IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හිටපු ලේකම් විශ්‍රාම වැටුප් දෙකක් අරං

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් විශ්‍රාම වැටුප ලබා ගන්නා අතර තුර වෙන් අංකයක් යටතේ වංචනිකව පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් ද විශ්‍රාම වැටුප් ලබා ගත්තැයි සැකපිට දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් අමරදාස පෙරේරා සැප්තැම්බර 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේය.

සැකකරු දකුණු පළාත් සභාව ආරම්භයේ සිට 1992 නොවැම්බර 26 වැනි දා තෙක් එහි ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ බව පොලිසිය කියයි.



අදහස් (0)

හිටපු ලේකම් විශ්‍රාම වැටුප් දෙකක් අරං

රෙජි-සිඩ්නි Thursday, 21 August 2014 03:42 AM

අනේ පව් ,මෙයා හිටපු ලේකම් කෙනෙක්නේ. වැඩ වැඩි හින්දා ඕක අමතක වෙන්න ඇති. මේ ලෝකයේ වැරදි කරන්නේ නැත්තේ කව්ද? (නි)

:       0       0

නිමන්ත Thursday, 21 August 2014 03:43 AM

සිල්වා, මෙයා දකුණු පළාතේ ප්‍රධාන ලේකම් වුණාට දකුණේ කෙනෙක් නෙමෙයිනේ. දන්නවනේ සමහර අයට දකුණ කියන වචනය දැක්කත් ඇවිස්සෙනවා. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 20 August 2014 12:09 PM

අනේ මන්දා දැන් කාලේ ජිවත් වෙන්න අඩුම තරමේ 50,000ක් වත් තිබ්බත් මදි හතර පස්දෙනෙක් ජිවත් වෙන පවුලකට.පාසල් යන දරුමල්ලෝ ඉන්න පවුලක් කොහොම ජිවත් වෙනවද මන්ද ලැබෙන තුට්ටු දෙකෙන්.(අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 August 2014 12:28 PM

ඉසුරන්දි, පිස්සුද ඔයාට? ඒ ගානට පුළුවන්ද හතර දෙනෙකුට ජීවත්වෙන්න? (නි)

:       0       0

ධම්ම Wednesday, 20 August 2014 12:40 PM

ඇයි ලංකාවේ හොඳම ටියුෂන් ගුරුවරයෙක් වරක් කිව්වේ රු 2500 ක් ඇති, ජීවත්වෙන්න කියලා. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 20 August 2014 12:58 PM

ගිය ගිය තැන හොරු. හොඳ දෙයක් අහන්න ලැබෙන්නෙම නැහැ. (දිල්)

:       0       0

චන්ද්‍රා Wednesday, 20 August 2014 02:08 PM

හොඳ වැඩකාරයෙක්. සේවා කාලය තුල තව කොපමණ දේවල් රටට දැයට වැටුප් සහ අමතර දීමනා ලබාගනිමින් කරඇද්ද? (නි)

:       0       0

දයා Wednesday, 20 August 2014 03:10 PM

අනුහයේ ඉඳලයි එයා දැනගෙන ඉඳලා තියන්නේ ඉස්සරහට පඩි දෙකක් නැතුව ජීවත්වෙන්න බැරුව යයි කියලා. (නි)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​, Thursday, 21 August 2014 08:21 AM

අත් දෙකක් තියෙනවානේ,ඉතින් ඕක මොකක්ද​ ? (නදී)

:       0       0

කිංස්ලි පෙරේරා Wednesday, 20 August 2014 06:12 PM

සමහර ලොකු අය ගහන ගැහිලි වලට ඕක මොකක්ද එක අතකට? (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 20 August 2014 07:36 PM

ලොකු ලොක්කන් තමා නිතරම රජයේ මුදල් වංචා කරන්නේ. මේ ප්‍රාදේශීය සභා බොරුවට මුදල් නාස්ති කරන සුදු අලින් වැනිය. ඕවා විසුරුවා පරණ ක්‍රමයට ගියොත් විශාල මුදලක් රටට ඉතුරුවෙනවා (නි)

:       0       0

උපුල් Wednesday, 20 August 2014 08:45 PM

බොහෝවිට දේශපාලන නරාවළට වැටුණු ඇත්තන් ‍සේම ඊට සම්බන්ධ ඇත්තෝද හොරමැරකම් බහුල අය වෙති (නි)

:       0       0

චන්ද්‍රරත්න ජී Thursday, 21 August 2014 09:13 AM

කිසිම වැඩක් නොකර කොමිස් ගහන, ජරාව කන දේශපාලුවන් විශ්‍රාම වැටුප් ගන්න කොට ලේකම් තුමා වැඩක් කරලා වැටුප් දෙකක් ගත්තහම මොකද ? (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 20 August 2014 09:27 PM

අන්න නියම මිනිස්සු! රටට දැයට මොනතරම් ආදරේ කරනවද කියලා මට දැන් තමයි තේරුනේ. (නි)

:       0       0

චන්න Thursday, 21 August 2014 12:27 AM

මේ ගොල්ලන්ට විශ්‍රාම වැටුප් දෙක දෙක. අපේ තාත්තා රජයේ සේවයේ ඉඳලා අකල් මරණයක් වෙලා වැන්දඹු සහ අනෙක් දීමනා අපිට ලැබෙන්න අවුරුදු 6 ක් ගියා. අපේ අම්මා අපිවත් අතින් පයින් එල්ලාගෙන රජයේ කාර්යාලවල රස්තියාදු වෙවි පුදුම දුකක් වින්ඳා ඒක හදාගන්න. (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 20 August 2014 10:26 AM

අනේ ඉතින් ඕකට රිමාන්ඩ් කරන්න ඕනද? එක පඩියකින් ජීවත් වෙන්න බැරි නිසා එහෙම කළේ. දේශපාලකයන් මිලියන බිලියන ගනන් ගහන්නේ? (ස)

:       0       0

සිසිර Wednesday, 20 August 2014 10:42 AM

අන්න අාදර්ශමත් රාජ්‍ය නිළධාරීන් (අ)

:       0       0

රිකාස් Wednesday, 20 August 2014 10:50 AM

මේවා අපේ රටේ සාමාන්‍ය දේවල්. ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ. (ස)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 20 August 2014 10:50 AM

එතුමා හිටපු කාලය බැලුවම වැටුප් දෙකක් දුන්නත් කමක් නැහැ කියලා හිතෙනව.ඒ කාලයේ තමයි දකුණේ නිල හා නොනිල ඇදිරිනීති,මහජන දේපල හානි කිරීම්, මනුෂ්‍ය ඝාතන විතරක් නෙවෙයි පලාත් සභාවෙ ප්‍රැන්සිස්කුහරණය සිදුවුනෙත්.(අ)

:       0       0

දිනේෂ් Wednesday, 20 August 2014 11:01 AM

ජිවත් වෙන්න බොහොම අමාරුයි පඩි තුනක්වත් ඕන(අ)

:       0       0

සෙනරත් Wednesday, 20 August 2014 11:03 AM

ටික ටික ආපසු ගෙවන්න වෙයි. 1992 විශ්‍රාම ගියානම් දැන් අවුරුදු අසුවක්වත් ඇති. තව වැඩිම උනොත් මාසෙට රුපියල් 5,000 ගානෙ අවුරුදු 5 ක් නැත්නම් 10 ක් ගෙවන්න වෙයි. ඩබල් වෙන්න ගනිපු කාලෙ අවුරුදු 22 ක් නේ. පාඩු නෑ වැඩේ (අ)

:       0       0

සිල්වා Wednesday, 20 August 2014 11:14 AM

දකු‍ණේ කෙනෙක්ද එයා? මම මීට වැඩිය මේ ගැන කතාකරන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 381 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 436 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 713 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 555 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 393 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 728 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site