IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිටපු මන්ත්‍රී කොටි සැමරීමට ගත් තැත වරදී

යාපන කයිතඩියේ උතුරු පළාත් සභා ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව අසල කපුරු දල්වා  මිය ගිය කොටි සාමාජිකයින් සැමැරීමට ගත් උත්සාහයක් පොලීසිය අද වැළැක්වීය.

හිටපු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්  මහතා හා පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සශිදරන් මහත්මිය වසා තිබු මේ ගොඩනැගිල්ලේ දොරටුවේ කපුරු දැල්වීමට තැත් කළ බවත් පොලීසිට ඊට ඉඩ නොදුන්බවත් දැන ගන්නට ඇත.සශිදරන් මහත්මිය මිය ගිය කොටි නායකයකු වන එලීලන්ගේ බිරියයි.

උතුරු පළාත් සභාපති පැවසුයේ කපුරු දැල්වීම සඳහා තමන්ගෙන් අවසරයක් නොගත් බවයි.

 



අදහස් (0)

හිටපු මන්ත්‍රී කොටි සැමරීමට ගත් තැත වරදී

පිටිගල Friday, 16 May 2014 01:41 PM

කොටින්ට නම් ඉඩක් නොදිය යුතුයි. පොඩි හෝ ඉඩක් දුන්නොත් එය මහා විනාශයක්.(මුදී)

:       0       0

දීපාල් Friday, 16 May 2014 01:45 PM

මෙයාලට ගහන්න ඕන දුවන්න. (ස)

:       0       0

සඳුනි Friday, 16 May 2014 02:09 PM

ආයේ සැරයක් ගිනි පත්තු කරන්නයි උත්සාහය..??? (මුදී)

:       0       0

නුවන් Friday, 16 May 2014 02:20 PM

මෙච්චර මිනිස්සු මරල දාපු අය සමරන්නත් හදනවද?(දිල්)

:       0       0

නලින්ද Friday, 16 May 2014 02:31 PM

කොටි සංවිධානය යලි හිස ඔසවන්නේ කොහොමද කියල බලාගෙන ඉන්නේ. මෙහිදී ආණ්ඩුව විසින් තද පියවරක් නොගත්තොත් අනාගතයේ දරුණු ඉරණමකට රට ගොදුරු වෙන්න පුළුවන්. (ස)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Friday, 16 May 2014 11:38 PM

ලුම්බිණි නෝනා . යුද්දයෙන් මිය ගිය අය සමරන්න දිනයක් යොදා ගත්තට කමක් නෙහැ . යුද්දයෙන් පසුගිය අවුරුදු 30 ක කාලයේ සෑමදා ම අහිංසකයන් මිය ගියා . එහෙත් කොටි සමරන්නට දිනයක් දෙනවා කියන්නේ . ගෙදරට ආපු හොරාට අම්මව දෙනවා වගේ පාවා දීමක් (ස)

:       0       0

මදුරංග Friday, 16 May 2014 02:46 PM

මේ අයව අත්අඩංගුවට ගන්නේ නැත්තේ මොකද? (මුදී)

:       0       0

නිශාන්ත Friday, 16 May 2014 02:51 PM

පොඩි දරුවො ඇතුළු පවුල් පිටින් මිනී මරලා විනාශවෙලා ගිහිල්ලත් තවම උත්සාහය සමරන්න. අපේ සමහරු විජයග්‍රහණ සැමරුමට දොස් කියනවා. යුද්දෙ වෙලාවෙත් අපහාස කරපු අපේ මිනිස්සු හිටියා. එයාල දැනුත් බනිනවා. (මුදී)

:       0       0

පෙරේරා Friday, 16 May 2014 02:58 PM

කපුරු නෙමෙයි දුම්මල ගහන්න ඕනේ (දී)

:       0       0

ජූඩ් Friday, 16 May 2014 02:59 PM

මේවා නිය පොත්තෙන් කඩා ගන්න ඕනේ දේවල් (දී)

:       0       0

දසුන් Friday, 16 May 2014 03:00 PM

බය නැතිව මේවා කරන්න ගියේ කොහොමද? (දී)

:       0       0

පුෂ්පසිරි පැරිස් Friday, 16 May 2014 03:06 PM

අපි හිතුවත් කොටි ඉවර කළා කියා, තාම එය ඉවරයක් නැහැ. තවම කොටි උතුරේත් දකුණේත් හොල්මන් කරනවා. (නි)

:       0       0

තේජා Friday, 16 May 2014 03:07 PM

මට එන තරහා කියා නිම කරන්න බැහැ (නි)

:       0       0

සිරියලතා කෙන්යා Friday, 16 May 2014 03:21 PM

ඕක පත්තු කරගන්න තිබුනේ ගේ ඇතුළේනේ. එයාලටත් ඕනෑ ලෝකෙටම පෙන්වන්න එයාලගේ ලොකුකම් (නි)

:       0       0

ශාන් අමිත් Saturday, 17 May 2014 02:34 AM

ලුම්බිණි ඔබ හරි. සිංහ ඔබත් වැරදි නැහැ. (ස)

:       0       0

බිමල් Friday, 16 May 2014 03:39 PM

මේ ක්‍රියාකලාප මේ රටේ සාමයට සමගියට බාධාවක්.ඔහු කොටින් බලවත්ව හිටි කාලෙත් වහසිබස් දෙඩෙව්වා මතකයි. (නි)

:       0       0

රොහාන් Friday, 16 May 2014 03:41 PM

අවිගත්තෝ අවියෙන්ම නසිති.මොවුන්ට නැවත හිස එසවීමට ඉඩ නොදීම අප ආරක්ෂක අංශය සතු වගකීමකි (නි)

:       0       0

ලුම්බිණි Friday, 16 May 2014 03:56 PM

මගේ නම් අදහස සිංහල දෙමල මුස්ලිම් කියල වෙනසක් නැතුව යුද්ධයෙන් විපතට පත් සහ මිය ගිය අය සැමරුම සඳහා දිනයක් තිබිය යුතු කියලයි. (ස)

:       0       0

රවී Friday, 16 May 2014 04:14 PM

බලෙන් මින්ස්සුන්ගේ මතවාදය වෙනස් කරන්න බැහැ .උතුරට යමක් කරලා තමයි මේවා නතර කරන්න පුලුවන් වෙන්නේ , (ස)

:       0       0

සිංහ Friday, 16 May 2014 04:17 PM

මට මේකේ තව පැත්තක් පේනවා, හැබැයි මම කියන දේට කට්ටියට තරහයි. මේකයි ඒ මනුස්සයාගේ මහත්තයානේ මැරිලා ඉන්නේ එකට පහනක් පත්තු කරාට කමක් නෑ වගේ නේද? මේක ගෙදර කරගත්ත නම් තමයි වඩා හොඳ. (ස)

:       0       0

පූර්ණ Friday, 16 May 2014 04:37 PM

ඒ ගොල්ලො කොතන හිටියත් කොටින්ට පහන් දල්වන එක කරනවාමයි.කැළය මාරු වුණාට කොටියාගෙ පුල්ලි මාරුවෙන්නෙ නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 16 May 2014 04:38 PM

මේ රටට කළ විනාශයට කපුරු නෙමෙයි මිරිස් පුච්චන්නයි තියෙන්නේ (නි)

:       0       0

බිහාර Friday, 16 May 2014 05:27 PM

එක අතකට මෙයාලට බැනලා වැඩක් නැහැ.මෙයාලට විතරක් නීතිපනවා කුමක් කරන්නද? නීතිය නම් සැමට එක වෙන්න ඕනෑ.ත්‍රස්තවාදියාට සිංහල දෙමල කියා බේදයක් තිබෙන්න විදියක් නැහැ (නි)

:       0       0

ෂේන් Saturday, 17 May 2014 10:23 AM

අපේ අයත් මරුන අය සිහිකරන්න එක එක දේවල් කරනව වගේ එයාලත් දෙමල මිනිස්සු සිහිකරන හදනවා (අ)

:       0       0

පෙරේරා Saturday, 17 May 2014 11:13 AM

එක අතකට මෙයාලට බැනල වැඩක් නැහැ.අපේ කට්ටිය එළිපිටම කෝටි ගාණන් ගණන්කළ හැකි මහජන දේපල විනාශ කරපු තරුණ ජිවිත දෙවතාවකදී ලක්ෂයකට වඩා විනාශ කරපු මහ මග බල්ලෝ බළල්ලු වගේ මැරිලා යන්න ඉඩ සලසපු ජේ වී පි ත්‍රස්තවාදීන්ව සමරන්න ඉඩ දෙද්දී ඒඅයගේ ෆොටෝ අරගෙන පෙළෙපාළි යන්න ඉඩ දෙද්දී. මෙයාලට විතරක් නීති පනවල මක් කරන්නද..නිතිය නම් සැමට එක වෙන්න ඕන..ත්‍රස්තවාදියාට සිංහල දෙමල කියල භේදයක් තියෙන්න විදියක් නැහැ..(අ)

:       0       0

සිල්වා Friday, 16 May 2014 06:43 PM

එංගලන්තයේ කොටි කොඩිය යටතේ ස්වාධීන පක්ෂ වලින් ඡන්දය පවා ඉල්ලනවා. (නි)

:       0       0

පුෂ්පසිරි පැරිස් Saturday, 17 May 2014 11:54 AM

අපේ සිංහල අයගේ ප්‍රතිචාර වලට පුදුම වන්නට දෙයක් නෑ . යුද්දය කාළෙත් කොටින්ට උදව් කරපු සිහලු සිටිය සල්ලි වලට . අදත් ඉන්නවා . යුද්දයෙන් මැරුන අයව සැමරීම එකක් . එල් ටි ටි ත්‍රස්තයන් සැමරීම තව දෙයක් . අපේ ගොඩක් අයට මෙය වැටහෙන්නේ නැතුවද ? නැතිනම් ඔව්නුත් කොටි හුරතල් කරනවාද ? (අ)

:       0       0

ගයාන් Friday, 16 May 2014 07:02 PM

කොටි සංවිධානය හුස්ම අල්ලාගෙන ඉන්නේ ඇමරිකාව වගේ ලෝකයේ මහා බලගතු රටවල් නිසා. කොටි බලාසිටින්නේ කොයි වෙලාවේ හරි ඔලුව උස්සන්න. අපේ රට විනාශ කළ කොටින්ටත්,අහිංසක රටවල් වලට අකුල් හෙලන ඇමරිකාව, කැනඩාව වගේ රටවල් වලටත් කවදාවත් ඔලුව උස්සන්න නම් පුලුවන් වෙන්න එපා (නි)

:       0       0

සැම්සන් පිලපිටිය Saturday, 17 May 2014 11:58 AM

පෙරේරා මහතාට පමණයි මෙතන වැදගත් වටිනා අදහසක් පවසා තියෙන්නේ . කොටින්ට පමණක් නොව ජේ වී පි ත්‍රස්තයන්ට පවා මිය ගිය ත්‍රස්තයන් සේමරිමට ඉඩ දෙන්න නරකයි .(අ)

:       0       0

සුරංග මුදියන්සේ Friday, 16 May 2014 07:11 PM

උතුරු පළාත් සභාව වැඩි කල් පවතින්නේ නැහැ. සිංහලයන පදිංචිකොට ජනසන්යුතිය වෙනස් නොකොළොත් කොටියෝ ලේහෙසියෙන්ම උතුර වෙනස්කර ගන්නවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3793 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2773 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3560 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3258 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 728 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1411 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36123 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24135 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site