IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හණ මිටිය විසිවේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් වල දී පියාසර උපදෙස් සඳහා ගුවන් නියමුවන් මෙතෙක් රැගෙන ගිය කිලෝ 84ක් බර අත්පොත් කට්ටලය වෙනුවට එම තොරතුරු ඇතුළත් අයිපෑඩ් විද්‍යුත් පියාසර මෙවලමක් හඳුන්වා දෙයි. එහි බර ග්රෑම් 586කි.  මෙම ඉලෙක්ට්‍රොනික් අයිපෑඩය යූ.එල්. 205 ගුවන් යානයේ නියමුවන් බදාදා මස්කට් බලා පියාසර කරද්දී මුලින්ම පාවිච්චි කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා කියයි. මෙහෙයුම් පටිපාටි, කාර්‍ය සාදන සටහන්, සිතියම්, පියාසර උපදෙස්, සන්නිවේදන හා හදිසි අවස්ථා ක්‍රියාපටිපාටි අන්තරායකාරී භාණ්ඩ හා ගුවන් ගමන් සුරක්ෂිතතාව ආදි සියල්ල එහි ඇත. අයිපෑඩ් පරිහරණය සඳහා නියාමන අධිකාරිය ලැබූ ආසියාවේ පළමු ගුවන් සේවය ශ්‍රී ලංකන් බව ද වික්‍රමසිංහ මහතා කියයි.



අදහස් (0)

හණ මිටිය විසිවේ

සිසිර Wednesday, 29 August 2012 04:22 PM

අයියෝ සල්ලි

:       0       0

දිනේෂ් Wednesday, 29 August 2012 10:51 AM

මෝඩ අදහසක්....(ස)

:       0       0

විරාජ් Wednesday, 29 August 2012 11:14 AM

අපි කොහොමත් හැමදේම කලින් කරනවනේ. ආසියාවේ පළමු !!!!!!. කොහොමද ඔය කිලෝ 84 බර පොත උස්සන් ඉන්නේ ..(ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 28 August 2012 11:21 PM

රිස්වාන් හරි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 28 August 2012 11:25 PM

ඇත්ත වශයෙන්ම නම් තොරතුරු තියෙන්න ඕනෑ ඔලුවේ. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 29 August 2012 11:29 AM

සුබ පැතුම් ශ්‍රි ලංකාවට මේය මගේ රටේ ආභිමානයයි (වි)

:       0       0

විජේරත්න Thursday, 30 August 2012 05:49 AM

සුභ පැතුම්! (නි)

:       0       0

නලීන් Wednesday, 29 August 2012 11:48 AM

කිලෝ 84 නම් පයිලට් අයෝමය පුර්ෂයෙක් වෙන්න ඕන....(ස)

:       0       0

සිල්වා Wednesday, 29 August 2012 11:45 AM

අන්න හොදයි

:       0       0

උපුල් Wednesday, 29 August 2012 12:03 AM

මෙච්චර බරක් කියන්නේ සිමෙන්ති කොට්ට 11/2 ත් වැඩිය බර එකක්. එතකොට කොහොමද අත් දෙකෙන් අර අල්ලන් ඉන්නේ. (නි)

:       0       0

ජයදුන් Wednesday, 29 August 2012 12:06 AM

ආසියාවේ ආශ්චර්යය! (නි)

:       0       0

කමල් Monday, 03 September 2012 03:37 PM

ඔය කිලෝ 84 මගීන්ට බෙදලා දෙන්න බඩු ගෙනියන්න (ස)(ස)

:       0       0

ජගත් Monday, 03 September 2012 09:35 AM

කිලෝ 84 තනි පොතක් නෙවෙයි කියලා දන්නේ ඒකේ වැඩ කරන අය විතරයිනේ (වි)

:       0       0

සමන් Wednesday, 29 August 2012 12:08 AM

මේ අපේ කපිතාන්තුමානේ. (නි)

:       0       0

ජගත් Monday, 03 September 2012 09:28 AM

කි‍ලෝ ග්‍රෑම් 84ක් කියන්නේ එක පොතකට නෙමෙයි කියලා දන්නේ ඒකේ වැඩ කරන අයයි. අනෙක් අය නිකන් නොදන්න දේවල් වලට කට දා‍න්නේ නැතුව හිටියා නම් නේද හොද? (නි)

:       0       0

අසේල Wednesday, 29 August 2012 12:01 AM

හෝ‍....හෝ..බලාගෙනයි..ෆොටෝ එකට මූණ පෙන්නන්න ගිහින් ඉස්සරහ යන වාහනේක හැප්පෙයි ..කෝ සීට් ‍බෙල්ට්....(ස)

:       0       0

ෆාතිම Wednesday, 29 August 2012 12:12 AM

වටිනා වැඩක් තමයි ඒ

:       0       0

ලලිත් Wednesday, 29 August 2012 12:27 AM

සුභපැතුම්

:       0       0

ලෙස්ටර් Wednesday, 29 August 2012 12:21 AM

අපි ගූගල්, කේ.එෆ්.සී., අයි පෑඩ්, මැක්ඩොනල්ඩ් අයින් කරන්න කියලා බොරු සමාජවාදය කරපින්නා ගෙන ඉන්න බව අපේ කට්ටියට අමතකද? දන්නේ නැද්ද අයි පෑඩ් හැදුවේ ඇමරිකාව කියලා.මම හැමදාම ඇමරිකාව අගය කරනවා. මොකද කොච්චර කෑ ගැහුවත් ඇමරිකාව තමා ලෝකයට මුලින්ම නව තාක්ෂණය හදුන්වා දෙන්නේ. ඇමරිකාවට මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 August 2012 05:46 PM

මේකේ ඔච්චර උදම් අනන්න තරම් දෙයක් නැහැ. (නි)

:       0       0

රම්‍යා Wednesday, 29 August 2012 01:02 AM

අහක බලාගෙන පදවන්න ගියොත් නම් ට්‍රැක් එක මාරු වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

කෞෂි Monday, 03 September 2012 10:02 AM

සුභ පැතුම්‍‍‍.....(ස)

:       0       0

ඉම්රාන් Wednesday, 29 August 2012 01:51 AM

සුභ පැතුම්! (නි)

:       0       0

දිමුතු තරංග ඉලුක්කුඹුර Wednesday, 29 August 2012 02:01 AM

කිලෝ 84ක් කොහොමද අච්චර සැහැල්ලුවෙන් අත් දෙකේ තියාගෙන ඉන්නෙ? ඒත් පොත් කට්ටලයත් අරගෙන යන එක හොදයි. (නි)

:       0       0

නාරද Wednesday, 29 August 2012 02:19 AM

අප්පෝ! අපේ ඇමතිතුමාට එහෙම කියන්න එපා. ඕව ඇමරිකන් බඩු නිසා..... (නි)

:       0       0

හරීන් Saturday, 01 September 2012 07:42 AM

දිගු කාලයක් පාවිච්චි කිරීමට හැකිවේවා! (නි)

:       0       0

සුරංග Wednesday, 29 August 2012 04:34 AM

වෙනස ඉතා හොදයි. ඒ වගේම මෙච්චර කාලයක් පාවිච්චි කරපු පොතට හණමිටි කියන්න එපා. එයට කළගුණ සළකන්න. (නි)

:       0       0

සුදත් Wednesday, 29 August 2012 05:45 AM

අයිපෑඩ් දුන්නට වැඩක් නෑ ගුවන් සේවිකාවෝ කුඩු ගහනවානම්. ඒ ගැනත් පොඩ්ඩක් හොයල බලන්න. (ත)

:       0       0

හේමන්ත Wednesday, 29 August 2012 06:33 AM

බලන්න මේ මහත්වරුන්ගේ අව්‍යජ හිනාව. ලොව කිසිම කෙනෙකුට මේ වගේ හිනා වෙන්න පුළුවන්ද? ඒකයි අපිට තියන ලොකුම පොත. (ත)

:       0       0

වසන්ත Wednesday, 29 August 2012 07:17 AM

ඉතාමත් හොද වැඩක්

:       0       0

ධනංජය Wednesday, 29 August 2012 07:44 AM

ඇත්තටම හොදයි. (නි)

:       0       0

රසිකා Tuesday, 28 August 2012 07:20 PM

ගොඩක් සතුටුයි. (නි)

:       0       0

සොයිසා Tuesday, 28 August 2012 07:17 PM

සුභ පැතුම්! හොද පිම්මක්. (නි)

:       0       0

අනුර Wednesday, 29 August 2012 07:43 AM

ලෙස්ටර් මහතාගේ කතාව හරියටම හරි. බොරු කයිවාරු නැතුව ලෝකෙත් එක්ක ඉදිරියට යමු. (නි)

:       0       0

නාලක Wednesday, 29 August 2012 07:43 AM

ඔය අයි පෑඩ් වල බැටරි බහින්න පුළුවන. ඔපරේටින් සිස්ටම් එක ස්ට්‍රක් වෙන්න පුළුවන. බැරිවෙලා බිම වැටිලා ස්ක්‍රීන් එක බිඳෙන්න පුළුවන. ඒ නිසා අනේ අර පරණ කිලෝ 84 පොත් සෙට් එකකුත් ඔය කොහෙන් හරි තියාගෙන යන එක හොඳයි කොල්ලෝ. (නි)

:       0       0

කිංස්ලි නිශාන් Tuesday, 28 August 2012 07:20 PM

අයි පෑඩ් හදුන්වාදීම ඉතාම හොදයි.. නමුත් අපි විදුලිය භාවිතයක් නොමැතිව භාවිතයට ගත හැකි පොත් අමතක නොකල යුතුය.. විදුලිය සෑම තැනම නැති අතර හදිසි අවස්ථාවකදී විදුලිය ලබා ගැනීමට නොහැකි විය හැකිය..!(නු)

:       0       0

ජයසිරි Tuesday, 28 August 2012 07:41 PM

ශ්‍රී ලංකන් එකේ ඉන්න හණමිටි කාරයො ටිකත් තෝරලා එළියට දාන්න ඕනෑ. (නි)

:       0       0

චරිත් Tuesday, 28 August 2012 07:35 PM

අම්මෝ! ලංකාවේ දියුණුව. (නි)

:       0       0

හේමාල් Wednesday, 29 August 2012 08:05 AM

මෙච්චර බර වෙන්න නම් විදියක් නැහැ. (නි)

:       0       0

අමරා Tuesday, 28 August 2012 07:36 PM

අපිට හරිම ආඩම්බරයි. බබළවන්න ශ්‍රී ලංකා. (නි)

:       0       0

අනුර ගුණවර්ධන Tuesday, 28 August 2012 07:37 PM

මේක වැඩ කළේ නැත්නම් මොකද කරන්නෙ.. කරුණාකරලා පොතත් අරගෙනයන්න.. නැත්නම් කියන්න අපි වෙන එකක එන්නම්..!!(නු)

:       0       0

අජිත් Tuesday, 28 August 2012 07:38 PM

නියමයි..!!(නු)

:       0       0

නිශ්ශංක Tuesday, 28 August 2012 07:41 PM

නියමයි. සුභ පැතුම්! (නි)

:       0       0

උපුල් Wednesday, 29 August 2012 08:04 PM

ගොඩක් දේ පටන් ගන්නෙත් ලංකාවෙන්. අවසන් වෙන්නෙත් ලංකාවෙන්. (නි)

:       0       0

කටුවාන Tuesday, 28 August 2012 07:49 PM

කිලෝ 84ක්? (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 29 August 2012 01:59 PM

කෝකටත් පොතත් අරන් යන්න ...ඒක ඇගට ගුණයි....(ස)

:       0       0

බුද්ධික Tuesday, 28 August 2012 07:50 PM

නියමයි ශ්‍රී ලංකා. දැවැන්ත ඉදිරි පිම්මක් මේක. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 28 August 2012 08:01 PM

අහවලාගේ අර "අත් ඔරලෝසුවටත්" වඩා මෙ‍ම අයිපෑඩ් බර අඩු වගෙයි පෙනෙන්න. කොහොම වුණත් මේ අළුත් අයිපෑඩ් නිසා කිලෝ 84 හිඩැස පුරවන්න මටත් බඩු මළු ටිකක් වැඩියෙන් ගෙන යන්න පුළුවන් වගෙයි පෙනෙන්න. (නි)

:       0       0

ප්‍රණීත් Tuesday, 28 August 2012 08:00 PM

මේවා නිසි ප්‍රමිතියෙන් තියෙනවද කියලා බැලුවොත් නේද හොද? (නි)

:       0       0

දුෂාන් Tuesday, 28 August 2012 08:00 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ෂෙහාර් ඩේවුඩ් Tuesday, 28 August 2012 08:17 PM

බටහිර රටවල පිහිටෙන්වත් දැන්වත් හොද දේ ගන්න බලමු, නිකන් බොරුවට බණින්නේ නැතුව. (නි)

:       0       0

සත්‍ය Wednesday, 29 August 2012 08:25 PM

හොද පියවරක් (නි)

:       0       0

ශෙහාන් අමරසිංහ Tuesday, 28 August 2012 08:25 PM

අයි පෑඩ් එක පාවිච්චි කරන ‍එක හොදයි.. ඒත් පොත් කට්ටයලයත් අරගෙන යන එක හොදයි.. මේකෙ මොකක් හරි ගැටලුවක් ආවොත් එහෙම.. ඒක නිසා කෝකටත් පොත් ගෙනයන්න.. (නු)

:       0       0

සමන් Wednesday, 29 August 2012 08:57 AM

ඇත්තටම හොඳයි ...ජය වේවා ...තව තවත් දියුණු වේවා !!.(ස)

:       0       0

කෝලිත Tuesday, 28 August 2012 08:29 PM

මෙච්චර බර අත්පොතක්? (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 28 August 2012 08:43 PM

කිලෝ 84 පොත කොහොමද පාවිච්චි කළේ.. මේක පෙරළලා බලනකොට යන්න ඔන රටට ගිහිල්ලා ඇති.. ලාංකික අපට ආඩම්බරයක්..!(නු)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 29 August 2012 09:31 AM

‍මේවා පාවිච්චි කරද්දි පොලීසියෙන් අල්ලන්නේ නැද්ද . උඩු ගුවනෙදි මොන ට්‍රැෆික්ද නේද අනේ....(ස)

:       0       0

අසේල Tuesday, 28 August 2012 08:56 PM

නියමයි .දියුණු වෙන තාක්ෂණය සමග අපිත් ඉදිරියට යා යුතුයි....(ස)

:       0       0

දනන්ජය Wednesday, 29 August 2012 09:23 AM

තාක්ෂනය

:       0       0

ශෂීමාල් Wednesday, 29 August 2012 09:35 AM

හොඳ පුවතක්, සුභ පැතුම්...(ස)

:       0       0

කෝලිත Wednesday, 29 August 2012 02:52 PM

දෙයියෝ සාක්කි

:       0       0

තාරක Tuesday, 28 August 2012 09:07 PM

ඉතාම ෙහාදයි!!(නු)

:       0       0

දයා Wednesday, 29 August 2012 09:38 AM

ඉතා හොදයි

:       0       0

ගාමිණි Tuesday, 28 August 2012 09:18 PM

ගුවන් යානයෙන් බිමට

:       0       0

තුසිත Thursday, 30 August 2012 11:00 AM

ඉතාම හොදයි..!!(නු)

:       0       0

ලංකා Tuesday, 28 August 2012 09:34 PM

උඩට සිග්නල් තියෙනවද

:       0       0

සිරී Tuesday, 28 August 2012 09:55 PM

ආසියාවේ ආශ්චාර්‍ය... ඉදිරියටම යන්න .(ස)

:       0       0

ජයම්පති Tuesday, 28 August 2012 09:53 PM

අයි පෑඩය එයි

:       0       0

ගුණරත්න Tuesday, 28 August 2012 10:06 PM

කිලෝ ග්රෑම් 84 ද 8.4 ද ?.(ස)

:       0       0

සරත් Wednesday, 29 August 2012 10:12 AM

මට නම් හරිම සතුටුයි.ආසියාවෙ හොඳම, ලොකුම, පලමුවෙන්ම මොකක්හරි කරන්නෙ ලංකාවනෙ.ඔහොම යං. (ස)

:       0       0

ෂර්ෆාස් Tuesday, 28 August 2012 10:18 PM

නියමයි. (නි)

:       0       0

මහීන් Tuesday, 28 August 2012 10:11 PM

මේ දෙවෙනි ෆොටෝ එකේ බෙල්ල තියෙන විදිය හරි අමුතුයි වගේ....(ස)

:       0       0

චානක Tuesday, 28 August 2012 10:13 PM

හොදයි. :) සතුටුයි. (නි)

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 29 August 2012 10:50 AM

හණමිටි කතාව හැදුන හැටි දන්න කෙනෙක් ඉන්නවාද (වි)

:       0       0

සිසිර Wednesday, 29 August 2012 10:51 AM

පාඩු ලබන එයා ලංකා එකට මොන අයි පෑඩ් ද අනේ....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1558 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 364 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 117 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 210 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 103 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site