IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හිටපු ප්‍රා. සභාපතිගෙන් මාධ්‍යවේදියාට මරණ තර්ජන

ලංකාදීපයේ පළවූ ප්‍රවෘත්තියක තොරතුරු දුන්නේ කවුදැයි අසමින් තමාගෙන් බලෙන් ප්‍රකාශයක් ලබාගෙන පොලිසියට පැමිණිලි කළහොත් මරාදමන බවට තර්ජනය කළැයි ඇත්කඳුර ලංකාදීප වාර්තාකරු ජනත් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති පුෂ්පලාල් කුමාරසිරි ඇතුළු කණ්ඩායමකට එරෙහිව කළ පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ඇරඹූ බව පොලිසිය කියයි.

ජනත් ද සිල්වා යතුරු පැදියෙන් යද්දී ගෝනාපීනුවලදී බලෙන් බිමට බස්වා ඇදගෙන ගොස් ප්‍රවෘත්තියක මූලාශ්‍රය හෙළිකරන ලෙස තර්ජනය කර ඔවුන්ට ඕනෑ විදියට ප්‍රකාශයක් පටිගත කරගත්තැයිද පොලිසියට පැමිණිලි කළහොත් ගෙදරටම අවුත් මරා දමන බවට තර්ජනය කළැයිද විනාඩි 20ක් පමණ තමා බලෙන් රඳවාගෙන තර්ජන හා අඩම්තේට්ටම් කළැයිද හික්කඩුව පොලිසියට පැමිණිලි කර ඇත.

සාපාරාධී ලෙස රඳවාගැනීම, මරණ තර්ජන එල්ල කිරීම, බලෙන් ප්‍රකාශයක් ලබාගැනීම හා මාධ්‍යවේදියකුගේ රාජකාරියට අවහිර කිරීම යන කරුණු යටතේ එම පිරිස අත් අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.

අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාව සම්බන්ධයෙන් ලංකාදීපයේ පළවූ පුවතක් වැරදි යැයි කියමින් හිටපු සභාපති එවූ පැහැදිලි කිරීමද පසුගියදා ලංකාදීප පත්‍රයේ පළවීමෙන් පසුව මාධ්‍යවේදියාට මෙසේ හිරිහැර කර ඇතැයිද පොලිසිය පවසයි.

 



අදහස් (0)

හිටපු ප්‍රා. සභාපතිගෙන් මාධ්‍යවේදියාට මරණ තර්ජන

මුගා Sunday, 12 July 2015 04:02 PM

තවම මැරබලය හැමතම. මුන් අතුගාලා දාණ්ඩ ඕන (බ)

:       0       0

රූපවතී Monday, 13 July 2015 07:31 AM

පොලිසියක් උසාවියක් හරියට නීතිය ක්‍රියා නොකරන රටේ ..මාධ්‍යවේදියෙකුගේ ඉරණම ගැන කුමන කතාද..? දැන් මාධ්‍යවේදීන්ට එදාට වඩා බලතල දීල තියනවා කීවා නේද? ඒ මේවද? (බ)

:       0       0

විජයබාහු Monday, 13 July 2015 08:02 AM

මැර බලය පාවිච්චි කරන අයට උපරිම දඬුවම් දෙන්න. (ර)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 13 July 2015 01:15 AM

මම හිතාගෙන හිටියේ දැන් අපේ රටේ මාධ්‍ය නිදහසට අවහිරයක් නැහැ කියලා. (නි)

:       0       0

විජේතුංග Sunday, 12 July 2015 01:26 PM

මේක පුදුම නීතියක්නේ. අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කරගත යුතුයි (නි)

:       0       0

දිසානායක Monday, 13 July 2015 01:57 AM

එදා තිබුණු මැර බලයේ තරම තවම සම්පූර්ණයෙන්ම ගිහින් නැහැ. (නි)

:       0       0

සත්‍යයා Sunday, 12 July 2015 01:31 PM

බලය නැති වෙලාවේ හැසිරෙන්නේ ඔහොම නම්, ආයෙත් බලයට ආවොත් මොනවා වෙයිද (නි)

:       0       0

වැකෝ Monday, 13 July 2015 03:18 AM

පොලිසිය කඩිනම් පියවර නොගන්නේ මොකද ?(ම)

:       0       0

ගාල්ලේ පාල Sunday, 12 July 2015 02:53 PM

මේ වගේ නරුමයන්ට නීතිය ක්‍රියාත්මක කලයුතුයි. බලධාරීන් මේවට නිසි ක්‍රියා මාර්ග නොගැනීම ප්‍රමාදකිරීම ලොකු වරදක් (නදී)

:       0       0

චන්දු Sunday, 12 July 2015 03:04 PM

ජනාදිපති මෛත්‍රීපාල මෙයාට නීතිය කරාවිද බලමු.(නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 12 July 2015 03:21 PM

යහපාලන ආණ්ඩුවේ තවත් ප්‍රතිපලයක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1064 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6570 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3616 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1526 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1636 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28649 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23607 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site