IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හැට ලක්ෂයක් වතුරේ : හැට ලක්ෂයක් බේරේ

රුපියල් ලක්ෂ 120 ක වියදමින් ලොව ලොකුම නත්තල් ගස කොළඹ ගාලු මුවදොර ඉදිකිරිම නතර කළ බව කමිටු සභාපති මංගල පී ගුණසේකර වරාය අමාත්‍යාංශයේ පුවත්පත් සාකච්ඡාවක දී  අද (7) පැවසීය.

රුපියල් ලක්ෂ 60 ක ද්‍රව්‍යමය ආධාර ලැබුණු බවත් තවත් රුපියල් 60 ලක්ෂයක ආධාර ලැබීමට තිබු බවත් ඔහු කීවේය.  

නිශ්පල වියදම් නතර කර එම මුදල් දුප්පතුන්ට සහන සැලසීමට යොදන බව මීට පෙර දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවසුහ. ඒ අනුව නත්තල් ගස ඉදිකිරිම අද සිට නතර කැරිණි.

නත්තල් ගස ඉදිකිරිමට මුල්ගල තැබුයේ අගෝස්තු 18 වැනි දා වරාය ඇමැති අර්ජුන් රණතුංග ඇමැතිවරයාය.

අඩි 315 උසට නත්තල් ගස ඉදිකර ගිනස් වාර්තාවක් තැබීම සංවිධායකයන්ගේ අදහස විය.  වැඩ නතර කරන විට ගසේ උස අඩි 60 කි.

IMG_2998 IMG_3008

(නත්තල් ගස ඉදිකිරිමට මුල්ගල තබන අවස්ථාවේ ඡායාරූප )

IMG_7502 IMG_7519

ජායාරූප හා විඩියෝ  - ළහිරු හර්ෂණ



අදහස් (0)

හැට ලක්ෂයක් වතුරේ : හැට ලක්ෂයක් බේරේ

ලුම්බිණි Wednesday, 07 December 2016 11:35 PM

මේ වගේ තමයි බොහොම දේවල් ලංකාවේ සිදුවෙන්නේ. කොතන ගියත් සල්ලි නාස්තියක්. (නි)

:       0       0

සිසිර Thursday, 08 December 2016 12:25 AM

ලෝක වාර්තාවක් පිහිටුවන්න ඕනෑම නම් ඉතාම අඩු වියදමකින් උස පොල් ගහක් හොයාගෙන ඒකට ලයිට් දාලා තෑගි බෝග එල්ලලා සරසලා පෙන්නන්නයි තිබුනේ (නි)

:       0       0

බටගල Thursday, 08 December 2016 12:48 AM

සිසිර, මෙහෙම දෙයක් රජයෙන් හෝ වෙන දේශපාලකයෙක් නැවැත්තුවා නම් ආගමික වශයෙන් ලොකු කලබැගෑනියක් වෙනවා. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 08 December 2016 12:52 AM

වැඩේ නැඟලා ගියා නම් ඔය මාධ්‍ය රැස්වීමට ඇමතිතුමාලාම තමයි ඉන්නේ (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 07 December 2016 09:07 AM

වෙසක් කූඩුවෙන්, දන්සැලෙන්, ලිතෙන්, සිල්රෙද්දෙන් පවා ගසාකන දේශපාලකයන් සිටින මේ බෞද්ධ රටේ නත්තල් ගසක් පෙන්වා ගසාකෑමත් අරුමයක්ද? (නි)

:       0       0

මුණසිංහ Thursday, 08 December 2016 01:32 AM

මැල්කම් කාදිනල් තුමාගේ ආදර්ශය වෙසක් එකටත් ගනිත්වා.(ම)

:       0       0

බන්දුල Thursday, 08 December 2016 01:33 AM

අර්ජුන ඇත ගැහුවොතින් මඩ ගොඩයි.(ම)

:       0       0

නිලාන් Wednesday, 07 December 2016 09:16 AM

අගරදතුමනි, දේශපාළුවන්ගෛ් මොළයට දැනෙන්න‍ේ කොහොමත් පහුවෙලා. (නි)

:       0       0

සෑම් Wednesday, 07 December 2016 09:27 AM

මේ ව්‍යාපෘතියෙන් යම් යම් ප්‍රතිලාභ ලබන අතලොස්සක් හැර සියලුම ජනතාව මේක ඵලරහිත දෙයක් කියා කියන්නේ මේකට මුල්ගල් තියන්නත් පෙර සිටයි. මේ දවස් වල ජනපතිතුමාට පත්තර කියවන්න වෙලාවක් නැද්ද කොහෙද (නි)

:       0       0

රන්ජිත් Thursday, 08 December 2016 02:14 AM

කාදිනල් තුමනි ඔබගේ නිර්භීත ක්‍රියාවට අපේ ආචාරය. පසුගිය කාලය තුල ඔබගේ ක්‍රියාවන ඉතා විශ්ෂ්ටයි. කිසිවකුට ගතිනොවී ඔබ කරන ප්‍රකාශ බොදුනුවකු වශයෙන් මම ඉතා අගය කරමි. (ම)

:       0       0

නිමල් Wednesday, 07 December 2016 09:35 AM

ඉතාම හොඳ තීරණයක් (නි)

:       0       0

සෑම් Wednesday, 07 December 2016 09:38 AM

දේශපාලකයන්ගේ නූගත්කමට ලැබුන කම්මුල් පහරට ප්‍රණාමය. එහෙම අය ඇමතියෝ වුණාම රටත් ජනතාවත් තවත් අනතුරේ. (නි)

:       0       0

බන්දුල Thursday, 08 December 2016 02:31 AM

මේ වගේම තමයි වෙසක් එකට පොසොන් එකට කරන නස්තිත් බුදුන් වහන්සේ දේශනා කළ දහමට අනුව රාග ද්වේශ මෝහ වලින් තොරව එදවස් ගෙවන්නේ නැතුව කොටි ගණන් වැය කරලා සංදර්ශන පවත්වනවා ඔලු බක්කෝ නටවල බජව් දානවා දන්සල් විතරයි ගත යුත්තකට තියෙන්නේ එකත් දෙන්නේ පාරේ නිකන් ඇවිදින අයටයි වාහන වල ට්‍රිප් යන අයටයි අමතර සත පහක් වත් වැය නොකර නිදහසේ ගත කරන්න පුළුවන් දවසත් එකයි මේ පූජක වරුන් දෙන ආදර්ශය විශේෂයෙන් බෞද්ධ අය පිළිගන්නවානම් ඉතාමත් වටිනවා (ම)

:       0       0

අරවින්ද Wednesday, 07 December 2016 10:31 AM

පහු වෙලාවත් මේ යට මොලේ පැදීම ගැන සතුටු වෙනවා (ම)

:       0       0

සේනක Wednesday, 07 December 2016 11:07 AM

ඇමතිතුමා පසු බසින්න කාරී නෑ. අපි එන වෙසක් එකට ලෝකයේ උසම තොරණ හදල ගිනස් පොතට යමු. (ම)

:       0       0

සිල්වා Wednesday, 07 December 2016 11:27 AM

දැනට විසාල මුදලක් යට කරලා තිබෙන හෙයින් මෙය නිමකර ප්‍රදර්ශනය තුලින් හොද අදායමක් ලබන්න තිබුනා ඒ එන අදායම අසරණ ජනතාව වෙනුවෙන් යෙදවීමට හැකයි. දැන් මෙය නතර කිරීම ප්‍රයෝගික නැහැ. (ම)

:       0       0

චන්දා Thursday, 08 December 2016 04:01 AM

ලංකාවේ බල අරගල ශක්තිය පෙන්නපු තවත් අසිරිමත් මොහොතක්.(ම)

:       0       0

බුද්ධික Wednesday, 07 December 2016 11:41 AM

ජනතාවට සහන ඉල්ලුවාම රටේ ණයයි මහින්ද ගසා කාපුවයි ගැන කියවනවා. (ම)

:       0       0

මැදමුලන නිලූ Wednesday, 07 December 2016 11:54 AM

නත්තල යනු සරල බවේ සංකේතයයි. ජේසු බිලිඳා උපන්නේ ඉතාමත් සරල බැටළු ලෙනක බව අමතක නොකරන්න. ඉතින් බොරු සෝබන හඳ නැහැ නේද? බටහිර රටවල ගෙවල් වටේ ඉතාම චාම් ලස්සන ලයිට් දමල තමයි නත්තල සමරන්නේ. (ම)

:       0       0

ප්‍රියන්ත අනුරුද්ධ. සෞදි අරාබිය Wednesday, 07 December 2016 12:11 PM

අපේ රටේ කරන කිසිම වැඩක කිසිම පිළිවෙලක් නැත. හරි අරමුණක් නැත. කෙරුවොත් කරන්නේ නොකළ යුතු දේවල්ය. කලයුතු දේවල් අපේ රටේ කොතරම් තියේද. (ම)

:       0       0

ශානිකා Wednesday, 07 December 2016 12:29 PM

අනේ සිල්වා ඔයා කියන්නේ මේක පෙන්නන්න සල්ලි ගන්න කියලද? ඔයාගේ ටිකිරි මොලේ තමයි මොලේ. (අ)

:       0       0

රසංක Wednesday, 07 December 2016 12:45 PM

අව්ලක් නෑ. දැන් අපි ලෝකයේ හොඳම ගොන් ආණ්ඩුව හදල ගිනෙස් පොතට ගියානේ. (අ)

:       0       0

ගාමිණි Wednesday, 07 December 2016 12:49 PM

ඇමතිතුමෝ ඔබ තුමා වාර්තාවක් ලෝකෙටම (අ)

:       0       0

බන්දුල Wednesday, 07 December 2016 12:55 PM

මෙය නිමකර ප්‍රදර්ශනය තුළින් හොද අදායමක් ලබන්න තිබුණා කියන්නේ අසරණ ජනතාවගෙන් ලැබෙන සල්ලි (අ)

:       0       0

අශෝකා Wednesday, 07 December 2016 12:58 PM

අගෝස්තු 18 මුල්ගල තියල තවම හදල තියෙන්නේ අඩි 60යි. ඉතිරි මස ගානකට හදන්න බැරිඋන එක දැන් මේ දවස් ගානට තව අඩි 255ක් හදන්න පුලුවන්ද? කාදිනල් තුමාගේ කතාවෙන් හරියට අඩන්න ඉන්න කෙනාගේ ඇහැට ඇගිල්ලෙන් අන්න වගේ එක පිට තියල නතර කරලා ජාමේ බේරා ගන්න පුළුවන්. අපේ රටේ කලයුතු, කළහැකි කොතරම් දේවල් තියෙනවද? ඒවා ගැන බලන්න මේ අයගේ ඇස ඇරේව කියල මම ප්‍රර්ථනා කරනවා! (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 December 2016 01:03 PM

මේවා දකිනකොට පුදුම කලකිරීමක් "යහපාලනය "ගෙන්න කඩේ ගිය අපිට ඇති වෙන්නේ.සත්තකින්ම.(අ)

:       0       0

සරණපාල Wednesday, 07 December 2016 01:09 PM

මොලේ තියෙන ඇමතිවරු ටිකක් හොයාගන්න තැනක් කව්රුහරි දන්නවද ? මේ ගැන කලින් හිතන්න එපාය . (ම)

:       0       0

ටෙනිසන් Monday, 12 December 2016 11:21 PM

මේවාට වරදක් කියන්නත් හිතෙන්නෙ නැහැ (නි)

:       0       0

චන්දා Monday, 12 December 2016 11:27 PM

කෙසේවෙතත් දුප්පත් පෝසත් වේවා, විනෝද කටයුතු අත්‍යවශ්‍ය දෙයක්. ඒ මත ආර්ථිකයේ කොටසක් ගොඩනැඟී තිබෙනවා. මේක නොහැදුවා කියා දුප්පත්කම නැතිවන්නේ නැහැ පමණක් නොව කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේත් නැහැ. (නි)

:       0       0

මොහොමඩ් පාසිල් Thursday, 08 December 2016 06:27 AM

දැන් ඔය තොරණ් වලටත් මේ සංකල්පයම ගන්නකෝ (නි)

:       0       0

ගාමිණි Wednesday, 07 December 2016 01:56 PM

කර්දිනල් තුමනි ! ඔබ්වන්සේ වැනි ආගමික නායකින් අපේ රටට වසනාවන්. (ම)

:       0       0

ගාමිණි Wednesday, 07 December 2016 02:01 PM

බෞද්ධයකු වශයෙන් මා ඔබ වහන්සේගේ එඩිතර ප්‍රකාශ ඉහළින් අනුමත කරමි . (ම)

:       0       0

ගාමිණි Wednesday, 07 December 2016 02:05 PM

මෙහෙමත් ඇමතිවරු. මේගොල්ලන්ට වෙන වැඩ නැතුවද? (නි)

:       0       0

ලලිත් Wednesday, 07 December 2016 02:09 PM

මොනවා වුණත් දැන් එ්ක ලොව විශාලතම බාගෙට හදපු නත්තල් ගහනේ. එ්කනිසා කණගාටු වෙන්න එපා. (නි)

:       0       0

ගාමිණි Wednesday, 07 December 2016 02:09 PM

මේ දෙගොල්ලන්ම කරන්නේ මහජන මුදල් නාස්ති කිරීම (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 07 December 2016 02:32 PM

දුප්පත් අයට උදව්වක් කරලා ගිනස් පොතට යන්නකෝ. පිනකුත් සිද්ධවෙනවා. ඔයාලගේ අරමුණත් ඉෂ්ට වෙනවා. (නි)

:       0       0

කමල් කොරයා Wednesday, 07 December 2016 02:33 PM

සිල්වා, නමුත් මෙය ඉදිකරන්න පස් පිඩැල්ල කපනකොට නොකීවේ මන්ද? (නි)

:       0       0

භද්‍රානි Wednesday, 07 December 2016 02:50 PM

නත්තලත් දේශපාලකයින්ගේ ප්‍රචාරණ මාධ්‍යක් කරගන්න උවමනාවක් තියෙන්න ඇති ලංකාවේ දේශපාලකයින්ට. කතෝලික සභාව මෙන්ම පියතුමන්ලාද දේශපාලකයින්ගේ අතකොලු නොවී සිටීම ගැන අපි සතුටු වන්නෙමු. ඒ වගේම ගරු කාදිනල්තුමන්ගේ උතුම් නායකත්වය යටතේ, පියතුමන්ලා මෙන්ම කතෝලික ජනතාවත් කීකරු කර ගැනීමට තරම් වූ ඔබතුමාගේ ප්‍රඥාවන්ත ශ්‍රේෂ්ඨ නායකත්වය ගැන ශ්‍රී ලාංකිකයින් ලෙස අපි කාදිනල්තුමාට ප්‍රශංසා කරන්නෙමු. ඔබ සැමට ශුභ නත්තලක් වේවා!!!! (නි)

:       0       0

තිලංක Wednesday, 07 December 2016 02:52 PM

ඇති දැන්වත් නුවණැති තීරණයක් ගත්තා (නි)

:       0       0

නිහාල් Wednesday, 07 December 2016 02:56 PM

ඒ වෙනුවට එල්ලුම් ගහ ගෙනාවා නම් හරි. රටටම වෙන්නේ හොඳක් (නි)

:       0       0

රුවන් Wednesday, 07 December 2016 03:24 PM

ගිනස් වාර්තා කන්නද? දුක දේශපාලකයන්ට මොළයක් නොතිබීමයි (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 07 December 2016 03:25 PM

මෙය සැමටම ආදර්ශයක් වේවා! (නි)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 07 December 2016 03:32 PM

මේවා කරනකොට මීටවඩා කල්පනා කරන්න තිබුණා (නි)

:       0       0

දහම් Wednesday, 07 December 2016 03:52 PM

මේ බඩු එකතු කළේ කොහොමද? කාගෙන්ද? එ්ක දූෂණයක් සහ බලපෑම් කිරීමක් නෙමෙයිද? (නි)

:       0       0

සුනිල් Wednesday, 07 December 2016 03:55 PM

අනේ හැබෑටම මෙහෙමත් අපරාද වියදම්? (නි)

:       0       0

මාලක Wednesday, 07 December 2016 05:15 PM

ඇත්ත. මේවා ප්‍රයෝජනවත් වැඩද? (නි)

:       0       0

යෙහාන් Wednesday, 07 December 2016 05:18 PM

ලොකුම නත්තල් ගස්? අනේ මෙහෙමත් විකාර වැඩ (නි)

:       0       0

ඉන්දික Wednesday, 07 December 2016 05:51 PM

අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොම අයද කියල මහජනතාව දැන්වත් දැනගනීවි (නි)

:       0       0

විජිත් Wednesday, 07 December 2016 07:03 PM

මේ දිනවල මම ලංකාවේ නිවාඩුවකට පැමිණ සිටින නිසා දැනට දින දෙකකට කලින් මම ඔය ස්ථානය නැරඹීමට ගියා. නමුත් මහත්වරුනි, මහත්මියනි හෙට ගෝල්ෆේස් පිටියට ගිහින් බලන්න ඒ තණනිල්ලට කර ඇති විනාශය. එය නැවතත් තිබු ලෙසට පිළිසකර කරන්න රුපියල් ලක්ෂ 50 කට වැඩිය යාවි කියා මට හිතෙනවා. එතකොට ඒ මුදල් කොහෙන්ද හොයාගන්නේ..? මේ දේශපාලුවන් එක දෙයක් හිතේ තියාගත්තොත් හොඳයි. ශ්‍රී ලංකාවේ මිනිසුන් ඔබ හිතපු තරමටම මෝඩ නැහැ කියා. (නි)

:       0       0

සිරි Wednesday, 07 December 2016 08:40 PM

ඔබ වහන්සේට ජේසු පිහිටයි! මගේ ආගමට අනුව තෙරුවන් සරණයි! (නි)

:       0       0

පෙරේරා Wednesday, 07 December 2016 08:44 PM

නුසුදුස්සන් දේශපාලකයන් වෙලා ඉන්නකන් මේවා බලාපොරොත්තු වෙන්න ඕනෑ මෝඩ මිනිසුනේ (නි)

:       0       0

දිලීප Wednesday, 07 December 2016 09:19 PM

හැමදෙයකින්ම මට නම් පෙනන්නේ මේක පටන්ගත් ආකාරය අඩු දැනුමකින් සහ පහළ සංවේදීබවකින් කළා කියන එකයි. දෙයක් කරද්දී හරියටම ක්‍රමය දැනගෙන කරන්න (නි)

:       0       0

සරා Wednesday, 07 December 2016 10:04 PM

බදු ගහමු අපි හැදෙමු (නි)

:       0       0

සිසිර Wednesday, 07 December 2016 10:33 PM

මේ වැඩේ මුදල් නාස්තියක් කියලා පටන් ගන්න කලින් කියන්න කෙනෙක් හිටියෙම නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6656 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4987 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 931 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1332 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3187 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4163 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40182 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site