IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිටපු විනිසුරු ආබෘෘට උසාවියෙන් පනින්න බැරිවෙයි

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ ට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධි චෝදනා බාර දුන්නේය.

නිවසේ මෙහෙකාරිය අපයෝජනය කළැයි නීතිපති ඔහුට චෝදනා ගොනු කළේය. රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරු නියෝග කළේය.

හිටපු විනිසුරු ආබෘෘ ඇප අත්සන් නොකර ඇඟිලි සලකුණුද නොදී මහාධිකරණ විනිසුරු පරිහරණය කරන දොරටුවෙන් පිටවී ගිය බවත් පොලිසිය විනිසුරුවරයාට දැනුම් දීමෙන් පසු ඔහු නැවත කැඳවා ගත් බවත් අධිකරණය කියයි. ඉන් පසු ඔහු ඇප ලියවිලිවලට අත්සන් කර ඇඟිලි සලකුණුද ලබාදුන්නේය.

තමා නිවැරදිකරු බව හිටපු විනිසුරු ආබෘෘ කීවේය. මාධ්‍යවේදි රොහාන් සරුක් අබේවර්ධන හා දිවි නැගුම සංවර්ධන නිලධාරී සිසිර කුමාර ද සිල්වා ඇපයට අත්සන් කිරීමෙන් පසු ඔහුගේ ඇඟිලි සලකුණුද ගැනිණි.

නඩු විභාගය මැයි 23 වැනිදාට කල් තැබූ බව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කළේය.

sara_2016112 sara_2016112-2 sara_2016112-3 sara_2016112-4 sara_2016112-5

ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්



අදහස් (0)

හිටපු විනිසුරු ආබෘෘට උසාවියෙන් පනින්න බැරිවෙයි

අබය Tuesday, 12 January 2016 08:39 PM

කවුද මේ අනෙක් කෙනා? (නි)

:       0       0

උදය Tuesday, 12 January 2016 08:44 PM

අපල කාලයක් ලබලා වගෙයි (නි)

:       0       0

ජයසිංහ Tuesday, 12 January 2016 08:41 PM

දැන් ඉතින් දඬුවම් විඳින්න කාලයයි (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 12 January 2016 01:13 PM

ඇසළ.ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්.(කෞ)

:       0       0

මනෝ Wednesday, 13 January 2016 06:03 AM

සමන්,එතුමාගේ කොණ්ඩය ගැන එතුමා හරි විදිහට බලාගත්තානම් මෙතරම් ප්‍රතිචාර වැටුනේ ඇයි එහෙනම් ....? බලාගෙන යනකොට ඔබත් මෙසේ කොන්ඩේ වවපු කෙනෙක්ද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 13 January 2016 06:09 AM

මම දැන් කියන දේවල් වල සත්‍ය අසත්‍ය ඉදිරියේදී පට්ට කම්බා හොරු,දුෂිතයෝ,මිනීමරුවෝ වෙනුවෙන් කොහොමද දායක වෙන්නේ කියල බලාගන්න පුළුවන් (බ)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 12 January 2016 01:32 PM

ටිකිරිබණ්ඩා අත්තා තමයි. අසේල කියන එක හරියටම හරි (කෞ)

:       0       0

අබරන් Wednesday, 13 January 2016 06:18 AM

මොන ලියද්ද වුණත් සමාජයේ පෙනී හිටින එක්තරා ශිෂ්ඨ ආකාරයක් තියෙනවා.විශේෂයෙන් මේ වගේ උදවිය කොන්ඩයාගේ ගානට වැටුනාම සමාජයට මොකද වෙන්නේ?(ම)

:       0       0

කෝසල Tuesday, 12 January 2016 10:48 PM

නීතිය කාටත් පොදුයි (නි)

:       0       0

අබය Tuesday, 12 January 2016 10:44 PM

මට නම් බය හිතුනා (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 12 January 2016 10:57 PM

උසාවියට මෙලෙස කොණ්ඩය වවාගෙන එන්න අවසර තිබෙනවද? (නි)

:       0       0

සමරසේකර Tuesday, 12 January 2016 10:55 PM

කර්ම විපාකයෙන් කිසිදා ගැළවිය නොහැක (නි)

:       0       0

මල්ලිකා Tuesday, 12 January 2016 06:48 AM

අපි බලමු තීන්දුව කොහොම වෙයිද කියල අනිත් ඒවයින් ඇති වැඩක් නෑ (කෞ)

:       0       0

සාමා Tuesday, 12 January 2016 06:59 AM

යහපාලනය බලාගන්න හොඳම අවස්ථාව මේක තමා. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 12 January 2016 02:18 PM

අපේ ලංකාව ගැන මොනවා හිතන්නද තව. (හේ)

:       0       0

උදය Wednesday, 13 January 2016 01:00 AM

ඩුබායි තිලක්, ඔයාට හාමුදුරුවරු එක්ක තරහ මොකද? රට ජාතිය ගැන එතුමන්ලා සටන් කරන නිසාද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 13 January 2016 01:31 AM

ඡායාරූප දැක්කහමත් මට නම් දුක හිතෙනවා. (නි)

:       0       0

සමීර Tuesday, 12 January 2016 07:39 AM

සාමා මේකෙන් යහපාලානේ මනින්න එපා එකට බලන්න අර මන්ත්‍රී තුමියගේ නඩුව දිහා (ම)

:       0       0

නිවන්තක Tuesday, 12 January 2016 08:01 AM

කළ කළ දේ පළ පළ දේ... (නි)

:       0       0

රංජිත් Tuesday, 12 January 2016 02:43 PM

අයියෝ කැත (බ)

:       0       0

දුමින්ද Tuesday, 12 January 2016 08:03 AM

නීතිය අන්ද නොවේවා (ම)

:       0       0

ගුණවර්ධන Tuesday, 12 January 2016 03:19 PM

පින්තුර දැක්කම බයක් හිතුන නන්දලාල් කියනව වගේ අනික් අතට හිනා යනවා තිලක්ගේ කතාවල් වලට මෙන්න නියම පිටුවක් . (ර)

:       0       0

සරසි Wednesday, 13 January 2016 03:29 AM

දැන් ඔන්න අපිට අහන්න වෙන්න එපා කැමැත්තෙන්ම දුෂණය වුනා කියල. (බ)

:       0       0

වජිරපාල Tuesday, 12 January 2016 09:13 AM

වරදක් කළොත් බේරුමක් නැහැ (නි)

:       0       0

සුමිත් Tuesday, 12 January 2016 09:20 AM

මේකත් පළිගැනීමක් කියලා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 12 January 2016 09:34 AM

එයා නැති පාඩුව දැනෙන පිරිසකුත් ඉන්න බව අපි දන්නවා (නි)

:       0       0

සුපුන් Tuesday, 12 January 2016 09:34 AM

මට නම් හිතට හරිම සතුටුයි (නි)

:       0       0

කුමාර Wednesday, 13 January 2016 03:43 AM

උසාවියට එන නීතිඥයන්ට කියාදෙන්න උසාවි එන පිළිවෙල (බ)

:       0       0

නලීන් Tuesday, 12 January 2016 09:42 AM

වැරදි කළා නම් දැන් දඬුවම් විඳින්න වෙයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 13 January 2016 03:42 AM

"තීනියාවල පාලිත හිමිගේ එක් ආදායම් මාර්ගයක් වන්නේ තම දේශපාලන සම්බන්ධතා පාවිච්චි කරමින් දෙමාපියන්ගෙන් අත යට මුදල් මෙන්ම විවිධ අල්ලස් ගෙන සුපිරි පාසැල්වලට සිසුන් ඇතුලත් කිරීම බැවින් දූෂිත විදුහල්පතිවරුන් විදුහල් වල නොමැති වුවහොත් ඔහුට අත පය කැඩුනා වැනි පාඩුවක් සිදුවේ. එනිසා ඔහු දිවි පරදුවට තබා දූෂිතයන් වෙනුවෙන් පෙනී සිටී. (බ)

:       0       0

යසරත්න Tuesday, 12 January 2016 09:53 AM

නිතියෙන් ගැළවුණත් තමන්ගේ හෘද සාක්කියෙන් බේරෙන්න බැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 13 January 2016 03:49 AM

"දූෂිත රාජකීය විදුහල්පතිවරයා මාරු කරන ලද පුවත හෝ කිසිදු මාධ්‍යයක පළ නොකිරීමට මොහු බලපෑම් කරන ලද බැවින් ඒ සම්බන්ධ කිසිදු පුවතක් අද මාධ්‍යයන්ගේ වාර්තා කෙරුනේ නැත. (බ)

:       0       0

වෙනුර Tuesday, 12 January 2016 10:01 AM

"බැක් ටු ද ෆියුචර්" චිත්‍රපටිය මතක් වෙනවා මට (නි)

:       0       0

ගෝඨාභය රත්නායක Wednesday, 13 January 2016 03:55 AM

ආබෘෘට කෙල වෙන්න යන්නේ හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වේවි කාට කාටත් (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 January 2016 10:09 AM

මේකද යහපාලනය කියල කියන්නේ?(ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 13 January 2016 03:58 AM

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ නිතරම සටන් කළේ අයුක්තියට ,අසාධාරණයට,දුෂණයට,ගසා කෑමට,මිනීමැරීමට විරුද්ධවයි .ඒ නිසාම ඒ හාමුදුරුවන්ට ජිවිත තර්ජන වලට මුහුණ දෙන්න සිද වුන අවස්ථා එමටයි.ඒ හාමුදුරුවන්ගෙන් පසුව එවැනි හාමුදුරුවරු ඉන්නවා කියල හිතන්නත් බැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 13 January 2016 03:53 AM

පට්ට කම්බා හොරු,දුශිතයෝ,මිනීමරුවෝ කොතනද.ඔවුන් වෙනුවෙන් එතන හාමුදුරුවරු ඉන්න නිසයි. (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 12 January 2016 10:10 AM

පින්තුර දැක්කමත් බය හිතෙනවා. ඒවායින් වැඩක් නැහැ. බලමු මේ හිටපු විනිසුරු ආබෘෘට උසාවියෙන් දෙන දඬුවම් ගැන... (ම)

:       0       0

ගෝඨාභය රත්නායක Wednesday, 13 January 2016 03:58 AM

ලෝයර්ව දකිනකොට මරුසිරාව පේනවා බයේ බැ බලන්නකෝ මල්ලි කොන්ඩෙ කොහොමද කියල මේ වගේ අය රටට ආදර්ශයක් දෙන්න ඕනේ නේද?? අම්මෝ කිට්ටු වෙන්නත් බයයි අප්පා (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 January 2016 10:16 AM

ඕනෑම වරදක් කරලා බේරෙන්නත් ක්‍රම ලංකාවේ තිබෙනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 January 2016 10:13 AM

මේ පලවෙනි වතාව නෙමෙයි.මිට කලිනුත් අසරණ දමිල තරුණියක්ව දුෂණය කළ චෝදනා තිබෙනවා.ඒ තරුණිය ජීවිතය නැති කර ගන්න වහ බිව්වත් දැනට ජිවතුන් අතර ඉන්න නිසා සාක්කි ගන්න ලැබේවි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 January 2016 10:14 AM

මේ අසරණය වෙනුවෙන් නැද්ද දන්නේ නැහැ අපේ රට ජාතිය ආගම බේර ගන්න ඉන්න ලොකු හාමුදුරු නමක්වත් (බ)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 12 January 2016 10:20 AM

මොහුගේ මුහුණ දැකකම මිනිස් ගතියට වඩා වානර ගතියක් පේනවා , ලොකු කම් නොබලා මොහුට දඬුවම් කළ යුතුය (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 January 2016 10:22 AM

"කහ කුරුල්ලෙක්" අල්ල ගත්තනම් නිදහස් වෙන්න තිබුණා (බ)

:       0       0

ශ්‍රීමාලි Tuesday, 12 January 2016 10:23 AM

මම දැන් නැති හින්ද අහන්නේ ... අර විදියට කොන්ඩේ වවාගෙන අවුල් කරගෙන අපි උසාවියට ගියොත් කමක් නැත්ද ? උසාවියට අපහාස කළා කියල කුඩුවේ දාන්නැත්ද ? (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 January 2016 10:24 AM

මේ ෆොටෝ දැක්කම හිතෙන්නේ අපි තවමත් ජිවත් වෙන්නේ 15 වෙනි සියවසේ කියල......පිස්සු හැදෙනවා. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 January 2016 10:19 AM

නන්දලාල් - ප්‍රංශය.පින්තුර දැක්කමත් බය හිතෙනවා..... මටත් සත්තකින්ම එහෙම හිතුනා.(ම)

:       0       0

ඇසළ Tuesday, 12 January 2016 10:20 AM

හරියට ඩිර්කිවුලා චිත්‍ර පටියක නළුවෝ ටික වගේ. (කෞ)

:       0       0

සම්පත් Tuesday, 12 January 2016 10:29 AM

මේ අපි ඉන්නේ පුනරුද සමයේද කියල හිතෙනවා .(ම)

:       0       0

ජානක Tuesday, 12 January 2016 10:29 AM

අඳුරන්නේ නැති කෙනෙක් එකපාරම දැක්කාම බය වෙනවා නේ (ම)

:       0       0

සමන් Wednesday, 13 January 2016 03:43 PM

මේක 21 වෙනි සියවස. මිනිසුන් තමන්ගේ අනන්‍යතාවයට විලාසිතා කරනවා. අබරන් 19 වෙනි සියවසෙන්ද? (නි)

:       0       0

ඉනෝකා Tuesday, 12 January 2016 10:37 AM

මෙහි දැක්වෙන පින්තුර දැක්කාම විශ්මයට පත් උනා.ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැනේ. (ම)

:       0       0

ඉනෝකා Tuesday, 12 January 2016 10:47 AM

පිටරටවල් වල, හිරේ ඉන්න අපරාධකාරයාවත් පිළිවෙලකට අන්දවාගෙන තමයි උසාවියට එක්ක එන්නේ. අනේ මේ අපේ උසාවියද..? (ම)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 12 January 2016 10:54 AM

කොණ්ඩයාව නැවතත් උසාවි ගෙනල්ලද? (ම)

:       0       0

සම්පත් Wednesday, 13 January 2016 04:54 AM

තමන් කරන වැරදි වලට තමන්ට වන්දි ගෙවන්න වෙනවා (නි)

:       0       0

සමන් Wednesday, 13 January 2016 04:55 AM

රාජකාරියයි මනුස්සකමයි පටළවාගන්න බැහැ. වරලියද්ද මහත්තයා දැනට ඉන්න හොඳම අපරාධ නඩු පිළිබඳ නීතිඥයෙක්. එතුමාගේ ඇඳුම් කොණ්ඩය වැරදි නම් ඒක එතුමා බලාගනියි. (නි)

:       0       0

පද්මිණි Tuesday, 12 January 2016 04:29 PM

ආබෘෘ මහතා වගේ වැදගත් නඩුකාරතුමෙකුට මෙහෙම සැළකීම හරිද? මම නම් වරුද්ධයි (නි)

:       0       0

ඉන්දික Tuesday, 12 January 2016 05:42 PM

තිලක්-ඩුබායි මොකද දන්නේ නැහැ අපේ රට ජාතිය ආගම බේරාගන්න ඉන්න ලොකු හාමුදුරුවරු එක්ක ඔච්චර කේන්ති..? (නි)

:       0       0

සනත් Tuesday, 12 January 2016 05:40 PM

මිනිසුන්ගේ බාහිර පෙනුමෙන් ඔවුන්ගේ චරිතය මනින්න එපා. දුමින්ද කොච්චර ආකර්ෂණීයද? ඉන්ද්‍රානි එහෙම නැද්ද? නමුත් එයාලගේ හදවත් කොච්චර වෙනස්ද? හිතලා බලන්න (නි)

:       0       0

ජෙහාන් Tuesday, 12 January 2016 11:57 AM

හරි අපිට බිතොවාන් මතක් වුනා මේ නඩුව අස්සේ. කොච්චර දැකුම්කලු කොණ්ඩ විලාසිතාවක්ද ? (කෞ)

:       0       0

ස්වස්තික Tuesday, 12 January 2016 12:09 PM

මෙය ගැන දන්නේ අපි පොඩිකාලේ ඉඳන්. (බ)

:       0       0

අනුර Tuesday, 12 January 2016 12:07 PM

කාටත් නීතිය පොදු විය යුතුයි.(හේ)

:       0       0

බටගල Tuesday, 12 January 2016 06:12 PM

හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට... (නි)

:       0       0

පද්මිනී Tuesday, 12 January 2016 12:19 PM

ඇසළ කියල තියෙන දේ දැකල මට හිනාව නවත්තන්න බහ. අනේ, බුදුබණ හැබෑ බව පෙනෙනවා. යමෙක්ගේ මුහුණ තමා චරිතයේ කැඩපත (කෞ)

:       0       0

විජිත් Tuesday, 12 January 2016 12:15 PM

මේ මනුස්සයා මහා පෝරිසාදයෙක් වගේ මටනම් පෙනෙන්නේ.(කෞ)

:       0       0

අතුල Tuesday, 12 January 2016 06:18 PM

නියම මානව හිමිකම් තිබෙන රටක් මේක. කාන්තාවක් දුෂණය කිරීමට චෝදනාලත් අයෙක් එක මොහොතක්වත් රිමාන්ඩ් නොවී ගෙදර යනවා (නි)

:       0       0

සිතාරි Tuesday, 12 January 2016 06:34 PM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

රාජු Tuesday, 12 January 2016 06:51 PM

මෙයා හිරේට ගියොත් කොහොම හිටීද? මෙයා හිරේට දාපු කී දෙනෙක් හිරේ ඇද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9168 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4809 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6656 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4525 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1117 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1928 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36468 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site