IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හිතන තරම් ලේසි දෙයක් නෙමේ

2016-04-01-ent-180

හෂිනි විතානාරච්චි නම් ඇය නිරූපණ ක්ෂේත්‍රයේ අලුත් තාරකාවකි. අලුත් යැයි කීවද මේ වනවිට වසර හතරක පමණ කාලයක් ක්ෂේත්‍රයේ රුඳීසිටින ඇය විලාසිතා දැක්ම සහ ගීත රූප රචනා හරහා ඉදිරියට පැමිණි නිරූපණ ශිල්පිනියකි. මේ ඈත් සමඟ කෙරුණු සුහද කතාබහකි.

 

2016-04-01-ent-181කොහොමද හෂිනි විස්තර?

හොඳයි. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කිහිපයක නියැළිලා ඉන්නවා.

 

මොනවගේ නිරෑපණ කටයුතුවලද සාමාන්‍යයෙන් යෙදෙන්නෙ?

ගොඩක්ම රෑම්ප්ස්වලට තමා සහභාගි වෙන්නෙ. ඊට අමතරව ගීත රූප රචනාවලටත් සම්බන්ධවෙලා තියෙනවා. මේ ළඟකදිත් වීඩියෝ එකකට එකතු වුණා. වටවල ආයතනයේ වෙළෙඳ දැන්වීමක් කළා. ඉන්පස්සෙ දැන් මොබිටෙල් දැන්වීමක් කළා. ඒක තවම ප්‍රදර්ශනය කෙරුණේ නැහැ.

 

දැන් නිරූපණ පැත්තට ඇවිත් කොච්චර කාලයක්ද?

අවුරුදු හතරක් විතර වෙනවා.

 

හිතපු තරම් ලේසි ගමනක්ද ආවෙ?

අයියෝ නැහැ. මේක බලන් ඉන්න අය හිතන තරම් ලේසි දෙයක් නෙමේ. සමහර වෙලාවට නිදි නැතිව වැඩකරන්න වෙනවා. ගීත රූප රචනාවලට එහෙම දවස් දෙක තුන ගතවෙනවා. පහුගියදා තිබ්බ ෂූට් එකට අපි පාන්දර හතරේ ඉඳන් ඇහැරිලා වැඩ කළා. මොඩ්ලින් කියන්නෙ ලේසි ෆීල්ඩ් එකක් නෙමේ. කැපවීමෙන් වැඩ කළොත් තමා ඉස්සරහට යන්න පුළුවන්.

 

එහෙම ඉස්සරහට එන්න අතදීම් අවස්ථා ලබාදීම් තියෙනවද?

නැහැ. ඒ තත්ත්වය දකින්න නැහැ. අලුත් අයට අත දෙන අවස්ථා දකින්න අමාරුයි.

 

නිරූපණයේ විවිධ පැති තියෙනවනෙ. වැඩියෙන්ම ආසා මොනවගේ දේවල්වලටද?

ගොඩක්ම ආසා රෑම්ප්ස්වලට තමා. මොකද ෆැෂන් එක්ක යන නිසා ඒ පැත්තට ලොකු ආසාවක් තියෙනවා. දැන් නම් මම ටිකක් විතර මහත්වෙලා. ඒ හින්දා ඇඟ හරියට හදාගෙන රෑම්ප් පැත්තෙන්ම ඉස්සරහට එන්නයි බලාපොරොත්තු වෙන්නෙ.

 

ඇඟ හරියට පවත්වාගන්න මොනවද කරන්නෙ?

පුළුවන් හැමදේම කරනවා. අනිවාර්යෙන්ම ව්‍යායාම කිරීමත් කෑම පාලනය කිරීමත් කරනවා. ඇඟ හදාගන්නවනම් ඒ දෙක අත්‍යවශ්‍යයි.

 

හෂිනි නිරූපණය ගැන ඉගෙන ගත් කෙනෙක්. ඉගෙන නොගෙන විනෝදාංශයක් විදිහට ක්ෂේත්‍රයට එන අයත් ඉන්නවා. ඉතින් ඉගෙන ගන්න එකේ ඇත්ත වටිනාකමක් තියෙනවද?

ඔව් ඔයා කියන එක ඇත්ත. මොඩ්ලින් කියන්නෙ මොකක්ද කියලා කිසි දැනුමක් නැති අයත් දැන් ෆීල්ඩ් එකට එනවා. නමුත් හරියට ඉගෙන ගත්තම මොඩ්ලින්වල කටයුතු කරන්න ගොඩක් පහසුයි.

හොඳ Poses මොනවද? අත් දෙක තියාගන්නෙ කොහොමද? ඒ ඒ ඇඳුම අනුව Poses වෙනස් වෙන්න ඕන කොහොමද? ඒ වගේ දේවල් ඉගෙනගන්න ඕන. එහෙම නැතිවුණොත් අපේ තියෙන ලස්සනත් නොපෙනී යන්න පුළුවන්.

 

ඔය කියන්නේ නිරූපණයේදී අලුත් විදිහට වැඩකරන්න නිර්මාණශීලී වෙන්න තියෙන ඉඩකඩ සීමාසහිතයි කියලද?

නෑ නෑ ඒක නෙමේ. ඕනම දේක Basics කියල දෙයක් තියෙනවනෙ. ඒ දේවල් ඉගෙන ගත්තම තමන්ට අවශ්‍ය විදිහට නිර්මාණශීලීව කටයුතු කරන්න පුළුවන්. අනික අපි අඳින ඇඳුම අනුව නිරූපණය කළ හැකි මට්ටමක් තියෙනවා. උදාහරණයකට මඟුල් ඇඳුමක් ඇන්දම ලොකු ලොකු දේවල් කරන්න බැහැ. අන්න ඒ වගේ.

 

ඉගෙන නොගෙන එන අය නිසා නිරෑපණ ක්ෂේත්‍රයට බලපෑමක් වෙලා තියෙනවද?

ඔව්. සමහර අය කොහෙන් එනවද දන්නෙත් නෑ. ඒ අය එනවා වගේම යනවා. ඉගෙන ගෙන අය ක්ෂේත්‍රයේ රැඳෙනවා.

 

වෘත්තීමය නිරූපණ ශිල්පීන් විදිහට ඉන්න පුළුවන්කමක් අපේ රටේ තියෙනවද?

පුළුවන්. බැරිකමක් නැහැ. හැබැයි තමන්ගේ ඇඟ ගැන සැළකිලිමත් වීමේ ඉඳන් ගොඩක් දේවල් ගැන අවධානයෙන් ඉන්න ඕන.

 

එහෙම ඉන්න තරම් ආර්ථික පැත්ත හොඳයිද?

ඒක නම් ගොඩාක්ම මදි. සමහර වෙලාවට ෆිට් ඕන්වලට යන්නත් ලැබෙන සල්ලි මදි. ඒ පැත්ත නම් දියුණු වෙන්න ඕන.

 

හෂිනි පෞද්ගලිකව කැමැතිම විලාසිතාවක් තියෙනවද?

එහෙම විශේෂයක් නැහැ. Fashionable කියලා හිතෙන ඕන ඇඳුමක් ඇඳෙනවා.

 

නිරූපණයේ ඉඳන් රඟපෑමට එකතු වෙන්නද ආසාව අරමුණ තියෙන්නෙ?

මට මූලිකවම අවශ්‍ය වෘත්තීමය නිරූපණ ශිල්පිනියක් විදිහට ඉදිරියට එන්නයි. ඒ අතරේ රඟපෑමට ආරාධනා ආවොත් බැහැර කරන්නෙ නැහැ. ඒකටත් මට ආසාවක් තියෙනවා. නමුත් ඉතින් ඒ ආරාධනාව මොකක්ද නිර්මාණය මොකක්ද කියලා බලලා භාරගන්නවා.

 

රජිත සේයාරුව I සුමුදු

 

2016-04-01-ent-172  
2016-04-01-ent-174
2016-04-01-ent-175
2016-04-01-ent-176
2016-04-01-ent-177
2016-04-01-ent-178
2016-04-01-ent-179

 



අදහස් (0)

හිතන තරම් ලේසි දෙයක් නෙමේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 6 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 15 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 72 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 180 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 121 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 108 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site