(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ කාරක සභාවල හඬ පට පිටට දිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (17 ) පැවසීය.
එය පාර්ලිමේන්තුව ගත් තීරණයක් බවද ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා සිය වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ පාර්ලිමේන්තු කාරක සභාවේදී තමාට කළ තර්ජනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ඒ හඬ පටය අවශ්‍ය බවයි.
මෙහිදී අදහස් දැක්වූ පක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මන්ත්‍රීවරයාට තර්ජනය කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බවයි.
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කතානායකවරයා බැඳී සිටින බව පැවසූ කිරිඇල්ල මහතා එම හඬ පටය නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
" ඔබතුමා ඉන්නේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්න. හමුදාව ආරක්ෂා කරන්න නොවෙයි" යැයිද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීය.
වීරක්කොඩි මන්ත්‍රීවරයාට තර්ජනය කිරීම අනුමත කරන්නේ දැයි ඔහු කතානායකවරයාගෙන් විමසුවේය.
මෙහිදී අදහස් දැක්වූ කතානායකවරයා පැවසුවේ එම හඬ පටය වරප්‍රසාද කමිටුවේදී වාදනය කළ හැකි බවයි.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ කාරක සභාවකදී මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීමට අදාළ හඬ පටය නිකුත් කිරීමට කතානායකවරයා බැඳී සිටින බවයි.
තමා එම තර්ජනය සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හඬ පට පිටට දෙන්න බැහැ