IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


'හිතුමනාපෙ' අරන් කවීශ ඇවිත්

2016-04-12-ent-56

'කඳුළක් ගලාවිත්', 'හමුවෙනා නෙත්', 'සිත ආදරෙන් පුරෝනා' වැනි ගීත හරහා සංගීත ක්ෂේත්‍රයට පැමිණි පර්පල් රෙන්ජ් සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පී කවීශ කවිරාජ්ගේ නවතම ගීතය 'හිතුමනාපෙ'නමින් රසිකයන්ට තිළණ කර ඇත. ඒ සම්බන්ධව හා වත්මන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳව පැවසීමට කවීශ 'තරුණයා' සමග මෙලෙස එක්විය.

 

2016-04-12-ent-57මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

වැඩකටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා. බැන්ඩි එකේ වැඩයි, තනි ප්‍රසංගවල වැඩයි කරගෙන යනවා. ඉදිරියෙදි යුරෝපයේ සංචාරයකුත් තියෙනවා. නව වසර ලැබීමත් එක්ක ටිකක් කාර්ය බහුලවෙලා තියෙනවා.

 

ඔබ අලුත් ගීතයක් ඉදිරිපත් කර තිබෙනවා?

ඔව්, "හිතුමනාපෙ" කියන මගේ නවතම ගීතය දැනට මාස එකහමාරකට පෙර එළිදැක්වුවා. මෙම ගීතය රචනා කළේ ඩිලාන් ගමගේ, සංගීතවත් කළේ අශාන් කියන අපේ හිතවතා. ඉතින් මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

 

ගීතය නිර්මාණය වුණේ කොයි ආකාරයටද?

මම අවසානයට කළේ 'දවසක මා හමුවෙලා' ගීතය. ඒක කරලා වසරකට පසුවයි ඩිලාන් මට ආරාධනා කළේ ගීතයක් කරමු කියලා. ඉතින් මගේ පෙර ගීත වගේම මේ ගීතයටත් රසික ප්‍රසාදයක් තියෙනවා. එයට රූපරචනාවකුත් කරලා තියෙන්නෙ, දැනට එය රූපවාහිනි නාළිකාවල ප්‍රචාරය වෙනවා. ඉතින් හැමෝම කියන්නෙ ගීතය හොඳයි කියලා තමයි. ගායකයෙක්ට ඊට වඩා සතුටක් නැහැ කියලයි මම නම් හිතන්නෙ.

 

අද වනවිට ගීත නිර්මාණ ඉදිරිපත් කිරීමේදී යම් අඩුවක් තිබෙනවා නේද?

ඒක වෙන්නෙ මෙහෙමයි, අද සී.ඩී, කැසට් යුගය නෙමෙයිනෙ තියෙන්නෙ. ඒ නිසා මාස 4ට සැරයක් වගේ තමයි බොහෝ දෙනා ගීතයක් ඉදිරිපත් කරන්නෙ. ඒකට හේතුව අද කැසට් නිෂ්පාදකයෝ කැසට් නිෂ්පාදනයෙන් ඉවත් වෙලා තියෙනවා. මොකද ලක්ෂ ගාණක් වියදම් කරලා කැසට් එකක් නිෂ්පාදනය කළාම පහුවෙන්ද එය අන්තර්ජාලයට දානවා. නැත්නම් හොර සී.ඩී. ගහලා විකුණනවා. මේ නිසා නිෂ්පාදකයෝ මැළිකමක් දක්වනවා ගීත නිර්මාණ නිෂ්පාදනය කරන්න. අනිත් කාරණය ගීත 14 ක් එක පාරට එළියට දැම්මම රසිකයන්ට අමතක වෙනවා. මාස තුන හතරකින් තව ගීත ඉල්ලනවා. මෙහෙම තනි ගීත මාස හතරකට සැරයක් වගේ කළාම මේකේ රදාපවතින්න ලෙසියි. ඒ නිසයි අද බොහෝ දෙනා තනි තනි ගීත ඉදිරිපත් කරන්නේ.

 

නමුත් ඇතැම් පැරණි ගායක ගායිකාවන් එසේ තනි ගීත ඉදිරිපත් නොකර, සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත් වී සිටිනවා නේද?

ඒක හැමෝටම අඩු වැඩි වශයෙන් බලපාන දෙයක්. මම වුණත් වයසට ගියාම මට මොන විදියට ඒක බලපායිද දන්නෙ නැහැ. එය වසනාව මත සිදුවෙන දෙයක්. වෙරලියද්ද මහත්මා, චන්ද්‍රසේන මහත්මා, ආත්මා මහත්මා වගේ ශිල්පීන් කාලයක් නිහඬව ඉඳලා වර්තමාන පරපුරට අද තනි තනි ගීත ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ ගීත ජනප්‍රිය වෙනවා. ඉතින් අනිත් අයටත් එය කරන්න පුළුවන්, මෙය කාලයත් එක්ක සිදුවෙන දෙයක්.

 

සංගීත ක්ෂේත්‍රයට නවකයන්ගේ ආගමනය පිළිබඳව ඔබේ අදහස?

ඒක ඉතින් හැමදාම සිදුවෙන දෙයක්. තාක්ෂණයේ දිවුණුවත් එක්ක නවකයන්ගේ ආගමනය වැඩිවෙලා තියෙනවා. එය ඉස්සරහටත් වෙනවා. අතීතයෙත් සිදු වුණා. ඉතින් එය සාමාන්‍යය දෙයක් විදිටයි මම දකින්නෙ.

 

නමුත්, ප්‍රවීණයන් චෝදනා කරනවා නවකයන්ගේ ආගමනය තුළින් රසයක් නැති ගීත සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කරනවා කියලා?

එහෙම අපිට කියන්න බැහැ. උදාහරණයක් ගත්තොත් අද නවක ගීතයක් රිගින් ටෝන් එකක පවා යන්නෙ ඒ ගීතයට තියෙන ඉල්ලුම නිසයි. කාටවත් බලෙන් ඒ ගීතය දාගන්න කියන්න බැහැනෙ. එතකොට සරලව ගයපු ගීත ප්‍රවීණයන් අතරත් තියෙනවා. හරසුන් ගීත නවකයන්ගෙන් ඇහෙනවා තමයි, නැත්තෙ නැහැ. හැබැයි සමස්තයක් විදියට ගත්තම හැමෝගෙම ගීත නරකයි කියන්න අපිට බැහැ.

 

විදේශීය ශිල්පීන් මෙරටට ගෙන්වා ප්‍රසංග පැවැත්වීම තුළින් අපේ සංගීතයට යම් හානියක් සිදුවෙනවද? නැද්ද?

එහෙම ගැටලුවක් නැහැ, පිටරට ශිල්පීන් අපේ රටට ආවම එම ගීත ප්‍රියකරන අය ඒවා බලන්න යනවා, එකේ කිසිම ගැටලුවක් නැහැ. තමන්ගෙ රසික පිරිස තමන් හදාගන්න තමන් දැනගන්න ඕනි. එය අපේ සංගීතයට හානියක් වෙනවා කියලා මම විස්වාස කරන්නෙත් නැහැ.

 

ඔබගේ ගමනට සංගීත කණ්ඩායමෙන් ලැබෙන සහය මොනවගේද?

මම පර්පල් රෙන්ජ් එකත් එක්ක එකතුවෙලා වසර 10ක් පමණ වෙනවා. අද වෙනකොට මම වෘත්තීමය වශයෙන් නියාමක ගායන ශිල්පියෙක් විදියට කටයුතු කරනවා. අපේ නායක සේනක අයියා ඇතුළු හැමදෙනාගෙන්ම මගේ ගමනට ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

ජනප්‍රිය ගායන ශිල්පීන් තිදෙනෙක් ඔබේ කණ්ඩායමේ සිටීම ඔබට අභියෝගයක් නෙමෙයිද?

අපෝ නැහැ, එහෙම ඉන්න එක හරි හොඳයි. අපි සහෝදරයො වගේ හැමදෙනාම කටයුතු කරනවා. ඉතින් අපි අතරේ එහෙම කිසිම ගැටලුවක් නැහැ .

 

ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

කාටවත් කරදරයක් නැතිව මගේ රසික රසිකාවියන් වෙනුවෙන් ගීත නිර්මාණය කරන එක තමයි තියෙන ලොකුම බාලාපොරොත්තුව.

 

ඡායාරූප සහ සටහන - මහේෂ් මලවරආරචිචි

 



අදහස් (0)

'හිතුමනාපෙ' අරන් කවීශ ඇවිත්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 11 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 43 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 28 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 194 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 174 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 548 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site