IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හිතුමතේට පොලිස් ඇඳුම බෑ

පොලිස් කාකි වර්ණයෙන් ම මිස වෙනත් කාකි නිල ඇඳුම් නොඅදින ලෙස පොලිසිපති එල්.කේ.ඉලංගකෝන් මහතා පොලීසියේ සාමාජිකයන්ට නියෝග කරයි. පෞද්ගලිකව මසා ගන්නා නිල ඇඳුම් කාකි වුවත් පාටෙහි වෙනස්කම් ඇතැයි පොලිස්පති පෙන්වාදෙයි. උප පරීක්ෂකවරුන්ගෙන් පහළ නිලයන්හි සාමාජිකයන් පොලීසියෙන් නිකුත් කරන කාකි පමණක් නිල ඇඳුමට යොදාගත යුතු බවත් ඉන් ඉහළ නිලයන්හි සාමාජිකයන් පෞද්ගලිකව නිල ඇදුම් මසාගන්නේ නම් එම ඇඳුම් වල පැහැය පොලීසියෙන් නිකුත්කරන ඇඳුමේ පැහැයම විය යුතු බව ද පොලිස්පති කියයි. පොලීසියට මාරු වී එන පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් එම බළකායේ නිල ඇඳුමෙන් රාජකාරී කිරීම ද පොලිස්පති චක්‍රලේඛය අනුව තහනම් වේ. මේ නිල ඇඳුමේ පැහැය හා නිල ඇඳුම හරිහැටි පාවිච්චි නොකිරීම නිසා පොලීසයට ප්‍රශ්න රැසක් මතුවී ඇතැයි ද පොලිස්පති කියයි. මේ ගැන නිරන්තර සෝදිසියෙන් සිටින ලෙස ඔහු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී වරුන්ට නියෝග කරයි.



අදහස් (0)

හිතුමතේට පොලිස් ඇඳුම බෑ

රාජිත-දෝහා Saturday, 04 May 2013 10:08 PM

ඇදුමක් ඇතුව හරි නැතුව හරි රාජකාරිය අකුරටම සාධාරණව කරන්න කියල නියෝගයක් දෙන්න බැරිද?(නදී)

:       0       0

චමී Saturday, 04 May 2013 10:59 PM

පහල නිලදාරින්ට විතරක් එක නිතියක්. හැමෝටම එක නිතියක් උනොත් එක සිවිල් මිනිස්සුන්ටත් ආදර්ශයක්. නැත්නම් නීති ක්‍රියාත්මක කරන තැන ඉහලට එක නිතියයි, පහලට එක නීතියයි උනොත් සිවිල් අපිටත් ඉහල පහල කියලා දෙචිදියකට සලකයි.(නදී)

:       0       0

ගාමිණී -සිරි Saturday, 04 May 2013 11:26 PM

නිල ඇදුම පස්සේ ඔය තරම් එලවන්න එපා. ඇදුමට වඩා උතුම් රාජකාරිය. කුල්ලයි, පොල්ලයි,කොට කලිසමයි ඇන්ද රාල හාමි කාලයේ රටේ විනයක් තිබුණා. අද රටේ අපරාධ, මංකොල්ල,මීනී මැරුම්,අපචාර,දුෂණ,හොර අවි, මත්ද්‍රව්‍ය රජවෙලා. මේවා මර්දනය පමා කිරීමෙන් ජනතාව දොස් නගන්නේ රජයට. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 05 May 2013 12:02 AM

ප්‍රභාගේ කථාව හරි. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 04 May 2013 02:42 PM

මේක අමුතු දෙයක් නොවෙයි. ලංකාවේ බොහෝ දේවල් චක්‍රලේඛ වලට පමණක් සීමා වෙලා තියෙන්නේ. කවුද අද කාලේ කෙනෙක් හරියට නීතියට වැඩ කලේ? (ස)

:       0       0

ගාමිණී-සිරි Saturday, 04 May 2013 02:44 PM

පොලිසියෙන් වසරකට දෙන නිල ඇදුම් රෙදි , ගංජා හේන් වටලන්න, කසිප්පු තිප්පොළවල් අල්ලන්න, හොරු සමග මුදේ පීනන්න, ලින් වලට වැටෙන්න, පෙට්රෝල් යන්න, උසාවි යන්න, ආචාර පෙලපාලි,ප්‍ රභු ආරක්ෂාව, එකී, මෙකී නොකී රාජකාරි වලට ප්‍රමාණ වත් නැහැ නේ ද? නියමිත වර්ණයේ රෙදි ටිකක් වැඩිපුර හෝ සහන මිලකට සැපයීම වටිනා බව පෙනේ.(නදී)

:       0       0

සිල්වා Saturday, 04 May 2013 03:25 PM

දෙවියනි මම හිතුවාට වඩා පොලිස්පතිතුමා හොඳයිනේ. (ස)

:       0       0

සමීර සල්මියා Saturday, 04 May 2013 03:26 PM

හිතුමතේට පොලිස් අදුම බෑ වගේම හිතුමතේට නීතියත් බෑ එවිට දෙකම ලස්සනයි. (ස)

:       0       0

රුවන් Saturday, 04 May 2013 04:22 PM

කිසිම ප්‍රශ්නයක් නැහැ. සිවිල් ඇදුමෙන්නේ එන්නේ. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 05 May 2013 08:28 AM

නිල ඇදුම තුලින් මුළු දෙපාර්තමේන්තුවම නියෝජනය කරන නිසා මේ තීරණය ගොඩක් වැදගත්. ඒ වගේම අර පුත්තලම හා කල්පිටිය රෝහල් වල ගෙනයන නිල ඇදුම් වෙනස් කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙනුත් නිසි පියවර ගන්න. (නි)

:       0       0

ප්‍රභා Saturday, 04 May 2013 05:35 PM

උපන් ඇඳුමෙන් හරි කමක් නැහැ රාජකාරිය හරියට කරනවා නම්... (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 05 May 2013 10:30 AM

නියමයි ගාමිණී.....මේක තමයි ඇත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 4 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 18 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 62 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 72 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2352 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site