IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හැට පැන්නත් වැඩ පුළුවන්ලු

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කළ යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයයේ උත්සවයකට සහභාගී වෙමිනි.

‘රාජ්‍ය සේවකයකු අවුරුදු 60න් විශ්‍රාම යැවීමේ තීරණයට මම විරුද්ධයි. එය රැකියා වියුක්තියට පිළියමක් විතරයි. අවුරුදු 85දීත් සිය අධ්‍යාපන ඥාණය බෙදාදුන් මහාචාර්යවරුන් කේන්බ්‍රිජ් සරසවියේ සිටිනවා..‘



අදහස් (0)

හැට පැන්නත් වැඩ පුළුවන්ලු

සුමනපාල Friday, 08 January 2016 04:13 PM

මේ රජයේ ලොකු පුටුවල ඉන්න අය මේ ආණ්ඩුවත් අන්දනවා ලස්සනට.මේ් වැඩේ කරන්නේ රජයේ සේවයේ එක්කරා සේවාවක අය.එයාලා මේක මාෆියාවක් කරගෙන ඉන්නේ.අනේ අපරාදේ ජනතා බලාපොරොත්තු.(හේ)

:       0       0

සිසිර Saturday, 09 January 2016 07:33 AM

අනේ මන්දා! තරුණ පාර්ෂවයටම රැකියා නැතිවෙන පොටක් වගේ (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 09 January 2016 01:38 AM

රටේ තරුණ තරුණියන් රැකියා නැතුව ලතවෙනවා. නියම යහපාලනය! (නි)

:       0       0

රොඩ්නි Saturday, 09 January 2016 01:48 AM

එතකොට රස්සා බලාපොරොත්තුව ඉන්න තරුණ අයට රජයේ රැකියා ගන්න තව අවුරුදු 5 ක් බලාගෙන ඉන්න වෙනවා. (නි)

:       0       0

කරු ජයසුන්දර Saturday, 09 January 2016 08:12 AM

හැට පැන්නද සමහරුන්ට වැඩකළ හැක. සමහරුන්ට බැහැ. එහෙමනම් කොහොමද මෙය තෝරාබේරා ගන්නේ. වෛද්‍ය පරීක්ෂණයකින් හෝ නැවත විභාගයකින්ද? ඒත් ඕවා කරන්න ලංකාවේ පුලුවන්ද? (නි)

:       0       0

පරාක්‍රම Friday, 08 January 2016 05:58 PM

මින් තරුණ තරුණියන්ට අසාධාරණයක් නොවේද? (නි)

:       0       0

සෝමපාල Saturday, 09 January 2016 01:51 AM

දේශපාලකයනුත් 65න් පසු විශ්‍රාම යැව්වොත් හොඳයි නේද? (නි)

:       0       0

ඉන්දික Saturday, 09 January 2016 08:25 AM

තරුණ ජවය නොසළකා හරින්න හදනවද? අර කිව්වා වගේ කාර්යක්ෂමතාවය ඇත්නම් වැඩ කරන්න ඉඩ හරින්න. නැත්නම් වයස නොබලා ගෙදර අරින්න. (නි)

:       0       0

මනෝජ් Saturday, 09 January 2016 01:49 PM

අපි ලණුවක් කාල වගේ. ඔය දිගුව තියෙන්නේ ඉහල තනතුරුවල පාක්ෂිකයන්ට විතරද මන්දා. (අ)

:       0       0

හේමපාල Saturday, 09 January 2016 02:40 AM

හොඳ තීරණයක්. පනස් පහෙන් යන්න කැමති අයට යන ක්‍රමයත්ද තිබිය යුතුයි (නි)

:       0       0

බන්දු Saturday, 09 January 2016 02:17 PM

60 පැනපු මහත්තුරු අවංකව කල්පනා කරලා බලන්න තමන් තරුණ කාලේදී වැඩ කරපු ජවයෙන් අද වැඩකරන්න පුලුවන්ද කියල වයසට යනකොට සැම අංශයක්ම දුර්වලවන බව සාමාන්‍ය තත්ත්වයක්. සෞඛ්‍ය සේවා දැන් ගොඩක් දියුණු නිසා තවත් කාලයක් ජීවත් වෙන්න නම් පුළුවන් නමුත් ඒක වැඩ කිරීමේ හැකියාවක් නොවේ . (අ)

:       0       0

ජනිත Saturday, 09 January 2016 03:17 AM

ඇමෙරිකාවේ විශ්‍රාම ගියහැකි වයස 62 න් පටන්ගත්තට හුගදෙනෙක් වයස 70 පැනලත් වැඩකරනවා. ඒ වගේම ඒ අයගෙන් රටට ලොකු සේවයක් වෙනවා .පහුගිය කලේ පත්තරේ දැක්ක වයස 80 පැනලත් එක කාන්තාවක් රැකියාව කරනවා.වැඩ කරන්න පුළුවන් අයට එකට ඉඩ දෙන එක රටට සේවයක්. මගේ මේ කතාවට කවුරුත් විරුද්ද වෙන්න ඕන නැහැ .වැඩ දන්නා වැඩකරයින්ට එයින් හානියක් නැහැ .ඒ අයට වැඩ පෙන්නන්න පුළුවන් .(අ)

:       0       0

රසික Friday, 08 January 2016 08:18 PM

හොඳ තීරණයක්. විශ්‍රාම යන වයස අධිරාජ්‍යවාදීන්ගේ කාලේ 55 ට තිබුණෙ ආයු අපේක්ෂාව අඩු කාලෙ. දැන් සෞඛ්‍ය පහසුකම් හොඳයි, ආයු අපේක්ෂාව 80ට ආසන්නයි. ඉතින් හොඳට වැඩ කරන්න පුළුවන් අත්දැකීම් තිබෙන අයගෙන් රටට ප්‍රයෝජනයක් ගතයුතුයි (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 09 January 2016 03:54 AM

හොඳ යෝජනාවක්! (නි)

:       0       0

රංජිත් Saturday, 09 January 2016 04:10 AM

කාලෝචිත බුද්ධිමත් තීරණයක් ! හැටෙන් පසු සේවා දීර්ඝ කරැනීමට ඉඩ සැළසීම වඩා යහපත් (අ)

:       0       0

කාන්ති Saturday, 09 January 2016 04:37 AM

ඔය විශ්‍රාම යන වයස නෙවෙයි වැඩ කරන කාලෙවත් ඒ ටික හරියට කරනවාද කියලා හොයලා බලන්න. රජයේ ආයතනයකින් වැඩක් කරවාගන්න ගියාම අපිට එදාම විශ්‍රාම යන්න හිතෙනවා. තව තව පුටු රත්කරන්න ඉඩ දෙන්නකෝ. මේ රටේ ඵලදායිතාවය කියලා දෙයක් නැත්තේ මේ කම්මැලි රජයේ සේවකයන්ට අපේ බදු මුදලින් පඩි ගෙවන නිසා තමයි. අඩුගානේ තමන්ගේ රාජකාරියවත් කාර්යක්ෂම නම් තව කමක් නැහැ. (නි)

:       0       0

රූපසිංහ Friday, 08 January 2016 09:47 PM

65න් විශ්‍රාම යාම බොහොම හොඳයි. විශ්‍රාම ගිය බොහෝ දෙනෙකු ඉන්නේ හුදකලා වුණ ස්වභාවයකින්. පළපුරුදු අයගෙන් නිසි සේවයක් ගත හැකි වුණත් මේ රජය තරුණයන්ට වුණ පොරොන්දු නම් ඉෂ්ට කරන්න බැරිවෙනවා. (නි)

:       0       0

ඩිලාන් Saturday, 09 January 2016 04:55 AM

කරුණාකරලා 60 පැනිල්ලට වැඩිය රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව ගැන අවධානය යොමු කරන්න. වයස 25 එක්කෙනා උදේ දහය පහුවෙලා වැඩට ඇවිල්ලා 80 පැනපු කෙනා වගේ ඈනුම් ඇර ඇර ඉන්න හැටි දැක්කහම වැඩක් කරගන්න ආණ්ඩුවේ කාර්යාල වල එන අපේ දවසම ඉවරයි. දවල් බත් කන්න එළියට ගියාම බවලතුන් ෂොපින් යනවා. එක්කෝ හැමතිස්සෙම නිවාඩු. නැත්නම් වේලාසනින් යනවා. මෙන්න මේවා ගැන ටිකක් සොයලා බලන්න. (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 09 January 2016 03:56 PM

පාර්ලිමේන්තුවේ අවුරුදු 5න් පෙන්ෂන් දෙන එක අන්තිම අසාධාරණයි නේද? ඔවුනුත් එක දිගට නැතත් කඩින් කඩ හෝ පාර්ලිමේන්තුවේ ගතකළ මුළු සේවා කාලය අවුරුදු 20 විය යුතුයි. මේවා මහා අපරාධ. (නි)

:       0       0

උදය Friday, 08 January 2016 10:37 PM

මීට අවුරුදු 70 කට 80 කට පෙර නම් වයස 60 කියන්නේ ටිකක් දුර්වල මිනිසුන්. අද එය වෙනස්. දැන් අපේ රටේ පරම ආයුෂ වැඩිවෙලා. සෞඛ්‍ය සේවා දැන් ගොඩක් දියුණුයි. වයස 60 කියන්නේ දැන් වැඩ කළහැකි වයසක් සහ අත්දැකීම් පිරුණු වයසක්. ලෝකයේ දියුණු රටවල විශ්‍රාම වයස 65 හෝ ඊට වැඩියි. රැකියා වියුක්තියට පිළියම රැකියා අවස්ථා වැඩිකිරීමයි. (නි)

:       0       0

සමන්ති Friday, 08 January 2016 11:40 PM

හැත්තෑව පැන්නත් තවමත් සමහරු කරන වැඩ ගැනත් අපිට දියවන්නාවේ සුළඟින් ආරංචි වෙනවා (නි)

:       0       0

ප්‍රසාද් Friday, 08 January 2016 11:55 PM

දැන් ටික ටික වයස දික්කරලා 100 දක්වා දික්කරන්න. එවිට රජයේ සේවකයන් වැටුප පමණක් ගෙන, පුද්ගලික අංශයට ඇති බෝනස් වැනි ප්‍රතිලාභ නොමැතිව සදාකල් සිටීවි. (නි)

:       0       0

කරුණාජීව Saturday, 09 January 2016 12:16 AM

ඕස්ට්‍රේලියාවේ විශ්‍රාම යැවීමේ වයස අවුරුදු 65 සිට 70 දක්වා වැඩිවුණා. එයට හේතුව වුණේ රැකියාවක් කළා හෝ නොකළා ඕස්ට්‍රේලියාවේ සියලුම පුරවැසියන් විශ්‍රාම වැටුපට හිමිකම්කීමයි. දැන් 65 සිට 70 දක්වා අවුරුදු 5 ක කාලයක් රජයට එම පුරවැසියන්ට විශ්‍රාම වැටුප නොගෙවා, එම මුදල් ඩොලර් බිලියන ගානක් ඉතුරුකර ගැනීමයි රජයේ එකම පරමාර්ථය. (නි)

:       0       0

මනෝජ් Saturday, 09 January 2016 12:22 AM

රජයේ සේවකයන්ගේ වැඩකාරයෝ ඉන්නේ ලොකු පුටුවල නොවේ. දක්ෂයෝ ඉන්නේ පහළ. ඒ අයගේ වාර්තා, සැළසුම් ඉහළ අය අරගෙන ගිහිල්ලා පෙන්නලා නම්බුනාම ගන්නවා. අන්න ඒ අයගේ සේවය ලබාගන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

ජනහිත Saturday, 09 January 2016 05:44 AM

ඕනෑම රජයේ කාර්යාලයකට ගිහින් පුලුවන්නම් පැත්තකට වෙලා පැයක් දෙකක් බලාහිටියොත් කොහොමද කියලා ඕනෑ කෙනෙකුට දැකගන්න පුළුවන්. (නි)

:       0       0

සචිත් Saturday, 09 January 2016 05:49 AM

අපෝ! මොකට වැඩිකළාද මන්දා? ඔය රාජ්‍ය සේවයේ ඉන්න වයසක උදවියට වැඩක් කරගන්න හරිම අමාරුයි. පුදුම රෙගුලාසිකාරයෝ ඉන්නේ. තරුණ පිරිස වැඩියෙන් බඳවා ගැනීමයි කළයුත්තේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3236 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2351 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3195 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3070 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1356 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36080 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site