IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මෙම අලුත් සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා, මීටර් 10 ක් පළල ග්‍රහකයකි. 

විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 2024 PT5 යන නමිනි. විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ පසුගිය අගෝස්තු 7 වැනිදාය. ග්‍රහකය මේ වනවිට පෘථිවිය දෙසට පැමිණෙමින් ඇත.

ග්‍රහක හෙවත් ඇස්ට්‍රොයිඩ අභ්‍යවකාශයේ සැරිසරයි. සමහර ඒවා මීටරයකට වඩා ප්‍රමාණයෙන් කුඩාය. සමහර ඒවා කිලෝ මීටර් දහස් ගණනක් විශාලය. ග්‍රහක හෙවත් ඇස්ට්‍රොයිඩ පෘථිවිය දෙසට පැමිණීම අරුමයක් නොවෙයි. දැවැන්ත ග්‍රහක බොහොමයක් පෘථිවිය පසු කර යයි. ඇතැම් කුඩා ග්‍රහක පෘථිවි වායු ගෝලයට ඇතුළු වී දැවී විනාශ වෙයි.

මේ 2024 PT5 ග්‍රහකය පෘථිවිය අසලින් යද්දී, එය පෘථිවියේ ගුරුත්වාකර්ශන බලයට හසුවනු ඇතැයි විද්‍යාඥයයන් ගණනය කර ඇත. එසේ හසුවූ විට එය පෘථිවිය සමඟ රැ‍ඳෙමින් පෘථිවිය වටා භ්‍රමණය වීමට පටන් ගනී. පෘථිවියට අලුතින් කුඩා සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් ලැබෙනු ඇතැයි තාරකා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ඒ අනුවය.

2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම් හෙට (සැප්තැම්බර් 29 වැනිදා සිට), ලබන නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී තිබෙනු ඇති බවත් පසුව එය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යනු ඇති බවත් පැවැසෙයි.

එන්.ඩී.ටීවී ඇසුරිනි



අදහස් (6)

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්

මොහොට්ටාල Saturday, 28 September 2024 09:28 AM

මංගල යෝජනාවක් ලැබිලා ගම්බිම් බලන්න එනවා ඇති. ඒත් නව සඳ බලන්න දිනයක්, වේලාවක් ලිතේ නැහැනේ කොහොම වුණත් ඈත විශ්වයෙන් ආපු ග්‍රාහකයක් නිසා එහි මොනවා තිබේද කියලා විමසිල්ලෙන් හිටියොත් නැවතත් කෝවිඩ් වගේ වසංගතයක් ඇතිවීම වළක්වන්න පුළුවන් වේවි ලෝකය වටේ දින 53 කැරකෙනවා කියන්නේ ගෙනෙන දේවල් විසුරුවාලීමට කාලය ඉතාමත් ප්‍රමාණවත් කියන්න පුළුවන්...

:       16       3

donSaturday, 28 September 2024 03:22 PM

ඒකට මොකක් හරි චන්ද්‍රිකාවක් පතිත කරන්න බැරිද? එහෙම වුණොත් අපිට ඈත විශ්වය දැකබලාගන්න පුළුවන් නේද? නොමිලේ ලැබෙන අවස්ථාවක්...

:       12       10

පිටිගල මිලානෝ Saturday, 28 September 2024 12:38 PM

රෑට රෑට පිස්සු ඩබල් වෙන සීන් එකක් තියෙන්නේ…. දරු උපත් සෑහෙන්න වැඩි වෙයි….

:       8       7

Prabha Saturday, 28 September 2024 01:21 PM

කොච්චර තාක්ෂණය දියුණුයි කිව්වත් මේක අපේ පැත්තට එනවා කියලා හොයාගෙන තියෙන්නේ අගෝස්තු 07...

:       1       18

sanath Saturday, 28 September 2024 05:40 PM

ගුරුත්වාකර්ශණය වැඩි වෙලා ඒකත් මෙහාටම පාත්වෙන්නත් බැරි නැහැ. ළඟට එනකන් හොයාගන්න බැරි වුණු එකේ ඔය ගණන් වරදින්නත් පුළුවන්...

:       1       8

සුරංග Sunday, 29 September 2024 08:14 AM

අදහස් වලට අන්ලයික් දාන්නේ කියවා තේරුම් අරගෙන නොවෙයි කියලා පැහැදිලියි... ෆෝන් කොට කොටා සිටින අයට කරන්න වැඩක් නැතුව කරනවා වෙන්න පුළුවන්...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 513 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 332 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 110 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 334 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 604 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 248 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 506 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site