IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හිටපු දිසාපති කුමාර් අබේසිංහ සමුගනී

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිටි කුමාර් අබේසිංහ මහතා අද (28) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 70 වැනි වියේ පසුවූ ඒ මහතා 1971 වසරේදී පරිපාලන සේවයට පිවිසියේය.

ශ්‍රී ලංකාවේ ලාබාලම දිසාපතිවරයා ලෙස වසර 7ක් නුවරඑළියේ කටයුතු කළ අබේසිංහ මහතා හම්බන්තොට ප්‍රාදේශීය ආදායම් නිලධාරිවරයා ලෙස සේවය කර ඇත.

1979 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර ඇති ඒ මහතා 1993දී ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයට පත්විය.

අබේසිංහ මහතා චිත්‍රපට සංස්ථාවේ, මිල්කෝ සංස්ථාවේ සභාපති ලෙසද කටයුතු කර ඇත.

1994 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ලේක් හවුස් යන ආයතන ත්‍රිත්වයේම සභාපති ධූරය ඉසිලූ ඒ මහතා 2001 වසරේ එජාප රජයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයද ඉසිලීය.

කුමාර් අබේසිංහ මහතාගේ දේහය තලවතුගොඩ, වැලි පාරේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිතය.



අදහස් (9)

හිටපු දිසාපති කුමාර් අබේසිංහ සමුගනී

රංජිත් Saturday, 30 May 2015 10:15 AM

1970 දශකයේ හම්බන්තොට ඉතාමත් දුෂ්කර පළාතක ඔහු මහගු සේවයක් ඉටුකළා. එවකට සිටිය දිස්ත්‍රික් වෛද්‍ය නිලදාරී රන්ජිත් (බ)

:       0       0

විජිත Thursday, 28 May 2015 11:32 PM

අත්දැකීම් වලින් පරිපූර්ණ මෙවන් වියතුන් රටට අහිමිවීම පාඩුවක් (නි)

:       0       0

ලිලානි අබේගුණවර්ධන Thursday, 28 May 2015 11:58 AM

අරුණි දුවටත්,පුතාටත් ඔබ සැම පවුලේ අයටත් අපේ ශෝකය-රෝයි මම සහ පුණ්‍ය නැන්දාගෙන් (බ)

:       0       0

කුමාරිහාමි Thursday, 28 May 2015 12:15 PM

දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවන් සුව ලැබේවා! (බ)

:       0       0

ලසන්ත පෙරේරා Thursday, 28 May 2015 12:40 PM

දිවංගත කුමාර් අභයසිංහ මැතිතුමා පරිපාලන සේවයේ හිටපු වැදගත් මහත්මයෙක්. එතුමාට නිවන් සුව ලැබේවා! එතුමාගේ සොහොයුරු විරාජ් අභයසිංහ මහතාට සංවේගය පළකරමි. (බ)

:       0       0

ජයසිංහ Friday, 29 May 2015 05:45 AM

71 කැරැල්ල කාලේ මෙයා කොළඹ මහා දිසාපති වෙලා හිටියා වගේ මතකයි .(හේ)

:       0       0

සමන්ති Thursday, 28 May 2015 01:45 PM

වැදගත් මහත්මයෙක් (බ)

:       0       0

ඔගස්ටින් Thursday, 28 May 2015 03:20 PM

අබේසිංහ මහතා මගේ මතකය හැටියට පරිපාලන විභාගය සමත් වුනේ1971නොවෙයි. ඊටකලින් .මොකද 1970.ට කලින් දකු‍ණට ගැලු ගංවතුරකදි හලාවත කට්ටියක් ආධාර අරන් එවකට කතානායක ෂර්ලි කොරයා මහතා සමග දකුණට ගියා බෙදන්න.එවිට කුමාර් මහත්තයා හම්බන්තොට ආදායම් පාලක නිලධාරි වශයෙන් සේවය කළා. අප ගිය දවසේ අපව ආදරයෙන් පිළි අරං අපට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුවා.අමතක නොවනලෙසින් එදා අපට කිරියි පැණියි කන්න දුන්නිසා අපට එම ගමන කිසි දාඅමතක කරන්න බැහැ.හිත හොද මෙම රත්තරන් හලාවත පුත්‍රයාට හලාවත ජනතාව වෙනුවෙන් නිවන්සුවය පතමු. (බ)

:       0       0

සමන් Thursday, 28 May 2015 05:13 PM

හිත හොඳ රත්තරන් මිනිසෙකි.නිහතමානී බවෙන් පිරිපුන්ය. අමාරුවේ වැටුණු මිනිසුන් බේරා ගත්තේය.ඔබේ වියෝව හදට දැනෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 10 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 157 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 543 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2891 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1499 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site