IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හිටපු තානාපතිට දඩ

ලන්ඩනයේ සම්බාහන කතකගේ පියයුරු මිරිකීයැයි වැරදිකරු වූ පෝලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපති හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වන ටියුඩර් ගුණසේකරට (77) ලන්ඩනයේ ඕල්ඩ් බේලි උසාවිය දඩ ගැසූ බව ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රය කියයි. ජූරිය පැය භාගයකටත් අඩු කාලයකින් ඔහු වැරදිකරු කළේය. ශ්‍රී ලංකාවේ අක්කර 25ක වත්තක සේවකයන් ද සමග ජීවත් වන ගුණසේකර බ්‍රිතාන්‍ය රජයේ නීති සහාය මත මේ නඩුවට මුහුණ දුන්නේය. ඔහු බ්‍රිතාන්‍යය රජයට වංචාවක් කර බදු ගෙවන්නාගේ මුදලින් එම නීති සහාය ලබා ගත්තේ දැයි පරීක්ෂණයක් අරඹන ලෙස නඩු තීන්දුවෙන් පසු විනිසුරු රාජ්‍ය නීතීඥ චාල්ස් වයිඩ් නියෝග කළේය. ‘මෙය බරපතළ පරීක්ෂණයක්. මේ මිනිහා පෝසතෙක් වගේ පේනවා. ඔහුට බ්‍රිතාන්‍ය බදුගෙවන්නන්ගේ මුදලින් නීති සහාය ලබාගෙන තිබෙනවා‘ යැයි විනිසුරු කීවේය. ගුණසේකර පැවසූයේ ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන පවුම් සියයකින් (රුපියල් 21000)ඔහු ජීවත් වන බවයි. තම බූදලය පුතාට දී ඇති බවත් ඔහු කීවේය. දරු දෙදෙනෙකුගේ පියකු වන ගුණසේකර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් විය. සුප්‍රසිද්ධ හයිස්ට්‍රීට් ජිම් ඇන්ඩ් ස්පා සම්භාහන ආයතනයේ දී පසුගිය මැයි මාසයේ මේ වරද කර ඇත. පවුම් සියයක් ගෙවා සම්භාහනය කරද්දී එක්වරම ඔහු ඇගේ පියයුරු අල්ලා ඇතැයි නඩුවේ කියැවිණි. ඔහුට පවුම් දහසක දඩයක් (රුපියල් 210000) ද, කාන්තාවට වන්දි වශයෙන් පවුම් 1000ක් (රුපියල් 210000)ද, නඩුගාස්තු වශයෙන් පවුම් 1250 ක්ද (රුපියල් 262500)ගෙවීමට නියම කැරිණි. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාස්තුව  පවුම් 4170 කට (රුපියල් 875700) වැඩි යැයි ද එම පුවත්පත කියයි. ටියුඩර් ගුණසේකර උසාවියේ තම වත්කම් පිළිබඳ බොරු කීවේයැයි ද සඳහන් විය. සිය මුණුබුරන් බැලීමට ලන්ඩනයට පැමිණි අවස්ථාවේ ඔහු මේ සිද්ධියට මුහුණ පෑවේය. ඔහුගේ නම ලිංගික අපරාධකරුවන්ගේ නාමලේකනයට ඇතුළු කරන ලෙසද විනිසුරු නියෝග කළේය.



අදහස් (0)

හිටපු තානාපතිට දඩ

zeylanicus Wednesday, 21 November 2012 06:02 PM

නියමය් රටේ නම ඉහලින්ම තියල තියෙනවා. ආපසු දේශපාලනයට එන්න ... ඔබට හොඳ අනාගතයක් තියේවි මෙහෙ.

:       0       0

ලියනගේ Thursday, 22 November 2012 08:09 AM

සම්බාහන ආයතනවල කරන්නෙ ව්‍යාපාරයක් මිනිසුන් යන්නේ වින්දනයක් ලබන්න.. ඔය කියන කාන්තාව කොහොම හිටියාද කියලා දන්නෙ නැහැනේ.. අපේ ඔය අදහස් දාලා තියෙන උපාසක මහත්තුරු ගියානම් මොනවා වෙයිද දන්නෙ නැහැ.. මෙයා වයස නිසා ඔයින් බේරුණා..!(නු)

:       0       0

සේපාලි Wednesday, 21 November 2012 06:12 PM

හොද වැඩේ. එයා හිතන්න ඇති මෙහෙ වගේ කියලා එහෙත්. (ත)

:       0       0

සේපාලි Wednesday, 21 November 2012 06:04 PM

හොද වැඩේ එයා හිතන්න ඇති ලංකාවෙ ආණ්ඩුවයි නීතියයි තමා බ්‍රිතාන්‍යෙයත් තියෙන්නේ කියලා.. හොද වැඩේ..!(නු)

:       0       0

රංජිත් Wednesday, 21 November 2012 06:17 PM

ඔබ සීයා කෙනෙක් නේද? රට ගැන හිතන්න. (ත)

:       0       0

මොහොමඩ් රිස්වාන් (සෞදි අරාබි) Wednesday, 21 November 2012 06:28 PM

අවුරුදු 77ක් ලු. ඔක්කොම එකයි. (ත)

:       0       0

හේරත් Thursday, 22 November 2012 08:33 AM

සීයා මනමාලයා - නාකි ඉලන්දාරියා (ස)

:       0       0

පද්මි Thursday, 22 November 2012 01:36 PM

යුරෝපීය රටවල ගැහැණුන්ට තිබෙන බලය අති විශාලයි. (නි)

:       0       0

කපිල අතුකෝරල Wednesday, 21 November 2012 06:48 PM

ලංකාව අපකීර්තියට පත් නොකර වෙන මොනව හරි කරගත්තනම් හරි. (ත)

:       0       0

සුනිමල් Thursday, 22 November 2012 08:53 AM

වැරදි කරුවන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ගැන එංගලන්තයට අපගේ ප්‍රනාමය (ස)

:       0       0

බන්දුල රත්නායක Wednesday, 21 November 2012 06:55 PM

අන්න දඩුවම. ජීවිතේට ගෑනියෙක් දිහා බලන එකක් නෑ. ලංකාවටත් ඔය නීතිය ගෙනාවොත් රජයටත් හොද ආදායමක් හොයාගන්න පුළුවන්. (ත)

:       0       0

මාරසිංහ Thursday, 22 November 2012 08:47 AM

ලංකාවෙදි නැති නීතිය එංගලන්තයේදී ක්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන සතුටුයි...එංගලන්තයට අපේ සුබ පැතුම් (ස)

:       0       0

සජී Thursday, 22 November 2012 08:56 AM

ඕවා හොඳ පාඩම් (ස)

:       0       0

අමරා අයිරාංගනී Wednesday, 21 November 2012 07:08 PM

තමන්ගේ තත්ත්වය, වයස නොබලපු කෙනෙක්. (ත)

:       0       0

කුසුම් Thursday, 22 November 2012 09:10 AM

ඔන්න තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (ස)

:       0       0

නාලක Thursday, 22 November 2012 09:13 AM

ඡන්දේ දීපු අයට අප්‍රමාණ සන්තෝෂයක් ඇති වෙන්න ඇති (ස)

:       0       0

kavi Wednesday, 21 November 2012 07:23 PM

දරුවන්ටත් මුනුපුරන්ටත් අපේ රටටත් හරි ආඩම්බරයක්!!

:       0       0

ferose Wednesday, 21 November 2012 07:23 PM

ඇත්තයි. ඒත් පුදුමයි. තානාපති නමක් නෑවා. (ත)

:       0       0

ගාමිණී Monday, 26 November 2012 01:06 AM

අයියෝ සල්ලි

:       0       0

නීලා Thursday, 22 November 2012 09:15 AM

මේක මේ අහුවුන නිසා අපි දැනගත්තා.. තව මහජන වැටුපෙන් ඔයවැනි වැඩ කරන අය කොතෙක් ඉන්නවාද? මැදපෙරදිග එහෙම ඉන්නෙ කියලා වැඩක් නැති තානාපතිලා..!(නු)

:       0       0

ජානක Thursday, 22 November 2012 09:25 AM

ශ්‍යාමටත් ආයුර්වේද සාත්තුවක් ලැබිලා වගේ..!(නු)

:       0       0

බමුණා Wednesday, 21 November 2012 07:41 PM

මේ පුද්ගලයා රටටම නින්දාවක්. මේ අයට තානාපති කළේ ඇයි? ලංකාව මේ අයට රජ දහනක් වුණාට එංගලන්තේ ඔහොම නෑ. (ත)

:       0       0

අජිත් Saturday, 24 November 2012 08:03 AM

අනේ නිකන් ඉනින අධිකාරී (ස)

:       0       0

නිශාද් ප්‍රීනා Thursday, 22 November 2012 09:27 AM

ඇත්තටම එයා යටඇදුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ප්‍රමාණය බැලුවාද දන්නෙ නැහැ..!(නු)

:       0       0

කුමාරි Thursday, 22 November 2012 09:36 AM

මෙහේ න්‍යායට අනුව මේ ගෑනු කෙනා කියයිද ඒක කරගත්තේ මමමයි කියලා (ස)

:       0       0

මාලක එස්. Thursday, 22 November 2012 09:32 AM

මෙයාව ලංකාවට ගෙනල්ලා රටට කරපු අපහාසයට වෙනම දඩුවම් දෙන්න ඕන..! එංගලන්තෙ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා.. (නු)

:       0       0

රෝහිත Wednesday, 21 November 2012 07:54 PM

ජයවේවා

:       0       0

ගලබඩ Thursday, 22 November 2012 02:31 PM

බැරිද අපිට එයාව පොඩ්ඩක් මුණගැහෙන්න (ස)

:       0       0

පිටිගල-මිලානෝ Wednesday, 21 November 2012 07:58 PM

අනේ මේ වගේ අසහන කාරයො ලංකාව වගේ රටක ඉන්නවාද? (ත)

:       0       0

සුජිත් - ලංඩන් Wednesday, 21 November 2012 08:10 PM

මෙයාගේ වයස කීයද? ලංකාවට අවාම පරීක්ෂණයක් තියන්න වෙයි . හේතුව එංගලන්තයේ කාම අපරාධ කරුවෙක් ලෙස ලියාපදිංචි වෙන්න අධිකරණය යෝජනා කර ඇති නිසා. (ත)

:       0       0

ගීයා Wednesday, 21 November 2012 08:11 PM

නියමෙට සම්බාහනය කරලා තියනවා වගේ. (ත)

:       0       0

සුදත් Thursday, 22 November 2012 10:13 AM

කොහොම උනත් වැදගත් වැඩක් (ස)

:       0       0

බන්දු Thursday, 22 November 2012 10:08 AM

මෙයා මොකටද එයාගේ සම්බාහනය කරන්න ගියේ ? (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 08:51 PM

මදැයි දාගත්තු ලෙඩක්. (නි)

:       0       0

රණා Thursday, 22 November 2012 10:20 AM

සීයා මනමාලයා.............(ස)

:       0       0

කමල් Thursday, 22 November 2012 03:03 PM

අයියෝ සල්ලි

:       0       0

ශාන්ත Wednesday, 21 November 2012 09:16 PM

අයියෝ! ඉදලා වැඩක් නැහැ. මම නම් වහ කනවා. (නි)

:       0       0

ගෝඩුන්නේබන්දු Thursday, 22 November 2012 10:25 AM

අනේ මට අහු උනානම්! (නු)

:       0       0

අමිල කටුනායක Wednesday, 21 November 2012 09:20 PM

සුද්දිට ලැජ්ජා හිතෙන්න ඇති. (නි)

:       0       0

සිංහ Thursday, 22 November 2012 03:10 PM

මදැයි අනවශ්‍ය එවුවා අල්ලන්න ගිහින් කරගත්තු අකරතැබ්බයක්? (නි)

:       0       0

ජගත් Wednesday, 28 November 2012 05:36 AM

බුදුදහම අනුව වැරදිකරුවන්ට දඩුවම් ලැබෙනවාමයි. (නි)

:       0       0

කලනේරිස් ගොයියා Wednesday, 21 November 2012 09:40 PM

තානාපතිට ඔය පොඩි පොඩි වැරදීම් වෙන්නේ පරණ පුරුද්ධට වෙන්න ඇති. ඕකට දඩ ගහන්න ඔනෙ නෑ. දුප්පත් වුණාම ගෙවන්න සල්ලි කෝ? (ත)

:       0       0

sonott Wednesday, 21 November 2012 09:36 PM

මේක අනිවාර්යයෙන්ම ෆික්ස් කරපු කෝර්ට් කේස්එකක්. සමහරක් සුද්දියන් අප්පිරියයි කලුමිනිස්සුන්ගෙ ඇගවල් අල්ලන්න.එයාලා හිතන්නෙ අපේ හම සෝදන්නෙ නැතිනිසා කලුපාට වෙලා කියල. අනික ගෑණිට දැන් නිකම්ම පවුම් 1000ක් ලැබුනනෙ. ඔය සුද්දො අපිව තඹදොයිතුවකට ගනන්ගන්නෙ නැහැ ඒකනෙ දෙන්නපුලුවන් උපරිම දඩුවම දුන්නෙ ඔච්චර පොඩි වරදකට. (ත)

:       0       0

කුරුවිට Wednesday, 21 November 2012 09:50 PM

අනේ අප්පේ කාපු පරිප්පුවක්.... (නි)

:       0       0

එස්.එල්.ටී.කේ. Thursday, 22 November 2012 10:45 AM

ඕක තමයි අපේ ගොඩක් අය හිතන විදිහ. අපේ අතේ මොන වැරැද්ද තිබුණත්, සුද්දන්ට බණින එක තමයි කරන්නේ. පුදුමයි මේක බටහිර අධිරාජ්‍යවාදීන්ගේ, විදේශීය කුමන්ත්‍රණකාරයින්ගේ සහ කොටි හිතවාදී බළල් අත්වල වැඩක් නොකිවුවා... (නි)

:       0       0

අජිත් Wednesday, 21 November 2012 10:02 PM

ඉස්සර කොල්ලෝ කියන්නේ සීයට මුකුත් බෑ කියලා. දැන් කාලේ වෙන දේවල් ඇහුවම මොකෝ බැරි .....(ස)

:       0       0

විජේ Wednesday, 21 November 2012 10:15 PM

ඕක එච්චරටම ප්‍රශ්නයක්ද? (නි)

:       0       0

රත්නායක Thursday, 22 November 2012 11:02 AM

ඔය නඩුව ලංකාවේ ඇහුවා නම් වැරදිකරු වෙන්නේ සම්බාහන ආයතනයේ අයයි. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 21 November 2012 10:14 PM

දරු මුණුපුරන්ට වගේම අපේ රටටත් හරි ආඩම්බරයක්! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 21 November 2012 10:16 PM

මෙහෙම මිනිසුන් පිරුණු රටක ජීවත්වන නිසා තමයි ‍අපි ගණිකා වෘත්තිය නීතිගත කරලා දෙන්න කියලා ඉල්ලන්නේ. (නි)

:       0       0

චන්දිම Wednesday, 21 November 2012 10:27 PM

මට මහලු වයසේ බැරිය සම්බාහනය පෙරසේ.... කියලා පිනක් දහමක් කරගත්තා නම් ඉවරනේ. (නි)

:       0       0

පනාගොඩ Wednesday, 21 November 2012 10:31 PM

චිකේයියා... (නි)

:       0       0

වීරා Wednesday, 21 November 2012 10:33 PM

අපිට ලිපිනය කියන්නකෝ. අපි ඉතුරුටික බලාගන්නම්. (නි)

:       0       0

කුමාර Thursday, 22 November 2012 03:59 PM

කොච්චර ලොක්කෙක් වුණත් තාම වැඩක් හරි හැටි වැඩක් කර ගන්න දන්නේ නෑ වගේ (ස)

:       0       0

සූරසේන Wednesday, 21 November 2012 10:42 PM

අයියෝ මාර සවුත්තුවනේ වෙලා තියෙන්නේ. (නි)

:       0       0

හර්ෂ Wednesday, 21 November 2012 10:44 PM

පවුඩර් මසාජ්ද? ඔයිල් මසාජ්ද ගත්තේ? අපිට පොඩ්ඩක් ඒක දැනගන්න ඕනෑ. (නි)

:       0       0

ලංකා Wednesday, 21 November 2012 10:39 PM

අයියෝ සල්ලි

:       0       0

උපාලි Wednesday, 21 November 2012 11:36 PM

මොනවටද මන්දා සුද්දන්ගෙ තැන්වලට රිංගන්නේ ඔහොම වැඩ වලට? (නි)

:       0       0

උපාලි Wednesday, 21 November 2012 11:31 PM

ඔයාලා කලබල වෙලානේ , සම්භාහනයෙදි නින්ද ගියා. හීනෙන් තමයි ඔය කියන දේ සිද්ධ වුණේ (ස)

:       0       0

ඉන්දික Wednesday, 21 November 2012 04:23 PM

අයියෝ සල්ලි

:       0       0

සරත් Wednesday, 21 November 2012 04:26 PM

හරියට සල්ලි ගෙවලා පියයුරු ඇල්ලුවා නම් ඉව‍රයිනෙ. ලාබෙට වැඩ කරන්න ගියහම ඔහොම තමා. (නි)

:       0       0

ගයාන් Wednesday, 21 November 2012 04:27 PM

අපේ අය යන තැනක රටේ නමත් කාලයි එන්නේ (ස)

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 04:35 PM

ජයවේවා කමක් නැහැ

:       0       0

සේනානායක Wednesday, 21 November 2012 11:39 PM

77 පිරුණත් තාම කොල්ලා වගෙයි වැඩ නේද? (නි)

:       0       0

සඳරුවන් Wednesday, 21 November 2012 04:28 PM

ඊයා වයසේ හැටියටද වැඩ. ලංකාවටත් එක්ක ලැජ්ජයි (ස)

:       0       0

ජෝස් Wednesday, 21 November 2012 04:39 PM

මදැයි ඔයින් ගියා. (නි)

:       0       0

සුනිල් Wednesday, 21 November 2012 04:40 PM

මෙන්න වැඩේ.. මෙයා මේ මාසෙ කන්න බොන්නවත් නැතිව ඇති පව්..!(නු)

:       0       0

සුනිල් ක්‍රිෂාන්ත Wednesday, 21 November 2012 04:40 PM

විශිෂ්ට තානාපති සේවයක්..! පවුම් සියයකින් ජීවත් වෙන මිනිසා මසාජ් කරගන්න පවුම් 100ක් ගෙවලා.. ඒ මාසෙට කාලත් නැතිව ඇති.. පව්..!(නු)

:       0       0

කීර්ති Wednesday, 21 November 2012 11:56 PM

ඒකනේ අපේ මන්ත්‍රීවරු කියන්නේ ගණිකා වෘත්තිය නීති ගත කරන්න කියලා. ආසාව අඩුවෙලා යයි. (ත)

:       0       0

ජයන්ත Wednesday, 21 November 2012 04:41 PM

ඔන්න ඔහොම තමයි කරන්න ඕනෑ. (නි)

:       0       0

චන්දි Wednesday, 21 November 2012 04:36 PM

නාකි විසේ ගෙටත් උසේ කිව්වලු (ස)

:       0       0

කස්තුරි Wednesday, 21 November 2012 04:37 PM

ප්‍රාදේශීය සභා නායක කමට සුදුසුකමක් ලබා ගත්තා වගේ.. (නු)

:       0       0

ගලන්දමල් Wednesday, 21 November 2012 04:45 PM

අනේ මේ අපේ හිටපු මහර මන්ත්‍රී තුමාද? කවුරු හරි මට කියලා දෙන්න.. එතුමාට අපි ඡන්දෙත් දීලා තියෙනවා.. අපි 1977 දී හිටපු සූරියආරච්චි මහත්තයාව පරද්දලා මෙතුමාව පාර්ලිමේන්තු යැව්වෙ අපිට සේවයක් කරන්න.!(නු)

:       0       0

රූපා රත්නායදක Wednesday, 21 November 2012 04:45 PM

බොහොම හොදයි ඡයාරූපයත් එක්කම දාලා තියෙනවා.. ඔහොම තමයි කරන්න ඕන.. හිතාගෙන ඉන්න ඇති නීතියක් නැති ලංකාවෙ වගේ වෙයි කියලා.. ඒත් පිටරටවල එහෙම නැහැ.. නිසි දඩුවම් දීලා වැරදි කරුවන් ප්‍රසිද්ෂ කරනවා ... ලැජ්ජා වෙන්න.. හොද වැඩේ.. නැහැදිච්චකම..!(නු)

:       0       0

යොහාන් Wednesday, 21 November 2012 04:47 PM

මේ අවයවයක තියෙන වටිනාකම??? (නි)

:       0       0

යූනුසුලාවි Wednesday, 21 November 2012 04:44 PM

මේ මහත්තයාට කරපු අපහාසයට අර සුදු නෝනට දඩුවම් දෙන්න ඕන.. අපේ මූනෙ දැලි ගෑවට අධිරාජ්‍යවාදී සුද්දන්නව අධිකරණයට ගෙනියන්න ඔන.. අපේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ශික්ෂණය ලබාගත් කෙනෙක් මෙවගේ දෙයක් කරයි කියලා හීනෙකින්වත් හිතන්න බැහැ..!(නු)

:       0       0

හර්ෂණ Wednesday, 21 November 2012 04:53 PM

හොද වැඩේ වයසටද වැඩ.. මේ වගේ අය තමයි අසරණ පුංචි දරුවන්ටත් ඉන්න දෙන්නෙ නැත්තෙ.. (නු)

:       0       0

භාග්‍යා Thursday, 22 November 2012 04:43 PM

එයාට විරුද්ධව ලංකාවේ කාගෙන්වත් පැමිණිලි නැද්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 12:31 AM

වයසත් ඒක්ක නිසා ඒ පුද්ගලයා වැටෙන්න ගිහිල්ල ලග හිටපු ළමයාව අල්ලා ගත්තාලු. අහුවෙලා තියෙන්නේ ළැම. ඉතින් මක්කරන්නද වැරදීමක්. (ත)

:       0       0

උදයංග Wednesday, 21 November 2012 04:49 PM

දේශපාලනේට ආව ඔක්කොම එකයි..!(නු)

:       0       0

ප්‍රියන්ත Thursday, 22 November 2012 12:31 AM

එහෙම කරනවා කවුද දැන්කේ? (ත)

:       0       0

සන්වානී Thursday, 22 November 2012 12:06 PM

අපිට අනිත් හරිය හිතා ගන්න පුළුවන්. (නි)

:       0       0

නව්ශාඩ් Wednesday, 21 November 2012 05:09 PM

සීයා මනමාලයා.....ලංකාවේ දාන සෙල්ලම් එංගලන්තේ බෑ (ස)

:       0       0

ලලිත් - කටාර් Thursday, 22 November 2012 12:22 PM

හරිම සන්තෝෂයි. මොනවා වුණත් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබෙනවා කියන එක සුලුපටු දෙයක්ද? (නි)

:       0       0

නිරාන් Wednesday, 21 November 2012 05:21 PM

නාකි විසේ ගෙටත් උසේ............ හොඳ ගාණකට තට්ටු වුණා නේද (ස)

:       0       0

රත්න Wednesday, 21 November 2012 05:27 PM

එංගලන්තෙ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.. නරක ලෙසට හැසිරෙන්නේ නෑ, අපෙ මුදලින් දඩ ගෙවන්නෙ නෑ. (නි)

:       0       0

උපුල් Wednesday, 21 November 2012 05:33 PM

ඔයාලා කොහොම කිවුවත් කොහොමද දෙයියනේ ඉවසගෙන ඉන්නේ? (නි)

:       0       0

ලාල් Wednesday, 21 November 2012 05:35 PM

රටේ නම වනසනවා (ස)

:       0       0

නිහාල් Thursday, 22 November 2012 02:39 AM

ඔය සම්භාහන ආයතනවල වැඩකරන අයත් හොද අය නෙමෙයිනේ..?(නු)

:       0       0

දයා-සෞදි Wednesday, 21 November 2012 05:45 PM

මේයා පියයුරු වලට ඔච්චර කෑදරද? නාකි විසේ ගෙටත් උසයි කිව්වලු. නමත් කාගත්තා.(ත)

:       0       0

නිසාර් - කටාර් Wednesday, 21 November 2012 05:45 PM

නාකි විසේ ගෙටත් උසයි. ලංකාවේ නමත් කනවා. (ත)

:       0       0

අදිකාරි Friday, 23 November 2012 10:00 PM

ලංකාවෙත් නඩුවක් දාන්නයි තියෙන්නේ. මම ජීවත් වන්නෙ එන්ගලන්තයේ. අපට ලංකාවේ කියලා කියන්නත් ලෑජ්ජයි නෑත්නම්. (නි)

:       0       0

අජිතා Wednesday, 21 November 2012 05:46 PM

වරදට දඩුවම (දී)

:       0       0

foro Wednesday, 21 November 2012 05:39 PM

දෙයියෝ සාක්කි. මේ මොන අපරාධයක් ද මේ කරලා තියෙන්නේ. නාකි විසේ ගෙටත් උසයි කියන්නේ මේක තමයි.

:       0       0

නිසාර් Thursday, 22 November 2012 03:45 AM

චා.......චා...........චා..... ලංකාවේ අපිට ලැජ්ජාවේ බෑ (ස)

:       0       0

හේමාල් Thursday, 22 November 2012 12:51 PM

හැට පැන්නත් වඳුරා බිම නොවෙයි (ස)

:       0       0

morala Wednesday, 21 November 2012 05:54 PM

මෙයා ලංකාවේ වගේ කියලා හිතාගෙන ඕක කරන්න ඇති. (ත)

:       0       0

ජානක Wednesday, 21 November 2012 05:55 PM

එතකොට ඔයවගේ තැන් වල ඉන්නේ වැදත් ගෑනු ළමයින්ද ? (නොදන්න නිසයි අහන්නේ)

:       0       0

නිසල් Wednesday, 21 November 2012 05:49 PM

හොද චින්තකයෙක් වගේ, මෙහේ අවා නම් ලොකු තනතුරක් ගන්න තිබුනා. (ත)

:       0       0

නිසල් Wednesday, 21 November 2012 05:49 PM

හොද චින්තකයෙක් වගේ, මෙහේ අවා නම් ලොකු තනතුරක් ගන්න තිබුණා. (නි)

:       0       0

E.M.K.B Thursday, 22 November 2012 05:48 AM

අනේ පව්! මිනිහට තිබ්බේ කාන්තා සම්බාහන ආයත්නයක් අඩු මිලට පටන් ගන්නයි.. හොඳට සල්ලි තියෙනවා වගේ.. ලංකාවට ඇවිත් එකක් පටන් ගන්න ..හොඳ ඉල්ලුමක් තියෙයි.. (ත)

:       0       0

ගාමා Thursday, 22 November 2012 06:20 AM

සොනොට්ට් නිකන් මෝඩ කතා කියන්න එපා. මෙහෙ මසාජ් කරන තැන දෙජාතියක් තියෙනවා. පවුම 60 ට ලිංගික තෘප්තිය ගන්න පැය භාගේ තැන් තියෙනවා. වෙබ් අඩවියවලට ගිහින් බලන්න . මේ අනිත් නිත්‍යානුකුල තැන් වල ඉන්නේ ඩිප්ලෝම ගත් තරුණ තරුණියන්. එක වැදගත් රස්සාවක් මාත් ගෙවලා එවැනි ආයුර්වේද හා ස්වෙඩිෂ් මසාජ් අරන් තියෙනවා. (ත)

:       0       0

හිල්මි Wednesday, 21 November 2012 05:57 PM

මේ වයසෙදිත් තියෙන ගතිය.. (නු)

:       0       0

බඩී Wednesday, 21 November 2012 05:57 PM

ලංකාවේ නම් ඉහළින් තියන වැඩක්නේ කරලා තියෙන්නේ. ලංකාවේ වගේ හිතුවද දන්නේ නෑ. (ත)

:       0       0

ලාල් මාරවිල Wednesday, 21 November 2012 06:00 PM

නාකි විසේ ගෙටස් උසේ කියන්නේ මේවට තමයි. ඕවා ඔහේ වුණාට, අපේ ලංකාවේනම් එහෙම වෙන්නේ නෑ. (ත)

:       0       0

සංජීව Thursday, 22 November 2012 07:13 AM

අපේ රටේ ඔය වගේ වැඩක් කරානම් රු.7000 විතර ශේප් වෙන්න තිබුණා (ස)

:       0       0

නිපුන Wednesday, 21 November 2012 06:04 PM

ලංකාවෙ පුරුද්දට එහෙම කරන්නැති. (ත)

:       0       0

එච්.ඩබ්.සංජීව Thursday, 22 November 2012 07:10 AM

විදේශිකයෙක් අපේ රටේ ඔය වගේ වැඩක් කළානම් රුපියල් 7000ක් විතර තමයි ගෙවන්නේ.. එයාලට අපි තාමත් බයෙන් තමයි ඉන්නෙ... මතකයි නේද ඉතාලි ජාතිකයන් දැනට ගහපු දඩය.. අපේ අධිකරණයට ගිය කලක්..!(නු)

:       0       0

ලුම්බිණි Thursday, 22 November 2012 07:40 AM

ශ්‍රී ලංකා තානාපති හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු හැටියට මෙය මොන තරම් සේවයක් කරන්න ඇත්ද කියල දැන් හිතා ගන්න පුළුවන්. (ස)

:       0       0

කේ.මාටිං Wednesday, 21 November 2012 06:08 PM

පාර්ලිමේන්තු ගිය අයට තමන්ගේ වයස මතක නැති හැටි.. ලැජ්ජාවෙ බැහැ.. එංගලන්තෙ අය හිතනවා ඇති මේ වගේ නාකි අය මෙහෙමනම් අපි වගේ තරුණ අය කොහොම ඇතිද කියලා.. ලංකාවට ආපුවාම මෙයාට සැත්කමක් කරලා අවයව ඉවත් කරන්න වෙයි..!(නු)

:       0       0

සිදත් Thursday, 22 November 2012 01:08 PM

අපෝ හැමෝම ඔය වගේද දන්නේ නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 59 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 459 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 442 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1309 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7102 8

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 123 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site