අවන්හල්, කෝපි කඩ සහ හෝටල්වලට යන ගනුදෙනුකරුවන් තවදුරටත් අවම ගාස්තුව හෝ අවම ඇණවුම ගැන කරදර විය යුතු නැත. අවන්හල්, කෝපි කඩ හෝටල්වලට ගනුදෙනුකරුවන්ගෙන් අවම ගාස්තුවක් අයකිරීම තහනම් කිරීමට තීරණය කළ බව ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය නිවේදනය කිරීම ඊට හේතුවයි.
නව නියමයට අනුව අවන්හල්, කෝපි කඩ හෝටල්වලට යන ගනුදෙනුකරුවන්ට දැන් තම අභිමතය පරිදි කුඩා ඇණවුමක් පවා ලබාදිය හැකිය. වර්තමානයේදී බොහෝ අවන්හල්, කෝපි කඩ හෝටල් තම පරිශ්‍ර වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ට අවම ඇණවුමක් ලබාදෙන ලෙසට දැනුම්දීමක් කරයි.
මෙලෙස නියම කරනු ලබන අවම පරිභෝජන මට්ටම සමහර අවස්ථාවලදී ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය ඉක්මවා යන බව ද අමාත්‍යාංශය පවසයි. එය 2008 අංක 8 දරන පාරිභෝගික ආරක්ෂණ පනතේ 10 වගන්තිය උල්ලංඝණය කිරීමකි.
මෙම සිරිත නිසා ගනුදෙනුකරුවන්ට මූල්‍යමය හානියක් සිදුවීමට අමතරව අවම ගාස්තුවක් නියම කිරීමෙන් විශේෂයෙන්ම පමණ ඉක්මවා වියදම් කිරීම වැනි නරක පුරුදු ද ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බව අමාත්‍යාංශය කියයි. පමණ ඉක්මවා වියදම් කිරීම ඉස්ලාම් දහමට පටහැනි පුරුද්දකි.
අමාත්‍යාංශය පවසන ආකාරයට තවත් නරක පුරුද්දක් වනුයේ අවම ගාස්තුවක් ගෙවන ලෙසට ගනුදෙනුකරුවන්ට බල කිරීමෙන් ඔවුන් ආහාර සහ පාන වර්ග වුවමනාවට වැඩියෙන් පරිභෝජනය කිරීමට පෙළඹීමයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙයි.
අවම ගාස්තු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තම සේවකයන්ව දැනුම්වත් කරන ලෙසට ද අමාත්‍යාංශය සියලුම අවන්හල්, කෝපි කඩ හෝටල්වලට දැනුම් දී ඇත.
අවම ගාස්තු ක්‍රමය හෝ පරිභෝජන මට්ටම පාලනය කරන වෙනත් ඕනෑම ක්‍රමයක් අවසන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට අවන්හල්, කෝපි කඩ හෝටල් සඳහා අමාත්‍යාංශය විසින් දින 30 ක සහන කාලයක් ලබාදී තිබිණි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හෝටල් සහ අවන්හල්වලට පැමිණෙන අයගෙන් අවම ගාස්තුවක් අයකර ගැනීම තහනම් කෙරෙයි