IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘හිතුමතේට අත්අඩංගුවට ගන්න බෑ‘

මූලික පරීක්ෂණයක් හෝ සාධාරණ සැකයක් නැතිව කිසිවකු අත්අඩංගුවට ගත නොහැකි බව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි. කොටදෙණියාව දැරියගේ ඝාතනයට පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයේ ගැටළු ඇතැයි ද ඔහු පවසයි.

‘කෙනෙකු අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය විසින් මූලික පරීක්ෂණයක් කරනවා. නැත්නම් අත්අංගුවට ගැනීමට සාධාරණ හේතු තියෙනවද බලනවා. මූලික තොරතුරු කොහෙන් හරි එන්න පුළුවන්. මූලික තොරතුරු ආ  පමණින්ම අත්අඩංගුවට ගන්න බෑ. කෙනකුට කියන්න පුළුවන් තමන්ගේ තරහකාරයෙක් ගැන.

මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නෙත් අවුරුදු 17ක පාසල් ළමයෙක්. මේ ළමයාගේ මනස අවුල් වෙනවා. ළමයා ගන්න සාධාරණ සැකය මොකක්ද? නිවස පරීක්ෂා කළාම කිසිම දෙයක් තිබුණේ නෑ. ලැප්ටොප් පරිගණකයේ නිල් චිත්‍රපට තිබුණු බව කියනවා. ලංකාවේ පරිගණක ලක්ෂ ගණනක නිල් චිත්‍රපට තිබෙන්න පුළුවන්. ‘සෙක්ස්‘ වචනෙ වැඩියෙක් පරීක්ෂා කරලා පසුගිය වසර දෙකේ කප් ගැහුවේ ලංකාව. එහෙම තිබුණා කියලා කොහොමද ඝාතනයට සැක කරන්නේ?

මේ ළමයා අත්අඩංගුවට ගැනීමෙන් ඔහුට වුණු අපකීර්තියට මොකද කරන්නේ? ඒ හානියට මොකද කරන්නේ? කෙනකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තියෙනවා. පෙළපාළි යනවා කියා ඒවට ප්‍රතිචාර ලෙස අත්අඩංගුවට ගැනීම වැරදි.

පැහැදිලිව වරදක් තියෙනවා. මේ ළමයට පුළුවන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දාන්න. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය කඩ කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කොමිසම ළඟ ළගම එනවා. පොලිසිය මේ කරන වැඩෙන් ජිනීවා වලට තව කරුණු සපයනවා ලංකාවේ මානව හිමිකම් කඩ වන බවට. ‘



අදහස් (0)

‘හිතුමතේට අත්අඩංගුවට ගන්න බෑ‘

රුවන්ති Thursday, 24 September 2015 08:12 AM

පුබුදු කාලය නෙමෙයි ජීවිතය , ඔය ළමයට අයෙත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුලුවන්ද ? (අ)

:       0       0

විල්බර්ට් Thursday, 24 September 2015 08:11 AM

තල් අත්තකට බෙලි ගෙඩියක් වැටුන විට හාවෙක් ලෝකේ පෙරළෙනවා කියල දිව්වලු. අනික් මෝඩයිනුත් ඒක පිලි අරගන දිව්වලු, අන්තිමට සිංහයෙක් තමයි මොකක්ද වුණේ කියල තේරුම් අරගෙන අනෙක් සත්තුන්ට ඇත්ත කියල දීල තියෙන්නේ. පස්සේ අනික් සත්තු හිතුවලු අපි තරම් මෝඩයෝ කියල. නිරපරාදේ අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයාට බනිනකොට හොමෝම එකතුවෙලා කිව්වා මූව මරලත් මදි කියල. දැන් පසු තැවෙනවා. යමක් තීරණය කරන්න ප්‍රකාශ කරන්න කලින් බුද්ධියට තැනක් දෙන්න. මෙය පාඩමක් කරගන්න. අපේ පොඩි මෝඩ වැඩක් රටක් විනාශ කරන්න පුළුවන් (අ)

:       0       0

මහේෂ මුතුකුඩ Thursday, 24 September 2015 08:24 AM

ලොකු අයට පැහැදිලි චෝදනා තිබුණත් නීතිපති උපදෙසුත් පතනවා අත්අඩංගුවට ගන්න. ලංකාවේ නීතිය නියම ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. හොඳට බලන්න මාධය සාකච්ඡා වල කියනවා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න උපදෙස් දුන්න කියල. ඒ කියන්නේ තරාතිරම බලල නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථා තියනවා කියලයි. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 26 September 2015 01:28 AM

පොලිස් කොස්තාපල් වුණත් බඳවා ගන්න විට අඩුම තරමින් සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් වෙලාද බලන්න. නුගත් කමත් මෙවැනි වැඩවලට බලපානවා. නැත්නම් ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නැතුව මෙලෙස ඇත අඩංගුවට ගැනීම් කරයිද? අර වගේ අබාධිතයින්ට , කාන්තාවන්ට ප්‍රසිද්ධියේම තිරිසන් විධියට තඩි බායිද මොන වරද කලත්? (අ)

:       0       0

පෙරේරා Thursday, 24 September 2015 05:47 PM

ඔන්න පොලිසිය! ලංකාවේ නෙමෙයි මුළු ලෝකයේම පරිගණක වල 'සෙක්ස්' තියනවා. එය තරුණ තරුණියන්ගේ වයසේ තියන දෙයක්. ඒවත් වැරදියි. නමුත් ඔවුනට වැරැද්ද කියාදෙන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 24 September 2015 06:00 PM

මේ ළමයාට සාධාරණය ඉෂ්ට වියයුතුයි. මේ සංස්කෘතිය තුළ ඔය ළමයාට ආයෙත් සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න පුලුවන්ද? (නි)

:       0       0

සනී Thursday, 24 September 2015 06:17 PM

ලැප්ටොප් එක ප්‍රශ්නයක් කරගත් අපේ පොලිසිය ගැන පිටරටක සිට ලියන මට නම් ලැජ්ජයි (නි)

:       0       0

මලිත් Thursday, 24 September 2015 06:19 PM

නියම වැරදිකරු හමුවූවා නම්, මේ පාසල් ළමයට දුක්වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔහු නිවැරදිකරුවෙක් නිසයි එළියට ආවේ. අනික මැරුණ ළමයාගේ මානව හිමිකම් ගැන කතාකරන්න කවුරුත් නැහැ. තව කී දෙනෙක් මැරෙන්න ඉන්නවද කියලා කවුද දන්නේ? මරණීය දණ්ඩනය නොදුන්නොත් ඒක සිදු වේවි. එහෙම නොවෙන්න අදාළ පාලකයින් නීතිය සංශෝධනය කළයුතුයි. (නි)

:       0       0

එස්.කල්පගේ Thursday, 24 September 2015 10:23 AM

මෙයා පහුගිය කාලේ ඔහොම කිව්වේ නැත. (බ)

:       0       0

බමුණු Thursday, 24 September 2015 11:27 PM

පැහැදිලිව වරදක් තිබෙනවා. මේ ළමයට පුළුවන් නේද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දාන්න.එහෙමනම් මෙම සිසුවාට ඒ සඳහා උදව් කරන්න. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 24 September 2015 10:44 AM

ජනමාධ්‍ය මගින් වෙන්දේසි කරන හේතුවෙන් ජනතාව අාවේගශිලිව පෙළපාලි යන නිසාම පොලිසිය වැනි ආයතනයක් නිසි සොයා බැලීමකින් තොරව ලෝකයේ හොඳම පොලිසිය වෙන්න අහිංසකයින් අත්අඩංගුවට ගැනීම මොනතරම් හානිකරදැයි දැන්වත් තේරුම් ගන්න. ලෝකය ඉදිරියේ නොමරා මරා දැමු මෙම අහිංසකයා නිවැරදිකරුවකු කිරීමට මාධ්‍ය කටයුතු කළයුතුයි. (බ)

:       0       0

ලුම්බිණි Friday, 25 September 2015 12:35 AM

මෙතුමා දැන් මෙහෙම කතාකරන එක ගැන සතුටුයි (නි)

:       0       0

මනෝජ් Thursday, 24 September 2015 11:13 AM

පොලිසිය කළොත් ඔය වගේ වැඩක් තමයි. කොපමණ වන්දි ගෙව්වත් ළමයාගේ මනස හදන එක නම් ලෙහෙසි වෙන එකක් නැහැ. පවු! අහිංසක කොල්ලෙක්. පොලිසියෙන් වන්දි ගන්න ඕනෑ. අර කියමනක් තියනවා තැලෙන යකඩය උඩ පැන පැන තලනවා කියලා. ඒකනේ දැන් මෙතනත් වුණේ. ගමේ අසරණ අය‍ට නීතිය ඔහොම තමයි (නි)

:       0       0

චන්දා Thursday, 24 September 2015 11:36 AM

ඒක හරි. පවු දැන් ඒ පොඩි එකා.(හේ)

:       0       0

මනෝජ් Thursday, 24 September 2015 11:36 AM

මේ කතාව හරි.(හේ)

:       0       0

චන්දා Thursday, 24 September 2015 11:39 AM

දැන් මේ ළමයාගේ මුලු අනාගතයම ඉවරයිනේ.(හේ)

:       0       0

ප්‍රසන්න Thursday, 24 September 2015 11:38 AM

දැන් මේ ළමයට වුන අසාධාරණයට කුමක්ද කරන්නේ.(හේ)

:       0       0

නිශාන්ත Thursday, 24 September 2015 12:11 PM

මෙය පහුගිය කාලෙ කොහෙද හිටියේ, (ම)

:       0       0

මාගලී ෆොන්සේකා Thursday, 24 September 2015 01:01 PM

අර පොලිසියේ අය මම දැක්කා බිම දාගෙන ආබාධිතයෙකුට පහර දෙනවා. එහෙම පුලුවන්ද අපේ රටේ එතකොට? (නි)

:       0       0

රුවන් Thursday, 24 September 2015 01:09 PM

මේවට හරියි කියන්නත් බැහැ. වැරදියි කියන්නත් බැහැ (නි)

:       0       0

වීරරත්න Thursday, 24 September 2015 01:42 PM

අපේ පොලිසියට සුදුසු මෙවන් අයයි (නි)

:       0       0

කිත්සිරි Thursday, 24 September 2015 01:42 PM

මෙතුමාගේ කතාවට මමත් එකඟයි (නි)

:       0       0

ලලීන් Thursday, 24 September 2015 02:01 PM

ගුණරත්න, ඔබගේ කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

අමිල Thursday, 24 September 2015 02:42 PM

මේ සේරම අහිංසකයින්ට විතරයි. දේශපාලකයෙක් හරි වෙන ලොකු එකෙක් කළා නම් චෝදනා ඔප්පුවෙලා නෑ කියයි. අපි අහන් ඉඳියි. නොදකින් මේ රට. (බ)

:       0       0

සුඛිත් Thursday, 24 September 2015 03:07 PM

සියලු පරික්ෂන සීඅයිඩී පැවරුවා නම් කොටදෙණියා පොලිසිය පාසල් ලමයාව අත්අඩන්ගුවට ගත්තේ කාෙහාමද (බ)

:       0       0

රණසිංහ Thursday, 24 September 2015 07:27 AM

කොහොමද අනේ කොටකෙතන මෙතෙන්ට ගෑවුනේ (අ)

:       0       0

යාපා Thursday, 24 September 2015 07:29 AM

ඔබ තුමාගේ කතාව මසුරන් වටිනවා ! (අ)

:       0       0

සෝමපාල Thursday, 24 September 2015 07:31 AM

මානව හිමිකම් කියල දෙන්න කලින්, පොලිසි වලට මනුස්සකම් ගැන කියල දෙන්න. අඩුම තරමේ පාසලකට පයවත් තියල නැති නිලධාරීන් පොලිසිවලට බඳවා ගන්න එපා. මෙවැනි දැඩි තීරණ ගන්න පොලිස් නිලධාරීන්ව සේවයෙන් පහ කරන්න (අ)

:       0       0

සිසි Thursday, 24 September 2015 07:31 AM

ජය වේවා, අහිංසක කොල්ලෙක් අල්ලපු පොලිසියෙන් වන්දි ගන්න ඕන, (අ)

:       0       0

ගුණරත්න Thursday, 24 September 2015 07:33 AM

කරුණාකර, මේ දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනිසිටින්න. සේයා වගේම මේ දරුවත් අහිංසක දරුවෙක්. සේයාව මරා දැම්ම. මේ දරුවා නොමරා මරා දැම්මා.(අ)

:       0       0

දිලිප් Thursday, 24 September 2015 07:38 AM

මම දන්නා තරමින්නම් පොලිසියට අත් අඩංගුවට ගෙන පැය 72 කට වඩා රදවාගන්න බැහැ. මහේස්ත්රාත්වරයෙකුගේ අවසරය ගන්න ඕනේ.තවදුරටත් රදවා ගන්න.පොලිස් පරීක්ෂණ මහේස්ත්‍රාත්වරයකු සමගයි කල යුත්තේ මෙවන් අවස්ථා වල. ක්‍රමවේද වල ගැටළු පවතින්න පුළුවන්. ඒවා නිවැරදි කර ගත යුතුයි. ඒ සදහා මානව හිමිකම් කොමිසමත් කරුණු සොයා නොබැලීම ගැටළුවක්. දැන්වත් ඒ ගැන අවධානය යොමු කරන්න.ප්‍රකාශ නිකුත් කරනවා වගේම.(අ)

:       0       0

මහින්ද Thursday, 24 September 2015 07:43 AM

මරුන ළමයාගේ මානව හිමිකම් ගැන කවුද කතාකරන්නේ? (අ)

:       0       0

පුබුදු Thursday, 24 September 2015 07:43 AM

පොලියිස පෙරදී ද කහටගස්දිදිලියදී අබාධිතයකුටට ගැහුවා, 17 ළමයකුගේ වටිනාම කාලය නාස්ති කර දැම්ම . කෝ යහපාලනය (අ)

:       0       0

පෙඩ්රික් Thursday, 24 September 2015 04:24 PM

මේ කතාවට අපේ ආචාරය! (නි)

:       0       0

පර්සි Thursday, 24 September 2015 07:58 AM

පොඩ්ඩක් ඉන්නකෝ ඉවසලා, කට්ටිය ඇමරිකාවේ ඉඳන් ඇවිල්ල පාසල් දරුවට සාධාරණයක් ඉෂ්ටකරාවි (බ)

:       0       0

අමල් Thursday, 24 September 2015 08:01 AM

ගමේ කොල්ලන්ට මොන ළමා අයිතිවාසිකම් ද? ඔන්න ටවුමක බේබි කෙනෙක් උනානම් ඔන්න කියතහැකි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 844 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 751 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1022 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 204 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1213 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site