බම්බලපිටියේ ව්‍යාපාරික මොහමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීයැයි වැරදිකරු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා රවිඳු ගුණවර්ධන ඇතුළු හය දෙනා හට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද මරණ දඬුවම නියම කළේය.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඩුවම නියම කළ මුල්ම අවස්ථාව මෙයයි.
නඩුවේ තීන්දුව පිටු 802කි.
කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සහ අමේන්ද්‍ර සෙනෙවිරන්න මහාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලලිත් ජයසුරිය මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
වාස් ගුණවර්ධනට මරණ දඬුවමට අමතරව වසර 10ක වැඩ සහිත බරපතල සිර දඬුවමක්ද රුපියල් 10,000ක දඩයක්ද නියම කැරිණි. පුතා ඇතුළු සෙසු වරදකරුවන්ට අවුරුදු බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 5000 බැගින් දඩද නියම කැරිණි.
මෙය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සළකමින් ජුරි සභාවකින් තොර මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස හිටපු නීතීපති පාලිත ප්‍රනාන්දු මහතා එවකට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා පත් කළ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.
2013 අප්‍රේල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේ කොළඔදී මෙහොමඩ් ෆවුස්ඩීන් සහ ක්‍රිෂාන්ත කෝරළගේ සමඟ එක්ව මොහොමඩ් සියාම් නමැත්තා මරා දැමීමට කුමන්ත්‍රණය කරන ලදැයි සියලු විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
ඒ අනුව මොහෙමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් දොම්පේ දී ඝාතනය කළැයි 2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිවද , ඔවුන්ට ආධාර හා අනුබල දුන්නැයි වාස් ගුණවර්ධන මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා තිබිණි.
හිටපු උප පොලිස් පරිකෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, හිටපු කොස්තාපල්වරුන් වන (51799) ගාමිණී අතපත්තු සනත්චනද්‍ර,(68656) ආනන්ද පතිරගේ ප්‍රියන්ත සංජීව,(61816) කැලූම් රංගන දිසානායක සෙසු වැරදිකරුවෝ ය.
සියාම් ඝාතන පරීක්ෂණ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානී අබේසේකර, ප්‍රධාන පොලිස් පරිකෂක රංජිත් මුණසිංහ, උප පොලිස් පරිකෂක උපාලි බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් සිදු කළහ.
2014 මාර්තු මස 31 වැනිදා සැකකරුවනට අධි චෝදනා භාර දුන්නේය.
135 දෙනකු නඩුවේ සාක්කි දුන්හ.
අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පැමිණිල්ලේ දේශනය දින දහක දී පැය 57ක් ඉදිරිපත් කළාය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප
රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්
ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ඩී.අයි.ජී වාස් ඇතුළු හයම පෝරකයට
සෑම් Saturday, 28 November 2015 01:41 AM
හොඳ තීරණයක් (නි)
ශාන්ත උදයකුමාර Friday, 27 November 2015 11:06 AM
වැරදි නියෝග පිළිපැද වැරදි රාජකාරි කළාට නියම දඩුවම ඉන්න අයටත් හොද පාඩම්. (බ)
සමීර Friday, 27 November 2015 04:10 PM
සාධාරන සැකය කියන්නේ මොකක්ද? එ්කේ විෂය පථය මොකක්ද? දන්නා කෙනෙක් කියන්නකෝ (බ)