කොළඹ කොටුවේ හා මහරගම කඩසාප්පු රාත්‍රි කාලයේ කඩා රුපියල් තිස් ලක්ෂයකට අධික රත්‍රං, විදුලි උපකරණ, සුවඳ විලවුන් හා මුදල් සොරාගත් බව කියන හිටපු යුද හමුදා සෙබළෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.සොරකම් කළ මුදලින් තිස්සමහාරාමයේ කඩකාමර දෙකක් හදා ත්‍රිරෝද රිය දෙකක් ද මිලට ගත් ඔහු ලබන මාසයේ සුපිරි වෙළෙඳ හලක් විවෘත කිරීමට ද නියමිතව සිටියේය.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු සෙබළා කඩ කඩා තිස්ලක්ෂයක් හොයයි
චන්දි Saturday, 07 September 2013 05:30 PM
මරා, මොකක්ද මේ නමේ තේරුම? මට නම් පෙන්නේ මරාත් හමුදා පුහුණුව ගත් කැම්පස් කොල්ලෙක් වගේ.(නදී)
මරා Saturday, 07 September 2013 06:38 PM
චන්දි, මරා නොවෙයි නොමරා මරා ඇති මිනිසුන් ලෙස වර්තමානයේ ජීවත් වෙන නිසා. අපිට හමුදා පුහුණුවක් තිබුනේ නෑ. දෙවන, තෙවන වසර වල අයියලා අක්කලා අපිව හොදින් පිළිගත්තා. හැබැයි අපිට තරහ ගිය වෙලාවලුත් නොතිබුණාම නෙවයි. ඒත් දැන් මතක් වෙනකොට හිනා යනවා. හරිම සුන්දරයි. අදටත් ඒ එකමුතුකම බැදීම අපි අතරේ තියෙනවා.(නදී)
චන්දි Friday, 06 September 2013 06:13 PM
මොහු දැන් සෙබලෙකු නොවෙයි. එනිසා සියලුම සෙබළුන්ට ඇගිල්ල දිගු කිරීමෙන් වළකින්න (නි)
ශාන් Saturday, 07 September 2013 10:11 AM
හැමදාම පත්තරේ බැලුවම තියෙන්නේ ගොඩක්ම හොරකම් හමුදාවේ හැරගිය කට්ටිය . ලංකාවට මොකද උනේ?(නදී)
මරා Saturday, 07 September 2013 10:46 AM
කුමාරට කැම්පස් යන්න බැරි වෙලා තියෙනවා. සා/පෙළ වත් සමත් ද කියල සැකයි. දරුවන්ට වත් උගන්වන්න බලන්න එතකොට ඔය කැම්පස් ඉරිසියාව හොදවෙයි.(නදී)
කුමාර Friday, 06 September 2013 07:00 PM
හමුදාවෙන් නායකත්ව පුහුණුව ලබාගෙන කැම්පස් කොල්ලොත් මේව කරන්න ඉඩ තියෙනවා (දී)
රෝහණ Saturday, 07 September 2013 11:09 AM
මෙම රට වෙනුවෙන් මහගු වීරයවන්ත සේවයක් කල රණ විරුවන්ට නිගා දෙන පරිදි වැඩ කරන මෙවැනි නිවටයන්ට උපරිම දඩුවන් දීල මෙවෙනි තවත් නොකරන විදියේ සැලැස්මක් හදන්න උවමනායි.(නදී)
සෙනෙවි Saturday, 07 September 2013 11:49 AM
මරා ඔබ කැම්පස් කොල්ලො ගැන බොරු කැක්කුමක් අරගෙන හමුදාවෙන් දෙන නායකත්ව පුහුණුව වෙනුවෙන් කඩේ යන කෙනෙක් වගේ පේන්නෙ.(නදී)
මරා Saturday, 07 September 2013 12:23 PM
සෙනෙවි, හමුදාවෙන් දෙන නායකත්ව පුහුණුව විතරක් නෙමයි, ගරිල්ලා පුහුණුවකුත් දෙන්න වෙලා තියෙන්නේ.(නදී)
වරුණ Friday, 06 September 2013 01:02 PM
ඔය වගේම තමා පා පැදියක්වත් නොතිබුණු සමහර දේශපාලඥයන් තමන්ගේ වත්කම් බිලියන් ගානක් දක්වා වර්ධනය කරගෙන තියෙන්නේ (නි)
රත්න Friday, 06 September 2013 08:53 PM
කොහොමද මේවා බයක් සැකක් නැතුව කරන්නේ (දී)
මාලි Friday, 06 September 2013 08:53 PM
හමුදාවටත් එක්ක කරන අගෞරවයක් (දී)
නන්දන පනාගොඩ මිලානෝ Friday, 06 September 2013 08:54 PM
තවත් රණවිරුවෙක් නේද?? (දී)
සෙන්තිල් Friday, 06 September 2013 01:53 PM
වීර,බමුණා,මොවුන්ටද රණවිරුවෝ කියලා කියන්නේ? (නි)
දම් Friday, 06 September 2013 02:50 PM
සෙබළු දගලනවා වැඩියි. හිරි ඇරලා ගන්න කාලය ඇවිල්ලා. හොඳ සෙබළුන්ගේ නමත් කැත වෙනවා.(නදී)
කුමාර Monday, 09 September 2013 09:56 AM
මරා මම ඔහේට කලින් කැම්පස් ගිය කෙනෙක්. ඔහේ කැම්පස් ගිය කෙනෙක් නම් මගේ විරොධය තියෙන්නෙ කැම්පස් කොල්ලො එක්ක නොව වැඩකට නැති නායකත්ව පුහුණුවට බව තේරෙන්න ඕන නේ. මං හිතන්නේ ඔයා කැම්පස් ගියත් මීටරයක් නැහැ වගේ. (නදී)
අසෝක Friday, 06 September 2013 03:10 PM
සෙබලානනේ, කඩ කැඩුවා නොවේ!කුසුමක් වෙලා සල්ලි ගැලුවා හිතේ!(නදී)
රාධා Friday, 06 September 2013 03:22 PM
කඩයක් නිසා මුදල් සහ රත්තරන් බඩු පමණක් ගන්න ඇති. මේ හොරා නම් මුදල්,රන් බඩු කොල්ලකෑමට පමණයි පැමිණ තිබෙන්නේ.ලිපි ගොනු සොයන්නේ මධ්‍යයවේදීන්ගේ ගෙවල් වලට එන අය පමණයි නේද? (නි)
ලුම්බිණි Friday, 06 September 2013 03:35 PM
මේ තියෙන්නේ බොහොම හොඳට පුහුණු කරලා තියෙන විනය. රටේ සියලු දෙනාටම මේ විනය ලබා දිය යුතුයි. (නදී)