අධිකරණ සේවයේ මහේස්ත්‍රාත්වරයකු ලෙස 1987 වසරේ සිට සේවය කළ ජී.ඩී.කුලතිලක මහතා තමාට 2005 වසරේ ජූනි මාසයේ සිට වැටුප් හෝ විශ්‍රාම වැටුප් නොගෙවා ඇතැයි කියමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් කියා සිටියි.
අතිරේක මහේස්ත්‍රාත්වරයකු ලෙසද, දිසා විනිසුරු, අතිරේක දිසා විනිසුරු යන නිලයන්හි රාජකාරී කර 2003 ජූනි මස 30 වැනිදා විශ්‍රාම ලබා ඇති කුලතිලක මහතාට විවිධ අසාධාරණකම් සිදුවී ඇතැයි එහි සඳහන්ය.
අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වශයෙන්ද කටයුතු කර ඇති ඒ මහතා 1998-99 කාලයේදී විනිශ්චයකාරවරුන්ගේ ආයතනයට බරපතල අපරාධවලට සම්බන්ධ චූදිතයකු භාරකරු ලෙස පත්කිරීම හේතුවෙන් විවිධ තර්ජනයන්ට ලක්ව සිටි බවත් බන්ධනාගාර කොමසාරිස් තනතුරට ඉල්ලුම් කර සියලු සුදුසුකම් සපුරා සිටියද එය නොලැබුණු බවත් එවකට පිහිටුවන ලද පාරිභෝගික කටයුතු සභාවේ සභාපති තනතුරට පත්වීමක් ලැබුණු බවත් ඔහුගේ ලිපියේ සඳහන්ය.
එම තනතුරෙහි වසර 2ක් පමණ සේවය කරමින් සිටියදී ඉල්ලා අස්වන ලෙස වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලිපියක් මගින් ඉල්ලා ඇති අතර කිසිදු වරදක් නොමැතිව ඉල්ලා අස්වීමත් එයින් ලැබිය යුතු විශ්‍රාම වැටුප නොලැබී යන හෙයින් ඒ බව පැහැදිලි කර විෂය භාර අමාත්‍යවරයාට ලිපියකින් දැනුම් දී ඇති බවත් ඔහු පවසයි. අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්ද විවිධ පළිගැනීම් සිදුවූ බවත් එවකට අග විනිසුරු සරත් නන්ද සිල්වා මේ සියල්ල පිටුපස පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කර ඇති බවත් ඔහුගේ ලිපියේ දක්වා ඇත.
මේ වන විට වසර 60 ක් සපුරා ඇති කුලතිලක මහතා විවිධ රෝග සඳහාත් තම දරුවන්ගේ වියදම් සඳහාත් විශාල මුදලක් වැය කරන්නට සිදුව ඇති බැවින් වසර 16 1/2 ක් අධිකරණ සේවයේ නඩුවලට සාධාරණය ඉටුකළ තමාට වසර 10 ක කාලයක් තිස්සේ විශ්‍රාම වැටුප ලබා දීමට කටයුතු සලසන ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව ඇති අයුරින් නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට පියවර ගන්නා ලෙසත් කුලතිලක මහතා තම ලිපියෙන් අවධාරණය කර සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු දිසා විනිසුරුට විශ්‍රාම වැටුප් නෑ
පිටබැද්දර ජයා Monday, 02 February 2015 08:25 AM
මෙන්න පේනවා නේද චින්තනයේ තරම ? හරි හෝ වැරදි කිව දේ නොකලා නම් පලිගැනීම මේ විදියට හෝ සුදු වැන් එකෙන් නොමිලේ සවාරියක් (නදී)
ඉන්දික Monday, 02 February 2015 10:02 AM
කෝ මේ යහපාලනයට කතා කරන අයගේ සද්ද (දිල්)
දුමින්ද Monday, 02 February 2015 10:13 AM
සමහර දේවල් පැටලිලි සහගතයි (නදී)
උපාලි Monday, 02 February 2015 10:32 AM
ඉන්දික, ඇත්ත නේන්නම්, මේ මහතාගෙන් පළිගත්ත බව කියන කාලයේ අපුරු "යහපාලනයක්" තිබුනනේ, නැද්ද මං කියන්නේ?(දිල්)