IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හෙට 95 උපන් දිනය සමරන මහා සිනමාවේදියා


 

”හෙළයේ අග‍්‍රගන්‍ය සිනමාවේදියා” ලෙස සැලකෙන, මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද සම්මානයට පාත‍්‍ර වූ ප‍්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 95 වැනි උපන්දිනය හෙටට (05) යෙදී තිබේ.

ලාංකීය සිනමාව කෙබඳු එකක් දැයි මෙරට පේ‍්‍රක්‍ෂකයාට මෙන්ම ලොවටද හඳුන්වා දුන් මේ කීර්තිධර සිනමාවේදියා අතින් චිත‍්‍රපට 20ක් නිර්මාණය වී තිබේ. 1955 වසරේදී ‘‘රේඛාව’’ චිත‍්‍රපටයෙන් ලාංකීය සිනමාවක් බිහිකළ මේ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවා අසනීප මධ්‍යයේ වුවද ‘‘රසවින්දන’’ සමග කෙටි කතාබහකට එක්වූයේ ඔහු තුළ තිබූ නිහතමානී ගුණය නිසාය. එතුමාට ‘‘සුබ උපන් දිනයක්’’ පතමින් ඔහුගේ කතාබහට අපි ඉඩ දුන්නෙමු.

‘‘අවුරුදු 95ක් මට හිමිවුණා කියා තවමත් හිතාගන්න බැහැ. දෙවියන්ගේ පිහිටෙන් ඉන්නවා. අපි ජීවිතයේ තනිවෙලා නෑ කියා මා විශ්වාස කරනවා. කවුරු හරි අපි ආරක්ෂා කරනවා ඇති. සුමිත‍්‍රා (ප‍්‍රවිණ සිනමාවේදී සමිත‍්‍රා පීරිස්) මෙතරම් හොඳින් මාව බලාගත්තේ නැතිවුණානම් මෙතරම් කල් මා ඉන්න එකක් නෑ. ඇය හොඳ බිරිඳක්, මවක් ලෙසින් මාව බලාගන්නවා. දැන් මා වැඩිය හිතන්න ගන්නේ නෑ. මොළය වෙහෙසන්න මා කැමති නෑ. ඒ හින්දා ගොඩක් දේ දැන් මතකයෙන් අයින් වෙන බවක් වැටහෙනවා.

මා අවුරුදු 10කින් විතර චිත‍්‍රපටයක් කරලා නෑ. අන්තිමට කළේ ”අම්මාවරුනේ’’ චිත‍්‍රපටයයි. මා ඒවායින් දැන්  ඉවත්වෙලා ඉන්නේ. චිත‍්‍රපට 20ක් විතර මා අතින් නිර්මාණය වුණා. ඒවා මෙරට මෙන්ම ජගත් ඇඟැයීමටත් ලක්වුණා. ඒ කළ නිර්මාණ ටික මට හොඳටම ඇති.

අද දක්‍ෂ නළු නිළියන් අපට ඉන්නවා. ඒ වගේම ප‍්‍රසන්න,  විමුක්ති, හඳගම වැනි දක්‍ෂ අධ්‍යක්‍ෂවරු අපට ඉන්නවා. ඔවුන් ලාංකීය චිත‍්‍රපට කලාව ඉදිරියට ගෙනියනවා. ඒ ගැන සතුටුයි. ඊට එහා චිත‍්‍රපට ලෝකය ගැන මා සොයන්න යන්නේ නෑ. සුමිත‍්‍රා තමයි අද ඒ සියල්ල කරන්නේ. මුලින් කිව්වා වගේ දැන් මොළයට වෙහෙසක් දෙන්න මා කැමති නෑ.

මගේ 95 වැනි උපන් දිනයදා, මා දිගු කාලයක් තිස්සේ කතා කළ චිත‍්‍රපට සංරක්ෂණාගාරයක මුල් පියවර තබන බව දැනගන්න ලැබුණා. ජනාධිපතිතුමා තමයි එයට මූලික වෙලා කටයුතු කරන්නේ. ඇත්තටම එතුමා හුඟාක් උනන්දු වුණා. මා දන්නේ නෑ. කොහොමද මේ කටයුත්ත කරන්නේ කියා. ඒ කටයුතු වල නිරත වෙන්නෙත් සුමිත‍්‍රා තමයි.

මම එක සැරයක් පත්තරවලට මේ ගැන ලිව්වා. ඊට පස්සෙ කීප දෙනෙක් මේ ගැන උනන්දු වුණා. නමුත් එහි නොයෙකුත් ප‍්‍රශ්න ඇතිවුණා. බාධා ආවා. එදා ජාතික ලේඛනාරක්‍ෂණාගාරයේ මේ කටයුත්ත කරන්න පුළුවන් බව කිව්වත්, ඔවුන්ට අදාළ නැතැයි කියා නවතා දැම්මා. එය වැරැදි කියමනක්. අද එයින් මේ කටයුත්ත පටන් ගැනීම හොඳ දෙයක්. ඇත්තටම ඒක හාස්කමක්. මේක හොඳ දෙයක්. මෙයට දායක වන හැමෝටම මා ස්තූතිය පුදකරනවා. මොකද මෙය අනාගත පරපුරට කරන සේවයක් නිසා. නැත්නම් එදා තැනූ හොඳ ලංකීය චිත‍්‍රපට නමට පමණක් තිබේවි. ජනාධිපතිතූමාගේ උනන්දුවීම මා අගය කරනවා.
මට දැන් ගොඩක් දේ අමතක වෙනවා. මතක් වුණත්, මා ඒවා සඳහා මොළය පාවිච්චි කරන්නේ නෑ. මොකද මොළය වෙහෙසන්න දැන් මා කැමැති නෑ. නිදහසේ වැඩිය හිතන්නේ නැතිව ඉන්න එක තමයි මා දැන් කරන්නේ”

මේ අග‍්‍රගන්‍ය සිනමාකරුවා එසේ පැවසුවද, ඔහුට නිදුක්, නිරෝගී සුව අප පතන්නේ ඔහු අප මවුබිමට මහඟු සම්පතක් නිසාවෙනි. ආසියාවේ ශ්‍රේෂ්ඨතම සිනමාකරුවා බවට පත් වී සිටින ආචාර්ය ලෙස්ටර් පීරිස් සිනමාවේදියාණෙනි. ඔබ අපට, අපේ සිනමාවට රජෙකි. ඒ තුළ ඔබ කී දෑ ඉටුවන්නේ නම් එය ඔබට මෙන්ම අපටද සතුටකි. ඒ රට ඔබ වෙනුවෙන් කරන මහඟු පුණ්‍යකර්මයකි. චිරං ජයතු, මහා සිනමාවේදියාණෙනි.


 



අදහස් (0)

හෙට 95 උපන් දිනය සමරන මහා සිනමාවේදියා

ශාන්ති Friday, 02 May 2014 09:15 PM

සුභ උපන් දිනයක් වේවා! ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

වෙදගේ Friday, 13 June 2014 12:54 PM

ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

අචිනි Friday, 04 April 2014 08:59 PM

ඉතා දක්ෂ කළා කරුවෙක් සුභපතනවා ඔබට සුභ උපන්දිනයක් (දී)

:       0       0

අරෝෂ Friday, 04 April 2014 08:59 PM

ඔබතුමාට සුභ උපන්දිනයක් (දී)

:       0       0

දසුන් Saturday, 05 April 2014 01:57 PM

සුභ උපන්දිනයක් ඔබට (දී)

:       0       0

දර්ශන Saturday, 05 April 2014 01:57 PM

සුභ උපන්දිනයක් ඔබ අපේ අනන්‍යතාවයයි (දී)

:       0       0

සමන්ති Sunday, 06 April 2014 08:53 PM

ඔබේ සමකාලීන,ලංකාවේ වාර්තා චිත්‍රපට වැඩිම ගණනක සම්මානලාභී, රජයේ චිත්‍රපට අදියුරු ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි මහත්මයාත් හිටියා නම් තමයි හොඳ (නි)

:       0       0

මහේෂ් Thursday, 19 June 2014 10:17 PM

ඔබට සුභ උපන් දිනයක්! (නි)

:       0       0

කුමාරි Friday, 04 April 2014 11:02 PM

සිනමාවට ආදරය කරන සැම හදවත් තුල ඔබ තුමා අමරණීයයි! නිදුක් නිරෝගී දිර්ගායුෂ හා තුනුරුවන්ගේ පිහිටාරක්ශාව ලැබේවා!(ස)

:       0       0

ප්‍රාර්ථනා Monday, 02 June 2014 03:29 PM

ඔබට සුභ උපන් දිනයක් වේවා!(දිල්)

:       0       0

සන්ධ්‍යා Saturday, 05 April 2014 02:49 AM

ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 04 April 2014 01:41 PM

හෙළයේ විශිෂ්ට මහා සිනමාවේදියාණනි, ඔබට චිරං ජයතු! (නි)

:       0       0

කාවින්දි Monday, 26 May 2014 10:35 PM

ඔබට නිරෝගිමත් දිවියක් සහ සුබ උපන්දිනයක් වේවා. (නදී)

:       0       0

සුසන්ත Friday, 04 April 2014 03:09 PM

ඔබට සුභ උපන් දිනයක්! ඔබ රටට අාඩම්බරයක් (නි)

:       0       0

ශිහාඩ් Thursday, 22 May 2014 05:47 PM

සුබම සුබ උපන් දිනයක්! ඔබතුමා බිහිකළ ගෝලයන් දැන් සිනමාව ඉදිරියට ගෙනයාවි. ඔබට සතුටු වෙන්න පුලුවන් එයින් (නි)

:       0       0

ශීලා Thursday, 22 May 2014 05:47 PM

සුභ උපන් දිනයක් වේවා! (නි)

:       0       0

අයෙෂ් Saturday, 05 April 2014 09:18 AM

සුභම සුභ උපන්දිනයක් වේවා (දී)

:       0       0

ශාෆික් Sunday, 06 April 2014 05:24 PM

සුභ උපන් දිනයක්! (ස)

:       0       0

අචල Wednesday, 23 April 2014 02:09 PM

ඔබට සුබ උපන් දිනයක් ශ්‍රී මතාණෙනි....! (ස)

:       0       0

රංග Tuesday, 29 April 2014 04:31 PM

සුභ උපන් දිනයක් ඔබතුමාට! ඔබ වැනි අය දැන් රටේ බිහිවෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 727 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4686 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2801 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28042 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site