IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


හඬපටයෙන් කියන කෝටි තුනක් වංචා කළ ලොක්කා කවුද

(මුදිතා දයානන්ද)

රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ඉවත් කර නව විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, ආයතනය සතු වාහන දහයක් විකිණීම ඇතුළු කාර්යයන් කීපයකට ටෙන්ඩර් කැඳවා ඇති බවටද එම ටෙන්ඩර් පත්‍රිකාවල මිල ගණන් වෙනස් කර තමන්ට හිතවත් ව්‍යාපාරිකයකුට ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් එම ආයතන ප්‍රධානියාගේ ළඟගම ගෝලයකුට මෙම රුපියල් කෝටි තුනහමාරක මුදල ලබාදී ඇති බවට ද එම හඬ පටයේ සංවාදවලින් හෙළිවන බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රශ්නගත ආයතන ප්‍රධානියාගේ ගිණුමකටද එම ව්‍යාපාරිකයා සෘජුවම ලක්ෂ පහළොව හා හතර හමාර බැගින් අවස්ථා දෙකකදී දහනව ලක්ෂ පනස් දහසක මුදලක් ලබාදී ඇති බවද එම හඬපටයෙන් හෙළි වී ඇතැයි වාර්තා වේ.

රුපියල් කෝටි තුනහමාර ලබාගත් බව කියන සේවකයා මාසයක පමණ කාලයක සිට සේවයට වාර්තා නොකිරීමෙන් හා තමන්ගේ ගනුදෙනුව සිදුනොවීමෙන් ඇති වූ සැකය මත අදාළ ව්‍යාපාරිකයා මෙම හඬපටය නිකුත් කර ඇති බවද දැන ගන්නට තිබේ.

මෙම සේවකයා එම ආයතනයේ ප්‍රවාහන අංශයේ හා ප්‍රවර්ධන අංශයේ කළමනාකරුවකු ලෙස පත්වීම් ලබාදී තිබෙන්නේ ප්‍රශ්න ගත ආයතන ප්‍රධානියා විසින්ම බවද, එසේ සිදුකර තිබෙන්නේ එම සේවකයා මීට පෙරද මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට වැඩතහනමට ලක්ව සිටියදී එය සමථයකට පත්කර බවද ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

මේ හඬපටය නිකුත් වීමත් සමග එම ආයතන ප්‍රධානියා ඔහුගේ කාර්යාලයට විශේෂ ආරක්ෂාවක්ද යොදවාගෙන ඇතැයිද දැන ගන්නට තිබේ. එහෙත් ආයතනයේ සිටින ආරක්ෂකයන් එයට ප්‍රමාණවත් නොවන නිසා තාවකාලිකව තුන්දෙනකු පමණක් ආරක්ෂාවට ලබාදිය හැකි බවට ආරක්ෂක අංශ ප්‍රධානියා එම නිලධාරියාට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

ආයතනයේ සිටින ආරක්ෂකයන් ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් පෞද්ගලික ආරක්ෂක සේවාවකින් පිරිසක් ගෙන්වා ගන්නා ලෙස ඔහු ආරක්ෂක අංශ ප්‍රධානියාට උපදෙස් දී ඇති බවද දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අප කළ විමසීමකදී එම ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

 



අදහස් (7)

හඬපටයෙන් කියන කෝටි තුනක් වංචා කළ ලොක්කා කවුද

අප්පුහාමි මාමා Thursday, 10 February 2022 09:59 AM

ආයතනය මොකක්ද කියලා කියාපල්ලාකෝ. ඇයි අපි ඒක දැනගන්න එක පවුද?

:       0       63

janahitha Thursday, 10 February 2022 11:14 AM

ආයතනය හෙළි නොකරන්නේ ඔවුන් ආරක්ෂා කරන්නද ජනතාව ආරක්ෂා කරන්නද .පැහැදිලි නැත

:       0       70

dfThursday, 10 February 2022 08:41 PM

කොන්ද නැතිකම

:       0       8

sharm warn Thursday, 10 February 2022 12:47 PM

නම හෙළි කරන්න මෙච්චර බය මොකද ?පොල් ගෙඩියක් හොරකම් කරපු ළමයාගේ ඉතිහාසයයි ,භුගෝලයයි ඔක්කොම පැටිකිරිය දිග අරිනවා කිසිම ලෝබ කමක් නැතුව .මෙයාලා ඉතින් ලොකු නිලධාරීන් නිසා සේරම රහසිගතයි නේ

:       0       66

JAYATH Thursday, 10 February 2022 04:13 PM

මාද්‍ය සදාචාරය එකක් නමුත් ජනතාවට සත්‍යය වසන්කරලා ප්‍රවුත්ති පලකරන එක තව එකක් ඔයආයතනයේ නම කියන්න බැරි නම් මේක පළකර නොසිටීම සදාචාරාත්මකයි . ඔය වගේ දේවල් වලට කොල්ලොන්ගේ වහරේ නම් මරු උපමාවක් තියනවා " එක්තරා ක්‍රීඩාවකදී අහවල් එක සඟවා ගෙන අනිත් අහවල් එකෙන් ක්‍රීඩාව කරනවා කියල " අනික ඉතින් හෙට අනිද්දා වෙනකොට නම් ගම එක්කම සමාජ මාද්‍ය වල යාවි !

:       0       31

නන්දසේන ජී.ආර්. Saturday, 12 February 2022 06:56 AM

ඔය ආයතනය තමයි සතොස. දන්නා තරමින් සභාපති විදියට වැඩ කරන්නේ විශ්‍රාමික නාවික නිලධාරියෙක්. ඇත්තටම එයා නම් ආයේ අහන්න දෙයක් නැහැ. යන තැන වංචා, දූෂණ. පහුගිය කාලේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඔය වගේ සිද්ධි වෙලා මාධ්‍යයේ ගියත් බලධාරීන් නිහඬව හිටියේ කෙලෙහිගුණ දක්වන්න. ගෙදරට වතුර හොරෙන් අරන් දඩයක් ගහලා කියලා මේ පත්තරේම ගියේ මෙතුමා ගැන තමයි.

:       0       0

POROLIS APPUHAMY. -MAHARAGAMA. Saturday, 12 February 2022 08:29 AM

කවුරුත් නෙමෙයි... ඇයි අපේ පොල් බෑ මූණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 158 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 66 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 288 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 395 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 85 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 430 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 720 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 504 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site