IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


හිටපු විනිසුරු සරත් ආබෘෘ උඩු මහලින් වැටී මරුට

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ සිය ගල්කිස්සේ නිවසේ උඩුමහළින් වැටී මිය ගිය බව කළුබෝවිල රෝහල් ආරංචි කියයි.

ඔහු රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වාර්තාවේ.

කළුබෝවිල හදිසි මරණ පරීක්ෂකවරයා ස්ථාන පරීක්ෂණයකට යෑමට නියමිතය.

නිවසේ මෙහෙකාරියට හිංසා කිරීම හා බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවලට සැකපිට ආබෲ අධිකරණයට බාරවීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබ සිටියේය.

2015 ජුලි 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්මලානේදී ඇය අපයෝජනය කළ බවට විත්තිකාර කළුහත් ආනන්ද  සරත් ද ආබෲට එරෙහිව දණ්ඩ නීතී සංග‍්‍රහයේ 365 අ 2 වැනි වගන්තිය යටතේ නීතීපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබිණි.

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

DSC08229 DSC08232 DSC08246 DSC08253 DSC08258 DSC08270 DSC08282

(ඡායාරූප - පින්සිරි ආරියරත්න)

sarath-abrue sarath-abrue00 sarath-abrue01



අදහස් (0)

හිටපු විනිසුරු සරත් ආබෘෘ උඩු මහලින් වැටී මරුට

චන්න බුවනක Monday, 15 August 2016 09:14 AM

යමෙකුට කරදරයක් වුණාම අපේ ගමක නම් කොච්චර සෙනඟක් එකතු වෙනවද? මෙතන එහෙම දෙයක් නැහැනේ. කණගාටුයි. (නි)

:       0       0

පීරිස් Monday, 15 August 2016 09:15 AM

හරිම කණගාටුදායක පුවතක් (නි)

:       0       0

හර්ෂ Monday, 15 August 2016 09:24 AM

සදුන්, නුවන්, ඔබ හරි. හතුරෙක් වුණත් මළ දවසක දොස් කියන්න හොඳ නැහැ. මෙතැන අදහස් ලියන අය කොහොම අයද කියලා තේරුම් ගන්න පුලුවන්. මේ ජිවිතයේ කරපු යම් කුසල කර්මයක් ඇත්නම් මතු සංසාරේ මේ වගේ විපත් නොවේවා! මෙතුමාට නිවන් සැප ලැබේවා!! (නි)

:       0       0

උපාලි Monday, 15 August 2016 09:22 AM

ස්වභාව ධර්මය විසින් දෙන පණිවිඩය අපි පිළිගත යුතුයි. (නි)

:       0       0

රංග Monday, 15 August 2016 09:33 AM

මෙතුමාගේ ගේ දිහා බැලුවහම පේනවා සාධාරණ කෙනෙක් වෙන්න ඇති කියලා. උසාවියේ සමහර ලිපිකරුවන්ටත් මාළිගා තියෙනවා. සාමාන්‍ය අවංක රජයේ සේවකයෙක්ගේ ගෙයක්. අනිත් චෝදනා ගැන මම දන්නේ නැහැ. (නි)

:       0       0

රොහාන් Monday, 15 August 2016 09:31 AM

කෙනකුගේ මරණයේදී අපි සතුටු වෙන්න හොඳ නැහැ. නමුත් මේ මරණයෙන් හැමෝටම පාඩමක් ඉගෙනගන්න පුළුවන්. එ් තමයි තමුන් කරපු වැරදි වලට දඬුවම මෙලොවදීම ලැබෙන බව. (නි)

:       0       0

යෙහාන් Monday, 15 August 2016 09:38 AM

පුදුමාකාර ආරංචි තමයි දවස ගානේ අහන්න වෙන්නේ (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 15 August 2016 06:07 PM

වැටිලාද? පැනලාද? නැත්නම් කවුරුන් හෝ තල්ලු කරලාද? අපිට මෙය ප්‍රශ්නයකි (නි)

:       0       0

හේවා Monday, 15 August 2016 06:22 PM

අනේ පව්! ඔහුගේ මුහුණින් පිළිබිඹු වන්නේ ඔහු ප්‍රශ්න රැසකටම මැදිවෙලා ඉන්නවා වගේ. ඔහුට නිවන් සුව! (නි)

:       0       0

සමන් Monday, 15 August 2016 09:35 AM

කොහොම වුනත් මේ පුද්ගලයාගේ හැඩ රුව දෙස බලපුවමනම් පෙනෙන්නේ දීර්ග කාලින මානසික පීඩනයකට ලක්ව සිටි බවයි ,,,,,,,(හේ)

:       0       0

ප්‍රේමතිලක Monday, 15 August 2016 09:42 AM

අධිකරණ ක්ෂේත්‍රයට ලොකු පාඩුවක්..(හේ)

:       0       0

අමාලි Monday, 15 August 2016 09:39 AM

මේ වගේ දෙයක් වුනාම සතුටු වෙන පිරිසකුත් මේ රටේ ඉන්න එකයි පුදුම.(හේ)

:       0       0

සම්පත් Monday, 15 August 2016 09:49 AM

මේ වෙන්න තියෙන දේවල්.(හේ)

:       0       0

පෙරේරා Monday, 15 August 2016 06:56 PM

අධිකරණ සහ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙකු ලෙස මෙතුමා ගැන මම හොඳින් දන්නා නිසා මෙලෙස මෙතුමාගේ ජීවිතය අවසන්වීම ගැන පුදුම නොවෙමි (නි)

:       0       0

අජිත් Monday, 15 August 2016 09:49 AM

අධිකරණය මගින් දඩුවම් ලැබෙන්නට පෙර දේව දඩුවම් ලැබී ඇති සැටි.(හේ)

:       0       0

ධර්මරත්න Monday, 15 August 2016 07:07 PM

ජීවත්වෙන ටික කාලෙට අපි අකුසල් කරන්න හොඳ නැහැ (නි)

:       0       0

බණ්ඩාර Monday, 15 August 2016 09:55 AM

මිනිසෙකුගේ ජිවිතයක් අහිමි වුනාම සතුටු වෙන තරමට අපේ සමාජය පිරිහිලා. (හේ)

:       0       0

හේමන්ත Monday, 15 August 2016 09:52 AM

ජිවත් වෙලා නරක වැඩ කරපු අය මැරුණම හොදයි.(හේ)

:       0       0

රිචි බාලසුරිය Monday, 15 August 2016 09:53 AM

සරත් ආබෘෘ මහතාට නිවන් සුව පතමි, (ෆහ්)

:       0       0

හේමන්ත Monday, 15 August 2016 09:58 AM

මෙතන අදහස් දාන අය බොහොම කණගාටුවට, සංවේගයට පත්වෙලා ඉන්න ඇති නේද? (නි)

:       0       0

අයිරාංගනී Monday, 15 August 2016 10:07 AM

විපතකදිත් සතුටුවෙන පුදුමාකාර මිනිස්සු ඉන්න රටක් මේක (නි)

:       0       0

ශාන්ත සේනාධීර Monday, 15 August 2016 07:32 PM

මෙම විනිසුරුතුමා නීති විදුහලේ පටන්ම මා දන්නා කෙනෙක් හැටියට මා අවංකවම කණගාටු වෙනවා ඔහුට සිදුවී ඇති ඛේදවාචකය සම්බන්ධව. එකල හරිම සංවේදී, කතාබහෙන් අඩු මා ප්‍රියකළ චරිතයක්. පසුගියදා මා ලංකාවට ගිය විගස ඔහු හමුවන්නට ඔහුගේ නිල කාර්යාලයට ගොඩවුණා. මා සමඟ ඔහු කී විස්තර ඇසුවාම මාගේ දෑසට ඇත්තටම කඳුලින් තෙත්වුණා. මෙහිදී ඔහු සිදුකර ඇති දේවල් ඇත්තටම සිදුවෙලා නැද්ද යන්න මා නොදන්නා නමුත් කොතරම් උසස් නිලතල දැරුවත් මානසික වශයෙන් ඔහුට සිදුවී ඇති ආතතිය දරාගන්නට ඇත්තේ කෙසේද යන්න ඔබ සැමට බාරයි. අද ඔහු සියල්ලෙන් මිදී ගොස් ඇත. මිනිසුන් වශයෙන් අපි ඔහුට සිදුවූ විපත ගැන අවංකවම දුක් විය යුතුයි. මිතුර, ඔබට නිවන් සුව! (නි)

:       0       0

ධම්ම Monday, 15 August 2016 10:04 AM

එතුමාට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

සුමිත් Monday, 15 August 2016 10:11 AM

සඳුන් ඔයාගේ අදහස හරිම ලස්සනයි (බ)

:       0       0

විවියන් Monday, 15 August 2016 10:25 AM

ඔහු සිය දිවි නසාගත්තනම් කොච්චර හිතින් විඳවන්න ඇත්ද එම තීරණයට එන්න . මිනිසුන් උපදින්නේ සමහර දුර්වලතා ඇති වගේම දක්ෂතාත් අැතුවයි (බ)

:       0       0

නිශාර්ඩ් Monday, 15 August 2016 10:31 AM

බොහොම කණගාටුදායක මරණයක්. ඔහු චූදිතයෙක් පමණයි. නඩුව තවම අහල ඉවරත් නැහැ හුඟක් අය ඔහුව වැරදි කාරයෙක් කරලා ඉවරයි. ඔහුට නිවන් සුව පතමි. (බ)

:       0       0

චන්ද්‍රා Monday, 15 August 2016 11:08 PM

උණු නිසා බොන්නත් බැහැ, කිරි නිසා අහක දමන්නත් බැහැ කියනවා වගේ ලොකු ලොකු අයගේ නඩු එමට තියෙනවනේ. (නි)

:       0       0

ජනහිත Monday, 15 August 2016 11:14 PM

මේ විනිශ්චයකාරතුමා හරිද වැරදිද කියලා නීත්‍යානුකූලව තීරණයක් දීලා නැති වෙලාවක ඔහු ජීවිතයෙන් සමුගෙන තියනවා. අපි එකපාරටම තීන්දු දෙන එක සාධාරණ නැහැ. කොහොමටත් ඔහු ජීවිතය හැර ගිය අවස්ථාවේ දොස් තැබීම හොඳ නැහැ නේද? (නි)

:       0       0

මාලක Monday, 15 August 2016 11:29 PM

දැන් දැන් සිද්ධවෙන බොහෝ දේවල් අපිට තේරුම්ගන්න අමාරුයි (නි)

:       0       0

කාශ්‍යප Monday, 15 August 2016 11:06 AM

මැරෙන්න ඉස්සෙල්ලා නිවන් තියා අඩුගානේ දිවය ලෝකෙකටවත් යන වැඩපිළිවෙලක් හදාගන්න බලන්න ඕනේ! (හේ්)

:       0       0

මුතූ Tuesday, 16 August 2016 12:54 AM

අවාසනාවන්ත සිදුවීමක්. අපිට කණගාටුයි (නි)

:       0       0

මුණසිංහ Tuesday, 16 August 2016 12:48 AM

මෙවැනි ප්‍රතිචාර අධිකරණ ක්ෂේත්‍රයේ තවත් අයට ලැබෙයිද? අපි බලමු... (නි)

:       0       0

කොඩිකාර Tuesday, 16 August 2016 01:17 PM

මෙයා ඉන්න පළාතේ තමයි.මනුස්සයෙක් වගේ නෙමෙයි ජීවත් වුනේ.(හේ)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Monday, 15 August 2016 11:41 AM

කොහොමත් ගෙන ආපු ආයු කාලය ඉවර උනා , බුදු දහමේ හැටියට , අමා මහා නිවන් සුව ලැබෙන්න කියා පතමි.! (ර)

:       0       0

චන්ද්‍රා Tuesday, 16 August 2016 01:35 PM

අධිකරණයටත් හිසරද නඩු මෙහෙම ඉවරවෙන එක හොදයි..(හේ)

:       0       0

රොකී Tuesday, 16 August 2016 01:06 AM

අනේ පවු. ප්‍රේමලතා කියන්න වගේ මැරෙන්නෙත් හොඳ මිනිස්සුමනේ. නිවන් පුරේ රුවන් දොර වහන්න බැරි තරමට දැන් ඒක ‘හවුස්ෆුල්‘ තත්වයෙන් ඇති, අපේ මේ වගේ ඇත්තන්ගෙන්ම පිරිලා. අපි නම් ඉතින් අපායටවත් ගිහිල්ලා බලමුකෝ! (නි)

:       0       0

රොෂාන් Monday, 15 August 2016 06:34 AM

වැටුනද ? පැන්නද? (බ)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 15 August 2016 06:36 AM

කාට කාටත් හොඳ පාඩමක්. (බ)

:       0       0

අබේරත්න Monday, 15 August 2016 06:35 AM

අහෝ ඛේදයකි!!!! මීට පෙර සිතින් කොපමණ විදවන්න ඇතිද ? (බ)

:       0       0

ලසන්ත Monday, 15 August 2016 06:42 AM

ගැල සක ගොන්කුර පසු පස හඹායේ...(බ)

:       0       0

තාරක Monday, 15 August 2016 06:43 AM

දිට්ටධම්මවේදනීය අකුසල කර්මද? (බ)

:       0       0

ජයාත් Tuesday, 16 August 2016 01:21 AM

මම නම් හිතන්නේ නැහැ තමන් ඕනෑකමින්ම උඩුමහලකින් බිමට පනීවි කියලා (නි)

:       0       0

ඉන්දික Monday, 15 August 2016 06:39 AM

තමන් කළ අකුසල් තමා පසුපස එනවා. ජීවත්ව සිටින කාලේ දැහැමින් ජීවත්වෙන්න ඕන. බලය ගන්න කරන නරක දේට උදව්කරන්න යන්න හොද නැහැ (බ)

:       0       0

නුවන් Monday, 15 August 2016 12:01 PM

නොපමාව කුසල් රැස් කරන්න . අකුසලයට හිත යොමු නොකරන්න . (හේ)

:       0       0

අරවින්ද Monday, 15 August 2016 06:40 AM

ඔබට නිවන් සුව ලැබේවා!!! (බ)

:       0       0

ප්‍රභාත් Monday, 15 August 2016 06:40 AM

මට කනගාටුයි ඔහුගේ අභාවය ගැන (බ)

:       0       0

බුද්ධික Monday, 15 August 2016 12:34 PM

ඩිලාන් සමග මම එකගයි. යමෙක් වරදක් කර ඇත්නම් ඔහුට නිසි දඩුවම් ලැබේවි. ඔහුට දඩුවම් කිරීම අපගේ කාර්ය නොවේ. මෙත් වැඩීමෙන් තමාටත් අනුන්ටත් යහපතක්ම සිදුවේ. ඔබ වැනි අපි හැමෝම සිතුවානම් බොහෝවිට අද මෙම පුවත මෙහි, මෙසේ සදහන් නොවනු ඇත. (ර)

:       0       0

අවිනාශ් Monday, 15 August 2016 06:51 AM

අහිංසක, ගෙදර වැඩ කළ ගැහැණු කෙනාගේ ප්‍රශ්නය නම් අපි ලංකාවේ අය විදිහට හොඳට දන්නවා. (නි)

:       0       0

සංක Monday, 15 August 2016 06:52 AM

ඇතිවී තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපහසු වුණාවද්ද? (නි)

:       0       0

සෙනෙවි Monday, 15 August 2016 06:53 AM

මට නම් කණගාටුවක් දැනුනේ නැහැ (නි)

:       0       0

සමන් Tuesday, 16 August 2016 02:47 AM

ඔබට නිවන් සුව පතමි! මරණයෙන් ඔබ්බටද ගෙන යන තරහක් ඇති පිරිසක් මේ බිමේ පහළව ඇති බව දැක සන්තාපයට පත් වෙමි. (නි)

:       0       0

අහමඩ් Monday, 15 August 2016 06:55 AM

මොනවා වුණාද මේ හදිසියේ? (නි)

:       0       0

හිරාන් Monday, 15 August 2016 07:04 AM

වෙන්න තිබෙන දෙයක් කාටවත් වළක්වන්න බැහැ (නි)

:       0       0

උදය Monday, 15 August 2016 12:57 PM

දිට්ටධම්මවේදනීය අකුසල කර්ම----(හේ)

:       0       0

ඇලෙක්ස් Monday, 15 August 2016 07:08 AM

ලංකාවේ දැන් ගොඩක් කට්ටිය උඩින් වැටිලා හරි මොකක්හරි කඩාවැටිලාමයි මැරෙන්නේ. වැඩේ කියන්නේ එහෙම මැරෙන හැම කෙනෙක්ගෙම පිටිපස්සේ තව කතාවක් තියනවා. (නි)

:       0       0

නිමල් Monday, 15 August 2016 07:09 AM

මේවා ලංකාවේ නීතියේ අඩුපාඩු. නීතිය වගන්තියට පමණි. පැමිණිල්ල නිවැරදිය, විත්තිය වැරදිය යන මතයෙන් පොලිසිය කටයුතු කිරීම මේ වගේ සිද්ධි වලට මුල බව අපේ මතයයි. ඔහුගේ අභාවය ගැන අපේ කණගාටුව! (නි)

:       0       0

අරවින්ද Monday, 15 August 2016 07:04 AM

කොහොම මේ මරණය සිදුවුණාද? අපි ඉවසලා බලමු (නි)

:       0       0

බන්දුල Monday, 15 August 2016 07:10 AM

දිට්ට ධම්ම වේදනීය කර්ම වෙන්න ඇති. කළ කළ දේ පළ පළ දේ කියනවනේ. අභාවය ගැන කණගාටුව! (නි)

:       0       0

මයුරි Monday, 15 August 2016 07:19 AM

අපි බලමු. ඇත්ත හෙළිවේවි ඉක්මණින්ම (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 15 August 2016 07:20 AM

මේ වගේ චෝදනාවකට මුහුණපා සිටි හිටපු විනිසුරුවරයාට මොනතරම් චිත්ත පීඩා තිබෙන්න ඇද්ද? එනිසා ඔහු සමාජයෙන් සමුගත්තා කියා හිතන්න අපිට බැරිද? (නි)

:       0       0

මංජුල Monday, 15 August 2016 07:21 AM

විනිසුරුවන්ද මනුස්සයෝය. ඔබට නිවන් සුව! (නි)

:       0       0

ලංකා Monday, 15 August 2016 07:27 AM

පමාවෙලා හෝ ස්වභාව ධර්මයෙන් දඬුවම් කාටවුවත් ලැබෙන බව නම් ස්ථිරයි (නි)

:       0       0

නිරේෂ් Monday, 15 August 2016 01:25 PM

මොනවා උනත් මනුස්සයෙක් මැරුණම එයට අගෞරව කරන්න හොද නෑ. (ර)

:       0       0

සනත් Monday, 15 August 2016 07:30 AM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Monday, 15 August 2016 07:30 AM

කළකම් පළදෙනවා. ජීවත්වෙලා ඉන්න අයට මේවා පාඩම්. (නි)

:       0       0

තරංග Monday, 15 August 2016 07:31 AM

කළකම් පලදුන් හැටි බලන්න (නි)

:       0       0

ඒ. ඒ. ජේ. එස්. අදිකාරි Monday, 15 August 2016 07:29 AM

නීතිගරුක බව රැකගෙන අවසන් දිනය දක්වා ජීවත්වීමට සමහර අයට අපහසුයි. ඒ කෙසේ වෙතත් වටිනා ජීවිතයකි. ඔහුට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ඇසළ Monday, 15 August 2016 07:35 AM

දැන් ගෙදර හිටපු මෙහෙකාරියට ලිංගික හිංසා කළ නඩුවට මොකද වෙන්නේ? (නි)

:       0       0

නරංගොඩ Monday, 15 August 2016 02:06 PM

අනේ පව් හොද මනුස්සයෙක් නැතිවෙලා තියෙන්නේ ...(හේ)

:       0       0

රණතුංග Monday, 15 August 2016 07:40 AM

මටත් මේ මරණය ගැන සැකයි. අපි බලමුකෝ (නි)

:       0       0

සදුන් Monday, 15 August 2016 07:38 AM

තව කෙනෙකුට කරදරයක් වුණාම සතුටුවෙන එකම රට මේක වෙන්න ඇති. මොනවා වුණත් මෙතුමාගේ පවුලේ අයට යන කල ගැන හිතලා මට කණගාටුවක් ඇතිවුණා. යම් හිත් වේදනාවකිනුත් ඉන්න ඇති. වැඩ තහනමට ලක්වුණා. යම් යම් කරදර ආවා. සංසාරේ බිය අවබෝධ කරගෙන මතු සංසාරේ කුසල් කරලා නිවන් අවබෝධ කරගන්න ලැබේවා!! (නි)

:       0       0

මොහොමඩ් Monday, 15 August 2016 07:50 AM

මොනවා වුණත් අපරාදේ වටිනා ජීවිතයක්! (නි)

:       0       0

වරුණ Monday, 15 August 2016 07:49 AM

කරන කලට පව් මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)

:       0       0

අජිත් Monday, 15 August 2016 02:27 PM

බොහෝ පිරිසක් ඔහුව වැරදි කාරයෙක් කරලා ඉවරයි. ඔහුට නිවන් සුව පතමි (හේ)

:       0       0

සමන්ත Tuesday, 16 August 2016 04:11 AM

රටේ තිස් වසරක යුද්ධය අවසන්කරපු රණවිරුවන් දංගෙඩියට ගෙනියන අණ පනත් විනාඩි 45 න් සම්මත කරගත් රටක මේවගේ අභිරහස් මරණ සිදුවීම පුදුමයට කරුණක් නොවෙයි (බ)

:       0       0

සුනිල් Monday, 15 August 2016 02:28 PM

යම් කිසි කෙනෙකුට කරදරයක් වුනාම සතුටු වෙන අය ඉන්නේ ලංකාවේ විතරමද ?(හේ)

:       0       0

දිලිප් Tuesday, 16 August 2016 04:20 AM

නිතිය ක්‍රියාත්මක කරන්නවුන් කරන හා නීතියේ කඩතුරාව තුළ කරනු ලබන වැරදි ක්‍රියාවන් පිළිබද කටයුතු කිරීමට නිසි යාන්ත්‍රණයක් අවැසි බව නොකිවයුතු මනාය. (බ)

:       0       0

ඩිලාන් Monday, 15 August 2016 08:01 AM

ඔබ කළේ හොඳ වැඩද නරක වැඩද මට වැඩක් නැත. හතුරාට, මිතුරාට, සතාට, සිව්පාවට, මනුෂ්‍යාට, අමනුෂ්‍යයාට, දෙවියාට, බ්‍රහ්මයාට එකසේ මෙත්වඩනා බෞද්ධයකු වන මම ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

සංජීව Tuesday, 16 August 2016 04:23 AM

තමන් හරිද වැරදිද කියන එක එතුමා දන්නවා ඇති ඔහු කළ දේවල් ඔහු අරගෙනයි යන්නේ .අපි නිකන් ඔහුට වෛර කරලා වැඩක් නැ. (ම)

:       0       0

බෙනට් Monday, 15 August 2016 02:41 PM

නිවසේ හැටියට නම් පෙනෙන්නේ බලය අයුතු ලෙස යොදාගෙන මුදල් පසුපස ගිය කෙනෙක් නොවන බවයි . (ර)

:       0       0

රුපාවති Tuesday, 16 August 2016 04:19 AM

ලංකාවේ ඉන්නේ වචනයක් පසුපස හබායන මිනිසුන් මිස සත්‍යය තම බුද්ධියෙන් දකින්න වෙහෙසෙන මිනිසුන් නොව, ඇත්තෙන්ම නරක මිනිසුන්ට ගිය රටක් මේක ....හොද මිනිසුන්ට තැනක් නැහැ අද සමාජයේ ඔබට නිවන් සුව පතනවා....!!!! (ම)

:       0       0

පද්මිණි Tuesday, 16 August 2016 04:27 AM

මේ ළඟකදී මගේ යෙහෙළියකගේ අවාසනාවන්ත මරණයකදී එයා ගැන ගම්මු කිවේ ඉස්සර වගේ නෙවෙයි දැන් වැරදි කරපු අයවලුන්ට මෙලොවදීම අකුසල් පල දෙනවා කියල. (ම)

:       0       0

දිනුක Monday, 15 August 2016 02:43 PM

ඔබට නිවන්සුව.! (ර)

:       0       0

නුවන් Monday, 15 August 2016 08:07 AM

සදුන්, ඔබ හරි. හතුරෙක් වුණත් මළ දවසක දොස් කියන්න හොඳ නැහැ. මෙතැන අදහස් ලියන අය කොහොම අයද කියලා තේරුම් ගන්න පුලුවන්. මේ ජිවිතයේ කරපු යම් කුසල කර්මයක් ඇත්නම් මතු සංසාරේ මේ වගේ විපත් නොවේවා! මෙතුමාට නිවන් සැප ලැබේවා!! (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 August 2016 08:05 AM

මේ ගැන මට නම් දුක්වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

හිරාන් Monday, 15 August 2016 08:13 AM

සතුරෙකුගේ වුවත් විපතකදී සතුටුවීම හොඳ නැත (නි)

:       0       0

තුෂාර Monday, 15 August 2016 08:09 AM

විපතකදී සතුටුවෙන එක මම නම් අනුමත කරන්නෙ නැහැ (නි)

:       0       0

ගාමිණි Monday, 15 August 2016 03:02 PM

අප කිසි කෙනෙක් දන්නේ නැහැ අපට කොයිවිදියේ මරණයක් අත්වෙයිද කියලා.(හේ)

:       0       0

බාලසූරිය Monday, 15 August 2016 08:20 AM

නිවන් සුව ලැබේවා ඔබට! (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 August 2016 08:34 AM

මෙතුමා ගැන අපි හොඳින් දන්නවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 August 2016 03:17 PM

ඩිලාන්.ඔබ හරි හැටි දැනගෙන අදහස් දාන්න. (ර)

:       0       0

ප්‍රනීත Monday, 15 August 2016 08:30 AM

අනේ පව්! මොනවා වුණත් මනුස්සයෙක්නේ. (නි)

:       0       0

චමින්ද Monday, 15 August 2016 08:35 AM

මැරුණ කෙනෙකු ගැන සතුටු නොවිය යුතු වුවත් අපිට ගන්න තියෙන පාඩම තමයි නීති තර්කවලින් දිනුවට කළ පව් වලින් ගැළවීමක් නැති බව (නි)

:       0       0

සුජීව Monday, 15 August 2016 03:34 PM

කෙනකු අදිකරණයෙන් දඩුවම් ලබනතාක් කල් ඔහු නිවැරදිය. (හේ)

:       0       0

මේනක Monday, 15 August 2016 08:39 AM

රටේ කොපමණ මේ දේවල් වෙනවද? නමුත් ඒවා ලොකු කරගෙන මිනිසුන්ට මඩගසන එක නොකළ යුතුය. (නි)

:       0       0

පීරිස් Monday, 15 August 2016 08:43 AM

නීති තර්ක දාලා මොන ක්‍රමයෙන් බේරුනත් තමන් කළ නරක තමා පසුපස්සේ ඇවිත් පළදීම ගැන හොඳම සාක්ෂියක් මේ විස්තරය. (නි)

:       0       0

නිර්මානි Monday, 15 August 2016 08:52 AM

නිවසේ බැල්කනියේ තාප්පය ප්‍රමාණවත් උසක් නොපෙන්වන බවයි මගේ හැඟීම. (නි)

:       0       0

දුසාරා Monday, 15 August 2016 08:58 AM

බුදු දහමට අනුව ජිවත් විය යුතුයි (බ)

:       0       0

ප්‍රේමලතා Monday, 15 August 2016 08:52 AM

මෙතුමා හොඳ කෙනෙක්....හොඳ තීන්දු තීරණ දුන්කෙනෙක් ...ඔබ තුමාට නිවන් සුව ලැබේවා.....(බ)

:       0       0

ඩෙරික්ස් Monday, 15 August 2016 09:05 AM

සඳුන් සහ ඩිලාන් වෙත ප්‍රභාකරන් මැරුනාම දුක් වුණාද? සතුටු වුණාද? (බ)

:       0       0

නවීන් Monday, 15 August 2016 09:06 AM

සඳුන් ඔබ හරි. විපතේදී සතුටු නොවන්න. මෙහි බොහෝ අය සිතන විදිහ හරි හෝ වැරදි වෙන්න පුළුවන්. එ්ත් මෙය පිරිහීමේ ලක්ෂණයක්. අපට බැහැ මේවා සාධාරණිය කරන්න. (බ)

:       0       0

ඩිලාන් Monday, 15 August 2016 09:05 AM

තිලක්-ඩුබායි කරුණාකර මානසික වෛද්‍ය වරයෙක් හමුවෙන්න අනේ...(බ)

:       0       0

සනත් ඒකනායක Monday, 15 August 2016 09:08 AM

මැරෙන්නෙ නැති අය සෑහෙන්න ඉන්න බව නම් පැහැදිලියි සම හරක්ගෙ කොමෙන්ට්ස් බලද්දි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 945 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 813 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 447 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 308 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1201 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 999 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site