IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හිටපු තැපැල් සේවකගේ හොර කච්චේරිය අල්ලයි

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න සහතික, රියදුරු බලපත් සහ විවාහ සහතික සකසන බව කියන විශ්‍රාමික තැපැල් සේවකයකු (75) සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය කියයි.

මිනුවන්ගොඩ හොරැන්පැල්ලේ ස්ථානයක ව්‍යාජ ලියැකියැවිලි සකසන බවට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයන් යොදවා පොලිසිය වැටලීම සිදු කළේය.

තමාට රට යෑමට අවශ්‍ය බවත්, ඒ සඳහා වෙනත් නමකින් විදේශ ගමන් බලපත්‍රයක් සැකසිය යුතු බවත් කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ කාන්තා පොලිස් සැරයන් 5213 ප්‍රියංකා මහත්මිය සැකකරුට දුරකතන ඇමතුමක් දී ඇති අතර ඒ සඳහා රුපියල් 45000ක් පමණ අය කරන බව සැකකරු පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම මුදල ලබා දෙන බවට කාන්තා පොලිස් සැරයන්වරිය එකඟ වූ පසු පාස්පොට් ප්‍රමාණයේ ඡායාරූප තුනක් සහ රුපියල් 5000ක අත්තිකාරම් මුදලක් රැගෙන එන ලෙස දන්වා ඇත.

ඒ අනුව ඇය විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල් උපාලි මහතා සමග ත්‍රීරෝද රියකින් අදාළ නිවස වෙත ගොස් ඇත.

පොලිස් උපාය දූතයන් හා සැකකරු ගනුදෙනුව සිදු කරද්දී විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ඩබ්ලිව් වඩුවාවල මහතා ඇතුළු  නිලධාරීන් පිරිසක් පැමිණ වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

සැකකරු බොරැල්ලේ කඩයක් අසළ සිටිමින් ගනුදෙනු කරුවන් සම්බන්ධ කර ගන්නා බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (9) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි  පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහතාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස විශේෂ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ඩබ්ලිව් වඩුවාවල මහතාගේ මෙහෙයවීමෙන්  පොලිස් සැරයන් 27714 චන්ද්‍රසිරි, කොන්තා පොලිස් සැරයන් 5213 ප්‍රියංකා සහ පොලිස් කොස්තාපල් 27027 උපාලි යන මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

හිටපු තැපැල් සේවකගේ හොර කච්චේරිය අල්ලයි

සාගරිකා Wednesday, 10 July 2013 07:17 AM

රටට ගිය කලක් අනේ මන්දා කොහොම හදන්නද කියලා (අ)

:       0       0

සමන් Wednesday, 10 July 2013 07:18 AM

ජනාධිපතිතුමා යුද්ධයෙන් දිනා ගත් රට මුන් කනවා (අ)

:       0       0

රෝහණ Wednesday, 10 July 2013 07:59 AM

මේ සමන් මහත්තයෝ රට බෙර ගත්තේ ෆොන්සේකා මහත්තයා. නිකන් අනිත් අයිට කඩේ යන්න එපා.(නදී)

:       0       0

ඩයස් Wednesday, 10 July 2013 08:34 AM

පොලීසියට මල් මිටක්,මෙවැනි මෙහෙයුම් තව තවත් කරන්න.රට වෙනුවෙන් මහජනයාගෙ සහයත් ඔවුන්ට ලබාදිය යුතුයි.බොහොම කනගාටුයි පාඨක ඔබ මෙවැනි ප්‍රශ්න වලදීත් දේශපාලනය ගාවා ගැනීම.(නි)

:       0       0

සුනිල් Wednesday, 10 July 2013 02:02 PM

රොහාන්ගෙ කතාව ඇත්ත. ඒත් මොකක්ද මේ කඩේ යන කතාව? මාලු කඩේද? මස් කඩේද? එළවළු කඩේද? (දී)

:       0       0

පෙරේරා Wednesday, 10 July 2013 10:13 AM

රෝහණ ,ඔයා සමන්ට කඩේ යන්න එපා කියලා ඔයා යනවා නේද? බලාගෙන හොඳේ. (නි)

:       0       0

අමිළ-කටුනායක Tuesday, 09 July 2013 10:10 PM

75 ක් වුනත් ගැහැණු ගැට ගැන දන්නේ නැහැ. දැන් ඉතින් ලිහා ගන්නකෝ පොලිස් ගැට.(නදී)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 09 July 2013 10:32 PM

මේ වගේ දේවල් කරන අය ඕනෑ තරම් ඉන්නවා බොරැල්ලේ සහ රාජගිරියේත්.එක් අතකට සෞදි ,ඩුබායි ,දෝහා,රටවලට නංගිලා යවනවාට වඩා ඇන්ටිලා නංගිලා කරලා යවන එකත් හොඳ වැඩක්. කොහොම හරි විදේශ විනිමයක් ලැබෙන්නේ අපේ රටටනේ! (නි)

:       0       0

එදිරිසිංහ Tuesday, 09 July 2013 11:18 PM

වට වෙලා නියම ගේමක් දීල වගෙය් හාවෙක්ට. ඇයි මොකද බැරි ලොකු දඩයමක් කරගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 110 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1029 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 201 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 901 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3595 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2274 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site