IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


හිටපු හමුදාපතිත් ජනාධිපති සටනට

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා  මීට සුළු වේලාවකට පෙර නම් කළේය.

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී මේ මොහොතේ  පැවැත්වෙන ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදී මෙලෙස ප්‍රකාශයට පත් කළේය.

(ඡායාරූප - චතුර එස්.කොඩිකාර)



අදහස් (105)

හිටපු හමුදාපතිත් ජනාධිපති සටනට

අබිලං Sunday, 29 September 2019 10:52 AM

ජය නියතයි.. ඔබයි රටේ පැතුම ඔබයි.. බදුර්දීන් බලපෑම් කළේ නැහැ කියන්න කොන්දක් තිබූ නායකයාණෙනි ඔබට ජය. තව අඩු පූජිතයි, හේමසිරියි විතරයි. සිංහල ජාතියට එකමුතුවක් අවශ්‍ය වෙලාවක්... එ්ත් ඊට වඩා ලොකුයි ඩොලර්...

:       4207       5164

dhamithSunday, 29 September 2019 11:47 AM

අබිලිං කීව සමහරුන්ට තේරිලා නෑ වගේ. මමත් වැනිවැනී හිටියේ ගෝඨාට දෙනවද විකල්පයකට දෙනවද කියලා. පේන විදිහට හැමෝම බලාගෙන ඉන්නේ ගෝඨාගේ ඡන්ද කඩන්න. රනිල්ගේ හරි, සිරිසේනගේ හරි කාගේ වැඩක් වුනත් දැන් ගෝඨාටමයි දෙන්නේ...

:       3894       4560

chandimaSunday, 29 September 2019 05:26 PM

වැරදියි යාළුවා, මේ දුර දිග විහිදුම් මෙහෙයුමක්. මින් දින 30 කට කලින් රජයේ වඩාත්ම හිතෛෂී විශ්වාසවන්ත සෙනෙවියා වූ මොහු ක්ෂණයකින් පවත්නා ක්‍රමය කෙරේ කළකිරී ජනතා නැගිටීමක් සමනය කිරීමට එහි නායකත්වයට පැන්නේ එදා බණ්ඩාරනායක විසින් කොමියුනිස්ට් නැගිටීම මැදට පැන එහි නායකත්වය ගෙන එය සමනය කළ අකාරයටමයි. මේ විකල්ප අදහස් දරන්නන්ගේ අවසානයි. ඉතිරිව ඇති නාගානන්ද මහතාත් දැලට දමාගත් පසුව ඒ විකල්ප බලවේගයේ සුක්කානම කරකැවෙන්නේ රනිල්ට ඕන විදියටයි. එතැන් පටන් පෙරමුණු දෙකකින් එකම ඉලක්කයක් කරා යන රනිල්ගේ සහ රාජපක්ෂගේ මග නිරවුල් වනු ඇති...

:       346       523

ශ්‍රී ලාංකිකයෙක් Sunday, 29 September 2019 07:04 PM

දමිත්, ඔයාගේ කීම හරියට හරි...!! එහෙම සැබෑ වුවමනාවක් රට වෙනුවෙන් තිබුණානම් හිටපු හමුදාපතිට ක්‍රියාත්මක වෙන්න ඕනෑතරම් අවස්ථා තිබුණා...!!

:       6       31

jaazSunday, 29 September 2019 01:46 PM

අනේ මන්දා.. සිංහල අපේක්ෂකයා කියන්නේ ගෝඨාද? සහරාන් පඩි ගෙවපු කෙනාද? ඇමෙරිකානු පුරවැසියාටද? තමන්ගේ ඔක්කොම අමෙරිකාවේ.. යුද්දෙට බයේ අැමෙරිකාවට පැනලා ගියාද? වෙන සිංහල අපේක්ෂකයෙක් ඇත්තෙම නැද්ද?

:       3155       3095

BamunuarachchiSunday, 29 September 2019 05:12 PM

දන්නා මගුලක් කතා කරන්න හලෝ. වැඩි අනම් මනම් කතා කරන්න එපා... ගිහින් ගෝඨාට ඡන්දය දාන්න.. ඒ ටික කෙරුණාම හොඳටම ඇති. යුද්ධය කාලේ බෝම්බවලට බයේ පවුලේ අය බස්වල ගියේ වෙනවෙනම දැන් යුද්දේ ගැන කතාව...

:       2299       2405

nilanthaSunday, 29 September 2019 05:25 PM

එතුමා රණවික්‍රම, රණශූර...ඔබ කවුද එහෙම කියන්න...

:       295       386

janahitha Monday, 30 September 2019 04:42 AM

බැංකු හොරා කාපු, ශ්‍රීලන්කන් නව ගුවන් යානා අවලංගුවෙන් ඩොලර් කෝටි ගණනක් වංචා කළ අය සියලුම සංවර්ධන ව්‍යෘපෘති අඩපණ කරමින් කොමිස් ගැසූ, රටේ දේපල විකුණා කාපු, අපි පාවා දුන්නු, තම පුද්ගලික කෝණය තුළ ව්‍යවස්ථා වෙනස්කර ජනතාව මරා දැමූ නායකයින්ට කඩේ යනවද? වැඩක් කර මුදල් ටිකකුත් හොයාගත් 30 වසරක ජන සංහාරය අවසන් කරපු අයට කඩේ යනවද? අනේ මන්ද මං හොල්මන් වෙලා...

:       192       213

AmericanMonday, 30 September 2019 06:18 AM

මේ බමුණා වගේ බයියෝ නිසා තමයි ගෝඨා පරදින්නේ.. එයාලා කියන කරන දේවල් වලින් තවතව සුළු ජාතික ඡන්ද ගෝඨාගෙන් ඈත්වෙනවා.

:       12       131

AmilaSunday, 29 September 2019 05:25 PM

සිංහල නායකයන් විදියට ජනාධිපති සටනේ ඉන්නේ සජිත්, අනුර, පල්ලේවත්ත සහ මහේෂ් විතරනේ. අනිත් අය ඇමරිකන් භාග සිංහලයින්නේ. පවුල සහ ළමයි සම්පූර්ණයෙන්ම ඇමරිකන්...!

:       1046       1073

WikkaMonday, 30 September 2019 01:41 AM

පවුල, ළමයි කොහේ හිටියම මොකද? ඔය අනිත් ලංකාවේ බින්න බැහැගෙන රට කාලා කිසිම දෙයක් නොකරපු අයට වඩා මේ මනුස්සයා රටට සේවයක් කරලා නැද්ද?

:       392       508

AmilaMonday, 30 September 2019 07:30 AM

මහත්තයෝ වෙන රටවල පුරවැසියෙක් හෝ ඔහුගේ පවුලේ අය වෙන රටක පුරවැසියෙක් කමක් දරද්දී ජනාධිපති වුනොත් එය රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්. රටේ අභීමානය කෙලසීමක්. ඇමරිකාව සහ යුරෝපා රටවල් වලට ඕන විදියට ලස්සනට නටවන්න පුලුවන් ඔහුගේ පවුල භාවිතා කරමින්. සැබෑ දේශප්‍රේමී නියම නායකයෙක් තමයි රටට ඕන. එහෙම නැතුව පිටරට අතකොලු නෙමේ. දේශ්ද්‍රෝහී බටහිර ගැති ඇමරිකන් හාමුට නොරැවටෙන්න. අර තුන්මුල්ලේ හාදයා කිව්ව කතා ඔයාට අමතක වෙලා වගේ. පොහොට්ටුව කියන්නේම තනිකර ඇමරිකන් ගැති බලල් අතක්.

:       250       314

kuleSunday, 29 September 2019 06:57 PM

ඔබ රාජපක්ෂලාට විරුද්ධව ෆොන්සේකාට 2010 උදව් කළා. ඒ ඔහු ඇමෙරිකාවේ කුමන්ත්‍රණයේ ඉත්තෙක් නිසා.. ඊටපසු ඔබ ඇමෙරිකාවට ගොස් අරාබියේ ඇමෙරිකන් හමුදාවට සේවය කළා. නැවත 2015 ලංකාවට පැමිණ මොනයම් ක්‍රමයකින් ලංකාවේ හමුදාපති වුණා. මිලේනියම් ගිවිසුම අත්සන් කිරීමට තිබියදී අප්‍රේල් 21 ඇමෙරිකානු යුද නැවක් සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් සහිතව ත්‍රිකුණාමල වරාය අසල නැංගුරම් දා සිටියා. එදා ජනතාව කලබලවී ජාතිවාදී ගැටුම් අැතිවුණා නම් ඇමෙරිකන් හමුදාව අපේ රටට ඇතුල් වෙලා රජයත් ආරක්ෂා කලේ ... බෝම්බ ප්‍රහාරය ගැන නොදැන සිටියේ ඇමෙරිකාවේ කුමන්ත්‍රණය අනුව බව අපිට සැකයක් තියෙනවා. ඔබ අද ජනාධිපති තරගයට ඉදිරිපත් වුනෙත් ඇමෙරිකාවේ උදව්වටයි...

:       189       260

හර්ෂ Monday, 30 September 2019 03:09 AM

ගෝඨා කොහොමත් ඩිස්කොලිෆයි වෙනවා. අන්තිමට එන්නේ ශිරන්ති.. බොරු නම් බලන්න... කොහොමද මහින්දගේ ප්ලෑන් එක...?

:       467       1168

රසිතMonday, 30 September 2019 03:20 AM

මෙතුමා දේශපාලනයට හොඳටම ගැලපෙන කෙනෙක්.., ඒකනේ බදියුර්දීන් බලපෑම් කරා කියලා මුලින් කියලා පස්සේ නෑ කියලා කිව්වේ, ඒක දෙශපාලකයෙක් වෙන්න හොඳ ලකුණක්.., අනික එතුමාගේ ජයවෙනුවෙන් ඉදිරියෙන් ඉන්නේ යහපාලනයට කලකිරුණු එජාපය, ජවිපය, එන්ජීඕ වගේ පිරිස් තමයි. එම පිරිසේ සහයෝගයෙන් එතුමාට ජනාධිපති වෙන්න ලැබේවා...!!!

:       125       210

AnarkaliMonday, 30 September 2019 04:46 AM

දුමින්ද සිල්වාගේ හිරෙන් එළියට එන බලාපොරොත්තුවත් සුන්.

:       10       219

ajithMonday, 30 September 2019 06:31 AM

සජිත්ගේ සහ රනිල් ගේ වැඩපිළිවෙල සමානනම් ඒක පැරදිය යුතුයි. හැබැයි සජිත් රනිල්ට වැඩිය වෙන ගමනක් ගියොත් එක යහපාලන ආණ්ඩුවේම දිගුවක් . එතකොට දෙන්නට දැන් වගේ රණ්ඩු වේවි ඉන්න පුළුවන්. රට වලපල්ලට යාවි.

:       0       5

Deepal Nirosh Sunday, 29 September 2019 10:58 AM

හිතාගන්න බැරි ඇයි? මේ ගෝඨාට එරෙහිව මෙච්චර අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වෙන්නේ මොකද කියලා?

:       3615       3476

SenarathSunday, 29 September 2019 11:18 AM

මෙවර තීරණාත්මක වෙන්නේ සිංහල ඡන්ද... ඒක කඩන්න මෙහෙම කුක්කෝ ටිකක් දාන්න වෙනවා. එකෙක් ඡන්ද ලක්ෂයක් කැඩුවත් දහදෙනෙක් එකතු වුණාම ලක්ෂ 10ක් කැඩෙනවා. එතකොට සුළු ජාතික ඡන්ද තීරණාත්මක වෙනවා. බදුර්දීන් සුමන්තිරන් ඉන්න පැත්ත දිනනවා. සරල ගණිතය...

:       3033       3077

LionSunday, 29 September 2019 01:12 PM

කමල් ගුණරත්නට කියන්න තව පොත් 5ක් විතර ලියන්න කියලා ගෝඨා තනියෙන්ම යුද්ධ කරලා තමයි අපට මේ නිදහස අරන් දුන්නේ කියලා...

:       698       1590

AmilaSunday, 29 September 2019 02:45 PM

හමුදාව දාලා ඇමරිකාවට පැන්න පුද්ගලයෙක්ට ඡන්ද කොහොමත් වැටෙන්නේ නෑ. ඔවුන්ට පුලුවන් ඕනෙම බලපෑමක් රටට කරන්න පවුලේ අය භාවිතා කරමින්... ඉතින් රටේ නියම දේශප්‍රේමී ජනයා රැවටෙන්නේ නෑ කොහොමත්..

:       355       1177

NissankaSunday, 29 September 2019 05:47 PM

බයියෝ කලබල වෙලා තියෙන තරමක්... ගෝඨාගේ ජනාධිපති සිහිනය බොඳ වෙලාම ගියා..

:       540       866

Indika Monday, 30 September 2019 05:40 AM

සිංහල ඡන්ද කැඩෙනවා කිය කිය බෙරිහන් දෙන අය එහෙම කියන්නේ ඔක්කොම සිංහල ඡන්ද ගෝඨාභයට වැටෙන්න ඕන කියල සහ එයා දිනන්න ඕන කියලා පූර්ව නිගමන වල ඉන්න නිසා. කිසිම දෙමළ අපේක්ෂකයෙක් ජනාධිපති තරඟයට ඉදරිපත් නොවන වටපිටාවක සිංහල ඡන්ද කැඩෙනවා කියා දොඩවන්නේ මොකද කියල තේරෙන්නේ නැහැ.

:       9       112

senaSunday, 29 September 2019 11:32 AM

ඔයා බබෙක්ද? ගෝඨාට එරෙහිව තියෙන ඡන්ද ටික කැඩුණාම ගෝඨාට නිකම්ම දිනුම්.. එහෙම නැතුව ගෝඨා දිනනවා බොරු...

:       102       19

sirimalSunday, 29 September 2019 11:35 AM

ඒකෙන් කියන්නේ ගෝඨාභය නියෝජනය කරන "පවුල් පාලනය" එපා කියන එක නෙවෙයිද?

:       104       637

kapSunday, 29 September 2019 12:06 PM

දැන් ගෝඨාට විතරයිද ඉල්ලන්න පුළුවන්? එයා‍ විතරද සිංහල ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්? අනික් අය ඉල්ලුවම විජාතික කුමන්ත්‍රණ? අනේ මන්දා... ඔයාලට අමතක වුණාට අපිට අතීතේ හොඳට මතකයි.

:       1189       2432

ගල්කටස් Sunday, 29 September 2019 01:58 PM

අතීතය අපිටත් හොඳට මතකයි. එ්කයි අපි ගෝඨාභය මහත්තයටම දෙන්නේ..

:       1344       876

AmilaSunday, 29 September 2019 12:10 PM

ගෝඨාට සියයට තිහක්වත් ඡන්ද වැටෙන්නේ නෑ. එහෙව් එකේ කොච්චර ඇඬුවත් ඡන්ද වැටෙන්නේ නෑ. අනික ඇමරිකන්කාරයින්ට රටේ මිනිස්සු කැමති නෑ..

:       2656       2621

LionSunday, 29 September 2019 01:04 PM

අම්මගේ, තාත්තගේ සොහොන් හදන්න එ් ගොල්ලන්ටත් රටේ සල්ලි දෙනවා කිව්වොත් ඒ ගොල්ලන් තරගෙන් ඉවත්වෙයි.

:       15       508

chandimaSunday, 29 September 2019 02:47 PM

මිනිස්සු විරුද්ධ වෙන්නේ ඝෝඨාටම නෙමෙයි ඒ වගේම සජිත්ටමත් නෙමෙයි. ඒ පිටිපස්සෙන් තියෙන අදෘශ්‍යමාන හස්තයටයි. මේ පාර ඡන්දෙන් පස්සේ එන්නේ බලතල කප්පාදු කරපු ජනාධිපති කෙනෙක්, ඒ වගේම ඡන්දෙන් පස්සේ ඉබේම අගමැතිට විධායක බලතල ලැබෙනවා. සජිත් දිනුවොත් ඒ විධායක අගමැති වෙන්නේ රනිල්. ඒ කියන්නේ තවත් මාකෝස් කෙනෙක්. අන්තිමේ අපට රටත් නැතිවෙනවා. මිනිහ ඇඟිලි ගැන ගැන ඉන්නේ වෙන එකෙක් ලව්වා තමාගේ විධායක බලය ස්ථාවර කරගන්න. ඝෝටා දිනුව කියලත් වෙනසක් නැහැ එයටත් ලැබෙන්නේ අර කියපු ජනාධිපති පදවියමයි. හැබැයි විධායක අගමැති මහින්ද. දැනටමත් හිටපු මහබැංකු අධිපති කියනවා ඩොලර් මිලියන හාරදහසක් වියදම් කරලා රට වටේ පාරක් හදනවා කියල. එකියන්නේ රටේ තව අවුරුදු ගණනක අදායම පරදුවට තියල කලින්ම කොමිස් කුට්ටියක් ගන්න යන්නේ, ජනතාවට වෙන්නේ මේ විදියටම ණය ගෙවා ගෙවා ඉන්න. වෙනසක් කරන්න එන්නේ මේ විකල්පය විතරයි. කල්පනා කරලා ඡන්දය පාවිච්චි කරන්න. නැතිනම් අපේ අනාගත පරපුරටත් වෙන්නේ ණය ගෙවා ගෙවා ඉන්නයි.

:       184       1143

නැප්Sunday, 29 September 2019 03:36 PM

රනිල් අගමැති වෙන්න නම් අලියා මහ මැතිවරනෙ දිනන්න ඔනේ. ඔයා නොකිය කියන්නෙ අලියා මහ මැතිවරනෙ දිනනව කියලද

:       16       5

chandimaSunday, 29 September 2019 04:24 PM

අලියා දිනන්න ඕනෑ නැහැ. අලියාගේ ඉත්ත සජිත් දිනුවොත් ඇති. එ්කටයි අලියත් ඒ සන්ධානෙට එකතුවෙලා ඉන්නේ. එකතු වුණු අනිත් පක්ෂවලටත් ලැබෙන වරදාන ඇති, ඔය වෙනමම පරිපාලනයක් එ්වා. රනිල්ගේ ඉත්තන් එක එක මුහුණු වලින් තරඟයට එනවා නම් එන්නෙත් ඒ වෙනුවෙන්මයි. සජිත්ගේ ජයග්‍රහණයෙන් වෙන්නේ, සජිත් වහාම ආණ්ඩුව විසුරුවන්නේ නැහැ. රටේ විධායක අගමැති වෙනවට වඩා එ්ක සජිත්ට වටිනවා. ගෝඨා ඇමෙරිකානු පුරවැසිකම ඇතහැරියේත් ඒ යාවජීව අවස්ථාව වෙනුවෙනුයි. දැන් පොහොට්ටුව අතත් එක්කල කඹඅදින බවක් පෙන්නන්නේත් අතයි, අලියයි අතරේ තියෙන යටිකුට්ටු අවබෝධතාව පොහොට්ටුවත් එක්කල නොමැතිනිසා ඡන්දෙන් පස්සේ කට්ටිය හුවමාරු කරගෙන තුනෙන් දෙකේ බලය ස්ථාවර කරගැනීමට මාර්ගයක් පාදාගන්නයි. සමහරවිට ජනතා ව්‍යාපාරයත් නොදිනන බව දැනදැනම රනිල් වෙනුවෙන් කඩේයනවා වෙන්නත් පුළුවනි. රනිල් මේ මහේෂ්ව හමුදාපතිකලේ විශ්වාසය නිසානේ. 1956 බණ්ඩාරනායක භූමිකාව මහේෂ් කරගෙන යනවා වෙන්නත් පුළුවනි. ඒ විරුද්ධවාදීන්ට නායකත්වය සපයා ඒ ව්‍යාපාරය සියතට ගැනීම...

:       1       179

chandimaSunday, 29 September 2019 05:32 PM

රනිල් අගමැති වීමට අලියා දිනීම අවශ්‍ය නැහැ. ඔහු දැනටමත් අගමැති. නමුත් සජිත්ගේ දිනීමෙන් වන්නේ වහ වහා රජය විසුරුවීම සිදු නොවී රනිල්ගේ බලය තහවුරු වීමයි. එසේ වූ විට ඔහු ඉතිරි මාස 6 තුළ රටේ යාවජීව ලි-ක්වාන්-යූ කෙනෙකු වනු පිණිස අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරනු ඇති...

:       3       89

Ramani Sunday, 29 September 2019 11:04 AM

පාස්කු බෝම්බය දැනගත්තේ ඉන්ටර්නෙට් එකෙන් කිව්වා නේද? එක්කෙනෙක් පත්තරෙන් කියවලා ජනාධිපතිකම් කරන්න ගිය එකේ විපාකය අපි දැන් විඳවනවා. දැන් එතකොට ඉන්ටර්නෙට් බලලා රට පරිස්සම් කරන්න හදන කෙනෙක්ගෙන් අපිට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්....

:       1535       1565

RaveendraSunday, 29 September 2019 11:51 AM

සහතික ඇත්ත....

:       341       383

ආන්ජලෝ නුගාරා Sunday, 29 September 2019 11:05 AM

ලංකාවේ ඉහළම තනතුරුවල ඉන්න බහුතරයක් රාජ්‍ය නොවන සංවිධානවල ඉත්තන් බවයි... මෙමගින් තහවුරු වෙන්නේ. නැත්නම් මේ වගේ උගත් මහත්මයෙක් ගඟට ඉනිමං කැපුවා වගේ වැඩක් කරයිද? මොවුන්ගේ අරමුණ පැහැදිලියි.

:       1353       1401

RaveendraSunday, 29 September 2019 11:50 AM

ආන්ජලෝ නුගාරා මයා වෙත, ඔබගේ නිරීක්ෂණය ඉතාමත්ම නිවැරදිය. වැඩිදෙනෙකුට නොතේරෙන හෝ තේරුම් ගැනීමට උත්සාහ නොකරන යම් වැදගත් කරුණක් ඔබ විසින් සඳහන් කිරීම අප අගය කරන්නෙමු. ඇත්තෙන්ම මෙය තමයි නියම යතාර්ථය... ලොක්කන් වැඩි දෙනෙකු කතා කිරිමට අකමැතිම...

:       542       471

AnandaRSunday, 29 September 2019 02:29 PM

ඇන්ජලෝ, ගමට ඉනිමං කැපුවා නොවේ. ගඟට ඉනි කැපුවා වගේ..

:       0       17

ආන්ජලෝ නුගාරා Sunday, 29 September 2019 08:20 PM

අනේ මේ ඔයාට ඕන එකක් හිතා ගන්න. මගේ ළඟ හිටියා නම් කන පලනවා...

:       16       0

සේන Sunday, 29 September 2019 11:16 AM

කොහොමද ගෝඨාභයට තියෙන බය? සිංහල ඡන්ද ටිකක් කඩලා නැවතත් සජිත් දිනවලා, රනිල් විධායක අගමැති කරලා ජාතියේ මිනී පෙට්ටියට අවසන් ඇනේ ගහන මෙහෙයුමට සහභාගී වීමේ පාපයට මෙතුමත් හවුල් වෙනවා. එහෙම දෙයක් නොවී රට කෙලින් සිටුවන්නට සියලුම රටට ආදරේ ජනයා එක්විය යුතුයි. ගෝඨාභය කියන්නේ කිසිම පක්ෂයකට අයත් මිනිසෙකු නොවේ.

:       3124       2885

AshanSunday, 29 September 2019 11:54 AM

සිංහලයෝ කියාගෙන එන ඒකාධිපතියෝ අපට නම් එපා.. ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදෙකලා කරලා, අන්ත අසරණ තත්වයට පත්කරයි...

:       1376       1494

jaazSunday, 29 September 2019 01:47 PM

ඇමරිකන් පුරවැසි ගෝඨා පරාද කරන්න දඟලයිද?

:       196       240

Thilina Sunday, 29 September 2019 11:33 AM

මහ ජාතියට ලැබෙන අවසන් අවස්ථාව මේ වගේ සිල්ලර දේවල් නිසා පාවලා දෙන්න එපා. මතක් කරලා බලන්න 2015 බැරක් ඔබාමා පැහැදිලිවම සඳහන් කළා. ඔවුන් කොහොමද ඔවුන්ට ඕනෑ පාලනය ලංකාව තුළ ඇති කලේ කියලා. මේ තවත් එක වියාපෘතියක් විතරයි .. මොවුන්ට කවදාවත් සුළු ඡන්ද ලැබෙන්නේ නැහැ ..මේ කරන්නේ සිංහල ඡන්ද කඩන කූට වැඩසටහනක්.

:       810       854

Upaligawasinghe Sunday, 29 September 2019 11:45 AM

පුදුම වැඩක්නේ...! ඇයිමේ?

:       276       305

රූපිකා Sunday, 29 September 2019 11:49 AM

කථා කරන්න එපා. ජනාධිපති සිරිසේන එක්ක එකතුවෙලා උතුරේ ඉඩම් අක්කර ලක්ෂ 2ට එහා හමුදාවෙන් අරං දෙමලුන්ට දුන්නා.

:       907       832

ranilSunday, 29 September 2019 12:20 PM

තමන්ගේ ඉඩම පරිස්සමින් තියෙනවනේ.. එ්කයි අනික් අයගේ දුක තේරෙන්නේ නැත්තේ... ආමි එකෙන් දුන්නේ මිනිස්සුන්ගෙන් ගත්ත ඉඩම් මිසක් ආණ්ඩු ඉඩම් නෙමෙයි. යුද්ධයක් නැත්නම් දෙන එකේ වරදක් නැහැනේ. ඒ ඉන්නෙත් ලංකාවේ මිනිස්සු...

:       532       1210

Srilankan Monday, 30 September 2019 03:10 AM

මොනවා කියනවද රූපිකා, යාපනේ දිස්ත්‍රික්කේම භූමි ප්‍රමාණය අක්කර ලක්ෂ 2යි තිස්දහසයි. ඉතින් මිනිස්සුන්ට ඉඩම් දෙන්නේ නැත්නම් ඒ මිනිස්සු කොහෙද ජීවත් වෙන්නේ? ආණ්ඩුවේ රස්සා නැත්නම් ගොවිතැනක් කරගෙනවත් ජීවත්වෙන්න තරම්වත් අයිතියක් නැද්ද? ඒ මිනිස්සුන්ට, ඔය තරම් දුෂ්ඨ වෙන්න එපා.

:       110       129

ලුම්බිණි Sunday, 29 September 2019 11:50 AM

ජාතික ජනතා ව්‍යාපාරය කියන්නේ මොකද්ද? මෙතුමාට උදව් කරන්නේ සරත් ෆොන්සේකා මහත්මයද?

:       187       53

මුණසිංහ Sunday, 29 September 2019 12:06 PM

ගියවර වගේම මෙවරත් අැමරිකාව ප්‍රමුඛ පෙරමුණ ක්‍රියාත්මකයි. පළමු අරමුණ ගෝඨා පරාජය කිරිම. දෙවැන්න රට තවත් අස්ථාවර කිරීම. මෙයාලා මේවට අහුවෙන එක කෙතරම් අවාසනාවන්තද?

:       1795       1587

Nasa ..Sunday, 29 September 2019 12:36 PM

ඇමරිකන් පුරවැසි ගෝඨා පරද කරන්න අැමෙරිකාව දඟලයිද? පිස්සු අපිටද?

:       213       734

shantha Qatar Sunday, 29 September 2019 12:11 PM

ජයවේවා!!! තවත් රුපියල් 75000ක් රජයේ භාණ්ඩාගාරයට...

:       238       105

rohan Sunday, 29 September 2019 12:11 PM

මෙතන යන්නේ වෙන ගේමක්... මේ වෙලාවේ මෙතුමාට දිනන්න බැරිබවත් දැනගෙන මේ ඉල්ලුම් කරන්නේ, ලැබෙන කුට්ටිය ගැන හිතලා..

:       507       636

Shan Sunday, 29 September 2019 12:14 PM

ජීවිතේ ඇතිවීමක් නැති මිනිස්සු. උඩ ඉන්න අය දන්නවා ඔක්කොම. පරිස්සමෙන්...

:       77       68

rohana Sunday, 29 September 2019 12:15 PM

සේනලා, ගෝඨලා වැනි අයට ඡන්දෙ දෙන අයට වෙන දේ බලන්නකෝ..?

:       391       257

Prabha Sunday, 29 September 2019 12:16 PM

මේවා සිරිසේන ජනාධිපති වීමේ විපාක. දැන් ඕනෙම කෙනෙක් හිතන්නේ ජනාධිපති කෙනෙක් වෙන එක සිම්පල් වැඩක් කියලා.

:       174       352

Lanka Sunday, 29 September 2019 12:18 PM

සල්ලි දෙයියන්ගේ මල්ලි කිව්වලු...

:       50       122

Dasuni Sunday, 29 September 2019 12:24 PM

ඇමෙරිකාව මොනවටද, එයාලගේ පුරවැසියෙක්ට බයේ වැඩ කරන්නේ? පරිස්සම් වුණොත් හොඳයි.

:       7       431

vihaga Sunday, 29 September 2019 12:29 PM

මුණසිංහ, මොකද ඇමරිකාවට ඔච්චරම ගෝඨාව පරද්දන්න වුවමනාව? ගෝඨාගේ දරුවන්, බිරිඳ, සහෝදර බැසිල් ඔක්කොම ඇමරිකන් පුරවසියන්නේ... ගෝඨාගේ දේපල වුණත් ඇමරිකාවේනේ තියෙන්නේ. ඇමරිකාවට ලේසියෙන්ම නටවන්න පුළුවන් අපේක්ෂකයා ගෝඨාභය නේ...

:       33       601

garasarapa Sunday, 29 September 2019 12:40 PM

කුජීත වෙච්ච එජාප පාක්ෂිකයින්ට යන්න තැනක්. ෆොන්සේකාට දුන්න සපෝර්ට් එක එයාගේ ගෝලයට දෙන්න.

:       135       115

p.d goonawardena Sunday, 29 September 2019 12:41 PM

බැරි වැඩක්නේ කරන්න හදන්නේ.. ඔය ඇඳගෙන හිටපු හැව ඇරියාම ඔයාව රටේ කව්රුවත් දන්නේ නැහැ. ඔබතුමා අහලා ඇතිනේ නයා පොලේ ගිය කතාව... එ්ක තමයි හොඳම නිදසුන...

:       252       219

මංගල Sunday, 29 September 2019 12:41 PM

අගෙයි මහත්තයෝ, හරිම අගෙයි. සිංහලයින්ගේ එකමුතුවක් ඕනෑ වෙලාවේ මේක නම් හරිම අගේ ඇති වැඩක්. ගන්න එක ඡන්දෙකට ඩොලර් කීයක් ලැබෙනවද? සහරාන්, උඹ මරාගෙන මැරුනේ අපරාදේ. උඹට ඕනෑ කළ දේ මෙච්චර අගේට සිදුවෙද්දී... ඔයා නම් මහ මෝඩයෙක්...

:       454       812

Nimal Sunday, 29 September 2019 01:37 PM

මේ රටේ 2020 ජනාධිපති අපේක්ෂකවරුන් අතුරින් නාගානන්ද සහ මහේෂ් සේනානායක වටා හිටියා, අන්තවාදී විනයක් සහ අධ්‍යාපනයක් නැති කම්බහොරු කිසිවෙක් නොමැත.. දැනටම විනිවිදභාවයෙන් සජිත් වටා කොපමණ දූෂිත ජනතා නායකයින් පිරිසක් එක්වෙලා ඉන්නවද කියලා, එ්කනිසා ජනතාව සත්‍ය තේරුම් ගන්න. මේ තමයි ඔබගේ අවසාන අවස්ථාව... මේ අවස්ථාවේදී, අන්තවාදී අදහස් වලින් මිදී රට ගැන හිතන්න.. එසේ නොවුණොත් සංහිඳියාව, සහජීවනය යටපත්ව මුස්ලිම් අන්තවාදීන්, ශරියා විශ්වවිද්‍යාල සහ මුස්ලිම් මූලධර්මවාදී බදියුර්දීන්ලට තෝතැන්නක් වීම නොඅනුමානයි.

:       32       810

Bishan Sunday, 29 September 2019 01:45 PM

ඡන්දෙ දෙන්න ඕනේ ගෝඨාටයි, සජිත්ටයි විතරද? අනිත් මිනිස්සු කල්ලතෝනිද? නියම වහල්ලු ඉන්නේ ලංකාවේ... ඔබ‍ට ජය හමුදාපතිතුමනි...

:       741       1107

ජය Sunday, 29 September 2019 02:38 PM

ගෝඨාභය මැතිතුමාට ජය නියතයි...!

:       1256       1127

Thilina Sunday, 29 September 2019 02:54 PM

ගෝඨාභය ආවොත් මිලිටරි පාලනයක් කියලා විවේචනය කරපු නගානන්ද දැන් එතකොට හිටපු හමුදාපති ගේන්නේ ඇයි ?? තලගොයි කබරගොයි නියාය තමයි

:       363       350

පූජිත Sunday, 29 September 2019 02:55 PM

මමත් එකෙන්ම දෙනවා ඡන්දේ හිටපු හමුදාපතිතුමාට. බය නැතුව කියනවා මම එක. මොකද මම කාගේවත් ජරාව කන වහලෙක් නෙමෙයි. කොන්ද කෙලින් තියන් ඉන්න කෙනෙක්. ඔබට ජය..

:       572       680

රජින්ද Sunday, 29 September 2019 03:15 PM

කඩපල්ලා සිංහල ජන්ද කෑලි වලට කඩපල්ලා. මේවා අහනකොට ගෝඨාට නොදී ඉන්නම තීරණය කරපු ජන්ද ආයේ ගෝඨාට හැරෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හැංගිලා උගුරට හොරා බෙහෙත් බීපු අය සිංහල ජන්ද සුන් කරලා සුළු ජාතී අන්තවාදී කොටස්වල අපේක්ෂාවන් ඉෂ්ඨ කරන්න ඇවිත්. මිනිසුනේ මෙවර සුදුසුම අපේක්‍ෂකයාට ඔබේ ජන්දය නුදුන්නොත් ආයේ මේ රට ගැන නොහිතා ඉන්න එක වඩාත් හොදයි.

:       766       704

සම්පත් Sunday, 29 September 2019 04:40 PM

ඔබේ සේවය රටට අවැසිම මොහොතයි. සුබ ගමන් සෙන්පතිඳුනි...!

:       413       471

සමරේ Sunday, 29 September 2019 04:52 PM

මෙපමණ කලක් හිතාගෙන හිටියේ නීතිගරුක පුද්ගලයෙක් කියලා. දැන් බලනකොට මෙච්චර කල් පොරෝගෙන ඉඳලා තියෙන්නේ සිංහ හමක්... ඉස්සර වගේ නෙවෙයි දැන්, එයාගේ මුහුණ දිහා බලනකොට මට පේන්නේ ඩොලර්. දැන්නම් අපිත් කොහොමත් ගෝඨාභයටම තමයි.

:       1199       880

chandima Sunday, 29 September 2019 04:56 PM

මේ කියන්නට යනදේට ගල් මුල් එල්ලවෙන්නට පුළුවනි. 1956 එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කොමියුනිස්ට් වාදීන් ඉන්දියානු ආශීර්වාදය ඇතිව පෙරට එද්දී, ලංකාවේ කොමියුනිස්ට් රජයක් ඇතිවීම වැළැක්වීමට එජාපයේ නියෝජ්‍ය නායකයා වීරයෙකු මෙන් ඒ මැදට පැන නායකත්වය පැහැර ගත්තා. එයින් ලංකාවේ කොමියුනිස්ට් රජයක් ඇතිවීම වැළකුණා. ඒ සුද්දන් ලංකාවේ විරුද්ධ මතධාරීන්ට විකල්පයක් ලෙස දෙවෙනි පක්ෂයක් බිහි නොකිරීමේ වරද නිසයි. මෙවර එකම මාවතක දෙයාකාරයකට යන පක්ෂ දෙකක් ඇතිව ඇති යුගයක, ඒ දෙපක්ෂය එකම මගක යන බව දැන, ඇතිවූ ජනතා අප්‍රසාදයෙන් බිහිවුණු නිදහස් මතධාරීන් තුන්වැනි පාර්ශවයක් ලෙස නැගිසිටිනවා. මෙයිට දින 30 කට පෙර රනිල් රජයේ හිතෛෂී විශ්වාසවන්ත මුර සෙනෙවියව සිටි මහේෂ්, දින 30කින් අදහස් වෙනස් කොට ඒ තුන්වැනි බලවේගය මැදට පැන නායකත්වය ගෙන සිටිනවා. ඔවුන් නගානන්ද වැනි අනිකුත් විකල්ප කරුවන්ද ඔවුන්ගේ යටතට ගැනීමට උත්සාහ දරනවා..

:       63       395

Kumar Sunday, 29 September 2019 04:56 PM

සේනානායක මහත්මයාට පුළුවන් නම් ඡන්දයෙන් ජයගෙන මේ ව්‍යාජ වීරයන් ටික එලවන්න. ඔබතුමාට ජය වේවා..!

:       666       492

විජිත් Sunday, 29 September 2019 08:16 PM

මම හිතනවා.. මහේෂ් ජනාධිපති වුණොත්, ක්‍රියාත්මක කරන්නේ නාගානන්ද මහත්මයාගේ ව්‍යවස්ථාවයි. ඒ ව්‍යවස්ථාව අනුව ඔය දියවන්නාවේ ඉන්න "මිනිසුන්ගේ ලේ බොන නරි " 225ම පැන්ෂන් නැතුවම ගෙවල්වලට එහෙමත් නැතිනම් හිර ගෙවල්වල කූඩුවලට ගාල් කරන්න සිදුවේවි...

:       0       1

chandima Sunday, 29 September 2019 05:00 PM

මහේෂ් සේනානායක දින 30ක් තුළ තමන්ව අතිශයින් විශ්වාස කල රනිල්ගේ රජය කෙරේ ඇත්තටම කලකිරී මේ විකල්පයට අාවාද? නැතිනම් රනිල් වෙනුවෙන්ම දුර දිග මෙහෙයුමක් සඳහා පැමිණියාද?

:       137       169

විජිත් Sunday, 29 September 2019 06:48 PM

මහේෂ්, රනිල්ගේ අයෙක් නොවෙයි. රටට ආදරේ මිනිහෙක්. විනයගරුක හමුදා නිලධාරියෙක්. ඒ නිසා තමයි මුස්ලිම් ත්‍රස්ත ප්‍රශ්නයේදී බොහොම මැදිහත් ලෙස ක්‍රියා කලේ. නැතිනම් එතුමාට තිබුණා ලංකාවේ පාලනය මොහොතකින් අල්ලා ගන්නට. එතුමා අනිවාර්යයෙන්ම දිනනවා. එන්.පී.එම් එකෙත් නාගානන්ද මහතාගේත්, පල්ලෙවත්ත මහතාගේත් සියලුම උගත්, බුද්ධිමත් රටට ආදරේ කරන අයගේ ආශීර්වාදය එතුමාට ලැබෙනවා...

:       6       301

kuma Sunday, 29 September 2019 05:02 PM

වෙන රටවල නම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් වළක්වා ගන්න බැරි වුණාම හමුදාපති ඉල්ලා අස්වෙනවා. ඒකට ලංකාවේ නම් ජනාධිපති අපේක්ෂක කරනවා.

:       407       369

KumarMonday, 30 September 2019 01:59 AM

මහත්මයා රටක නමක් කියන්න. මම ඉන්න රටේ ත්‍රස්ත ප්‍රහාරයකින් 3000ක් ජීවිත අහිමි වුණත් හමුදාපති ඉල්ලා අස්වුණේ නැහැ. ඔයගොල්ලන් ඉන්නේ වෙන ලෝකයක වෙන්න ඇති. බොරු කතා ප්‍රචාරය කරන්න එපා...

:       1       59

sharm warnMonday, 30 September 2019 04:13 AM

ඇයි හමුදාපතිව විතරක් අල්ල ගන්නේ? තමන්ගේ අතේ තිබුන විස්තර ලාච්චුවේ දාගෙන හිටපු නායක දෙපළ , එතකොට රටේ ආරක්ෂාව භාර දීලා තිබුන රාජ්‍ය ආරක්ෂක ඇමති? රටේ නායකයාගේ නියෝග නිසා ත්‍රස්තවාදීන්ගේ කටයුතු වලට උදව් ලැබෙන කාලේ මඩකලපුවේ දහසකට අධික පොලිස් නිලධාරින් මරා දැමුනු කාලේ හමුදාපතිවරු ඉල්ලා අස් වුනාද? අඩු ගානේ රටේ ආරක්ෂක ඇමතිවත් ඉල්ලා අස් වුනාද? මේ මනුස්සයාගේ කකුලෙන් අදින කුහක ගොඩට වැටෙන්න එපා? සජිත් ආවත් ගෝඨා ආවත් මහ ජනතාවට හොඳක් වෙනවා කියන සුරංගනා සිහිනෙන් මිදෙන්න. තව වතාවක් අපි වැරද්දක් කලොත් අපේ අනාගත පරපුරට අපි කරන්නේ සාහසික අපරාධයක්.ඒක මතක තියා ගන්න.

:       0       7

asanka Sunday, 29 September 2019 07:21 PM

99.9%ක් පරාදයි

:       2       0

ukussa Sunday, 29 September 2019 08:02 PM

නාගා හැරෙන්න, කවුරු ආවත් කෑම මේසයට අලුත් දෙයක් ගේන්නේ නැහැ. නාගා විතරයි අලුත් ක්‍රම වේදයක් මගින් 225යේ මහා මංකොල්ලයෙන් අපව බේරා, සැමට එක නීතියක් ගෙනෙන්නේ. ඔහු පවසන සේ ප්‍රඥාවෙන් හිතා, ඔහුගේ ක්‍රමවේදයට ඡන්දය දී, ඔබ දිනන්න. රටත් දිනවන්න. හොරු 225ම තව අවුරුදු 5කට අවශ්‍ය නම් ඔවුන්ගේ අයකුට ඔබේ වටිනා ඡන්දය දී බැන බැන ඉන්න...

:       0       4

siri Sunday, 29 September 2019 08:29 PM

ඔන්න තවත් සිංහයෙක් බලු වෙන්නයි හදන්නේ.

:       38       25

lankasri Sunday, 29 September 2019 11:21 PM

මේ පාර පොට වැරැද්ද ගත්තොත් ගත්තමයි... ඒ නිසා අනිවාර්යයෙන් නාගා සහ මහේෂ් සේනානායක මහත්තුරු දෙන්නව ගෙනාවොත් රටටම කිරි ඉතිරෙයි. අනෙක් සියලු දෙනා කෙරුවාව කරලම පෙන්නලානේ තියෙන්නේ ආයි ආවත් ඉතින් එච්චරම තමයි...

:       0       15

රණසිංහ Monday, 30 September 2019 12:09 AM

දූෂිත පවුල් පාලනේ බලලෝභී බඩගෝස්තරවාදී හොර හැතිකරේ.. ඔවුන්ට වැඩිය බුද්ධිමත් හරිහමන් කෙනෙක් එන එක තමයි හොඳ...

:       62       127

gamage Monday, 30 September 2019 01:01 AM

නව අපේෂකයෙකුට තරග කිරිමට ඈති හොඳම අවස්තථාව මෙයයි. මොකද 41% ඉක්මවීම ප්‍රමාණවත් ජනපති වීමට. මහේෂ්ට හොඳ අවස්ථාවක් තියෙනව. සජිත්ටත් යූ.ඇන්.පී ඡන්ද පදනමක් තියෙනවා. සුළු ජාතික ඡන්ද සියල්ලම තියනවා. ගෝඨාභය නිදහස් පක්ෂය සමග එක් නොවී ඡන්ද පදනමක් නැති පොහොට්ටුවෙන් පමණක් තරගයක් දෙන්න අමරුයි. මේකේ ලොකුම අවාසිය තියෙන්නෙ ගෝඨාට.

:       2       416

Thanu Monday, 30 September 2019 01:09 AM

යුද්දේ ඉවර කරා කියලා ජීවිත කාලයක් බල තණ්හාවෙන් ඉන්නේ. බයිපාස් කරන්න සින්ගප්පූර් යන්නේ.මම කියන්නේනේ යූ.න්.පී හොඳයි කියලා.එයාලත් හොරු. මෙයාලා කම්බ හොරු. වටේ ඉන්න සෙට් එකත් පට්ට හොරු.ඉතින් මේ ක්‍රමය වෙනස් විය යුතුයි.බේබිලාගේ වෙඩින් පෝලිමක් මේ අවුරුද්දේ.ඒවට සල්ලි කොහින්ද? දැන් බලේට එන්න අයේ පොරකන්නේ අපිට සේවය කන්නද? එයාලා වෙනුවෙන්ම තමයි. පරම්පරාවේ ගෑවිච්ච කෙනෙක් හිටියොත් හොරෙක්.රනිලා අනිත්.මේක ගේමක්. කොහොමද සිරා කිව්වේ නම් .විකල්පය තමයි බලන්න වෙන්නේ. ඕකයි තත්වේ.

:       2       270

Chanak los angeles Monday, 30 September 2019 02:15 AM

යහපාල පොලොන්නරුවට යන්න ඉස්සර විධායක බලතල බිංදුවටම කප්පාදු කළොත් ඔක්කොම කණපිට පෙරළෙනවා.. ඇයි කියලා තිබෙන්නේ ඉදිරියේදී ලොකු පිම්මක් පනින්න බලාගෙන කියලා...

:       0       2

Mahesh Monday, 30 September 2019 03:08 AM

අපේ රටේ ඉන්නේ වහල් මිනිස්සු, පක්ෂයක් බදාගෙන මැරෙන්න හදනවා. සජිත් ආවත් ගෝඨා ආවොත් ලොකු වෙනසක් නැහැ. දෙන්නම අකමැතියි අලුත් කෙනෙක් එනවට. මගේ අදහස මේක. පළවෙනි මනාපය තුන්වෙනි පාර්ෂවයකට දෙන්න. දෙවැනි මනාපය සජිත්ට හරි, ගෝඨාට හරි දෙන්න. එතකොට පවතින දේශපාලනය ටිකක් බය වේවි... නැත්නම් වෙන්නේ දෙගොල්ලන් මාරුවෙන් මාරුවට රට කන එක. මොලේ පාවිච්චි කරලා වටිනා ඡන්දය දෙන්න...

:       1       254

sharm warnMonday, 30 September 2019 04:18 AM

ඔබට පෙනෙනවද තරමක් හරි තර්ජනාත්මක විකල්පයක් ආපු ගමන් කුලප්පු වෙන්නේ සජිත් ද ගෝඨා ද නැතිනම් අපේ බුරු ඡන්දදායකයෝද කියලා? ඔබ නිවැරදියි .මේ දේශපාලන වහලුන් තමයි මේ රට කන්න අර කාලකණ්නි 225 ට පාවඩ එලන්නේ. හොරා හොරා කියලා කෑගහන්න විතරයි දන්නේ. හොරාව එළවන්න කොන්දක් නැහැ. මම නම් මුල් පෙළේ ඉන්න දෙන්නටම කිසිම මනාපයක් දෙන්නේ නැහැ.මෙච්චර කල් ඒ අය මොනවද කළේ කියලා එක දවසින් කට්ටියට අමතක වෙලා.ඉතින් තව කොහෙද?

:       0       72

SriLankan Monday, 30 September 2019 03:13 AM

මෙතන ඉන්න ඊනියා දේශප්‍රේමීන් කීදෙනෙක් ඇමෙරිකන් වීසා ලැබුණොත් ලංකාවේ ඉඳීවිද?

:       30       164

Dammika Monday, 30 September 2019 03:29 AM

අපි 225ටම කැමති නැහැ. ප්‍රධාන පක්‍ෂ දෙකම කරන්නේ චීනයට රට විකුණන එක..​. ඔබට විතරයි පුලුවන් මේ රට බේරාගන්න. ඔබට ජයවේවා ...!!!

:       0       1638

janahitha Monday, 30 September 2019 04:43 AM

හම්බන්තොට වරාය ගැනද කියන්නේ?

:       1       0

darshana Monday, 30 September 2019 03:40 AM

මෙයට කොහොමත් 50%ක් බෑ. එ්ත් අරමුණ නැවත එජාප රජයක්...

:       158       0

sharm warnMonday, 30 September 2019 05:29 AM

ඔහුට 50% ක් නැහැ කියන්නේ අපේ ඡන්දය අපි ආයෙමත් හොරුන්ට ම දීලා අපිටම තලා ගන්න මඩු වලිග හොයා හොයා ඉන්න තමයි යන්නේ කියන එකද? ඔහුට 50%ක් නෙමෙයි කීයක් ලැබුනත් ඒක දෙන්නේ අපිම නේද?ඔහුගේ සාකුවෙන් හෝ තිස් තුන් කෝටියක් දෙවි දේවතාවරුන්ගෙන් ලැබෙන ඡන්ද නෙමෙයි නේද? ආපහු හිතන්න.අපේ වල අපිම කපා ගන්නවද කියලා?

:       27       35

විජිත් Monday, 30 September 2019 06:21 PM

බොහොම හොඳ කතාවක්.මේපාර කිසිම අපේක්ෂකයෙක් 50% ක් හෝ ඊට වැඩියෙන් ගනිවියි කියා හිතන්න අමාරුයි. එනිසා දෙවෙනි මනාපය ගනින්න වෙන්න පුළුවනි. උගත් බුද්ධිමත් දරුවන් ඉන්න එජාපයේ සහ ශ්‍රී ලනිපයේ , වැඩිහිටි පාක්ෂිකයින් මෙවර තෝරාගන්නේ මහේෂ්වයි.ජවිපෙ දෙවෙනි මනාපය යන්නේ මහේෂ්ට. නාගානන්ද,පල්ලෙවත්ත වගේ අය අනිවාර්යයෙන්ම මහේෂ් එක්ක එකතුවෙනවා.බලන්න තව සති කිහිපයකින් වෙනදේ .දැන් දැන් දේශපාලනයේ දැනට ඉන්න " හොර ගෙඩියෝ"ත් හොරෙන් හොරෙන් මහේෂ්ගේ පැත්තට හැරවෙන්න බලනවාලු.නමුත් කිසිම දෙස්පාලුවෙක්ව ඒ අය එකතුකර ගන්නේ නැතිබව ස්ථිරයි.එක නිසා තමයි මහේෂ් සේනානායක මහත්මයා පෙරේදා කිවේ .." ..මෙතන එක හොරෙක්වත් නැහැ " කියලා.

:       0       0

gamini Monday, 30 September 2019 04:02 AM

මම නම් කියන්නෙ පහුගියාව හොයනවට වඩා අවුරුදු 71ක් ගිය විදිය හොඳද බලන්න. ආයෙත් ඒ වගේ පහක් යන එකද හොද අපේ මව්බිමට? අලුතෙන් හිතලා අලුත් ගමනක් යනවද? ගෝඨා හොඳයි. ඒත් වටේට ඉන්නෙ කවුදෙ? සජිත් හොදයි කියමුකෝ. ඒත් වටේට ඉන්නෙ කවුද? තමන්ම හිතන්න.මහේෂ් වටේට ඉන්නෙ ඔක්කොම ඉගෙන ගත්තු අයද බලන්න.හොද අයද බලන්න.

:       0       59

lanka Monday, 30 September 2019 04:46 AM

ගෝඨා මේඩ් ඉන් ශ්‍රී ලංකා, මේඩ් ෆෝ අැමරිකා...

:       313       417

thushara Monday, 30 September 2019 04:57 AM

යකෝ, සිංහල එකෙක් ඡන්දෙ ඉල්ලන්න ආව ගමන් ගෝඨාගේ ඡන්ද කඩන්න ආව එන්ජීඕ එකෙක් කියලා කෑ ගහනවනේ...

:       52       132

indika Monday, 30 September 2019 05:00 AM

මෙයාට කඩේ යන ඔක්කොම එක්කෝ එජාපය... නැත්තම් ජවිපය. මෙයා වැඩිම වුණොත් ඡන්ද ලක්ෂයක් ගනී. ඔය කඩේ යන ඔක්කොම තමන්ගේ පක්ෂවලට තමයි දෙන්නේ...

:       57       62

අසංක Monday, 30 September 2019 05:16 AM

ඇයි මේ කට්ටිය බය වෙලා? මගෙ ඡන්දයනම් මහේෂ් සේනානායකට තමයි. ගෝඨා, සජිත්, අනුර, නාගානන්ද කාටවත් දෙන්නේ නෑ. එකෙන්ම මහේෂ් සේනානායකට. තවමත් මිනිස්සු රෙදි ඇදගෙන ගෝඨාට කඩේ යනවා. අප්‍රේල් 21 සෙන්පතියෙක් සෙන්පතියෙක් කියපු මෙතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට ඇමරිකන් බලවේග වල කොන්ද පණ නැති වෙලා. සහරාන්ලට පඩි ගෙවලා තියාගෙන ඇමරිකන් ගෝඨා අද ජාතික වීරයෙක් වෙලා. ගෝඨා පාර්ශ්වය බෙහෙවින් භිතියට පත්ව ඇත.

:       13       132

samMonday, 30 September 2019 06:13 AM

අප්‍රේල් 21...!!! සෙන්පතියෙක් වෙන්නේ කොහොමද? මෙතුමා බොම්බේ පුපුරපු බව දන්නෙත් ඉන්ටර් නෙට් එකෙන් කියපු එකේ...

:       66       39

Perera Monday, 30 September 2019 05:22 AM

මෙයා නේද අර කොමිසමට ගිහිල්ල හිස්බුල්ලද කවුද මට බලපෑම් කරේ නැහැ කිව්වේ.

:       140       65

keerthi Monday, 30 September 2019 06:01 AM

රටේ සාක්ෂරතාව ඉහළ උනාට පරිගණක භාවිතය වැඩි උනාට දේශපාලන තීරණ ගැනීම සහ දැනුම බින්දුවයි කියල මේකේ කමෙන්ට් බැලුවම පේනවා. මේකෙන්ම සමීක්ෂණයකට නියැඳි ගන්න පුළුවන්. කොතරම් මෝඩ මිනිස්සුද ලංකාවේ ඉන්නේ? තමුන්ගේ ඡන්ද බලය සහ වගකීම දන්නේ නැති මිනිස්සු.

:       0       92

Sanam Monday, 30 September 2019 06:07 AM

අපේ රටේ මෝඩයන්ට ගෝඨයි සජිතුයි හොඳ මොකද දන්නවද? මේ දෙන්නගෙන් එක්කෙනෙක් අවොත් තමන්ට වාසියක් ගන්න හැකි නිසා. රටට ආදරේ ඇති මිනිහෙක් කවදාවත් ගෝඨා වගේ එයාගේ අදහස් වලට විරුද්ධ අය මරණ මිනිහෙකුටවත් මෙලෝ හසරක් නොදැන කතා කරන සජිත්ටවත් ඡන්දේ දෙන්නේ නැහැ. ඒ දෙන්නට ඡන්දෙ දෙනවට වඩා හොඳයි ඡන්දේ අවලංගු කරන එක. ගෝඨට සජිත්ට කඩේ යන ගැතිවාදී මිනිසුන් ඉන්න රටක ඉපදුන එකත් සාපයක්. මේ දෙන්නගෙන් එක්කෙනෙක් නැතිව කවුරු දිනුවත් සැපයි මට නම්......

:       9       175

KANDEPOLA Monday, 30 September 2019 07:00 AM

මේකේ කමෙන්ට්ස් බලපුවහම තේරෙනවා මේ පාරත් වැඩි චන්ද සංඛ්‍යාවකින් ජනතාව පරදින බව...

:       15       75

Danny Monday, 30 September 2019 07:44 AM

ඔබට සුබපැතුම්...!!! මගේ මනාපය ඔබට. මෙතුවක් කල් මේ කාපු හරිය හොඳටම ඇති. දැන් වෙනස් වෙන්න කාලයයි. රට නව මගකට යොමුකරන්න.

:       0       107

nimal Thursday, 03 October 2019 09:18 AM

මිනිහෙක් සටනට එන්නේ ජය ගන්න මනසකින්... මේ මිනිස්සු මොකට එනවද මන්දා. ඡන්ද කඩන්න තමයි බලපුවාම අප අපටම වල කපා ගන්නවා නේද? මුදල් වලටද මේ නහින්නේ..? අප එරිලා ඉන්න තත්වය තේරෙන් නැද්ද? අනේ මන්දා... මට නම් දැනට ගෝඨා තමයි හරි යන කෙනෙක් විදිහට දැනෙන්නේ... මගේ සහ ගෙදර සේරම ඡන්ද... ඒ විතරද රටේම ඡන්ද ගෝඨාට... ජයවේවා! ඔය රටට ද්‍රෝහී පක්ෂග්‍රාහී අයගේ කතා වැඩක් නැහැ. විදේශ කුමන්ත්‍රණ පරාද වේවා...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1087 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1276 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 996 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 225 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 593 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 434 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 551 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site