IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හිටපු මන්ත්‍රීන් තුනකට ජනපතිගෙන් අලුත් වැඩක්

ඌව, මධ්‍යම හා වයඹ පළාත් සඳහා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරු තිදෙනෙක් ද පොළොන්නරු දිස්ත්‍රික්කයට විශේෂ ව්‍යාපෘති නිලධරයෙක්ද මෛත්‍රිපාල සිරිසේන ජනපති විසින් අද (25) පත්කරනු ලැබූහ.

හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර ඌව පළාතට ද හිටපු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මධ්‍යම පළාතටද හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර වයඹ පළාතටද , පොළොන්නරු දිස්ත්‍රික්කයට පත් කළ ප්‍රේමසිරි මුණසිංහ යන මහත්වරු අද ජනාධිපති කාර්යාලයේදී ජනපති අතින් පත්වීම් ලිපි ලබාගත්හ.



අදහස් (0)

හිටපු මන්ත්‍රීන් තුනකට ජනපතිගෙන් අලුත් වැඩක්

දහම් Wednesday, 25 November 2015 03:57 PM

ඔන්න ඔහොම බෙදන එකයි තියෙන්නේ. මහින්දගේ කාලේ වගේ දැන් නාස්ති නැහැනේ. (බ)

:       0       0

සේන Wednesday, 25 November 2015 04:13 PM

ජනාධිපති තුමණි, ඌව පළාත භාර විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක තුමාට ගවපාලනය හා ගව ගහනය පිලිබඳ ප්‍රාමාණික දැනුමක් තිබෙන බවට මහජන මතයක් ගොඩ නැගී ඇති බැවින් එතුමාට ගවයන් පිලිබඳ ව්‍යාපෘතියත් භාර දීමෙන් උපරිම ඵල නෙලා ගත හැකි වනු නො අනුමානය ය. (රේ)

:       0       0

සුනිල් ගිකියනගේ Wednesday, 25 November 2015 04:22 PM

රටේ සල්ලි තමන්ගේ හිතවතුන්ට ලබා දීම සදහා මේවගේ මරිවැඩ කරන එක 19 සංසෝධනයේන් නතර කරන්න බැරි වුනාද. අනේ අපේ රට. ඔනෑම හරකෙකුට මොකක්හෝ තනතුරක් හදල රටේ සල්ලි විනාස කරනවා. අම්මා අප්පාගේ බූදලය වගේ. (රේ)

:       0       0

සන්තුෂ් Wednesday, 25 November 2015 04:53 PM

මින් එක් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේදී ගංජා වගාතිරීමට ගොවීන්ට අධාර කළ යුතු බවට මතයක් ප්‍රකාශ කළා වගේ මතකයි.(රේ)

:       0       0

නිල්මිනි Wednesday, 25 November 2015 05:20 PM

අපේ ගෙදර බල්ලත් ඉන්නවා අනේ බැරි වෙන එකක් නැහැ මෛත්‍රිරිගෙන් පෝස්ට් එකක් ඉල්ලගන්න , තව අඩු කකුල් හතරේ බල්ලෝ විතරනේ අනේ මුන්ට චන්දෙ දීල කරගත්ත ගොන්කමක් අපිත් වරෙල්ලකෝ ඊළඟ වතාවේ(රේ)

:       0       0

පාලිත Wednesday, 25 November 2015 05:18 PM

මට ටෝයියෝ ගැන හරිම සතුටක් දැනනවා අප්පා (රේ)

:       0       0

වසන්ජය Thursday, 26 November 2015 10:14 PM

යන්තම් ඇති තිලක් ගේ ඇස් ඇරිලා (අ)

:       0       0

සමන් Wednesday, 25 November 2015 05:23 PM

අවුරුදු 6ක් කට වහගෙන ඉන්න වෙලා.අපි හැමෝටම (රේ)

:       0       0

සමන් Wednesday, 25 November 2015 05:29 PM

අනේ මර්වින් මහත්තයට ඒ මහත්තයාගේ පුතට එතකොට දුමින්ද මහත්තයට අපේ විමල් මහත්තයට ගම්මන්පිල උන්නැහේට මොනවා හරි දෙන්නකෝ ඔය උපදේසක තනතුරු ඕණ තරම් තියෙන්නේ. (රේ)

:       0       0

සිරි Wednesday, 25 November 2015 07:08 PM

"දුන් දේ සුවඳයි" කිවුවාට, මේවා නම් ගඳයි අපිට (නි)

:       0       0

උපසේන Wednesday, 25 November 2015 07:30 PM

බලාගෙන ගියාම කවුරුත් එකයි වගේ (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 25 November 2015 08:37 PM

මේවා නම් යහපාලනය තුළ තිබෙන අයහපත් දේවල් ලෙසයි අපි දකින්නේ (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 25 November 2015 10:51 PM

රැකියා ප්‍රශ්නය විසඳීමට නව අදහස් පහළවෙනකොට එහෙම තමයි. මෙහෙම ගියොත් තව කාලයක් යනවිට ශ්‍රී ලංකාවේ එකම රැකියා විරහිතයෙක්වත් හොයාගන්න බැරිවේවි.... (නි)

:       0       0

ප්‍රනාන්දු - පැරිස් Wednesday, 25 November 2015 11:43 PM

ජනවාරි 8 වෙනිදා සිට පත්කරනවා, පත්කරනවා... අවසානයක් නොමැත. කෝ දස ගුණයේ සංවර්ධනය? (නි)

:       0       0

ප්‍රනාන්දු - පැරිස් Wednesday, 25 November 2015 11:48 PM

අපි අපි වෙනුවෙන් සහ රට වෙනුවෙන් මෙහෙ දුක්විඳිනවා. ඒවා බෙදා හදාගෙන හොරාකෑවොත් නම් ඉදිරියේදී වෙන දේ හිතාගන්නත් බැරිවෙයි එහෙම අයට (නි)

:       0       0

පරාක්‍රම Thursday, 26 November 2015 01:07 AM

සන්තෝෂයිනේ. පහුගිය කාලේ වගේ දැන් නාස්ති නැහැනේ (නි)

:       0       0

නිමල් ලාලිත Thursday, 26 November 2015 02:06 AM

හැම දේශපාලඥයාම බෙරිහන් දෙනවා රටේ ලොකුම සම්පත දරුවන් කියලා. නමුත් දෙමාපියන් තම සිඟිත්තාව පාසලකට ඇතුළු කරගන්න බැරුව දඟලනවා. මහා ලොකු සමාජ සේවකයෝ. අනේ මෙහෙමත් රටක්? (නි)

:       0       0

සෙන්සාන් Thursday, 26 November 2015 02:21 AM

යහපාලනය දවසින් දවස විනාශ මුඛයට යන හැටි බලාගෙත සිටින්නයි වෙන්නේ. ඇයි අපි ඉල්ලා ගත් පරිප්පුවනේ. (නි)

:       0       0

ජයසේන Thursday, 26 November 2015 02:24 AM

යහපාලනයට ජයවේවා! (නි)

:       0       0

දිලුම් Thursday, 26 November 2015 02:51 AM

සන්තෝෂයි සන්තෝෂයි අප්‍රමාණ සන්තෝෂයි. කෝ අර ප්‍රතිපත්ති ප්‍රකාශනය? අනේ අපිත් කරගත් දෙයක්? (නි)

:       0       0

උපේක Thursday, 26 November 2015 02:55 AM

අපි අපිටම ගහගන්න වටිනවා කරගත්දේට (නි)

:       0       0

උදය Thursday, 26 November 2015 03:03 AM

මදැයි අපිත් කරගත් දෙයක්? (නි)

:       0       0

රන්ජිත් Thursday, 26 November 2015 03:07 AM

අපරාදේ අපේ කතිරයේ බලය! (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 26 November 2015 03:11 AM

ගැමුණු, කතාව නම් සත්තකින්ම ඇත්ත. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 26 November 2015 03:19 AM

මහමැතිවරණයේදී යහපාලනයට ඡන්දය දෙන්න ගිය මගේ අම්මට කණ්ණාඩි කුට්ටම අරගෙන යන්න අමතකවෙලා කතිරය ගහලා තිබුනේ යහපාලනය කියලා "බරකරත්තයට". අද අම්මා ඒ ගැන සතුටු වෙනවා. යහපාලනයට ඡන්දය නොදීම ගැන ගොඩාක් සතුටු වෙනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 26 November 2015 03:21 AM

යහපාලනය වෙනුවෙන් දිවා රෑ මගේ මුදල් වියදම් කරමින්, නිදි මරාගෙන, යහපාලනය වෙනුවෙන් කඩේගිය මට නම් දැන් යහපාලන අමාරුව හොඳටම සනීපයි. (නි)

:       0       0

ලුෂාන් Thursday, 26 November 2015 04:16 AM

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු (ම)

:       0       0

දිලුම් Friday, 27 November 2015 06:48 AM

නියම යහපාලනයක්නේ මේ යන්නේ. අපේ මවුපියන් සහ අපි යුඑන්පී එකට ඡන්දය දෙන්නේ මේවා දකින්න නෙමෙයි. මේ ගැන පියවරක් ගන්න. (නි)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 25 November 2015 01:19 PM

අපරාදේ කියන්න බැහැ ඕනෑ තරම් තනතුරු තියෙනවා. (ර)

:       0       0

සේනක Thursday, 26 November 2015 05:36 AM

මම යහපාලනයට ජන්දය දුන්නේ ඇමති මණ්ඩලය 20 ට අඩු කරනවා කියපු නිසා. (ම)

:       0       0

සුසන්ත Wednesday, 25 November 2015 01:23 PM

යහපාලනේට උදව් දීපු හැමෝටම ඔවුන්ගේ කොටස දෙන්න එපැයි ඉතින් කොටියට දෙනවා වගේම..... හොඳයි හොඳයි හැමෝම සන්තෝසෙන් බදාගෙන කන්න, (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 25 November 2015 01:24 PM

මේ දේශපාලු හොරු ඇරෙන්න ලංකාවේ වෙන උගතුන් නැත්තද මෙවැනි වැදගත් වැඩ භාරදෙන්න? (බ)

:       0       0

පරාක්‍රම Thursday, 26 November 2015 06:26 AM

මේ දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරදුන අය‍ටනේ. ඕව ඉතින් හොඳ වැඩ. තව කොච්චර දුන්නත් කමක් නැහැ. පැරදුන යු එන් පී කාරයෝ එක්කෙනෙකුටවත් නොදී හිටියොත් ඒ ඇති. යහපාලනෙයි ගොන්කමයි තරාදියේ පැත්ත පාත්වෙන හැටියෙන් කිරා බලා ගැනීමට තව මාස හතරකින් ඡන්දදායකයාට අවස්ථාවක් එනවා. (බ)

:       0       0

ශාන්ත Wednesday, 25 November 2015 01:25 PM

නියමයි. කළ යුතුම, අත්‍යවශ්‍ය ම කටයුත්තක්. (අ)

:       0       0

මාගලි ෆොන්සේකා Wednesday, 25 November 2015 02:00 PM

අනේ මන්දා හැමදාම පත් කරනවා. (ර)

:       0       0

චන්න බුවනක Wednesday, 25 November 2015 02:19 PM

ජනතාව එලවපු අය ඔය අපුරුවට නිලතල ගන්නේ. (ර)

:       0       0

සමන් Wednesday, 25 November 2015 02:43 PM

සංවර්ධනයයි ,දේශපාලනයයි එකක් නෙමෙයි දෙකක් කියලා ඇයි දැන්වත් තේරුම් ගන්නේ නැත්තේ? මේ අය විශේෂ ව්‍යාපෘති කරන්න තරම් දක්ෂයෝ නම් , ඇයි මිනිස්සු මේ අයව ප්‍රතික්ෂේප කලේ ? ඇයි වෙන දක්ෂයෝ ඇත්තෙම නැද්ද මේ රටේ? දරුවෝ ඉගෙන ගන්නේ මොකටද එහෙනම්? (ර)

:       0       0

ප්‍රසන්න Thursday, 26 November 2015 07:46 AM

ලඟින් හිටපු නඩේට තානාන්තර දුන්නට ජනතාවගේ ඡන්දය නම් ශ්‍රිලනිපයට ලැබෙන්නේ නැහැ. මෙදා පාර. (ස)

:       0       0

ගැමුණු Wednesday, 25 November 2015 03:06 PM

මෙතරම් ඉක්මනිම අපේක්ෂා භංගත්වය කියන දෙය, විවිධ අයුරින් අපට ලබා දුන් හැටි,ඇත්තටම හිතා ගන්නත් අමාරුයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 774 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1704 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 811 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 37 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 787 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 775 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20095 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16797 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site