IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘හිතුමතේ සල්ලි ගන්න බෑ‘

පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම තහනම් කරමින් අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා අද (29) චක්‍රලේඛයක් නිකුත් කළේය.

පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම්, පන්ති කව හා ශුභසාධන සංගම් ආදී විවිධ සමිති සමාගම්වලින් විවිධ කරුණු කියමින් මුදල් අයකිරීම මෙම චක්‍රලේඛය මගින් සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

විදුහල්පතිවරයකුට නිසි පරිදි නිල කුවිතාන්සියක් නිකුත් කර අනුමත පහසුකම් හා සේවා ගාස්තු අය කර ගත හැකි අතර විදුලිබිල, දුරකතන බිල, ආරක්ෂක කටයුතු වැනි අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මුදල් අය කළ යුත්තේ පාසලේ අත්‍යවශ්‍ය වියදම් ඇස්තමේන්තුවේ මදි පාඩුව සිසුන් ගණනින් බෙදා එය අධ්‍යාපන ලේකම්ගෙන් අනුමත කර ගත් පසුවය.

නීත්‍යනුකූල ගාස්තුව ගෙවීමට වුවද දෙමාපියන්ට හා සිසුන්ට අනිවාර්ය කිරීමක් හෝ බල කිරීමක් කළ නොහැකි බව ද , එම ගාස්තු ගෙවීමට අපහසු බව ග්‍රාම නිලධාරී සහතිකය මගින් දෙමාපියන් දැන්වුවහොත් එම මුදලෙන් නිදහස් කළ බව දෙමාපියනට ලිඛිතව දැන්විය යුතු බව ද නව චක්‍රලේඛයේ සඳහන්ය.

2015 වර්ෂය සඳහා කිසියම් කාර්යයකට මුදල් අය කිරීමට මීර පෙර අනුමැතිය ලබා ගෙන ඇත්නම් ඒ සඳහා නැවත අනුමැතිය ගත යුතු බව ද අධ්‍යාපන ලේකම් දන්වා ඇත.

පසුගිය කාලයේ පාසල්වල මුදල් අය කිරීම් දිගින් දිගටම වාර්තා වූ අතර ගුරු සංගම් ඊට එරෙහිව හඬ නැඟුවත් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.



අදහස් (0)

‘හිතුමතේ සල්ලි ගන්න බෑ‘

සමන් Thursday, 29 January 2015 10:41 AM

අපේ ප්‍රණාමය (නදී)

:       0       0

සමන් Thursday, 29 January 2015 10:41 AM

අපේ ප්‍රනාමය. (ර)

:       0       0

සමන් Thursday, 29 January 2015 10:41 AM

අපේ ප්‍රණාමය (නදී)

:       0       0

සමන් Thursday, 29 January 2015 10:42 AM

අපේ ප්‍රණාමය (දිල්)

:       0       0

ප්‍රසන්න Thursday, 29 January 2015 04:42 PM

මේ සල්ලි එකතු කිරීම නැවැත්විය යුතුයි (දිල්)

:       0       0

බණ්ඩාර - කුවේට් Thursday, 29 January 2015 10:53 AM

මේක නම් බොහෝම හොඳ පණිවිඩයක්. (ර)

:       0       0

දුෂාර Thursday, 29 January 2015 11:10 AM

හොද තීරණ (දිල්)

:       0       0

තුසිත Thursday, 29 January 2015 11:12 AM

හොද තීරණයක්. අපේ සහයෝගය. (නදී)

:       0       0

සිතාරා Thursday, 29 January 2015 11:16 AM

මම මේ සතියට විතරක් දුවගේ පාසැලට රපියල් 600, 1750, 50 දුන්නා. මොනවා කිව්වත් සල්ලි ගන්නවා. තාම ඉංග්‍රීසි, දෙමළ ගුරුවරු උගන්නන්න කාල සටහනවත් දීලා නැහැ (නදී)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Thursday, 29 January 2015 11:41 AM

පාසල් වල කටයුතු වලට අවශ්‍ය මුදල් රජයෙන් ලැබෙනව නම් සිසුන්ගෙන් මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන් නවත්තන්න පුලුවන්. මේ කරපු දේ ගොඩක් හොද දෙයක් වුනත් මේක ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික තත්වය ගැන මීට වඩා සිතාබැලිය යුතුයි. (ර)

:       0       0

බටන්ගල Thursday, 29 January 2015 11:53 AM

මේවා හොඳ තීරණ වුනාට දරුවන්ගේ ඉදිරිය බලා කැමති ගානක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න දෙමාපියන් සහ කෙලෙසුන් නොනෙසූ ගුරුවරුන් සිටින තාක් මේවා ප්‍රායෝගික වේවිද? (නදී)

:       0       0

සමන් පෙරේරා - සෞදි Thursday, 29 January 2015 11:57 AM

වසරක් පාසා පන්තිවල තීන්ත ගාන්න රුපියල් 1000 අය කරනවා. පන්තියක 40 දෙනෙක් ළමුන් ඉන්නකොට රුපියල් 40,000 එකතුවනවා. මේවට රිසිට් නැහැ වියදම කවදාවත් පෙන්නනේ නැහැ, ඇත්තටම එකම පුටුවේ, මේසේ කී පාරක් නම් තීන්ත ගාලා ඇද්ද ? (නදී)

:       0       0

අනුර Thursday, 29 January 2015 12:12 PM

පන්නිපිටිය තිබෙන ප්‍රධානම ජාතික පාසැලකත් මෙවැනි ආකාරයට අසාධාරණ ලෙසින් මුදල් එකතු කරනවා. පසුගිය සතියේ පන්ති කාමරයක තීන්ත ගෑම සඳහා රුපියල් 1000/- බැගින් එකතු කර තිබෙනවා. පන්තියක ලමයි 52ක් ඉන්නවා. එවිට පන්තියක තීන්ත ගෑමට රුපියල් පනස් දහසක් එකතු වෙනවා. මෙය ඉතාම අසාධාරණ මුදලක්. දෙමව්පියන් වන අපට මෙවන් අසාධාරණ පැමිණිලි කිරීමට අදාළ ආයතනයක දුරකථන අංකයක් ලබා දෙන්නේ නම් ඉතාම හොඳයි. (නදී)

:       0       0

නිශාන්ත Friday, 30 January 2015 02:52 AM

දැන් මේවගේ පැමිණිලි තියෙන විදුහල්වල ඒවා නිසි පරිදි පරීක්ෂණ කටයුතු සිදු කරන්න (දිල්)

:       0       0

කුමාර Thursday, 29 January 2015 12:24 PM

මේවා කියන්නත් වෙනම දුරකථන අංකයක් දෙන්න. එතකොට අපිට පුළුවන් හොරු අල්ලලා දෙන්න (නදී)

:       0       0

චමින්ද අතුකෝරල Thursday, 29 January 2015 12:25 PM

නියමයි ! (නදී)

:       0       0

නිමල් Friday, 30 January 2015 03:00 AM

වසර ගණනාවක් සිට දරුවන් සහ මව්පියන් දැඩි අපහසුතාවයකට පත්වූ මේ ගැටළුවලට පිළියම් යෙදීම පවතින රජයට ලොකු ප්‍රසාදයකි.(දිල්)

:       0       0

නිමල් අලවතුගොඩ Friday, 30 January 2015 03:11 AM

පාසැල්වල ළමුන්ට දෙමව්පියන් ලවා ලබාදෙන අාහාර වේල සම්බන්ධයෙන්ද සාධාරණ විසදුමක් ලබාදීම පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලමි. (බ)

:       0       0

අසාම් Friday, 30 January 2015 12:24 PM

දකුණේත්, අම්බලන්ගොඩත් හොඳ අයියලා ටිකක් ඉන්නවා (නදී)

:       0       0

ශාන්ත Friday, 30 January 2015 04:00 AM

මේක හරියටම ක්‍රියාත්මක උනොත් හොඳය .විස්වාසයක් නැත (බ)

:       0       0

ජයසේන Thursday, 29 January 2015 12:53 PM

මෙම නීතියට යටින් රිංගන අය ඉදීවිද? (නදී)

:       0       0

සංජය Friday, 30 January 2015 04:12 AM

හොඳයි වහාම පැමිණිලි කළ හැකි 119 වගේ අංකයක් ලබා දිය යුතුයි (බ)

:       0       0

අනුපමා Friday, 30 January 2015 04:29 AM

හොද තීරණයක් (දිල්)

:       0       0

මහේෂ් රාජසිංහගේ Thursday, 29 January 2015 01:09 PM

පාසල් පන්තිය තීන්ත අලේප සදහා 1000 * 45 = 45000.00 එකතු කල බවත් , ඇන්තුරියම් මල් පෝච්චියක් සදහා 550.00 මුදලක්ද , නුගේගොඩ ප්‍රධාන ගැහැණු පාසලක් විසින් එකතු කර ඇත. මේ සදහා අපි කුමක් කල යුතුද ? (නදී)

:       0       0

සුජාතා Thursday, 29 January 2015 01:16 PM

පහසුකම් ගාස්තු ගන්නවා. ගෙවන්න පරක්කු උනොත් දරුවාට ප්‍රසිද්ධියේ බනිනවා. මුදල ගෙව්වත් කවමදාවත් ලදුපතක් නිකුත් කරන්නේ නැහැ. මෙවැනි දේ ගැන මහා සභාවෙදිවත් කතා කරන්න බැහැ. පසුව දරුවාට හිරිහැර වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1240 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2704 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1678 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2884 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1937 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38547 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site