IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හෙට වෛද්‍ය වර්ජනයක්

(රංජන් කස්තුරි)

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට පැමිණි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයෙන් නිසි විසඳුමක් නොලැබුණූ බැවින් අඟහරුවාදා (25) පෙරවරු 8 සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රයන් ජයලත් ශිෂ්‍යයා පැහැර ගැනීමට අදාලව රජය අපක්ෂපාතී ක්‍රියාමාර්ගයක් නොගැනීම, ශ්‍රී ලංකා වෛද්‍ය  සංගමයට පිළිගත හැකි සභාපතිවරයකු පත්කිරිමට පියවර නොගැනීම, වෛද්‍ය  අධ්‍යාපනයේ අවම ප්‍රිමිතිය ගැසට්  නොකිරිම, සයිටම්  ආයතනයට  ශිෂ්‍යයන්  බඳවා  ගැනීම යන කරුණු  මුල්කරගනිමින්  එම වර්ජනය දියත් කරන බවද වෛද්‍ය සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා  සඳහන් කරයි.

කෙසේ වෙතත් මාතෘ හා ළමා රෝහල් පිළිකා  රෝහල්,හදිසි අනතුරු අංශ,හදිසි ප්‍රතිකාර  ඒකකය,ඩෙංගු ප්‍රතිකාර  ඒකකවල රෝගී සත්කාර සේවා බාධාවකින් තොරව සිදු කරන බවද ඔහු පවසයි.  



අදහස් (32)

හෙට වෛද්‍ය වර්ජනයක්

ledek Monday, 24 July 2017 10:36 AM

වෛද්‍යවරුනි, චැනල් වලට ඔබලා ආවොත් ඇති. දවල්ට වෙන ව්‍යාපාරයක් කරන්න. අපි ඔබතුමන්ලාට සහයෝගය දෙන්නම්.

:       1619       10600

kumar (galf) Monday, 24 July 2017 10:43 AM

දොස්තරවරුද නැතිනම් මස්කඩ කාරයෝද? රටේ මිනිසුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන රටේ මිනිසුන්ටම වින කරනවානේ... අනේ මන්දා..

:       5362       9587

duminda Monday, 24 July 2017 10:46 AM

මේ කරන වැඩවලට හෙන වදින්නත් පුළුවන්නේ...

:       4792       8542

TodumindaMonday, 24 July 2017 04:01 PM

හරියට හරි දුමින්ද.

:       76       689

one srilankan Monday, 24 July 2017 10:58 AM

ජයවේවා නිසි අවධානය බලධාරින්ගේ යොමුවේවා!!! රාජිත මහත්තයට ජී.එම්.ඕ.ඒ. පිහිටයි.

:       6106       1433

මම1Monday, 24 July 2017 11:45 AM

මේ වගේ කමෙන්ට් දාන අයට ලෙඩ නොසෑදේවා.

:       246       1139

kamjay Monday, 24 July 2017 11:25 AM

මීට හොඳයි මීහරක් ටිකක් දොස්තරලා වුනානම්. වැඩේ හරියට කරයි.

:       4357       6728

Don Monday, 24 July 2017 11:46 AM

මේ දොස්තරවරු ලෙඩ්ඩුන්ට තියන ආදරේ ඉතින් අපේ අම්මා, තාත්තට වත් නෑ. ඔක්කොම යවන්න ඕනේ ගෙදරම තමයි.

:       191       1045

මම1 Monday, 24 July 2017 11:47 AM

ඔය දාල තියෙන හේතු වලට ලෙඩ්ඩු වගකියන්න ඕන මොනව හරි තියෙනවද?

:       28       675

priyankara Monday, 24 July 2017 11:49 AM

ජනතාවනි අපි එක්වෙමු. දුප්පත් අප වෙනුවෙන් දොස්තර මහත්ම මහත්මීන් කරන මේ ජනතා අරගලයට අපිත් උදව් කරමු. හොර දොස්තරවරුන් බිහි කරන උපාධි කඩ වසා දමා අපේ ජීවිත ආරක්ෂා කර ගනිමු. අපේ දරුවන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ටික ආරක්ෂා කර ගනිමු. සල්ලිකාරයන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුණට අපට ඇත්තේ රජයේ විශ්ව විද්‍යාල ටික විතරක් බව මතක තියා ගන්න.

:       7262       5727

NuwanMonday, 24 July 2017 04:43 PM

වෙන රටවල නිකන් දෙන නිදහස් අධ්‍යාපනයක් නැහැ, දෙමව්පියෝ දරුවෝ ඉතා වගකීමෙන් කැපවීමෙන් ඉගෙනගෙන අවුරුදු 27 වෙද්දී phd කරගන්නවා. රටේ සංවර්දනයට ඉක්මනින් දායක වෙනවා බදු ගෙවනවා . මේ සේරටම මුල නිකන් දෙන දේ, සලාක චින්තනයක් රටක තියනකන් ඒ රට දියුණු වන්නේ නැහැ

:       150       720

migidaMonday, 24 July 2017 10:03 PM

නම කපුරුහාමිලු ඒ උනාට කට ගදළු. අනේ ප්‍රියංකර හාමි ඔයාට පපුවක් තියෙනවාද ?. මොනවද මේ කියන ජනතා අරගලය අප්රියන්කර.?

:       66       611

සංජයTuesday, 25 July 2017 05:15 AM

ප්‍රියන්කර මහත්තයෝ, ඔබතුමාගේ අදහස 100% නිවැරදියි. එක එක්කෙනාගෙ මෝඩ තර්ක වලට උත්තර දෙන්න ඕනෙ නැහැ. බුද්ධිමතා තේරුම් ගනියි ඔබතුමා හරි කියල.

:       574       610

Bimal Monday, 24 July 2017 12:26 PM

කරුණාකර දොස්තරලාට අවුරුදු පතා අලුත් කරන්න සිදුවන වෘත්තීය බලපත්‍රයක් නිකුත් කරන්න. වෙනත් දියුණු රටවල එහෙමයි. දොස්තර ඕන ඕන හැටියට වර්ජන කරන්නයි තර්ජන කරන්නයි ගියොත් ලයිසන් අහෝසියි. මේ වගේ ක්‍රියාමාර්ගයක් ගන්නකන් අපේ රටේ බදු මුදල් උසස් අධ්‍යාපනයට නෙවෙයි මොන්ටිසෝරි අධ්‍යාපනයට යොදවන්න.

:       1839       3122

dumindaTuesday, 25 July 2017 07:53 AM

හරියටම හරි දොස්තරලා කියන්නේ අමුතු සත්තු නෙවෙයි... ජනතාවගේ මුදල් වලින් ඉගෙන ගෙන අපිට කොකා පෙන්නනවා

:       0       0

ජගත් Monday, 24 July 2017 01:23 PM

දැන්නම් පහර කෑමට ආසන්නයි වගෙයි...

:       1757       2456

බද්රානි Monday, 24 July 2017 01:30 PM

විනයක්, සදාචාරයක් නොමැතිව ලබන ශ්‍රී ලාංකික උසස් අධ්‍යාපනයේ තවත් එක්තරා මිලේච්ච පැතිකඩක් තමයි මේ. උනපුරුකේ දැම්මත් "බලු වලිගෙ ඇදය අරින්න බැහැනේ" කියන කතාව මතක් වුණා. මුදල් ගෙවලා බෙහෙත් ගන්න බොහෝ අයත්, හූවකට මහපාරට බැහැලා රැලේ එකෙක් වෙලා රැලේ පෙරමුණ ගන්න පොරකන්නෙත් ඒ අසම්පුර්ණ අධ්‍යාපනය තුලින්ම ලැබෙන තවත් එක දායාදයක් තමයි. කොරහේ කිඹුල්ලු දකිනවා වෙනුවට, කිඹුලාගෙනුත් වැඩක් ගන්න බලන්න මිනිසුනේ...

:       1011       1772

Pradeep Monday, 24 July 2017 02:30 PM

මේක දැන් ඉතාම සෝචනීය විහිළුවක් වෙලා

:       1       530

ආයිෂ් Monday, 24 July 2017 02:53 PM

මම අද ඉදන් සල්ලි ගොඩක් හොයන ක්‍රමයක් හිතමු. ඔය ජීවත්වෙලා ඉන්න ගේ හරි උකස් කරමු. තව අවුරුදු විස්සකින් විතර ළමයෙක් උසස් පෙල වයසට ආවාම ඒ ළමයට මහන්සි වෙලා ඉගෙනගන්න දෙන්න එපා. කැමති විදිහට ඉන්න දෙමු. මොකටද බොරුවට දුක් විදින්න දෙන්නේ. නිකං ඉගෙනගන්න තියෙන රජයේ පීඨ වැහිලා ගියත් අපිට මොකද?නිකං ඉගෙනගන්න ඕන නෑ. සල්ලි වියදම් කරලම ඒ වැඩේ කරමු. අපි දාමු ළමයින්ව සයිටම් එකටම. මම නම් එහෙමයි කරන්න හිතන් ඉන්නේ. බැරි අයගෙ දරුවෝ මොකක් උනාම මොකද?

:       907       213

Appuhami Monday, 24 July 2017 04:08 PM

සයිටම් මුදලාලිගේ බලධාරීන් යට වුනාට දොස්තරමහතුනි සටන දිගටම ගෙනයන්න ඔබට අපේ සහය.

:       811       296

මම1Tuesday, 25 July 2017 01:35 AM

හැමදාම ගැණු වාල් කමට යවන රටක් වෙන්න බැහැ. එක්කො උපාධියෙන් පස්සේ රැකියාව ලැබුණම ඉගෙන ගන්න ගිය වියදම ආපහු ගෙවන සිසුණය ක්‍රමය ගෙනෙන්න. එහෙම කරලා එම මුදල් යොදවලා වැඩි ප්‍රමාණයක් වි.වි වලට ඇතුලත් කරගන්න. එතකොට රටේ මුදලින් නොමිලේ එක කොටසකට විතරක් උසස් අධ්‍යාපනය දෙන්න ඕන නැහැ.

:       1       353

Damitha Monday, 24 July 2017 04:29 PM

මේ අය ඉල්ලන්නේ රජය පෙරලා දමා නැවත පසුගිය පාලකයෝ බලයට පත් කරවන්න නේද ?

:       10       516

ප්‍රියසාද්Tuesday, 25 July 2017 05:18 AM

ගොන් තර්ක

:       53       2

minipe Monday, 24 July 2017 05:25 PM

සයිටම් විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ විශ්ව විද්‍යාල වල ප්‍රශ්න පත්‍රම වෙනවනම් හොදයි.

:       0       446

saleem Monday, 24 July 2017 05:33 PM

දොස්තරවරු රජය කරන කියන හැමදෙට විරෝධය පාන්නේ මහජනතාවට ප්‍රතිලාබ ලැබෙන්නේ නැති බව පවසනවා රටේ සැම පුද්ගයකුම වගකීම බදු ගෙවීමට වගකීමක් දොස්තරවරු බදු ගෙවන්නේ කීදෙනාද ජනතාවට ඔය තරම් අනුකම්පාවක් තිබෙනවානම් ඔබේ වගකීම ඉෂ්ට කරන්න

:       1       416

කරුණාපාල Monday, 24 July 2017 05:55 PM

සිංහල ජාතිය කවදා හෝ වඳවී විනාශ වෙන්නේ, ඔවුන් තුල පවතින දැඩි අඥාන, කුහක සිතිවිලි තුලින් සිදුවන ක්‍රියාකාරකම් වලින් බව පැහැදිලියි. දොස්තර රෝගියාගේ ජීවිතය මුදලට තීරණය වන රටේ, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන විරෝධය දැක්වීම හාස්‍යට කරුණක්. ඒක එහෙම වුනාට මේක සිරි ලංකාවනේ නේද? ජනතාව රැස් කරන්න නරි හුවකුත් හොඳටම ප්‍රමාණවත්.

:       3       374

Nalaka Monday, 24 July 2017 07:07 PM

රජයේ දේපොළ විනාශ කිරීම අත්අඩංගුවට ගතයුතු වරදක්. අපේ tax සල්ලි විනාසකරලා තවත් එනවා සුදාන වෙන්න. මේ විනාසකරපු සල්ලි වලින් බෙහෙත් ගෙන්නුවානම් කීයක් එයින් ජීවත්වෙනවද. අලාබෙ මෙයාට ගෙවන්න කියන්න.

:       1       259

Dr Sumanaseela de silva Monday, 24 July 2017 10:12 PM

'රෝගියා අපේ පරම සම්පතයි .අපි ඔවුනට නමස්කාර කලුතුය ,ගරු කල යුතුය . ඔවුන් නිසා අප හැමට රැකියාවක් ඇත.ඒ වාගේම ඔවුන් අප කෙරෙහි ඇති විශ්වාසයට අපි නමස්කාර පූර්ව කෘතවෙදිවෙමු. අපි ඔවුනට ණයගැතිය.අපි ඔවුන්ගේ සේවාදායකයෝය' ' සුමනසීල ද සිල්වා ,ප්‍රසව නාරි විශේස වෛද්‍ය .

:       0       400

leddu Tuesday, 25 July 2017 01:19 AM

වෛද්‍ය සංගමය කරන අසත්පුරිස වර්ජනය නිසා ඔවුන්ගේ පවුල් වල ඒවුනත් ඩෙංගු හැදී වලපල්ලටයන්න කියා සාප කරයිද දන්නෑ.

:       1       220

gamini Tuesday, 25 July 2017 01:26 AM

මී දොස්තරලා හිටපු එ්කාදිපතියා.බලයට ගේන්නයි හදන්නේ.ලෙඩ්ඩුඋන්ට වාරු නැතුවත් හැර මිටි පහර දෙන දවස ලඟයි.

:       1       212

roshan Tuesday, 25 July 2017 02:06 AM

කන්න ලගය ......කෑ යුතුය

:       40       214

Karuna Tuesday, 25 July 2017 03:03 AM

ඔය වර්ජන තර්ජන පිටුපස්සේ තියෙන්නේ ඉරිසියාවයි කුහකකමයි. අමුතු ලෙඩක් ලංකාවේ දොස්තරලට. ඉස්සෙලම බෙහෙත් දෙන්න ඕන ඒකට.

:       1       219

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 105 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 48 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 293 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 135 0

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.


වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට
2024 නොවැම්බර් මස 24 321 0

වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


බඹරු ඇන 7ක් රෝහලේ
2024 නොවැම්බර් මස 24 42 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site