදෙන, ඒවා ක්‍රියාත්මක කරන මිනිස්සු එක්ක එක ළඟින් ඉන්නත් අපිට නම් අප්‍රියයි. සුමිත්‍රා, ඔයාට කොහොමද හිතෙන්නේ? (නි)
ටෙෂාන් Friday, 27 May 2016 02:36 AM
මේ අපරාධයට සම්බන්ධ අනෙක් අයට දැන් මොනවා හිතෙනවා ඇද්ද? (නි)
ටී.සිල්වා Thursday, 26 May 2016 09:15 AM
අර ඕනෑමදේකට කළු කෝට් එක ගහගෙන මාධ්‍යය තුළින් දකින එන යන කෙනාට බැරිද මෙහා වෙනුවෙන්වත් අඩුම තරමේ යමක් ප්‍රකාශ කරන්න? (නි)
චමිල් Thursday, 26 May 2016 09:16 AM
මේ වරද කරන්න එදා උදවු නොකළා නම් මෙයාලට වෙනදේත් බලන්න තිබුනා. මේ මිනිස්සු ගිරේට අහුවුණ පුවක් ගෙඩිය වගේ හිටියේ. කරලත් බැහැ, නොකරත් බැහැ. (නි)
කුමාර Friday, 27 May 2016 02:46 AM
මෙදාපාර දඟලලා ඔප්පු කරන්න බැරිවුණොත් මොකද වෙන්නේ කියලා බලමු (නි)
සුමිත්‍රා බස්නායක Friday, 27 May 2016 03:02 AM
මට දේශපාලනයක් අැවැසි නැත. මගේ අදහස ගැන විවේචනය කරන අය තව කොතෙක් නම් මෙවැනි අපරාධ යටගසා ඇද්දැයි සොයන්න. මම හරියටම දන්නා නිසා ලියනවා මිස දේශපාලුවන් වෙනුවෙන් කඩේ යනවා යැයි නොසිතන්න. (නි)
සරත් Thursday, 26 May 2016 09:27 AM
මගේ කිරිල්ලි ගියා ඉගිල්ලී... (නි)
දහම් Thursday, 26 May 2016 09:30 AM
අනේ නන්ද, ඔයා නඩුකාරයද? ඔයා තීන්දුවත් දීලා ඉවරයි. බලන්න කවදාහරි මේ නඩුව අහනකොට මොකද වෙන්නේ කියලා. (නි)
සුනිල් Thursday, 26 May 2016 09:55 AM
තව අවුරුදු 4 ක් යනකොට මෙහෙම වේවි කියල හිතුනද? (බ)
කරුණාරත්න ගම්පොල. Thursday, 26 May 2016 09:56 AM
සී .ඩී අලෙවි කරලා ගත්ත සල්ලි මදිවෙයි අනික් කළුකෝට් කාරයන්ට අතේ පැලවෙන බොරු කෙප්ප දෙසාබාන්න අය්යෝ සල්ලි?...(බ)
ධම්මික Friday, 27 May 2016 04:47 AM
අනුර සේනානායක කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
කුමාර් Thursday, 26 May 2016 10:39 AM
නන්ද; දැන දැන වැරදි කරලා නොවෙයි, මෙයාලා ජීවිතයට භයේ බලපෑම් මත වැරදි කරලා. (හේ)
පරාක්‍රම Thursday, 26 May 2016 10:46 AM
කලිනුත් බැරිසිල් කෙනෙක් ටෙලි නාට්‍යක රඟ දැක්වුවා වාගේ , මෙයාලත් ඇඳෙන් බහින්නත් බැරි තරමේ බරපතල රෝගාතුර තත්වයකට පත් වෙලා, මර්චන්ට් වාට්ටුවේ ඉන්දලා ගිලන් රථයකින් උසාවියේ දොරකඩට විතරක් යන්න එන්නත් , ඊට ගැලපෙන වෛද්‍ය වාර්තා උසාවියට ඉදිරිපත් කරන්නත් තිරරචනයක් සැකසෙනවා ද කියල කවුරුත් විමසිල්ලෙන් ඉන්නේ. එවැන්නක් වුනොත් පුදුමයකුත් නොවේ. මොකද , ප්‍රභූ පන්තියේ අය ඇසුරේ සිටියවුන් නේ . (අ)
චතුරි Thursday, 26 May 2016 11:38 AM
මොබිටෙල් ආයතනය රජයට උවමනා විදියට සේවයක් නොදෙන්නේනම් එම ආයතනයට සීල් තබන්න නැවත මෙවැනි ආයතන. ආරම්භ නොකිරීමට මෙම මිනීමැරුමට ප්‍රභූ අය සම්බන්ධ නිසා ඉහත ආයතනයට මැර තර්ජන කරනවා ඇති (බ)
සරණපාල Thursday, 26 May 2016 12:23 PM
සුමිත්‍ර අක්කේ මේවා කොහොමද දේශපාලන පළිගැනීම් වෙන්නේ. ඔව් ඉතින් අනිත් ඒවා ගැනත් හොයන්න වෙනවා. මේ දැන් අල්ලාගෙන ඉන්න කට්ටිය දේශ පාලුවෝ පස්සේ ගිය කට්ටිය නේ (බ)
සරණපාල Thursday, 26 May 2016 12:27 PM
මේ ලොක්ක මගේ පරණ නිලධාරියෙක් රත්තරන් හොරකමක් ගැන සොයා බලපු නිසා එයාව බොරු නඩුවකට පැටලුව (බ)