අම්බල්ගොඩ බස් නැවතුම් පොළේදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන දරුවා ගාල්ල කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද (23) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලිය. සැකකරු දඹුල්ලේ පදිංචිව සිටින බව අධිකරණයට දැනුම් දී තිබිණි.
2013 වසරේ නොවැම්බර් මස 12 වන දින අම්බල්න්ගොඩ බස් නැවතුම්පොළේදී මිත්තනිය සමඟ සිටියදී පැහැරගෙන ගිය බව කියන සුබ්‍රමනියම් බුද්ධික නැමැති සිව් හැවිරිදි දරුවා ඊයේ (22) හවස අම්බලන්ගොඩ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කැරිණි.
මහේස්ත්‍රාත් නිල මැදිරියේදී සැකකරු හඬමින් කියා සිටියේ දරුවා ඔහුගේ පුතකු බවයි. එහෙත් සැකකරු පසුව මහේස්ත්‍රාත්වරයා වෙත කියා සිටියේ මිත්තනිය සමඟ අම්බලන්ගොඩදී හමුවූ දරුවා දරු කමට හදා ගැනීම සදහා ගෙන ගිය බවයි. ඒසේම දරුවාට තමන් පණ මෙන් ආදරය කරන බවත් මෙම දරුවා හැර වෙනත් කිසිවකු තමන්ට නොමැති බවත්ය.
එහිදි බලපිටිය මහේස්ත්‍රාත් බෝදරගම මහතා සැකකරුට කියා සිටියේ යම් ප්‍රශ්ණයක් වේ නම් ඉදිරි නඩු දිනයේදී එම ඉල්ලීම කරන ලෙසය.
ඉදිරි නඩු දිනයේදී දරුවා සම්බන්ධයෙන් යම් ලේඛනයක් වෙතොත් ඒවාද දරුවාගේ භාරකාරත්වය පිළිබද ඉල්ලීමක් කරන ලෙස දරුවාගේ මව වන නාඩරාජා ජීවරාණි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
දරුවාගේ අයිතිවාසිකම් හා දරුවාගේ මව වෙනුවෙන් නීතිඥ ආර්.ඒ.පී.ලංකාදේව මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අම්බලන්ගොඩ පොලිසියේ උප පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා පෙනී සිටියේය.
දරුවා වඩාගෙන පැමිණෙන යාචකයා
දරුවාගේ මව නඩරාජා ජීවරානී පොලිස් නිලධාරීන් සමඟ
ඡායාරූප වීඩියෝ දීපාල් ද සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හුණු වටයේ කතාව බලපිටිය උසාවියේ
දිල්රුක්ෂි Saturday, 25 October 2014 09:33 AM
කෝටිපතියෝ උනත් මනුස්ස කම නැතිනම් වැඩක් නෑ. එ්ත් මේ හිඟන මනුස්සය ගාව තියෙන මනුස්සකම අගය කරමු. එ්ත් හොයල බලන්න ඕනේ මේකේ ඇත්ත කතාව. (නදී)
වීරා Friday, 24 October 2014 02:31 AM
ඒක එයාල විසදා ගනී. හොරොව්පතානේ ගමකට ගහලා ඉඩම් අල්ලනවා කියලා ආරංචිද? හොයල බලන්න එ්ක? (නදී)
ජානක Friday, 24 October 2014 03:11 AM
මේ මනුස්සයා මේ ළමයා පෙන්නලා හිඟා කනවා මිසක් පාසැලකට යවලා නැහැ (නදී)
අශාන් Friday, 24 October 2014 04:41 AM
ළමයාගෙන්ම ඇහුවා නම් හරිනේ ඇත්ත (නි)
කුමාරි Friday, 24 October 2014 04:44 AM
කොහොමත් කොපමණ ආදරෙයි කිවුවත් මොහු ළමයාට ගැළපෙන හොඳ කෙනෙක් නොවේ. දැන් අම්මා රට ඉඳලා ඇවිල්ලනේ. එයාට බබාව දුන්නොත් හොඳයි. (නි)
ගිහාන් Thursday, 23 October 2014 01:41 PM
දැන් මෙච්චර කල් නොහිටපු අම්ම කෙනෙක් කොහෙන්ද මේ කඩන් පහත් වුනේ ? (නදී)
රූපවතී Friday, 24 October 2014 05:12 AM
අපේ රටේ තිබෙන නීතියේ හිඩැස් වල ලොකු? ඇයි දරුවාව අම්මාට නොදෙන්නේ? ඒ දරුවා මානසිකව වැටිලා ලෙඩෙක් වෙන්න පුලුවන් (නි)
පිටිගල Friday, 24 October 2014 05:53 AM
වීරා සහජීවනේ ගැන දන්නේ නැහැ වගෙයි. එ්කට තමයි සහජීවනේ කියන්නේ. (නදී)
පිටිගල Friday, 24 October 2014 01:41 PM
ඒ මිනිහා දරුවාට ආදරේ බව නම් පේනවා. (අ)
මහ හූරා Friday, 24 October 2014 06:41 AM
දුප්පත් මිනිසුන්ගේ පොහොසත් ප්‍රශ්න (අ)
සමන්ජය Thursday, 23 October 2014 03:17 PM
මට හිතෙන්නේ මෙයාල දැන් දරුවාව නොමරා මරනවා වගේ. ළමා නිවාස වලට භාර දෙන්නේ මොකටද දරුවාගේ භාරකාරයො ඉන්නවනම්. (හේ)
යහම්පත් Thursday, 23 October 2014 04:39 PM
අර සිඟන මනුස්සයාට දරුවා පාසල් යවලා හදා ගනවානම් ආදරයෙන් ඔහුට දීමේ වරදක් නැහැ , දරුවාගේ මානසික තත්වය දුර්වල නොකර.(හේ)
නිමල් Sunday, 26 October 2014 10:16 PM
අන්තිමට මොනවා වෙයිද? (නි)
සුනිල් Thursday, 23 October 2014 06:20 PM
මේ ප්‍රශ්නයට බොහොම සරල විසඳුමක් නම් තිබෙනවා.... (නි)
චමි Friday, 24 October 2014 10:16 AM
සුනිල් ඔයාගේ විසදුම මට තේරෙනවා (නදී)
සෝමා Thursday, 23 October 2014 09:48 PM
කොහොම වුණත් එයාගේ මුහුණින් පෙනෙනවා දරුවා එයාගේ කියලා. (නි)