IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි

ලෝක පුදුම හතෙන් එකක් වූ පැරීසියේ අයිෆල් කුලුන ලෝක ප‍්‍රසිද්ධ ස්ථානයකි. ප‍්‍රංශයේ අගනුවර වු පැරීසිය මැදින් ගලා බසින ශේන් ගඟ අද්දරට මායිම්ව පිහිටි අයිෆල් කුලූන පිහිටි වපසරිය ඉතාමත්ම රමණීය ආරක්ෂිත ප‍්‍රදේශයකි.

අයිෆල් කුලූන යනු ප‍්‍රංශ ජාතිකයෝ තම හදවතසේ සලකන සිහිවටනයකි. මෙම හදවත වටා බොහෝ විට සොඳුරු දේ සිදුවෙයි.

ආදරවන්තයන් ගෙන් පිරී ඇති මෙම සුන්දර ප‍්‍රදේශය ආදරය බෙදා හදා ගනියි.ආදරය විඳියි. එම සොඳුරු දේ අතරට විටින් විට සොඳුරු නොවන දේවල්ද සිදුවෙයි. එවැනි සිදුවීමක් පසුගිය 13 වෙනි සදුදා සිදුවුයේය. අයිෆල් කුලූන පරිශ‍්‍රය ආසන්නයේ කඩ සාප්පු සමහරක් කඩා බිද දමා  වාහන ගිනි තැබිණි. ස්කූර්ටර් වලට අලාභහානි සිදු කැරිණි. දුරකථන වීදුරු කුටි කුඩු පට්ටම් කැරිණි. ජර්මන් සංචාරකයෝ රැගත් බස් රථයක් මහ මග නවතා එහි දොරවල් විවෘත කොට ගමන් මලූ කොල්ල කෑ අයද වුහ. මේ ආදි ලෙස සිදුවූ කලබැගෑනියේ ආරම්භක අවධිය පාලනය කර ගැනීමට නොහැකි වුවද, පැය ගනනාවකට පසු සමනය කිරීමට පැරිස්  පොලිසියට හැකි වුයේය.

මේ සදහා 500 කට ආසන්න පොලිස් හමුදාවක් කැදවා තිබුණි. තත්ත්වය සමනය වුවද එම ප‍්‍රදේශය අමු සොහොනක සිරි ගත්තේය. මෙම අනර්ථය පැරීසියේ වැඩිපිරිසක්  අනුමත නොකරති. අසතුට පළ කරති. දුක්වෙති. මෙවැනි සිදුවීම් මින් පෙරද සිදුවී ඇත්තේය. එනමුදු බෙහෝ කලාතුරකිනි. ඉහත සිදුවීමෙන් 32දෙනෙක්  සුළු තුවාල ලබා  රෝහල් ගත කරනු ලැබුහ.39 දෙනෙක් අත් අත්අඩංගුවට ගනු ලැබුහ. මෙසේ වුයේ ඇයි ?

සෑම වසරකම ප‍්‍රංශයේ පැවැත්වෙන පළමු ලීගයේ අන්තර් ක‍්‍රීඩා සමාජ අතර පාපන්දු ශුරතාවය මෙවර පැරිස් අගනුවරට අනුබද්ධිත පැරිස් සෙන්ට් ජර්මා කන්ඩායම විසින් දිනා ගැනිණී. ඉහත පාපන්දු ක‍්‍රීඩා සමාජය ප‍්‍රංශයේ පමණක් නොව යුරෝපයේම සුප‍්‍රසිද්ධ කණ්ඩායමකි. මෙම ශුරතාවය මෙවර ඔවුන් දිනාගනු ලැබුවේ අවුරුදු 19 කට පසුවය. ඒ අනුව ඔවුන් 2013 ප‍්‍රංශයේ පාපන්දු ශූරයෝය.

මෙම කණ්ඩායමට මුදල් ආයෝජනය කර ඇත්තේ කටාර්  රජ පවුලට අයත් නසෙර් අල් කලිෆි කුමාරයාය. එංගලන්තයේ ඬේවිඞ් බෙකෙම්, ස්වීඩනයේ ස්ලාටාන් ඉබ්‍රිහිමොවික්, ප‍්‍රංශයේ ජෙරමි මෙනේස්, ආර්ජන්ටිනාවේපැස්ටොරේ පෘතුගාලයේටියාගෝ සිල්වා යන සුප‍්‍රසිද්ධ ක‍්‍රීඩකයෝ මෙම කණ්ඩායමට ක‍්‍රීඩා කරති. ඔවුන්ගේ ශූරතාවය භුක්ති විඳීමේ සුන්දර සැණකෙළිය අයිෆල් කුලූන අසලදී පසුගිය සදුදා සිදුවුයේය. පැරීසියේ නගරාධිපති ඇතුළු සම්භාවනීය පිරිසක් සමග විසි දහකට ආසන්න ක‍්‍රීඩා සමාජයට ළැදි ක‍්‍රීඩා ලෝලීහු එක්රොක් වී ගී ගයමින් ,නටමින් ප‍්‍රිතිඝෝෂා කරමින් විනෝද වුවෝය.

 එම සැණකෙළිය අතර තුර සංවිධානත්මක සියයක පමණ සුළු පිරිසක් විසින් කැරුණු ඉහත කලබැගෑනිය හේතු කොට උත්සවය අවලංගු විය.

ඒ සමගම උත්සව පැවැත්වීම එදින තහනම් කළ බව පැරීස් පොලිස්පති දැනුම් දුන්නේ. ඉහත සිද්ධියට සම්බන්ධ පිරිස් අලාභහානි සිදු කරන්නන් ලෙස පොලිස් පොත් වල සදහන් කොට ඇත්තේය. වයස අවුරුදු 17ත් 25ත් අතර තරුණයන් මෙම කණ්ඩායමට අයත්වේ. ඔවැනි උත්සව හෝ පෙළපාළි, උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන වලට සාමාන්‍ය ලෙස පැමිණ සංවිධානගතවී මෙවැනි හානි සිදු කිරීම ඔවුන්ගේ විනෝදාංශයක් බවට පත්ව ඇත්තේය.

ඔවුන් දැඩි අන්තවාදීන් ලෙසද හදුන්වනු ලැබෙති.

 යුරෝපයේ උලීගන්ස්ලා ලෙස මෙම කණ්ඩායම් නම් කර ඇත්තේය.ඇඩොල්ෆ් හිට්ලර් ක‍්‍රමයට ‘සැලියුට්‘ ගසන අන්තවාදි සටන් පාඨ ගයන මොවුන් සෑම අවස්ථාවකම කලහකාරී ලෙස හැසිරෙන කණ්ඩායම් ලෙස නම් දරා ඇත්තේය.

මෙම අන්තවාදීන් ආගම, ජාතිය, වර්ණය, හා දේශපාලන පක්ෂ ලෙස බෙදා වෙන් කළ හැක්කේය. ඔවුන්ගේ එකම අරමුණ සාමාන්‍ය වැසියාගේ අයිතිවාසිකම් හෝ නිදහස විනාශ කිරීමය. ඉහත සිදුවීම එයට ආසන්නම සාක්කියක් එවැනි සාක්කි මුළුලොව සතර දිශාවෙන්ම දැක ගත හැකිය පැරීසියේ ජීවත් වන විදේශ හා දේශීය සෑම ජන කොට්ඨාසයකම මෙම පිරිස් සුළුවෙන් හෝ නියෝජනය කරති. ඉහත සිදුවීමට දැනට අත් අඩංගුවේ සිටින සමහ දෙනා ප‍්‍රංශයේ අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් වලට සම්බන්ධ පිරිස් බව හදුනා ගෙන ඇත්තේය.

මෙම සිදුවීමේ අතුරු ඵල ප‍්‍රංශ දේශපාලන කරලියටද ඇතුල් වුයේය. ඇතිවු සිද්ධියේ වගකීම භාරගෙන අභ්‍යන්තර ආරක්ෂක ඇමැති ඉල්ලා අස්විය යුතු බව පවසමින් විපක්ෂයේ හිටපු එම ඇමැති ප‍්‍රකාශයක්ද නිකුත් කළේය. ප‍්‍රංශ පාර්ලිමේන්තුව තුළද මෙම සිදුවීම ප‍්‍රධාන කොට වාද විවාද ඇති වුයේය. එසේ වුවද එම විවාද බොහෝ විට දේශපාලන වාසි තකා කරන දේශපාලන සංදර්ශනයෝය. සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයන් සදහා පාර්ලිමේන්තු කොමිසමක්ද මේ වන විට පත්කර ඇත්තේය. කටාර් සල්ලි පැරීසිය ගඳ ගැස්සූ බවටද විවේචන ප‍්‍රංශ මාධ්‍ය හරහා මේ මොහොතේ සිදුවෙමින් පවතී. එනමුදු පක්ෂ විපක්ෂ සියල්ලෝ මෙම සිදුවීම දැඩි ලෙස හෙළාදකිති. කණගාටුවෙති.  නමුත් අභිමාණවත් අයිෆල් කුලූන මේ සියලූ දේ දෙස නොසැළි තවමත් බලා සිටින්නේය.

 



අදහස් (0)

හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි

නීල් Thursday, 16 May 2013 08:18 PM

මෙවැනි අය සෑම රටකම, සමාජයකම ඉන්නවා. ඉතා කුඩා කණ්ඩායම් ලෙස සුළු වැරදි කරමින් පවතින සමාජ ක්‍රමයට සිය අකමැත්ත පලකරනවා. නමුත් ඔවුන්ගේ දෙතුන් සියයේ කණ්ඩායම් සංවිධානය කර රටේ බරපතල ගැටුම් ඇතිකරන්නේ පවතින ආණ්ඩුව විසින් හොරරහසේ. (නි)

:       0       0

චූලා Thursday, 16 May 2013 09:13 PM

මෙයාලට කියන්නේ "නියෝ නාසි", ඇමරිකාවේ ඉන්නවා "ක්ලු කලාවූ ක්ලාන්". මේවාට මම දන්නා ලංකාවේ කොල්ලෙකුත් සම්බන්ධ වෙලා හිටියා. (නි)

:       0       0

සේරම් පැරිස් Thursday, 16 May 2013 09:27 PM

පැරිස් වල අවුරුදු 30 කට අධික කාලයක් ජීවත් වන මම මෙය ගැන පැහැදිලි කරදීමක් කළ යුතුය. මේ වගේ සිද්ධි වලට හවුල් වන්නේ දිළිඳු ඇෆ්රිකානු තරුණයන්. විශේෂයෙන් මුස්ලිම් සහ දිලිඳු පන්තියේ පැරිස් නගරෙන් පිට ජීවත් වන කොටසක්. ඔවුන් වෙලාවකම බලන්නේ සාප්පු කඩා හොරකම් කිරීමටත් , අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමටත්, පොලිස් නිලදාරින්ට ප්‍රහාර එල්ල කිරීමටත්ය. ඔවුන් අඩු අදායම් පවුල් වලින් එන කොටසක්. මේ වගේ අය යුරෝපයේ ගොඩක් රටවල ඉන්නවා. (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 16 May 2013 09:31 PM

හැසිරෙන්න නොදන්නා විදේශ ජාතිකයින් වහාම රටින් පිටුවහල් කළ යුතුයි (නි)

:       0       0

අමල් Monday, 20 May 2013 12:28 PM

හීන මානයෙන් පෙලෙන අය හැමරටකම ඉන්නවනේ. (ස)

:       0       0

හේමන්ත Monday, 20 May 2013 12:31 PM

පිස්සෝ තමා.(ස)

:       0       0

සීතා Monday, 20 May 2013 12:32 PM

මෙවැනි අය සෑම රටකම, සමාජයකම ඉන්නවා.(ස)

:       0       0

කාලිංග Thursday, 16 May 2013 11:33 PM

අල්ලන්න ලංකාවෙන් කට්ටිය එවන්නම්

:       0       0

හේරත් Thursday, 16 May 2013 11:50 PM

යුරෝපයේ උලීගන්ස්ලා වගේ ලංකාවෙත් උසිගන්සලා ඕනෑ තරම් ඉන්නේ. ඉටිපන්දම් උසිගන්සලා, ලයිට් බිල් උසිගන්සලා, එන්.ජි.ඕ. උසිගන්සලා... ඔය ඉන්නේ ඕනේ තරම් (නි)

:       0       0

ටිකිරි Friday, 17 May 2013 12:10 PM

අනේ සේරම් මහත්තයා, ඔය රටවලත් දිළින්දෝ ඉන්නවද ? ලංකාවේ ජනමාධ්‍ය වල සමහරු කරන කතා අහනකොට මම හිතාගන හිටියේ දුප්පතුන් ඉන්නේ ලංකාවේ විතරයි , රජයෙන් සහනාධාර ලැබිය යුත්තන් ඉන්නේ ලංකාවේ විතරයි , බඩුමිල වැඩිම රට ලංකාව තමයි , මංකොල්ලකාරයෝ ඉන්නේ ලංකාවේ විතරයි කියලා. බලනකොට පම්පෝරි ගහන යුරෝපීය රටවලත් එහෙම තමයි නේද? (නි)

:       0       0

රන්ජි Sunday, 19 May 2013 03:04 AM

ඇහෙන කොටත් බය හිතෙනවා

:       0       0

රසික Friday, 17 May 2013 04:38 PM

අපේ මාලුපාන් බලකාය වගේ වෙන්න ඇති (නි)

:       0       0

ජගත් Friday, 17 May 2013 03:04 AM

මොන බොරුද

:       0       0

සිරි Thursday, 23 May 2013 01:55 PM

ගහල පන්නන්නයි තියෙන්නේ (නි)

:       0       0

පාලිත Friday, 17 May 2013 12:54 PM

මොනවා

:       0       0

රංජනී Friday, 17 May 2013 04:39 AM

ලස්සන පරිසරය අවලස්සන කරන පිස්සෝ. (නි)

:       0       0

උපාලි Friday, 17 May 2013 04:47 AM

ඔන්න අපේ පොලිසිය එහෙ රාජකාරි නොකරන එකේ අඩුපාඩුව. (නි)

:       0       0

ෂෙහාන් Friday, 17 May 2013 04:56 AM

මම නම් බයයි

:       0       0

ජගත් Friday, 17 May 2013 01:28 PM

මොකද්ද ගෙර්ගුව

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 May 2013 06:15 PM

මෙහෙම කණ්ඩායමක් ඉතාලියෙත් ඉන්නවා. තාප්ප සහ ප්‍රසිද්ධ ස්ථාන වල ස්ප්‍රේ වලින් ඔවුන්ගෙ ලකුන ඇඳීම ඉතාලි පොලිසියටත් විශාල ගෑටලුවක්. ඔවුන්ගේ අරමුන ප්‍රසිද්ධ ස්ථාන වලට හානි පැමිනවීමයි (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 19 May 2013 04:21 PM

ටිකිරි මහත්මයෝ, ලෝකයේ හැම දියුණු රටකම යුරෝපයේ වගේම ඇමෙරිකාවෙත් බොහෝ දිළින්දෝ ඉන්නවා . මගේ ඇසින් දුටු දේවල් . සමහර විට ලංකාව තව හොඳයි (නි)

:       0       0

ජයන්ත Thursday, 16 May 2013 06:33 PM

අනුන්ගේ සතුට නොඉවසන හීන මානයෙන් පෙලෙන අය හැමරටකම ඉන්නවනේ. (නි)

:       0       0

වෙල්ගම Friday, 17 May 2013 08:32 AM

ඒ අයව වහාම තමිල්නාඩුවට යැවුවා නම් හ‍රි (නි)

:       0       0

මාගලී Thursday, 16 May 2013 06:41 PM

කවුරු බලේ හිටියත් මැච් එකක් තිබුනොත් ඉන්ග්ලන්ඩ් සහ ජර්මන් අය පැරදුනත් නැතත් හැහදාම ඔය වගේ බස් හෝල්ට් ගිනිතියනවා, කඩ කඩනවා.නියම පිස්සෝ තමා.පරාජය දරා ගන්නේ බැහැ (නි)

:       0       0

‍පෙරේරා Thursday, 16 May 2013 07:21 PM

එයාලගේ රටවල් වලට පිටුවහල් කරන්න මේ පුද්ගලයින්ව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 110 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 482 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 438 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 487 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1159 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 453 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site