අනුරාධපුරයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී බී දිසානායකගේ ඉල්ලීම පිට මිනීමැරුම් නඩුවක බොරු සාක්කි දුන් නොච්චියාගම හැළඹවැව සරත් විජේසිංහට අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා බරපතල වැඩ සහිතව දෙවසරක සිර දඩුවමක් නියම කළේය.
1994 ජනාධිපතිවරණයේදී පොදු පෙරමුණ ආධාරකරුවකු වූ නොච්චියාගම පහමුණේගම සුනිල් සේනාරත්න මහතා ඝාතනය කිරීමේ නඩුවේදී තමා මුල සිටම බොරු සාක්කි දුන් බව විජේසිංහ කීවේය.
ඔහු නඩුවේ පළමු සාක්කිකරු විය.
නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් විපක්ෂ නායක (එජාප) සමරකෝන් රත්නායක ඇතුළු හත් දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.
සැකරකුවන් වසර 19ක් තිස්සේ දැඩි පීඩාවකට පත්ව සිටින බව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතා කීවේය.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු මන්ත්‍රීගේ කීම පිට බොරු සාක්කි දී හිරේ යයි
ලුම්බිණි Wednesday, 04 September 2013 06:23 AM
හිටපු මන්ත්‍රී උසාවියට කල මේ බල පෑමට විරුද්ධව මොකුත් කරන්නේ නැද්ද? (නදී)
සංජීව Tuesday, 03 September 2013 05:16 PM
දේශපාළුවන් පස්සෙන් යන, ඒ අයගේ කුණු හෝදන අම්බරුවන්ට මේක හොද පාඩමක්, අනෙක් අයට මේකවත් ආදර්ශයක් අරගෙන හැදෙන්න පුලුවන්නම් හොදයි.(නදී)
අනුර Tuesday, 03 September 2013 07:57 PM
එක එක්කෙනාගේ කතාවලට අහු උනාම වෙන්නේ අතරමන් වෙන්න. දැන් ඉතින් පවුලේ අය දුක් විදිනවා නේද පවු. ඒත් නීයට ගරුකරන්න ඕනේ.(නදී)
රූපවතී Tuesday, 03 September 2013 03:36 PM
මේක තමයි සත්‍යය, මිනිසුනේ තමන් හිතට එකඟව වැඩ කරන්න ඕන. නැතිනම් මුළු ජීවිත කාලෙම තමන්ගේ හිත ශාප කරනවා ...දැන්වත් තේරුනාද...බුදු ගුණ අනන්තයි ...!!!!දම් ගුණ අනන්තයි!!!! සඝ ගුණ අනන්තයි ..!!! (ස)
දයා අලහකෝන් Tuesday, 03 September 2013 03:44 PM
ඔන්න බලන්න දේශපාලුවන්ගේ කීමට අවනත උනාම වෙන වින්නැහිය.දැන් දේශපාලුවා අඹු දරුවන්ව බලයිද? (ස)
අප්පුහාමි Tuesday, 03 September 2013 11:26 PM
කාටත් ඕක තමා වෙන්නේ. මුළු ලෝකයටම සැගවුවත් තමන්ගේ හිතට හංගන්න බැහැ. (නි)